Friday 10 January 2014

අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන

අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඔයාගේ Skill එකෙන් පටන්ගන්න හොඳම තැන

Fiverr Ultimate Tutorial Sinhala
Fiverr කියන්නේ දැන් ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ සයිට් එකක්නේ. ඉතින් මෙතන ඉඳලා Fiverr ගැන ගොඩක් දේවල් කියන්න තමයි දැන් SLMarketer.com පටන්ගන්න හදන්නේ. අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ලේසිම තැන තමයි මේකඒ කොහොමද කියලා ඉස්සරහට කියන්නම්.

What is Fiverr?

Fiverr කියන්නේ Online Mini MarketPlace එකක්. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන පොළක්, Shopping Complex එකක් වගේ තැනක්. ඔයා Shopping Complex එකකට ගියාම ඒකේ එක එක ජාතියේ භාණ්ඩ හා සේවාවන් තියෙනවා. Shopping Complex එකේ තියෙන හැම භාණ්ඩයක්මහැම සේවයක්ම ඔයාට ලැබෙන්නේ යම්කිසි මුදලකට. මුදල් දුන්නේ නැති වුනොත් ඔයාට ඒ දේවල් ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි Fiverrකියන තැනත්.
Fiverr එකේත් භාණ්ඩ හා සේවාවන් තමයි විකිණෙන්නේහැබැයි මාධ්‍ය වෙනස්. ඇත්තම කිව්වොත් Fiverr එකේ විකිණෙන්නේ නැති දෙයක් නැති තරම්. දැන් ඔයා හිතනවා ඇතිමේ Fiverr කියන්නේ Online MarketPlace එකක් නිසාඕකේ විකුණන්න පුලුවන් Online හෝ Digital දේවල් විතරයි කියලාඑහෙම එකක් නැහැ. මෙතන කලින් කිව්වා වගේ ඕන දෙයක් විකුණන්න පුලුවන්. Fiverr වල විශේෂත්වය තමයි ඕනදෙයක් $5යි. ඉතින් Fiverr කියන්නේ $5ට වැඩකරන පුද්ගලයා.
උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා යනවා Shopping Complex එකකට. ඒක ඇතුලේ ඉන්න Sellersලා එයාලා විකුණන භාණ්ඩ හා සේවාවන් තියාගෙන ඉන්නවා. එක ඇතුලට ගියපු ඔයා ඒක ඇතුලේ කැරකෙද්දි එක එක ජාතියේලස්සන දේවල් දකිනවා. ඉතින් ඔයා ඒ එක දෙයක් මිලදීගන්නවා. එතනදී ඔයා ගත්තේ Entertainment දෙයක්.
තව ටිකක් ඉස්සරහට යනකොට ඔයාට පේන්වා ඔයා කියවන්න ආසම කරන Sci-Fi Stories, Science ගැන පොත් ටිකක්. ඉතින් ඔයා ඒකෙනුත් එක පොතක් මිල්දීගන්නවා. එතකොට මෙතනදී ඔයා ගත්තේ Valuable Book එකක්.
මං හිතන්නේ දැන් ඔයාට Idea එක තේරෙනවා ඇති. ඔය විදිහට ඔයා Shopping Complex එක වටේ යද්දී ඔයට අවශ්‍ය දේවල් එක එක පේන්න ගන්නවා. ඉතින් ඔයා ඒ දේවල් ගන්නව. මෙතනදි ඔයා ආස දේවල් වගේම ඉගෙනගන්න අවශ්‍ය දේවලුත් ගත්තා. මේ දේම තමයි Fiverr එක ඇතුලෙත් වෙන්නේ. මේ පුන්චි උදාහරණය මෙහෙම කියන්න පුලුවන්.

මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වුවමනා ලස්සනටඅවංකව Fulfill කරනකොට ඒකට ඉල්ලුමක් ඇතිවෙනවා.

ඔයා මොනාහරි දෙයක් කරන්න යනකොට වෙන්නේ මොකක්දකොහොමද කරන්නේකියලා දැනගෙන පටන්ගන්න. එත්කොට ඔයාට වරදින තැන් ගොඩක් අඩු වෙනවා.
කෙටියෙන්ම කිව්වොත් Fiverr එක ඇතුලේ යන්නේ මිනිසාගේ වුවමනාවන් තෘප්තිමත් කිරීමයි. ඒ නිසා ඔයාට තෘප්තිමත් කරන්න හොන්ද Want එකක් හෝ අඩුම තරමේ Need එකක්වත් මතකයට එන්නේ නැත්නම් මුලින් එකක් මතක් කරගන්න Fiverr එකේ වැඩ කරන්න කලින්.

Why Fiverr..?

ඔයා සමහරවිට දැන් ලෝක ප්‍රසිද්ධ Freelancer, oDesk වගේ සයිට් ගැන දන්නවා ඇතිසමහරවිට ඒවා කරන්න උත්සහා කරනවත් ඇති. මං Post එක පටන්ගනිද්දිම කිව්වා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න හොඳම තැන Fiverr කියලා. Fiverr කියන සයිට් එක අනිත් Freelancer, oDesk, Elance වගේ සයිට් වලට වඩා හොඳ වෙන්නේපටන්ගන්න ලේසී වෙන්නේ මේ දේවල් නිසා.
 $5 එහෙමත් නැත්නම් රු.700 අවදානමේ දාන්න බැරි ගාණක්ද? මං එහෙම හිතන්නේ නැහැ. ඒ වගේම ලෝකේ ගොඩක් දෙනා හිතන්නෙත් එහෙම. ඉතින් මේ $5 කියන පුන්චි ගාන නැතිවුනා කියලා ඒ තරම් පාඩුවක් වෙන්නේ නෑනේ. ඒ නිසා Fiverr Sales වලින් පිරුන තැනක් වෙනවා අයාසයකින් තොරවම.
අපිට පුලුවන් මේ කියන දේ අපේඒ කියන්නේ Fiverr Seller කෙනෙක් විදිහට වාසියට හරවා ගන්න. මේ නිසා තමයි මුලින්ම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න කෙනෙකුට වුනත් මේකෙන් ඒතරම් අමාරුවක් නැතුවම සාර්ථක වෙන්න පුලුවන් කියලා කිව්වේ.
 චුට්ටක් හිතන්නකෝවෘත්තිය මට්ටමේ Freelance Sites වලින් Project එකක් කරගන්න ගියාම යන වියදම. මේ කියන්නේ ඒ යන වියදම වැඩියි කියලා නම් නෙමේ. ඒක තමයි සමාන්‍ය Market Prize එක. ඉතින් ඒ වගේ ගාණක් වියදම් වෙන එක කිසිම අවුලක් නැහැ.
වෘත්තිය මට්ටමේ Freelance සයිට් එක්ක සසඳලා බලද්දී Fiverr කියන්නේ Cheap Online MarketPlace එකක්. මේක තමයි ප්‍රධානම හේතුව Fiverr සාර්ථක වෙන්න බලපාන.
 Fiverr වලට වැඩිපුරම එන්නේ Online Marketersලා. මේ අය එයාලගේ ලොකු Project Outsource කරගන්න තමයි Fiverr වලට නිතරම වගේ එන්නේ.
Outsource කියලා කිව්වේ ලොකු Project එකක් පොඩි පොඩි කෑලි වලට කඩලා ලාභෙට කරගන්න එකට කියලා කියන්න පුලුවන්.වෘත්තිය මට්ටමේ Freelance සයිට් එකකින් එකපාර එක Project එකකට ගන්න ගාණ වගේ ගාණක් ලැබෙන්නේ නැති වුනාට $5කට වඩා ගන්න පුලුවන් වෙන්නේ මේ නිසා.
 $5 කියන්නේ ගොඩක් පුන්චි ගාණක් විදිහට ඔයාට පේන්න පුලුවන්. ඒත් ඔයා හිතන තරම් $5 පුන්චිත් නැහැ, Fiverr චාටරුත් නැහැ. ඔයා තාමත් Fiverr කරන්න පටන්ගත්තේ නැත්තේ එක වැඩකට $5 ලැබෙන නිසාද?
එහෙනම් මෙහෙම හිතන්නකෝ.ඔයාට එක වැඩකට ලැබෙන්නේ $5. ඔයාට දවසට වැඩ 10ක් එනවා. ඉතින් මාසෙට වැඩ 300 එනවාඒ කියන්නේ 300 * 5 = $1500. දැන මොකද ඔයා කියන්නේමේ ගාණත් මදිද?මේ වගේ අදායමක් සාමාන්‍ය මනුස්සයෙක්ට ලැබෙන්නේ නැහැ. ඒත් ඔයා සාමාන්‍ය කෙනෙක් වෙලත් Fiverr වලින් මේ වගේ ආදායමක් ගන්න පුලුවන් වෙලා තියෙනවා.
දැන්වත් ඔයාට පේන්වද Fiverr වල තියෙන Potential එක එහෙමත් නැත්නම් Fiverr වලින් හොයාගන්න පුලුවන් ආදායම.
 වෘත්තිය මට්ටමේ Freelance සයිට් එකකින් සාර්ථක වෙන්න ටිකක් අමාරුයි. ඒකට Reputation, Portfolio & Profile Completion වගේ දේවල් බලපානවා. අනික Project එක දෙන කෙනාට Risk එකේ දාන බැරි ගාණක් වියදම් කරන්න වෙන නිසාඑයා හොන්දම කෙනාව තමයි තෝරගන්න බලන්නේ.
නමුත් Fiverr වල එහෙම දේවල් අවශ්‍ය නැහැ. පළවෙනි Sale එක 24hr ඇතුලත වුනත් ගන්න පුලුවන්.
හරි එහෙමනම් දැන් ඔයා Fiverr වල වටිනාකම දන්නවනේ, Fiverr ගැන තව ලිපි 10ට වඩා ලියන්න තියෙනවා. ඒ නිසා තව ගොඩක් දේවල් Fiverr ගැන කියන්න බලාපොරොත්තු වෙනවා.
ඔයා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තාමත් අලුත් කෙනෙක්නම් ඔයාට ලොකු විශ්වාසයක් නැතුව ඇති මේ දේවල් ගැන. ඒත් මං මේ Fiverr ලිපි Set එක ලියන්න දැන් පටන්ගත්තා. මේක පටන්ගත්තු දවසෙම මං ඔයාට දෙයක් ගැන Guarantee වෙනවා. ඔයා මේ ලිපි ඔක්කොම හරියට කියවලා ඒ විදිහට System එක පිළිපැද්දොත් ඔයාට අනිවාර්යෙන් පළවෙනි සතිය ඇතුලත Sales 3වත් එනවා.
දැන් කියන්නම් මගේ Fiverr Career එක ගැන චුට්ටක්එතකොට ඔයාට මේක කරන්න පුලුවන් දෙයක් කියලා හොඳටම තේරුම් යයි.
මං Fiverr වල මුලින්ම Account එකක් හැදුවේ 2011 ජුනි 11. ඒත් මං එදා නෙමෙයි Fiverr කරන්න පටන්ගත්තේ. ඒ තමයි මං මුලින්ම කරන්න කියලා හිතලා Fiverr Account එකක් හැදුව දවස.
මුලින්ම හැදුව දවසේ Fiverr එකේ Potential තියෙන එක තේරුනේ නැහැ. ඉතින් Gig එකක් දාන්න කම්මැලි හිතුනාඅර තියෙන Form ටික ඔක්කොම පුරවලා. ඒත් ලංකාවේ Blog එකක් වෙන IPlusBlog.com එකේ යාළුවගේ Revenue Proofs දැක්කට පස්සේ වැඩේ(Potential!) තේරුනා. ඊට පස්සේ ආයේ වෙනම Fiverr ගිණුමක් හැදුවා අනිත් ගිණුම Fiverr Customer Support එකට කියලා අයින්කරගෙන.
ඒ ගොඩක් විශේෂ දවසක. ඒ තමයි 2011 නොවැම්බර් 11. ඉලක්කමෙන් කිව්වොත් 11/11/11
ඔය දවසේ තමයි පළවෙනි Gig එක දාලා වැඩ පටන්ගත්තේ. ඒත් මං හරියටම උනන්දුවෙන් කරන්න පටන්ගත්තේ 2012 අගෝස්තු වල. හැබැයි ඊට කලිනුත් මුකුත් නොකර $68 හෙව්වා. කොහොමහරි 2012 අගෝස්තු වලින් පස්සේ තමයි කතාවේ පට්ටම හරිය පටන්ගත්තේ. පහළින් තියෙන්නේ ජූලි වල ඉඳලා මගේ Fiverr ආදායම.
★1. July – Just only $8 revenue.
★2. August – $20 බැහැලම පටන්ගත්තු මාසය.
★3. September – $28
★4. October – $203
★5. November – $388
★6. December – $322
★7. January(2013) – $332
★8. February – $795
★9. March – $472
ඔන්න නොවැම්බර්දෙසැම්බර්ජනවාරිපෙබරවාරි මාසවල Income Report එකත් එක්කම. හොන්ද Quality Image එකක් බලන්න රූපය උඩ කරන්න.
Fiverr Revenue Report
November Fiverr Income Report
Fiverr Revenues
December Fiverr Income Report
Fiverr Income
January Fiverr Income Report
Fiverr Income Guide
February Fiverr Income Report
කොහොමද පෙබරවාරි මාසයේ ආදායමපෙබරවාරි මාසයෙ ආදායම ලංකාවේ මුදල් වලින් 100K පැන්නුවා. ඉතින් ඔයාටත් ඒ විදිහට හොයන්න ආසදමේ Fiverr ගැන Post Series එකම ඔයාට තමයි.
මේ එක ලිපියක් ලියන්න මගේ අනිත් වැඩ දවසෙම වගේ නවත්වන්න වෙනවා. සමහර වෙලාවට වැඩ කරන්නත් හොන්ඳ මනසක් අවශ්‍යයි. Mood එක අවුල් වුනාම කරන වැඩෙත් හරියන්නේ නෑ.







Fiverr කියන්නේ මොකක්ද?

Fiverr කියන එකේ සිංහල තේරුම "පහට වැඩකරන තැන" යන්නයි. පහ කියන්නේ කොස්ගෙඩිවත් පොල්ගෙඩිවත් නෙවේඩොලර් 5. මේක $5ට වැඩකරලා දෙන Freelancer වෙබ් අඩවියක්.fiverr.com මෙච්චර කාලයක් කුරුමානම් අල්ලලා ඔන්න මං අල්ලාගත්තා පොට. කැමතිනම් පුලුවන් ඔයාලටත් එල්ලෙන්න. හැබැයි කුප්පිය ඉවරවෙනකන් මගෙන් අහන්න එපා දිව්‍යලෝකේ කොච්චර ලොකුද කියලා. එහෙම වුනොත් අපිට ආයෙත්වෙන්නේ කුබුරු කොටන්න. දන්නවා ඇතිනේ ගමරාළ දිව්‍යලෝකේ ගිය කතාව.

කීයක් හම්බ කලාද?

හම්බ කරපු මුදලෙන් ටිකක් පෙන්නනම්.




 

මොකක්ද මේ ලක්ෂපති කතාව?

ඉස්සරෝම බලන්නකෝ පහල ScreenShot එක.



ඕකේ ඔය Facebook Likes විකුනන කෙනාගේ Gig එක අපි බලමු.


 

රතුපාටින් ඉරක් ඇදලා තියෙන පෙදෙස බලන්න. Pros සහ Cons දාලා තියෙනවා පේනවානේ. ඒකෙන් එයා $5 ඒවා කීයක් විකිනුවාද කියලා බලන්න පුලුවන්.

Pros ගාන= 2731

අපි බලමු එයාගේ ආදායම,

2731 x $4 = $10924 ~ Rs. 1,092,400

මම අත්දකීමේන් මේ කියන්නේ Pros සහ Cons  දාලා යන්නේ Gig මිලදීගන්න පිරිසෙන් තුන් දෙනෙකුට එක් අයෙක් විතර.

සැබෑ ආදායම~ Rs. 1,092,400 x 3 = Rs. 3,277,200  


මෙච්චර Gig විකිනෙන්න හේතුව මොකක්ද?


පේනවනේ හේතුව. පිස්සු හැදෙනවා නේද?









Gigbucks ගැන කියලා දුන්නා මතක ඇති. මේ වෙබ් අඩවි දෙක අතරේ  ලොකුම වෙනස්කම් දෙකයි තියෙන්නේඑකක් ටැ‍ෆික් එක. අනෙක withdraw method එක. fiverr මගින් අපට සල්ලි එලියට අදින්න පුලුවන් පේපැල් හරහා විතරයි.


Fiverr මගින් මුදල් හොයන්නේ කොහොමද?

Gig එකක් කියන්නේ $5ක් වටිනා එක කොටසකට. මෙහිදී අපිට විකුනන්න පුලුවන් $5 ඒවා විතරයි. ඒකෙන් $1ක් එම වෙබ් අඩවිය ගන්නවා. $4ක් අපට ගෙවනවා. withdraw කරද්දී 2% ක් කැපෙනවා. මේ හැරුනාම වෙන කිසිම ගාස්තුවක් අය වන්නේ නෑ.


Fiverr සදහා පොදු නීති

[$] ඔබ Gig එකේ සදහන් කරන්නවු කාලය තුල අවසන් ප්‍රතිඵලය Deliver කල යුතුයි.

[$] එතනින් පසු Gig එක මිලදීගත් පුද්ගලයා එය ඔහු බලාපොරොත්තු වන දේ බව සදහන් කර, Order Complete කල යුතුයි.

[$] Reject කලහොත් ඔහු බලපොරොත්තු වන පරිදි එය සම්පූර්ණ කර දිය යුතුයි.

[$] මුදල් ගිනුමට ලැබුනු පසු දින 14ක කාලයක් fiverr හි තැන්පත් කර තැබිය යුතුයි (Safety Clearance Period). එතනින් පසු ඔබට මුදල් withdraw කල හැකියි.
 
[$] 
ගිනුම් කිහිපයක් වුවද සෑදිය හැකියිඑම ගිනුම් සියල්ලෙන්ම එකම පේපැල් ගිනුමට මුදල් ලබාගත හැකියි.


දක්ෂ වෙලෙන්දෙක් වීමට මොනවද ඕනේ?

[+] English නම් ඕනේමයිලියන්නකියන්නතේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනේ.

[+] PhotoShop, illustrator, Flash, MS Office, Music Composing , Video Editing , Programming වගේ මොනවාහරි ක්ෂේත්‍රයක දක්ශයෙක් වෙන්න ඕනේ.

[+] ඔය එකක්වත් බැරිනම් විකටයෙක්වත් වෙන්න ඕනේඒකත් බැරිනම් රට කපටියෙක් වෙන්න ඕනේ.

මූලික දේවල් ඉවරයි. එහෙනම් අපි වැඩේට බහිමු. ගිනුමක් හදන්න හරිම ලේසියි. පහල අංක දාලා තියෙන පිලිවෙලට පෝරමය පිරෙව්වාම හරි,




කුප්පිය #1 දාපුවාම දුවලා ගිහිල්ලා එකවුන්ට් හදන්න ඇති නේදඅයියෝ ඕවත් අපිට වැඩද කියලා හිතන්නත් ඇති. හැබැයි ඒ හදපු Gig විකිනෙන්නත් නැතිව ඇති නේද?  මේ කියලා දෙන්නේ ටිකක් හොර වැඩක්. සිරිලංකාවේ අය මේ ලංකාව කියන නම කාලා තියෙන්නේ. ඒ නිසා ලංකාවේ විදියට හදන Gig විකිනෙන්නේ නැති තරම්.

 නිසා පුන්චි  වැඩක් කරමු. එයාලා අපේ රට detect කරන්නේ අපි ගිනුමට register වෙන අවස්ථාවේ පමනයි. එතනින් පස්සේ කිසිම විටෙක අර මුලින් තිබූ රට වෙනස් වෙන්නේ නෑ. ඒ හින්දා දැන් අපි හදන්නේ රට වෙනස් කරන්න.

Auto Hide IP v5.1.8.2 මෙතනින් බාගන්න. ඉන්ස්ටෝල් කරන්න. Firefox addon එකත් ඉන්ස්ටෝල් කරන්න. ඕනෙනම් පෝටබල් මෘදුකාංගයත් මේ ෆයිලය ඇතුලේම ඇති.

කැමති රටක් කරකවලා IP නම්බරේ මාරු කරන්න. ‍තෝරනකොට ටිකක් ලොකු රටක් කරකවන්න. IP නම්බරේ මාරු කරලා. දැන් ගිහින් Register වෙන්න. ඔන්න පුන්චි හොර වැඩකුත් කියලා දුන්නා.

ගිනුම හදලා ඊලගට තමන්ගේ තොරතුරු ඇතුලත් කරන්න. ඇත්ත ඒවා දැම්මත්බොරු ඒවා දැම්මත් කිසි අවුලක් නෑ. ඒක ඉතින් ඔබේ කැමත්ත.



දැන් Gig හදලා බලන්නකෝ විකිනෙන හැටි. ඊලග ලිපි වලින් මේවා සම්පූර්ණව කියලා දෙන්නම්. 
ඉංග්‍රීසි ලිපියක් මෙතනින්
http://goo.gl/u3lNW





හ්ම්ම්... Fiverr ගොඩක් අය ට්‍රයි කරන්න ඇති. දැන් කොහොමද ආදායාමඩොලර් කිහිපයක්වත් හොයාගන්න බැරිවුනාදඔක්කොටම කලින් IP නම්බරේ  Hide කරන හැටි කියලා දෙන්නම්. ඉස්සරලා ලිපියේ මෘදුකාංගයක් දුන්නානේදැන් වෙන විදියක් කියලා දෙන්නම්. වෙබ් අඩවියක් හරහා ලේසියෙන්ම IP නම්බරේ  Hide කරන්නේ මෙහෙමයි,

http://hidemyass.com/  මගින් UK හෝ US IP නම්බරයක් ගන්න ආකාරය

  • 1 හා 2 පියවර පිලිවෙලට කරන්න. 2 න් කැමති රටක් ‍තෝරන්න පුලුවන්.

  • http://google.com වෙනුවට http://fiverr.com/login ටයිප් කරන්න.

  • "Hide My Ass" බොත්තම ඔබන්නඉන්පසු සාමාන්‍ය පරිදි fiverr හි රෙජිස්ටර් වන්න.


http://eu.smarthide.com/ මගින් Lithuania හෝ Germany IP...



  • 1, 2, 3, හා 4 පියවර පිලිවෙලට කරන්න. 1 න් කැමති රටක් ‍තෝරන්න පුලුවන්.

  • න් පෙන්වා ඇති පරිදි Settings හදන්න.

  • 5 බොත්තම ඔබා සාමාන්‍ය පරිදි fiverr හි රෙජිස්ටර් වන්න.

කෙටියෙන් කියලා දුන්නේ. මෘදුකාංගය භාවිතා කරන්න අමාරු අයට පහසුවක් පිණිසයි. ඒ වුනාට ඉතින්  Software එකක් ඉන්ස්ටෝල් කරන්න. Crack එකක් කොපි කරන්න බැරි එවුන් මොකටද.


දැන් අපි ගිග් එකක් හදමු. නිකන් ගිග් එකක් නෙවේපිස්සු හැදෙන ගිග් එකක්. ඉස්සරෝම අපි මූලික කරුන ටික කතාකරලා ඉමු.

මොනවද අපිට විකුණන්න පුලුවන්?

  • තමාගේ විශේෂ දක්ශතා තියෙනවානම් ඒවා විකුනන්න පුලුවන්සින්දු කියන්නනටන්නසංගීත භාන්ඩ වාදනය‍රැප් කිරීමලිවීම-කිවීම වගේ දේවල්.

  • ඊට අමතරව Graphic Designing තමා නියමම රස්සාව. දක්ශයෙක්නම්කල්ල මරේ.

  • ඊලගට හොදම වැඩේ Social Marketing. ඔයාලට පුලුවන්නම් Facebook යාලුවෝ 500ක්,  Twitter Follower 500 ක්, LinkedIn Connectors, Google + friends වගේ දේවල් අරගෙන දෙන්නආයේ කතා දෙකක් නෑ,
  • Programming වගේ පුලුවන්නම් එපා කියද්දිත් ඕඩර් එනවා. අනේ එපාඑපාදැන් ඇතිකියනකන් ඕඩර් එනවා.

  • ඉහත මුකුත්ම බැරිනම් Digital Products විකුනන්න. ඒ කියන්නේ සයිබරයෙන් හොයාගත්තු, eBooks, Video lessons, Learning Essentials වගේ දේවල්.

  • මීට අමතරවඔබට හිතෙනෙවානම් මේ දේ විකිනේවි කියලාදෙපාරක් හිතන්න එපා ගිග් එකක් හදන්න. එක ගිනුමකට ගිග් 20ක් හදන්න පුලුවන්නේ. ගිනුමුත් ඕනෑතරම් හදන්න පුලුවන්. හිත හිත ඉන්න එපා.

පියවර හතයිපිස්සු හැදෙයි



1. Title එකෙන් පිස්සු වට්ටමු

  • Unique Titleඑකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැනට කවුරුත් දාලා නැති විදිහේ එකක්.
  • Time frame එක එකේ ඇතුලත් වෙන්න ඕනේඒ කියන්නේ කොපමණ කාලයක් ඇතුලත අපි වැඩේ කරලා දෙනවාද කියන එක. 
  • ඇස් කඩාගෙන යන්න ඕනේදැක්කාම ආසා හිතෙන්න ඕනේ.
උදාහරණ: 
I will get you 500 targeted twitter followers in 48hrs for $5


2. Category

Gift Ideas
Fun & Bizarre
Graphics
Video
Social Marketing
Travel
Writing
Postcards
Advertising
Music & Audio
Tips & Advice
Business
Technology
Programming
Other

අතරින් ඔබේ ගිග් එකට වඩාත්ම ගැලපෙන කාමරය ‍තෝරලා දෙන්න. ඉහත උදාහරනයට අනුවනම් “Social Marketing” තමා ගැලපෙන්නේ.

3. Description - 
බොඩිය පෙන්නලා පිස්සු වට්ටමු

  • මේ කාර්යය කිරීමට ඔබට තියෙන සුදුසුකම්
  • මෙම කාර්යයෙහි තිබෙන වැදගත්කම
  • අවශ්‍ය කාල පරාසය
  • Buyer ගෙන් මොනවාද මේ සදහා අවශ්‍ය
කියන කරුනු මේ සදහා ඇතුලත් කරන්න ඕනෑ.

උදාහරණ: 

"As a Social Media Marketing Expert I know what I am doing, and I will get you 500+ Twitter followers in 48hrs. I will have to follow this targeted twitter users, and will require your password. Check my feedback"

4. Instructions To Buyer

මේක අපේ ගිග් එකට වැදගත් වෙන්නේ කෙනෙක් ගිග් එකක් මිලදීගත් පසුවයිසල්ලි ගෙව්වට පස්සේ Fiverr මගින් ඔබේ Instructions, Buyerට පෙන්වනවා.

උදාහරණ:
"To follow this targeted twitter users, I will require your password"

5. Keywords

ඔබේ ගිග් එක හොදින්ම විස්තර වන පරිදි, "කොමා" ලකුන මගින් සම්බන්ද කරමින් Keywords යොදන්න. මෙමගින් අපේ ගිග් එක Fiverrහි මුල් පි‍ටුවල දිස්වීමට රුකුලක් වනු ඇත.

ඉහත උදාහරණයට අනුව: Increase, twitter, targeted, followers, social, marketing, 750

6. Time-frame

ඔබට මෙම කාර්ය කිරීමට අවශ්‍ය කාල පරාසය දින වලින්. කාල පරාසය අඩුවන තරමට ගිග් එක විකිනෙන සම්භාවීතාවය වැඩියි.

7. Image - 
රූප පෙන්නලා පිස්සු වට්ටමු

380x265 px ප්‍රමානයේ ඔබේ ගිග් එක හොදින්ම විස්තර වන පරිදි රූපයක් යොදන්නඉහත උදාහරනයට අනුවපහල ලෙස රූපයක් යෙදුවොත් හොදයි කියලයි මටනම් හිතෙන්නේ.



Graphic Designing වගේ කරනවානම්. "Add More Images" මගින් ඔබේ දක්ෂතාවය පිලිබිබු වන පරිදි තවත් රූප කිහිපයක් යොදන්න අමතක කරන්න එපා.


ඊලග කුප්පි වලින්,
  • ඕඩර් එකක් ආපුවාම මොකද කරන්නේ?
  • ඕඩර් එකක් complete කරන්නේ කොහොමද?
  • ඕඩර් එකක් complete කරන්න බැරිනම් මොකද කරන්නේ?
  • 100% Positive Feedback ගන්න හැටි.
  • Order පිට Order ගන්න හැටි.
  •  



 
Fiverr ඔයාලටත් මටත්අපි හැමෝටමත් වාසනාව කැන්දූ වෙබ් අඩවියක්.
 කොච්චර කීවත් අහන්නේ කමකට ගන්නේ නැතිතාමත් PTC පස්සේ දුවන උදවිය නැතිව නෙවෙයිනේ. ඔක්කොටම වඩා හේතුව කම්මැලිකම. ඇයිඑයාලා හිතන්නේ මෙහෙමයිඕඩර් එයිඉංග්‍රීසියෙන් කථාකරයිමට තේරුම්ගන්න බැරිවෙයි. අනෙක මට කොම්පීතරේ මුකුත් හරි හමන් විදියට කරගන්නත් බෑ. ඔයිට වඩා හොදයි අන්ධගොළුබිහිරි එකෙක් වගේ PTC පස්සේ දුවන එක කියලා.

ඇත්තම කියනවානම් හරියට බැලුවොත් මටත් මුකුත්ම බෑ. ඉංග්‍රීසිත් හරියට බෑඩිසයින් වැඩත් හරියට බෑ. Social marketing නම් දන්නේම නෑමොකක්ද programming කියන්නේ?


ඔහොම බලාගෙන ගියොත් කිසිම දෙයක් බෑ. ඒත් මං මාස කීපයක ඉදලා Photoshop වලට ඔට්‍ටු වුනා. ඒ ඉගෙනගැනීමේ පරමාර්ථයෙන් නෙවේමුදල් සෙවීමේ පරමාර්ථයෙන්. ඩිසයින් වැඩ කරන එවුන්ට ඕඩර් 1000, 2000 තියෙනවා දැක්කහාමඉරිසියාවෙන් ඉවසාගන්න බැරිවඅකමැත්තෙන් වුනත් Photoshop එක්ක ගැ‍ටුනා. දැනට හොදටම බැරිවුනත්සාමාන්‍ය තරමේ ඇඩ් එකක්පෝස්ටර්බැනර් එකක් ඩිසයින් කරගන්න පුලුවන්. පහලින් දාල තියෙනවා මං ඩිසයින් කරපු බෑනර් එකක්. සමහරෙක් දකීවී මේක ලස්සනයිහරි ක්‍රියේටිව් කියලාතව කෙනෙක් දකීවි හෆොයි මේක කපු‍ටු කූඩුවක් වගේනේ කියලා. මටනම් හිතෙන්නේ ඔය දෙවෙනියට කියපු එක.



මං මේක පෙන්නුවේ මගේ පණ්ඩිතකම විදහා දක්වන්න නෙවේඋත්සාහ කලොත් තරමක හෝ සාර්ථකත්වයක් ලබාගන්න පුලුවන් කියන එක පෙන්නන්න. ඔන්න දැන්වත් මොනවාහරි අලුත් දෙයක් කල්පනා කරලාවැඩේට බහින්න.

හරි අපි කතාවට බහිමු. ගිනුමක් හදන්න වගේම සාර්ථක ගිග් එකක් හදන්න අපි දන්නවා.  ඔන්න දැන් කථාකරන්න යන්නේඕඩර් එකක් ආපු අවස්තාවේ සිටඕඩර් එකක් අවසාන වෙන අවස්තාව දක්වායි. 

වැදගත් කරුනු:
 මෙහි මා සදහන් කර ඇති කිසිදු ඉංග්‍රීසි වාක්‍යක්වචනයක් කොපි කරන්න එපා. ඒ කියන්නේ ඔයාලා ඒවා අනුගමනය කරන්න එපා. ඒකට හේතුවමං මේවා උදාහරනය් උදෙසා පමනක් කරන නිසා. සුද්දොත් එක්ක හිත දිනාගන්න කතා කරන වචනවාක්‍ය සෙට් එකක් තියෙනවා. ඒවා මං අනිවාර්යයෙන්ම කියලා දෙනවා. මෙතන මං කුප්පිය දාන්න ඕනේ නිසාමගේම ගිනුමකින් මගේම ගිග් එකක් මිලදී අරගෙනයි  තියෙන්නේ. ඉංග්‍රීසි පාඩම වෙනමම කරන්නම්. ඒ ඉංග්‍රීසි පාඩම ඔයාලාගේ ගිනුමට ඕඩර් ගොඩක් එන්නත්, Positive feedback එන්නත් මහෝපකාරී වේවි.

ගිනුමට ලොග් වුන අවස්තාවේ ඕඩර් එකක් හෝ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවානම් මෙහෙම පෙන්නනවා.



හෆොයි! ඕඩර් හතරක්. $16ක්. "new order" බොත්තම ඔබලා අපිට නව ඕඩරකට පිවිසෙන්න පුලුවන්.
එහෙමත් නැත්නම් Seller--> Manage Sales මගිනුත් නව ඕඩර් බලාගන්න පුලුවන්. ඔන්න එහෙනම් මං ඕඩරකට බහිනවා.


Fiverr කුප්පිය #3  ි Instructions To Buyer කියලා box එක අපි පිරෙවවා මතක ඇති. අන්න ඒ ඉල්ලිම් වලට අනුවසේවාව මිලදීගන්න කෙනා අපට තොරතුරු දන්වා එවලා තියෙනවා.

"can you design for me" කියලා තියෙන්නේ අන්න ඒක තමයි. වරදවා තේරුම් ගන්න එපා. මෙතන තියෙන්නේ උදාහරනයක් විතරයි. ඔයාලා අහලා තියෙනවානම් twitter username & pass , එයා ඒකට පිලිතුරක් මේ හරහා එවලා ඇති.

දැන් ඉහත රූපයේ පහලින් කො‍ටු දෙකක් පේනවානේ. ඒ ගැන තොරතුරුයි මේ.

Send a Message
Buyer එවලා තියෙන තොරතුරු පැහැදිලි නැත්නම් හෝ වෙනත් කරුනක් ඇසීමට මේ මැසේජ් බොක්ස් එක යොදාගන්න පුලුවන්.

Deliver Completed Work
අවසාන ප්‍රථිපලය Buyerට යැවීමට පමනක් මේ මැසේජ් බොක්ස් එක  යොදාගන්න පුලුවන්.
 
තවත් අමුතු විදියේ බොත්තමක් තියෙනවා. ඒකේ විස්තර කියන්නට පහල රූපය බලන්න.
  මේ බොත්තම අපට වැදගත් වෙන්නේ කුමන හෝ හේතුවක් නිසා අපට මේ ඕඩර් එක සම්පූර්ණ කරන්න බැරිනම් පමනයි.


A- Request Cancellation
මේක තමයි ඕඩර් එක සම්පූර්ණ කරන්න බැරිනම්අපි අනිවාර්යයෙන්ම භාවිතා කලයුතු බොත්තම. කිසිම අවස්තාවක බොත්තම භාවිතා කරන්න එපා. මෙහිදී සිදුවන්නේඅපි සාධාරන හේතුවක් කියලාBuyerගේත් කැමැත්ත අරගෙන මේ ඕඩර් එක කැන්සල් කරන එක. ඒ හේතුව අපට ලෙස නම් කර ඇති text box එකේ දන්වා යවන්න පුලුවන්.

B- Force Cancel Order
මේකනනම් වැරදිලාවත් ඔබන්න හොද නැති බොත්තමක්. මොකදඅපි අපේ කැමැත්තෙන් විතරක් මේ ඕඩර් එක කැන්සල් කලොත්, Negative Feedback එකක් වැටෙනවා. Negative Feedbackවැටෙනවා කියන්නේ අයේ කවදාවත් ඕඩර් එන්නේ නෑකියන එකට සමානයි.

දැන් අපි හිතමු පවරපු වැඩේ අපි සාර්ථක ලෙස සම්පූර්න කලා කියලා. ඔන්න දැන් අපි හදන්නේ deliver කරන්න. 

"Deliver Completed Work" නම්වූ text box එක ‍තෝරනවා. "Browse" බොත්තම මගින් ඕනෙම ෆයිලයක් Attach කරන්න පුලුවන්. "Problem with upload" මගිනුත් එකමයි කරන්නේඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ගොඩක් slow නම් විතරක් මේ බොත්තම භාවිතා කරන්න.


 

 මැසේජ් එකක් එහෙම තියෙනවානම් ටයිප් කරලා. "Send" බොත්තම ඔබන්න. අවසානයේ සාර්ථක ලෙස deliver කලානම්පහල ලෙස තෑගි පාර්සලයක් දිස්වෙනු ඇති.




ඔයාලට පේනවා ඇති ඉහත රූපයේ ඉංග්‍රීසි වාක්‍යක් කො‍ටු කරලා තියෙනවා.  එක ගැන තොරතුරු පහල සාරාංශයෙන් දැනගන්න.

සාරාංශය
order එකක් එනවා.
අපේ ගිග් එකට  අවශ්‍ය තොරතුරු Buyer දන්වලා තියෙනවා. තව මොනවාහරි දැනගන්න ඕනේනම් ඒකට ඉහත ක්‍රම කියලා දීලා තියෙනවා.
ප්‍රතිඵලය Deliver කලාම Buyer ට පුලුවනි, Order Complete කරන්න එහෙමත් නැත්නම් පුලුවනි Reject කරන්න.

Order Complete 
කරනවානම් Positive හෝ Negative Feedback එකක් දාන්න පුලුවනි. Reject කලොත්එයා කියන විදියට අපි නැවත සකස් කරලා දෙන්න ඕනේ.

මුලින්ම කීවනේකුප්පිය දාන්න ඕනේ නිසා Buyerත් මම Sellerත් මමයි කියලා. ඒ නිසා Buyerකෙනෙක්ගේ ගිනුමට, Seller විසින් Deliver කල දේ ඇවිල්ල තියෙන්නේ මෙහෙමයි.


Feedback දැමීමක් හෝ Reject කිරීමක් සිදු නොවුනොත්?

එහෙම වුනේ නැත්නම් දවස් තුනකින් automaticallyම ඕඩර් එක complete වෙනවා. ඒ කියන්නේ අපේ Deliver කිරීමට Buyer කිසිම ප්‍රත්චාරයක් දවස් තුනක් ඇතුලත නොදක්වුවොත්එතනින් පස්සේ අපේ ගිනුමට නිකම්ම සල්ලි වැටෙනවා.

ඊලග ලිපියෙන්:
ඉංග්‍රීසි පාඩම
ගිග් Pending Review වීමට විසදුම්
ගිග් එකට ට්‍රැ‍ෆික් කැන්දවීම




  ගොඩක් යාලුවෝ කියනවා fiverr නම් හරි සාර්ථකයි කියලා. oDesk වල වගේ විභාග ලිය ලියා ඔට්‍ටු වෙන්න ඕනේ නෑනේ. එහෙනම් අපි කුප්පියට බහිමු,

මොකක්ද මේ Positive Feedback?

අපි කොච්චර දක්ශදගැනුම්කරුවන්ට හොදට සලකනවාදලෙඩ දාන්නේ නැතිව ඉක්මනට වැඩේ කරලා දෙනවාද කියන කරුනු මත Feedback එක තීරනය වෙනවා. සාමාන්‍යයෙන් Feedback එක 90% ට වැඩි නැත්නම් ආයේ ඕඩර් එකක් එනවා කියන එක හීනයක් වගේ. ඒකට fiverr හි තිබෙන තරගකාරී බව කෙලින්ම බලපානවා. Feedback  ක නංවාගැනීම සදහා මගේ අත්දැකීමේ හැටියට කරන්න පුලුවන් දේවල් කියන්නම්.

1. පැහැදිලිසරල ඉංග්‍රීසි වලින් කතා කිරීම.
2. අඩුම තරමේ දවසකට වරක්වත් fiverr ගිනුමේ නව ඕඩර් තිබේදැයි බැලීම.
3. ලැබී තිබෙන ඕඩර් හැකි ඉක්මනින් සම්පූර්න කර දීම.
4. Fiverr Inbox එකට ඇවිත් ඇති ගැටලු වලට නොපමාව රිප්ලයි කිරීම.


පැහැදිලිසරල ඉංග්‍රීසි වලින් කතා කිරීම

මෙහෙමයිමේ වැඩේට දඩාර් ඉංග්‍රීසි දැනුමක්වත්බස බස ගාලා ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවක්වත් ඕනේ නෑ.  අපි ඉස්සරෝම බලන්න ඕනේ අපි කරන්නේ මොන වගේ ගිග් එකක් ද කියලා. මට ආපු මැසේජ් වගේම ඒවාට එක එක ක්‍රම වලට රිප්ලයි කරපු හැටි මං පහලින් දාන්නම්. ඔයාලටත් පුලුවනි මේ රූප බලලාඒකෙන් හොදයි කියලා හිතෙන ඉංග්‍රීසි වචනවාක්‍ය උපුටාගන්න.  මේ ක්‍රමය අල්ලාගන්න උත්සාහ කරන්න. ආමන්ත්‍රනය හා අවසානය වගේ දේවල්.

මම බැනර් ඩිසයින් කරනවාමේ ඒ සම්බන්දව ආපු මැසේජ් එකක්.


ඉන්ටනෙට් එකෙන්ම හොයාගත්තු ලින්ක් list එකක් විකුනනවාමේ ඒ සම්බන්දව ආපු මැසේජ් එකක්.


ඉන්ටනෙට් එකෙන්ම හොයාගත්තු icon විකුනනවාමේ ඒ සම්බන්දව ආපු මැසේජ් එකක්.


eBay Poster Designing, මේ ඒ සම්බන්දව ආපු මැසේජ් එකක්.



දැන් අපි හිතමු අපි ඕඩර් එකක් Deliver කලා කියලා. අන්න එතකොට මමනම් යවන්නේ මේ වගේ මැසේජස් තමයි. ඔයාටත් පුලුවනි හොදයි කියලා හිතෙන වාක්‍යක් උපුටාගන්න.

මේ Design වැඩක් කරලා දීලා Feedback එක ඉල්ලපු හැටි,

මේකත් Design වැඩක්. මේ සුද්දානම් ඇනයක් වුනා. හැබැයි කොහොමහරි අඩලා Positive Feedback එකක් ගත්තා.


ඔය සෑර් කියන වචනේ කියන්න ලැජ්ජයි නම්, Hi හෝ Hello කියලා ආමන්ත්‍රනය කරන්න පුලුවන්. මටනම් ඒක එච්චර ගානක් නෑ. මූන පේනවයැ. ඔන්න ඉංග්‍රීසි පාඩම ඉවරයි.

ඕඩර් ඕඩර් ඕඩර්................... ඕඩර්

දැන් කියන්න යන්නේ ඕඩර් වැඩිපුර ගන්න ක්‍රම සහ විධි,

1. අපි දක්ශයෙක් වෙන්න ඕනේ

 අපි හිතමුකෝ මේ ලිපිය කියවන ඔයාට පුලුවන් එක අතකින් mouse එක අලාගෙනඅනිත් අත keyboard එක උඩ තියාගෙන මන්ද බුද්ධිකයෙක් වගේ කොම්පීතරේ දිහා බලාගෙන ඉන්න විතරයි කියලා. ඒ කියන්නේ විකුනන්න කිසිම  දක්ශතාවයක් නෑ කියන එක හොදේ. ඉතින් විකුනන්න දේවල් නැතුවයැ PSD, Icons, Software, Images වගේ දේවල් විකුනන්න පුලුවනිනේ.

heroturko.me
downeu.com
downtr.co
gfxtra.com
මේ වෙබ් අඩවි තියෙන්නේ නිකමටයැ.

ගෙදර බල්ලෙක්පූසෙක් හෝ වෙනත් සුරතලෙක් ඉන්නවානම්ඔයාලට පුලුවනි උන්ව විකුනං කන්න. කැමරාවක් විතරයි ඕනේ. මේකේ ඉන්න එවුන් ඇගිලි විකුනනවාඇග විකුනනවාගෙදර ඉන්න සුරතල්ලු විකුනනවාලස්සන මූනක් තියෙනවානම්ඒකත් විකුනනවා. අපේ එවුන් හැමදාම කලේ අපට නෑ. අපිට බෑ. කිය කියා හිටපු එක විතරයි.






2. Unique Keywords භාවිතා කිරීම

ගිග් එකක් හදද්දී Keywords දාන්න ඕනනේ. අපි හැමවෙලේම පෙලෙබෙන්න ඕනේ අලුත් දෙයක් කරන්න. ඒ කියන්නේ හැමෝම දාන කීවර්ඩ්ස් වලට වඩා වෙනස් වචන දාන්න.  ඔය කීවර්ඩ් වල තියෙන නැවුම් භාවය ඔයාගේ ගිග් එක fiverr හි මුල් පි‍ටුවලට එන්න අත්වැලක් වෙනවා.
අපි හිතමුකෝ අපේ ගිග් එකට හරියන කීවර්ඩ්ස් දාගන්න දන්නේ නෑ කියලා. අපිට පුලුවනි මෙහෙම වැඩක් කරන්න. Gig එක Design වැඩක් සම්බන්දවනම්,


මෙන්න මේ විදියට ඒකට ගැලපෙන keyword එකක් හොයාගන්න පුලුවන්. 
තවත් වැඩක් තියෙනවා, fiverr එකේ search කරලාඅපේ gig එකට සමාන gig දෙක තුනක් හොයාගෙන ඒවාගෙන් keyword කොපි කරලාමිශ්‍ර කරලා දාන එක. 

Gig Description එකක් හරියට ගලපලා ලියාගන්න බැරිනම් ඒකටත් ඉහත ක්‍රමයම යොදාගන්න පුලුවන්.


3. Unique Title එකක් භාවිතා කිරීම

මොනවා කොපි කරලා දැම්මත්, Title එකනම් කොපි කරලා හරියන්නේ නෑ. ඇස් කඩාගෙන යන unique title එකක් දාන්න. මෙච්චර කාලෙකට කවුරුත් දාලා නැති විදිහේ එකක්.
eg:
I will design a killer LOGO for your company or website for $5

4. Facebook හා Twitter හි Share  ිරීම

 Share කරන්න නම් ඔයාගේ මේ ගිනුම් වල යාලුවෝ ගොඩක් ඉන්න ඕනේ. ලංකාවේ උන් නෙවේ. පිටරට මිනුස්සු. ලංකාවේ එවුන්ටනම් අපි වැඩෙත් නිකන් කරලා දීලා කීයක් හරි සාක්කුවටත් දාන්න වෙයි.



Pending Review වීමට විසදුම්


 Pending Review වන්නේ Keywords හා Description එකට නීති විරෝදී වචන දාපුවාම. මෙන්න මේවයි නීති විරෝදී වචන කියලා කියන්න දන්නේ නෑ. බොහෝවිට ඊමේල් සම්බන්දව හා එක එක eBookවගේ දේවල් විකුනන්න ගියාමයි මේ දේ වෙන්නේ. Pending Review වුනොත්බොහෝවිට Active වෙනවාට වඩා Denied වීමේ සම්භාවිතාව වැඩියි. ඒකට කරන්න තියෙන්නේ ඒ ගිග් එක delete කරලා. ඉහත සදහන් කල ආකාරයට keywords කොපි කරලා දාන එක.

fiverr මුදල් withdraw කරමු

ඔයාලාගේ ‍fiverr ගිනුමේ කිසිම තැනක පේපැල් ලිපිනය සදහන් කරන්න නෑ. ඒක සදහන් කරන්නේ අපි මුදල් එලියට ගන්න වෙලාවේ විතරයි. දැන් කියන්න යන්නේ withdraw කරන ආකාරයයි.


A= Withdraw කිරීමේ හැකියාව පවතින මුදල
B= දින 14ක් යන තුරු Withdraw කල නොහැකි මුදල
C= කරමින් පවතින ඕඩර් සදහා ලැබුනු මුදල

"withdraw your earnings" බොත්තම ඔබනවා. එවිට පහල පෙනෙන පරිදි නව පේජයක් ඒවි.


  මෙහි දෙපාරක් ඔබේ පේපැල් ලිපිනය සදහන් කර "Submit"  කියන බොත්තම එබුවාම. ඔබ සදහන් කල පේපැල් ලිපිනයට ඊමේල් එකක් එනවා. වරදවා තේරුම් ගන්න එපා. පේපැල් ඊමේල් එකටයි link එක එන්නේ.



ඔන්න ඔය උඩ තියෙන විදිහේ ඊමේල් එකක් එන්නේ. ඒකේ ලින්ක් එක ක්ලික් කරපුවාම පේපැල් එකට සල්ලි වැටෙනවා. මේක පැයක් විතර ඇතුලතදී වෙනවා.

තව පොඩි දෙයක් තියෙනවා. මේක මට යාලුවෙකුගෙන් වැ‍ටුනු කොමෙන්ට් එකක්. ඔයාලටත් වැදගත්වේවි කියලා හිතලා පෝස්ට් එකේම දාන්නම්

Anonymous says:
October 24, 2011 1:50 AM ;
මම ඔය වැඩේට බැස්සා යාළුවා ඔයාගෙ පළමු ලිපිය මේ ගැන දැකලා.. මම දැන් සති දෙකක් සම්පූර්ණ කළා. කියන්න සතුටුයි මම ගිග් 32ක් කළා...එයින් දැනට 25ක් සම්පූර්ණයි..මට මතකයි මං ඔයාට කියලා යන්න ආවා ඒ ගැන... ඉතින් අදත් අවංකව ස්තුති වෙනවා ඔයා මේවා කියලා දුන්නට..
ගිග් කරනවා නම් පොඩි දෙයක් අනිත් යාළුවන්ට කියන්න ඕනි..සමහරු හිතනවා ඇති කපටිකම් කරලා මේක කරන්න පුළුවන් කියලා..ඒත් එහෙම බැහැ..ඒත් මෙහෙම දෙයක් තියෙනවා...අවංක දක්ෂ අයට වැඩ වැඩියි...එයාලා ගොඩක් වෙලාවට සල්ලි ගැන නෙවෙයි බලන්නේ...ඇත්තටම වැඩේ තියෙන ගුණාත්මක බව..මම කරේ ග්‍රැෆික් ඩිසයින්..ඇත්තටම ලෝගෝ හදන්න..ඒත් ඇත්තම කිව්වොත් ලෝගෝ එකක් හදන්න නිකම් ඩොලර් 4ක් අරන් බැහැ..ඒත් මම කරලා පුළුවන් උපරිමෙන්ම..
එහෙම කලොත් තමා මාර්කට් එක අල්ලගන්න පුළුවන් වෙන්නේ...
පුංචි දේවල් ටිකක් කියන්නම් මම අත්දැකීමෙන් ලබපු....

1. 
ඔය ගිග් එකේ විස්තර දානකොට ඔයාගෙ වැඩ පෙන්වන්න කොහේ හරි වැඩ ටික දාලා ලින්ක් එකක් දෙන්න පුළුවනි නම් හොදයි ගොඩක්... මම නම් මගේ ලෝගෝ වැඩ ටික යෝලා සයිට් එකකට දාලා පෙන්නුවා... ඒක ගොඩක් හොදයි..

2. 
ගොඩක් වැල්වටරම් නම් ලියන්න එපා...ලස්සනට කෙටියෙන් ඒත් කියන්න තියෙන දේ කියන්න..

3. 
ගොඩක් අය බලන්නේ ඒවා කියවා කියවා ඉන්න නෙවෙයි.. ෆීඩ් බැක් බැලුවා අර ලින්ක් එකක් තියේ නම් ඒක බැලුවා .. ඕර්ඩර් කළා....

4. 
ඔයාලා දකින්නත් ඇති..ඔයාලා කරන වැඩේ ගැන ලස්සන චූටි වීඩියෝ එකක් දෙනවා නම් නියමයි...

5. 
කෙනෙක් ගිග් එකක් ගත්තම අපේ එයා එක්ක කථා කරලා පැහැදිලිව එයා බලාපොරොත්තු වෙන දේ දැන ගන්න...

6. 
ඔයා කරපු එකක් වෙනස් කම් කරන්න වෙයි ගොඩක් වෙලාවට..විශේෂයෙන්ම ඩිසයින් වැඩ වල..සතුටින් ඒක කරලා දෙන්න...





මෙච්චර කල් අතට පයට කීයක් හරි හොයලා දුන්න ‍ෆිවර්ර්. ඔන්න වැඩේ කෙලවන්නයි යන්නේ.



"Withdrawals are temporarily disabled for this account. Our team is working hard on getting this fixed as soon as possible.
We appologise for the inconvenience."

ගැටලුව ඇතිවන්නේ කාටද?
 fiverr.com වෙබ් අඩවියේ වෙලද ගිනුම් කිහිපයකින් එකම පේපැල් ගිනුමට මුදල් ලබාගන්න අයට.

ගැටලුවට හේතුව?
 fiverr මගින් නව නීතියක් ගෙන ඒම. එයනම් "එක් වෙලෙන්දෙකුට ‍fiverr  අඩවියේ තිබිය හැක්කේ එක් ගිනුමක් පමනයි"

දැන් මොකද වෙන්නේ?
මොකුත් වෙන්නේ නෑඑක් fiverr ගිනුමක් හැරෙන්නට අනෙක් සියලුම ගිනුම් නවත්වා දැමීමට සිදුවේ.

හොයපු සල්ලි වලට මොකද වෙන්නේ?
දැනට හොයලා තියෙන සල්ලි ඔක්කෝම fiverr customer support  එකේ මාර්ගයෙන් ලබා ගත හැකියි.

වැඩිදුර තොරතුරු සහ පියවර
මෙහෙමයිඅපි fiverr customer support එකට කියනවා මගේ fiverr ගිනුම් කිහිපයක් තියෙනවා. මං කැමතියි එක fiverr ගිනුමක් හැරෙන්නට අනෙක් සියලුම ගිනුම් නවත්වලා දාන්න. ඒත් මගේ fiverr ගිනුම් වල තියෙන මුදල් ලබාදෙන්න කියලා.
එහෙම කියලා අපේ ‍fiverr ගිනුම් සියල්ලගේම usernames එයාලාට යවනවා.

ඊටපස්සේ එයාලා ඔය fiverr ගිනුම් වල Withdrawals Disable කරලා තියෙන එක අයින් කරනවා. ඒ වගේම අපිට එතැන් පටන් පැය 24ක් ලැබෙනවා අපේ fiverr මුදල් අපේ පෙපැල් ගිනුමට withdrawකරගන්නට.
ඒ පැය 24න් පස්සේ අපේ fiverr ගිනුම් ඔක්කෝම එයාලා මකලා දානවා.

අපි කැමතිනම් එක් ‍ෆිවර් ගිනුම්ක් ඉතුරු කරගන්නඒක අපි එයාලාට කියන්න ඕනේමෙන්න මේ username එක සහිත fiverr ගිනුම පමනක් ඉතුරුකරන්න කියලා.

තව ගැටලුවක් තියෙනවා. එයාලා අර දෙන පැය 24 තුලදී Withdraw කරන්න පුලුවන් Available funds විතරයි. ඒ කියන්නේ දින 14ක Safety Clearance Period එකකින් පසු නිදහස් වුනු මුදල පමනයි. රූපයෙන් දක්වා ඇත.

දැන් මොකෑ කොරන්නේ?
දැන් කරන්න වෙන්නේ සියලුම මුදල් Safety Clearance Period එක පනින තුරු ඉවසාගෙන ඉදලා ඉන් පසුව Customer support  ඉහත ලෙස දන්වා මුදල් ලබාගැනීමයි.

අද සිට ඔබ එක් ‍fiverr ගිනුමක් හැරෙන්නට අනෙක් සියලුම ගිනුම් භාවිතයෙන් වලකින්න. භාවිතයෙන් වලකින්න කීවේ ඒකට ලොග් වෙන්න එපා කියන එක නෙවේ. ඒවාය් ඕඩර් සම්පූර්න කිරීමේන් වලකින්න. තවද එම සියලුම ගිනුම් වල තියෙන ගිග් නවතා දමන්න. ඒවා තාවකාලිකව නවත්වන්නේ මෙහෙමයි.




මෙහෙම කරපුවාම ඒවාට එතැන් සිට ඕඩර් එන එක වලකිනවා. ඒ කියන්නේ අද සිට දවස් 14ක් යන විට ඔබේ ‍fiverr ගිනුම් සියල්ලේ තිබෙන මුදල් withdraw කිරීමට හැකිවනසේ clear වෙනවා.

මේ මුදල් ඔක්කෝම clear වුනාට පසුවයි අපි fiverr Customer support එකට දන්වන්නේ.

 මේ ලිපිය බොහොම හදිසියෙන් ලීවේ. ඇඩ්සෙන්ස් කුප්පියේ බාගයක් ලියමින් ඉන්නකොටයි මේ මගුලක් ගැන ලියන්න වුනේ. fiverr Customer support එකට දන්වන හැටි හා එහි රෙජිස්ටර් වෙන ආකාරය හා මේ කරුනට සම්බන්ධ සියලුම දේවල් මං කියලා දෙන්නම්. විටින් විට මේ ලිපිය අප්ඩේට් කරන්නම්. මූලික කරුනු කාරනා ටික කියන්නයි ඕනේ වුනේ.
කලබල වෙන්න එපා. ‍ෆිවර් ගිනුම් වලතියෙන සල්ලි ඔක්කෝම අපිට ගන්න පුලුවන්. වැඩේ හරියට කරොත්.  මේ සියලුම ගැටලු පැන නගින්නේ  fiverr.com වෙබ් අඩවියේ වෙලද ගිනුම් කිහිපයකින් එකම පේපැල් ගිනුමට මුදල් ලබාගන්න අයට පමනයි.

දැනට තියෙන සල්ලි ටික පට පට ගාලා පෙපැල් එකට ඇදගන්න. මේක කියවන්න

http://www.iplusblog.comවෙබ් අඩවියේ ලිපි ඇසුරෙනි.



Fiverr හි නිවැරදිව Gig ඵකක් දැමීම හා Gig ඵකSearch Result ඵකේ උඩට ගනිම


 

 

මම අද ඔයාලට කියල දෙන්නනේ  Fiverr වල .හරියට ගිග් ඵකක්දාන්නෙ කොහොමද කියන ඵක ගැනයි ගිග් ඵක සර්චි රිසල්ට් ඵකේ උඩට ගන්න විදියයි.මම මේක කරණු 8ක් යටතේ දක්වන්නම්.

1)ටක් තෝරා ගැනීම


ගොඩක් කට්ටිය ෆිවර් ඵකව්න්ට් හදන්නේ ලංකාවෙ විදියට නෙවෙයි.මොකද ඔය ෆිවර් ඵකේ වැඩියෙන් වැඩ   කරවගන්න ඵන්නෙ වෙන වෙන රටවල් වල මිනිස්සු.ඵ් මිනිස්සු කැමති පොෂ් රටවල් වලින් තමන්ගෙ වැඩේ කරව ගන්න.ඵ් කියන්නෙ නිකං USA,UK,Canada වගේ රටවල් වලින්.ඵ්ක නිසා අපේ අය කරන්න අයි පී ඵක හයිඩි කරල ඔය මම දාපු රටවල් වල විදියට ඵකවින්ට් හදන ඵක.ලංකාවෙ විදියට ඵකව්න්ට් හදල ගොඩ යන්න ටිකක් අමාරැයි හැබැයි ගොඩ ගිහිපු අයත් ඉන්නවා.ඵක නිසා මුලින්ම අර විදියට අයි.පී හයිඩ් කරල ඵකව්න්ට් ඵකක් හදන්න කෝ.මෙන්න ඔන්ලයින් අයි.පී හයිඩර්ඵකක් WWW.NUIP.NET ඕකෙන්අයි පී ඵක 
USA විදියට හයිඩ් වෙනවා.
2)ාතෘකාව යෙදීම

මාතෘකාව යොදනකොට ඔයාල කරන දේ කැපිටල් වලින් ලියන්න උදා-මම ලෝගො කරන නිසා I will design        professional LOGO for your busniess,website දැක්ක නේ ලෝගො කියන ඵක කැපියල් වලින් ගැහුවා.අන්න ඵ්වගේ ඔයාලත් ඔයාල කරන දේ කැපිටල්වලින් ගහන්න.ඵක ඔයාගෙ ගිග් ඵක සර්චි රිසල්ට් ඵකේ උඩට යන්න ගොඩක් බලපානව.ඵ් ගේම තමා මාතෘතාව වෙනස් ඵකක් වෙන්න ඕන ඵ් කියන්නේ ක්‍රෙය්ටිව්.

3)Category තෙරීම 

මේකෙදි ඔයාල කරන්න යන වැඩේට අදාල කන්ඩය තෝරන්න උදා-මම කරන්නේ ලෝගො ඩිසයින් නේ ඵ්ක නිසා මම තොරන්නේ Graphic and Design >> Logo Design කියන ඵක ඵ් වගේ ඔයාලත් අදාල කැටගරි ඵක තෝර ගන්න

4) Description සෑදීම
make a gif
දැන් ඔයාල  Description ඵකට ඔයා ගැන පොඩි බටර් පාරක් ගාල ඔයා කරන්නේ මොකක්ද කියල දාන්න.උදාහරණයක් විදියට මම කරන්නේ ලෝගො හදන ඵක.ඵ් වගේ ඔයාලට කරන්න පුඵවන් දේ ගැන දාන්න ඔයාලට මේ ෆිවර් ඵකේ විකුනන්න පුඵවන් දේවල් ගැන මේ වෙබ්අඩවියේ තිබෙනවාWWW.IPLUSBLOG.COM.අන්ත් ඵක තමා ඔයාල Description  ඵකේදිත් අරමාතෘකාවෙ ලිව්ව වගේ කරන දේට අදාල වචනය කැපිටල් කරන්න.Description ඵක අන්තිමේදි ෆිවර් ඵකට පොඩි බටර් පාරක් ගාන්න උදා-Get good service only fiverr. වගේ ඵකක්.දැන් Description ඵක හරි

5)Instructions යෙදීම

ඵකනමි ඔයාලට ඵයාගෙන් ගන්න ඕන දේවල් ලියන්න. උදාහරණයක් විදියට මම කරන්නේ ලෝගෝ නිසා මට බයර් ගෙන් දැනගන්න අවශ්‍යයි ලෝගො ඵකේ දාන නම සයිස් ඵක වගේ ඵව මමදානව Instructions වල.දැන් ඵ්කත්හරි නේ.

Tags යෙදීම

මේකෙදි ශයාල කරන දේට අදාල ටැග්ස් දාන්න .ඔයා හිතන්න ඔයා බයර් කියල ඔයා ඔය දේ කරගන්න ඕන උනාහ ෆිවර් ඵකේ සර්ච් කරන්නේ මොකක් ගහලදඅන්න ඵ්ගහන ටික දාන්න ටැග්ස් වලට.දැන් ඵ්කත් හරිනේ.


6)Maximum Days To Complete යෙදීම

මේකෙදි කියන්නෙ ඔයාල මේක දින කියක් ඇතුලත කම්ප්ලීට් කරනවද කියන ඵක ගැන මුල් දවස් වල දාන්න පුලුවන් අඩුම දින ගාන දාන්න මොකද ඕනම කෙනෙක් කැමති ටක්ගාල වැඩේ කරගන්න නේඵක නිසා දවස් දාන්න.දැන්ඵක්ත් හරිනේ

7)Image යෙදීම
මේකෙදී හිත ඇදගන්න විදයෙ පිංතූර දාන්න ඵතකොට තමා ගිග් පක යන්නේ.මමනම්කියන්නේ දාන්න පුඵවන් Image 3ම දාන්න.

8)Video යෙදීම
ඔයාල කරන දේට අදාල වීඩියෝ ඵක යොදන්න.හැබැයි ඔයාම හදපු ඵකක් දාන්න.






Fiverr 
ආදායම වැඩි කර ගන්නේ කොහොමද?.....
ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමා Oders නැති එක.Oders වැඩි කර ගන්නේ හැටි මම ඉදිරි ලිපියකදි කියන්නම්.මේ ලිපියෙන් කියන්නේ වෙනම කථාවක්.මේක කරන්න පුලුවන් වැඩක්.ලංකාවේ බොහෝ පිරිස් ඉන්නවා හොදට හැකියාව තියෙන.උදාහරණයකට අපේ හංදියේ ටයිප් සෙටිංග්ස් ඇතුලු තව වැඩ කිඩ ගොඩාක් කරලා දෙන තැනක් තියෙනවා.එතන අක්කලා දෙන්නෙක් වැඩ කරනවා.මම එයාලගෙන්ඇහුවා ඔයාලට මාසෙකට කීයක් පඩි ගෙවනවාද කියලා.එයාලා කිව්වා එක්කෙනෙක්ට රු20,000ක්ම ගෙවනවාලු.අම්මෝ මාර ලොකු ගානක්නේ ගෙවන්නේ.මේ දෙන්නාට Photoshop,MS Office,Corel Draw,Indesign,After Effects හැකියාව හොදට තියෙනවා.ඒ වගේම හොද Talent එකක් තියෙනවා.ඒ වගේ අයට මේ වගේ තැනක වැඩ කරනවාට වඩා ගෙදර ඉදන් වල වැඩ කළා නම් මාසෙකට රු50,000ක් වීතර ගන්න පුලුවන්.ඊටත් වඩා පුලුවන් කාලය ගත වන විට.
මම කියන්න හදන්නේ මේකයි.ඔයාලට පුලුවන් අලුතින් Fiverr වල Profile එකක් හදන්න.ඊට පස්සේ ඔය වගේ හැකියාව තියෙන දෙතුන් දෙනෙක් සෙට් කර ගන්න ඕන.කම්මැලියෝ බැහැ.හොදට වැඩ කරන හැකියාව තියෙන උවමනාව තියෙන අය.අපිට හැකියාව නැති හැම මගුලක්ම කරලා දෙනවා කියලා අපි දානවා.එතනදී ඔය ඉහත කියපු අය කරපු වැඩ ඕන තරම් තියෙනවා.ඒවා අඩංගු කරලා බ්ලොග් එකක් හදලා අපිට හැකියාව ඇති බව ඒත්තු ගන්වන්න පුලුවන්.ඊට පස්සේ කරන්න තියෙන්නේ මේකයි.අපි සෙට් කර ගත්තු අයට කියනවා ඔයා කරන එක වැඩකට රු300-350ක් ගෙවනවා කියලා.ඒකියන්නේ Oder එකක් Complete කළාම අපිට $5ක් ලැබුනට අපිට දෙන්නේ $4ක් නේ.අපිට ලැබෙන්නේ 4X125=රු500ක්.ඒ කියන්නේ අපිට නිකන් ඉදලා රු100-150 ලාභයක් ගන්න පුලුවන්.මේ වගේ හැකියාව තියෙන පිරිසක් එකතු කරගෙන එයාලට Oders දීලා Complete කර ගැනීම තුලින් ඔබට ලොකු මුදලක් උපයන්න පුලුවන්.මෙතනදී එයාලා සමහර විට වැඩට යන්න පුලුවන්.උදාහරණයකට එයාලා Ceylinco වැනි ආයතනයක් හෝ සාමාන්‍ය ටයිප් සෙටිං ආදිය ඉ‍ටු කරදෙන තැනක් ඉන්න පුලුවන්.අපිට Oder එක ආවාම ඒකේ කරන්න ඕන දේවල් Copy කර ගෙන ඊමේල් හරහා එයාලට Sendකරනවා.එයාලට කියනවා Complete කරලා ඊමේල් හරහා ආයේ එවන්න කියලා.ඊට පස්සේ අපිට පුලුවන් Oder එක Finish කරලා අපිට මුදල් ලබා ගන්න.මෙතනදී විශ්වාසය ගොඩ නගා ගන්න ඔබට හැකියාව තියෙන්න ඕන.ඔයාලට කියන්න පුලුවන් හැම මාසයකම සහ 15 හෝ සෑම සති අන්තයකම මුදල් ගෙවනවා කියලා.ඒක අකුරටම ඉ‍ටු කරන්න ඕන.මෙතනදී ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ලංකාවේ මෙන්ම විදේශ රට වල හැකියාව තියෙන පිරිස් ෆේස්බුක් හරහා හොයා ගන්න පුලුවන්.අනතුරුව ඒ අයටත් වැඩ දෙන්න පුලුවන්.මෙතනදී ලංකාවේ දුර පළාත් වල පිරිස් ඔබට සෙට් වෙන්න පුලුවන්.එවැනි අයටDialog Easy-Cash වගේ සේවයක් හරහා මුදල් ගෙවන්න පුලුවන්.ඉතිං ඔයාලට මේක කරන්න පුලුවන්.විශේෂයෙන් Logo,Banner,Web Designing Programming වගේ හැම දෙයක්ම දාන්නපුලුවන්.Description එකේ දාන්න පුලුවන් අපේ Team එකක් ඉන්නවා ඒක නිසා කාර්යක්ෂමව ඕනම වැඩක් නිම කරන්න අපිට පුලුවන් කියලා.ඒ කියන්නේ එකම Profile එකකින් Logo,Banner,Web Designing Programming වගේ දේවල් දැම්මාට අවුලක් නැහැ.ඔබට එම වැඩ නිම කරන්න පුලුවන් පිරිසක් එකතු කර ගන්න පුලුවන්නම්.මේ වැඩේ පටන් ගන්නේ මෙහෙමයි.මුලින් ඔයාලගේ පැත්තේ ඔය ටයිප් සෙටිංග්ස් වැඩ කරලා දෙන තැනකට ගිහින් ඒ වගේ තැනක ඉන්න දෙතුන් දෙනෙක් සෙට් කර ගන්න.ඊට පස්සේ වැඩේ නැගලා යනකොට පත්තරේ දැන්වීමක් දාලා මේ වැඩේ සුපිරියට කර ගන්නපුලුවන්.එතනදී දක්ෂම පිරිසක් එකතු කර ගන්න ඔබට පුලුවන්.මෙතනදී ඔබට ඇති ප්‍රධානතම වාසියකි.එය නම් ඔබට පුලුවන් Odesk,Freelancers වැනි අඩවි වල ඔය $50-100 ආදී ගණන් වලට වැඩ තියෙනවානේ.ඒවා ලබාගෙන ඒවත් මේ වගේ අය හරහ නිම කර ගන්න පුලුවන්.එතනදී එයාලට රු350ක් දෙන්න එපා.හෘද සාක්ෂියට එකගව එම වැඩේ වෙනුවෙන් ඔබට ලැබුණු මුදලෙන් සාධාරණ මුදලක් ගෙවන්න ඔබ තීරණය කරන්න.
 






ගොඩ්ක් අය මට කියන දෙයක් තමා ඔන්න මම Fiverr වලට Sign Up වුණා.මුල්ම දවස් දෙක තුනේ Orders ආවා.ඊට පස්සේ කිසිම Order එකක් නැහැ කියලා.මේකට උත්තරක් දෙන්න තමා මේ ලිපිය ලියන්නේ. 
අපි Fiverr වලට Register වෙලා කුමණ ආකාරයක Gig එකක් දැම්මත් ඒකට පලමු දවස් දෙක තුනේ Order දෙක තුනක් එනවාම තමා.ඒක කවුරුත් දන්න දෙයක්.නමුත් ප්‍රශ්නය ගොඩක් අයට ඊට පස්සේOrder එන්නේ නැති එක තමා.මේකට හේතුව මම කියලා දෙන්නම්.මම මේක අත්දැකීමෙන් දන්න දෙයක්.අපිට Fiverr වල නීති රීති වලට අනුව අපේ Buyerව බාහිර සන්නිවේදන ක්‍රමයකින් සම්බන්ධ කර ගන්න බැහැ.ඒ කියන්නේ Skype,Facebook,email etc.. හරහා Contact කර ගන්න බැහැ.අපි පලමු දවස් වලම මේ Term ටික කඩ කළාම බඩු බනිස් තමා.මම අත්දැකීමෙන් කියන්නේ අපි පලමුව Fiverr වලටSign Up වුණාම අපිට මුලින්ම ලැබෙන Order ලබා දෙන්නේ Fiverr එකේ කාර්ය මණ්ඩලයේ එවුන්ම තමා.ඒ වගේම ඊට අමතරව උන් එක එක Message එවනවා.ඒවායින් උන් බලන්නේ අපි මොන වගේ පොරක්ද කියලා හොයලා බලන එක.ඊට පස්සේ අපි ඒ දවස් වලම උන්ට අපේ Skype id,Facebook profile url,email contact.... ලබා දුන්නාම අපිට කෙල වෙනවා.උන් අපේ Gig , Search Result එකෙන් අයින් කරනවා හෝ යටටම දානවා.අපි ගැන නිතරම හොයනවා.ඊට පස්සේ වෙන්නේ අපිට Gig එන්නේ නැති වෙන එක තමා.මේක හරියට Fiverr වලින් සමු ගැනීමක් වගේ තමා.ඒක නිසා කවදාවත් මේ වැ‍රැද්ද කරන්න එපා.මේ ටික ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපි Fiverr වල Register වුණු මුල් දවස් වල විතරයි.ඒක නිසා අපි Fiverr වල Register වුණු මුල් දවස් වල buyer කෙනෙක් අපේ Email or Skype IDඉල්ලුවොත් ඌට Message එකක් දාන්න, Fiverr වලින් හැර වෙනත් මාධ්‍ය වලින් Contact කිරීම වරදක් කියලා ඌට තේරෙන සහ ඔයාලට තේරෙන විදියකට කියලා Fiverr වලට Butter පාරකුත් ගාලාMessage එකක් දාන්න.

Pending Review වලින් ඔබේ GIG එක බේරා ගැනීම.
ගොඩක් අයට තියෙන තවත් ගැටලුවක් තමා බොහෝම අමාරුවෙන් දාන Gig එක Pending Review වලට වැටීම.සාමාන්‍යයෙන් Pending Review වලට වැ‍ටුණා කියන්නේ ඒ Gig එක ගැන තියෙන අදහස අත්හැර ගත්තා නම් හොදයි කියන අදහස වගේ තමා.මොකද Pending Review වලට වැටෙන Gig වලින් Active වෙන්නේ 10%ක් විතර තමා.මේ Pending Review වැටෙන්න ඔබේ Gig එකේ Descriptionඑකේ වැරදි වචන භාවිතා වුණාම තමා.මෙසේ වැරදි වචන මේවා යැයි නිශ්විතවම කියන්න බැහැ.එහෙත් මම දන්න දෙයක් තමා තමා ඔය "Email" කියන වචනය යෙදුව ගමන් ඕක වෙනවා.ඒක නිසා ඔය Email list විකුණන්න යනකොට කෙල වෙන්නේ ඒක නිසයි.විශේෂයෙන් ඔය Online Marketing Gig දාන්න ගියාම තමා Pending Review එන්නේ.ඒක නිසා සෑම විටම Gig එකක් දාලා ඒක වැරදිලාවත් Declineවුණොත් කරන්න ඕන Fiverr එකේ Search කරනවා ඒ ජාතියේම Gig එකක්.ඊට පස්සේ Gig ඒකේ තියෙන Description එක සහ Tags බලලා ඊට සමාන දේවල් දැම්මාම හරි.ඉතිං මේ විදියට තමා Pending Review වලින් Gig බේරෙන්නේ.

Orders වැඩිකර ගන්නේ කොහොමද?
මේකට භාවිතා කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා.ප්‍රධානම ක්‍රමය තමා YouTube වලට Video එකක් upload කරන එක.ඔබ කරන වැඩේට අදාල තොරතුරු සහ ඔබ වැඩේ කරන ආකාරය ගැන සදහන් කරලා එය පැහැදිලි වන ආකාරයට Video එකක් සකස් කරලා ඒක YouTube වලට Upload කරන එක තමා හොදම ක්‍රමය.ඊට පස්සේ ඔබේ Video වල Gig එකට අදාල _ _ එක එම එකේ එක ලෙස දාන්නපුලුවන්.ඊලගට ඔබ මේ Video එකට පට්ට Tittle එකක් දාන්න ඕන.උදාහරණයකට ඔබ Facebook likes 500ක් දෙනවා කියමු.එතකොට මේකට ඔබ Video එකක් සකස් කළා කියමු.එම Video එක නම් ගම් කිහිපයකින් Upload කරන්න.ඒ කියන්නේ එකම Video එකට Tittle කිහිපයක් යොදන්න.
Eg:
1.      How to get 500 Facebook Likes in 24 Hours ?
2.      Facebook Auto Like Software.
3.      Facebook like generator.
4.      I will give you 500 Facebook likes in 24 Hours for $5
5.      How to get more Facebook likes ?
එතකොට Google හරහා ලොකු Views ගානක් ලබා ගන්නත් ඒ හරහා Orders ලබා ගන්නත් පුලුවන්.මම හිතන්නේ නැහැ Facebook වලින් එච්චර ලොකු Order ප්‍රමාණයක් ලබා ගන්න පුලුවන් වේවී කියලා.මොකද අපේ Profile වල ඉන්නේ ලංකාවේ උන්.මුන්ට කිසිම වුවමනාවක් නැහැනේ මේ Gig මිලදී ගන්න.ඒක නිසා සුද්දෝ Facebook වල add කර ගෙන ගේම් දෙන්න අපේ අය යන එකක් නැහැ.ඒක නිසා මම දකින ආකාරයට YouTube පට්ට ආකාරයට යොදා ගන්න පුලුවන් Fiverr වල Orders ගන්න.
ඔයාලට Fiverr Account එකකින් Gig 20ක් දාන්න පුලුවන්නේ.ඒක නිසා මෙන්න මේ ක්‍රමයත් අනුගමනය කරලා බලන්න.එකම Gig එක දෙපාරක් හෝ තුන් පාරක් දානවා ඔබේ Fiverr Accountඑකෙන්ම.මේකත් Orders වැඩි කර ගන්න කරන්න පුලුවන් වැඩක්.උදාහරණයකට ඔබම තරගයක් ඇති කරලා ඔබම ජයග්‍රහණය කිරීමක් තමා කරන්නේ.ඒ වගේම සමහරුන්ගේ Gig වල Express කෑල්ල අයින් උනාම ඉතිං ආයේ හිත හිත ඉන්න දෙයක් නැහැ.ඒ Gig එක තියෙද්දිම ඒ Gig එක නැවත වරක් අලුතින් දාන්න.එතකොට වැඩේ හරිනේ.මේක දැන් ගොඩක් අය භාවිතා කරනවා.මමත් මේක භාවිතා කළා.වැඩේ සාර්ථකයි.
ඊලගට ඔබ වැඩිපුර  වැඩ කරලා දෙන්න යන්න එපා.උදාහරණයකට Facebook likes 500ක් දෙනවා කිව්වාම ඒක කරන්න පුලුවන් වැඩක් කියලා සුද්දෝ දන්නවා.ඒක නිසා ඒකට උන් Orders දෙනවා.එහෙත්Facebook Likes 5000ක් දෙනවා කිව්වම ඒක ටිකක් කරන්න අමාරු වැඩක් නිසාත් ඒකේ හොරයක් ඇතැයි සිතන නිසාත් උන් Order දෙන්නේ නැහැ.ඒක නිසා වැඩිපුර සෙල්ලම් දාන්න යන්න එපා.

එතකොට කිසිම විටෙකත් ඔබේ පරිගණකයෙන් හැර වෙනත් පරිගණකයකින් ඔබේ Fiverr Account එකට Log වෙන්න එපා.දැන් Fiverr වල Terms වලට අනුව අපිට Fiverr Accounts 02ක් භාවිතා කරන්න බැහැ.ගොඩක් අය Internet Cafe වලින් එහෙම Log වෙන්න ගිහින් Fiverr වලින් Account එක Block කරන අවස්ථා තියෙනවා.ඒ වගේම සමහරු Office එකේ කොම්පීතරෙන් Log වෙන්න ගිහින් කෙල කර ගත්ත අවස්ථා තියෙනවා.ඒක නිසා ඔබේ Fiverr Account එකට Log වෙන කොට ඒ ගැන වැඩි අවදානයක් යොමු කරන්න.


Facebook Likes,Twitter Followers 
ගන්න මෙන්න පහසු ක්‍රමයක්.
ගොඩක් අය Facebook Likes,Twitter Followers එහෙම ගන්න ආසයිනේ.ඒ වගේම වුවමනාව තියෙන අය ඉන්නවානේ.අද මම ඔයාලාට Facebook Likes,Twitter Followers Exchange කරන වෙබ් අඩවි වල List එකක් දෙනවා.මේ ඔක්කොම වෙබ් අඩවි Alexa වර්ගීකරණය අනුව ලෝකයේ පලමු 5000 ඇතුලත ඉන්නවා.ඒක නිසා විශ්වාසවන්තයි.ඔයාලට කරන්න තියෙන්නේ මේවායේ Register වෙලා Logවෙන්න.ඊට පස්සේ මේවායේ අර Bux Sites වල වගේ System එකක් තමා ක්‍රියාත්මක වන්නේ.ඒ කියන්නේ අපි Facebook Likes,Twitter Followers දුන්නාම අපිට Coins or Points ලැබෙනවා.හැබැයි මේCoins Vice City,Need For Speed වල Coins වගේ තමා.අපිට අතට ගන්න බැහැ.එහෙත් ඒවා වියදම් කරලා අපිට Facebook Likes,Twitter Followers ගන්න පුලුවන්.ඉතිං මේ වෙබ් අඩවි List එක වැදගත්වේවී කියලා හිතනවා.

1.      http://addmefast.com/
3.      http://freefans.co.uk/
9.      http://www.likeub.me

0 comments:

Post a Comment

 
Copyright © sambavana.com