Thursday 2 January 2014

Freelancer.com ගැන වැඩිදුර යමක් 02+ Adsense Custom Search Engine + VPS

Freelancer.com ගැන වැඩිදුර යමක් 02+ Adsense Custom Search Engine + VPS

පසුගිය ලිපියෙන් පස්සේ එක එක ජාතියේ ප්‍රශ්න ආවා.ඒ කියන්නේ ගොඩක් අය මේ ලිපි කියවලා ඒකෙන් සාරවත් දෙයක් ගන්නේ නැහැ.අමු පිස්සු කෙලින්නේ.ඒක නිසා කට ඇරලා දෙයක් කියන්නත් බැහැ.ඒ තරමට ජොලි මෝල්ලු ඉන්නේ.මොකද මේ ඉන්න ඔක්කොම ප්‍රශ්න අද විසදනවා.ඒ වගේම ගොඩක් අයට Freelancer.com ගැන ප්‍රශ්න මතු වෙලා තියෙනවා.ඒ ගැන ලොකු විවරණයක් කරන්නම් මේ ලිපියෙන්.

දැන් ගොඩක් අය Freelacner.com වල Sign Up වෙලා ඇතිනේ.එහෙම Sing UP වුණේ නැත්නම් මෙතනින් ගිහින් Sign UP වෙන්න.ඊට පස්සේ නම ගම පුරවලා ඔබට පුලුවන් Skill දෙක තුනක් දාන්න.ඊට පස්සේ Profile එක 43%  Complete වෙයි.එච්චරයි මගේ Profile Complete වෙලා තියෙන්නේ.ඒක ප්‍රමාණවත්.ඊ ළගට මේකේ ක්‍රියාකාරීත්වය ගැන කථා කරමු.මොකද මේකේ ක්‍රියාකාරීත්වය තේරුම් ගත්තා නම් ගොඩක් වැඩ කරනන් පුලුවන්.

පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

Freelancer වලට ලොග් වුණාම ඉහත ආකාරයට දිස්වෙනවා ඇතිනේ.එහි ඉහලින්ම XP ලෙස සටහන් කර කොල පැහැති පොඩි තීරුවක් ඇති.එය ළගට මවුස් පොයින්ටරය ‍රැගෙන ගියාම View My Rewards ලෙස ලින්ක් එකක් තියෙනවා.ඒය ක්ලික් කළාම ඉහත රූප සටහන දිස්වේවී.

මෙහි XP ලෙස සටහන් වන්නේ Freelancer.com වෙතින් ලබා දෙන Points ය.මෙහි මෙම XP අනුව ඔබට මිලියන 07ක් වන Freelancer.com ලාගෙන් මිලියන 5කට අධික Freelancerලා අතරි ඔබව ශ්‍රේණිගත කරනු ඇත.එසේම මෙම XP ලබා ගැනීම තුලින් ඔබට ඉදිරි Level වෙත යා හැක.මෙම රූප සටහනට අනුව දැනට මා Lever 12 වල සිටින බවත් Credit 806ක් තිබෙන බවත් ඔබට පෙනෙනු ඇත.



පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

ඉහත රූප සටහන දෙස බලන්න.
A - මෙහි සටහන් වන්නේ ඉදිරි Leverl එකට යාමට ලබා ගත යුතු XP ගණනයි.
B - දැනට සිටින Level එකේ ලබා ගෙන ඇති XP ගණනයි.
C - මෙතෙක් කල ලබා ගෙන ඇති මුළු XP ගණනයි.
D - මෙතෙක් කල් ලබාගෙන ඇති XP ගණන අනුව දෙන ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථානය.

XP ලබා ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජයනය නම් ඉදිරි Level වලට යාමට හැකි වීමයි.ඉදිරි Level වලට යාමෙන් ලැබෙන ප්‍රයෝජන ‍රැසකි.අපි Freelacner වෙත Sign UP වෙන කොට Free Membership එක යටතේනේ Sign UP වුණේ.Free Membership එකේ මසකට ලැබෙන්නේ Bid 10කි.මෙසේ ලැබෙන Bid එකක් භාවිතා කළ පසු එය නැවත පිරිමට පැය 72ක් ගත වෙනවා.ඒ කියන්නේ දවස් තුනක්.ඒ අනුව මසකට ලැබෙන්නේ Bid 10ක් බව පැහැදිලි වනු ඇත.

එහෙත් අපි ඉදිරි Level වලට යනකොට අපිට අමතර Bid ලැබෙන අතර අපේ Profile එකට අමතර Skills එකතු කිරීමටත් Bid එකක් Refresh වීමට ගත වන කාලය අඩු වීමත් සිදුවේ.ඒ කියන්නේ පැය 72 එන්න එනනම් අඩු වීමයි.ඒ අනුව Level 10 වගේ ආවාම මසකට Bid 15  විතර ලැබෙනවා.

XP ලැබෙන ආකාරය..............

1.Payment Method එක Verify කරන්න.XP 400 ලැබෙනවා.කිසිදු මුදලක් වැය වන්නේ නැත,
2.Project Bid කිරීමකදී XP 1ක් ලැබේ.
3.සමහර Project වලට Bid කිරීමේදී අමතර XP ලැබේ.ඒ බව Job එක දිහා බැලීමේන් දැකිය හැක.(පහත රූපය බලන්න.අමතර XP 27 ලැබේ,)
4.ඔබට ජොබ් එකක් Award කළ විට.
5.ඔබ ජොබ් එකක් Finish කළ විට.
6.ඔබට Milestone Payment එකක් සැකසූ විට.
7.ඔබ Milestone Payment එකක් ඉල්ලූ විට.
8.ඔබට Review එකක් ලැබුණු විට.
9.ඔබ Client හට Review එකක් දැම්ම විට.
10.ඔබ Exam එකක් සමත් වූ විට.
මේ ප්‍රධාන ටික.මීට අමතරව තව ගොඩක් ක්‍රම තියෙනවා.

Freelancer වල ගොඩක් අය Bid කළාට ජොබ් ලැබෙන්නේ නැහැලු.ඒකට බලපාන හේතු ගොඩක් තියෙනවා.එහෙනම් කොහොමද ජොබ් එකක් ගන්නේ.?

1.දැන් අලුතින්ම ඔබ Freelancer වෙත ගියාම ජොබ් එක දාන එකා ඔබ ගැන දන්නේ නැහැ.ඒ අතර කලින් වැඩ සුපිරියට කරලා Review තියෙන එවුන් ඉන්නවා.ඒක නිසා උන්ට තමා ජොබ් එක යන්නේ.මේක තමා සිදුවන්නේ.එහෙත් ඔබ Bid කරන විට මෙන්න මේ වගේ කථාවක් ලියලා යවන්න.මම Freelancer වලට අලුත් වුණාට මේ ක්ෂේත්‍රයට(ඔබ Bid කරන ජොබ් එක)අලුත් කෙනෙක් නෙමේ.මම කලින් මෙහෙන මෙහෙම කරලා තියෙනවා.අරම කරලා තියෙනවා.අරකයි මේකයි.ඔන්න ඔය ටික කියලා අන්තිමේට කලින් කරපු වැඩ වල Proofs / Screenshots වගයක් යවන්න.

2.Bid කරන කොට දාන Price එකත් වැදගත් වෙනවා.හිතන්න 468X60 Banerr එකක් Design කරන්න තියෙන්නේ කියල.ඔබ $30 දැම්මොත් සමහර විට ඔබට ලැබෙන්නේ නැති වෙන්න පුලුවන්,$600 දාන එකාට ඒක දෙන්න පුලුවන්.එසේම ඔබ $600 දැම්මොත් $30 දාන එකාට දෙන්න පුලුවන්.එහෙනම් මොන ගානද දාන්නේ ? ඒක තීරණය කරන්නෙ මෙහෙමයි.ජොබ් එක දාන එකාට Review නැත්නම් ඒ කියන්නේ පොර අලුත් නම් අඩු මුදලක් දාන්න.ජොබ් එක දාන එකා පරණ පොරක් නම් Review ගොඩක් තියෙනවා නම් කරන්න ඕන Review ටික පරීක්ෂා කරලා මූ ජොබ් වලට වැඩියෙන් ගෙවන එකෙක්ද අඩුවෙන් ගෙවන එකෙක්ද කියලා තීරණය කරලා Bid කරන එකයි.

3.මේකේ Manners කියලා දෙයක් තියෙනවා.ඒක නිසා සෑම විටම හොද ආමන්ත්‍රණයක් දාන්න.ඊට පස්සේ Bid කරන්න.Bid කළාට පස්සේ Message යව යව කරදර කරන්න එපා.

4.දැන් තමයි වැදගත්ම එක.Freelancer වෙතින් මාසයකට Basic Membership එක නොමිලේ දෙනවා.ඒක ලබා ගන්න ලින්ක් එකක් දාන්න නම් දන්නේ නැහැ.Freelacner වල ඉන්න කොට එහෙට මෙහෙට යනකොට  සැරින් සැරේ වැටෙනවා Upgrade Basic Membership For 1 Month කියලා.ඒක Clcik කරන්න.එවිට මාසයකට ඔබට Basic Membership එක ලැබෙනවා.මෙයින් Bid 50 මසකට ලැබෙන අතර Bid Refresh Rate එක පැය 12.ඒ කියන්නේ දවසකට Bid 2 එකතු වෙනවා.ඒ අනුව ඔබට මාසයක් ඇතුලට Bid 120ක් විතර ලැබෙනවා.ඉතිං කරන්න ඕන මේ Bid 120 උපරිම ප්‍රයෝජනවත් වෙන විදියට වැය කරන එක.මේ Bid 120න් ඔබට ජොබ් 5ක් විතර ලබා ගන්න පුලුවන් වුණොත් ගොඩ.ඊට පස්සේ Free Membership එකට උනත් මාරු වුණාට කමක් නැහැ.නැතිනම් Basic Membership එකට මසකට $4.95 ක් කැපෙනවා.ඒක සාමාන්‍ය ගණනක්.ඔබට ජොබ් 5ක් කර ගෙන Review 5ක් දාගත්තොත් ඔබට පහසුවෙන් ඉදිරියේදී ජොබ් ලබා ගන්න පුලුවන් වේවී.

දැන් මේ ලිපිය කියවලා කුලු හරක් වගේ Bid කරන්න යන්න එපා.මොකද මේ ලිපියෙන් පස්සේ 100ක් 200ක් Freelancer වලට ගිහින් Bid කරන කොට නිකරුණේ තරගයක් ඇති වෙලා ඒක විනාශ වීමක් වෙන්නේ.කිහිප දෙනෙක් මට කිව්වා මේ ලිපිය දාන්න එපා කියලා.එහෙත් දැම්මේ යහපත පිණිසයි.ඒක නිසා හොදම දෙය තමා මේ ලිපිය කියවලා අදහස් මොල වලට දාගෙන මාසයක් දෙකක් ඉදලා කස්ටියට මේක අමතක වුණාම එසේම හදිස්සි කුලප්පු පොරවල් මේක හරියන්නේ නැහැ කියලා අයින් වුණාම ශේප් එකේ වැඩේ කරන එකයි.නැතිනම් කිසිදු ඵලක් නැතිව යනවා.දැන් ගොඩක් අය Fiverr වල වැඩ කරනවා.ඒකත් මුලින් බැහැ කිය කියා හිටපු එවුනුත් වැඩ කරනවා.ඒ වගේ තමා මගේ පැතුම Freelancer වලටත් ඔබව ගෙන යාමයි.

මේ තියෙන්නේ මේ මාසයේ දැනට මගේ Freelancer වලින් එලියට ගත්තු මුදල් වල Screenshots.

පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

ඉහත රූප සටහන් හුදෙක් දිරි ගැන්වීමක් කෙරෙහි පමණක් ප්‍රදර්ශනය කළෙමි.

Google Adsense Custom Search Engine...............

මතක ඇතිනේ මම අර Custom Search Engine එකක් ගැන කිව්වා.ඒක ලිව්වාට පස්සේ ගොඩක් අයට පිස්සු හැදිලා.මම දන්නේ නැහැ ඇයි කියලා.ඒක අමතක කරලා දාන්න.ඒක එච්චර හරියන්නේ නැහැ දැන්.කාට හරි Custom Search Engine එකක් ඕන නම් ඇඩ්සෙන්ස් වලට ගෙවලා ගන්න පුලුවන්.$100 වෙනවා.මොනවා සර්ච් කළත් අහුවෙන්නේ ඇඩ්සෙන්ස් ඇඩ් විතරමයි.

VPS....................

මම කිව්වානේ ඊමේල් මාර්කටින් ගැන.එතනදී කිව්වා VPS ගැන.එහෙත් මම දන්නේ නැහැ ඒවා හරියට හදන්න.එහෙත් ඒකේ සැබෑම දේ මම කිව්වා.මේ දවස් වල මට VPS එකක් තියෙනවා.හොදට Email Send වෙන්වා.එහෙත් අවුලකට තියෙන්නේ මම අර ලිපිය ලිව්ව දවසට පස්සේ දවසේ ඉදන් එක එක අය VPS අරන් පිස්සු කෙලිනවා.කොහොමද අපි ලිපියක් ලියන්නේ.?ලිපිය ලිවීමේ අරමුණ ඔබේ මුදල් විනාශ කිරීම නොව ඔබට මුදලක් උපයා දීමයි.එක නිසා පිස්සු කෙලින්න එපා.මම වෙලාවට DPS ගැන කිව්වේ නැහැ.නැතිනම් ඩොලර් හාරසියක් පන්සීයක් දීලා ඒවත් ගන්න තිබ්බා.ජොලි මෝල්ලු වෙන්න එපා.මම කියන්නම් මේ මොකක් ද කරන්න ඕන කියලා.

දැනට ලෝකේ තියෙන හොදම SMTP Server තමා Gmail,Yahoo,Aol,Hotmail.MSN,Live කියන්නේ.මේවාට දවසකට Email බිලියන ගානක් යවන්න පුලුවන්.එහෙත් ඒවා භාවිතා කරන පිරිස වැඩි නිසා ලිමිට් කරලා තියෙන්නේ.එහෙත් අපිට පුලුවන් අපේම කියලා SMTP එකක් ගන්න.දවසකට Send කරන්න පුලුවන් Email ගණන තීරණය වන්නේ Server එකේ Power එක මත.ඒක නිකන් Server එකක් කරලා හරි යන්නේ නැහැ.ඒක SMTP Server එකක් කරන්න ඕන.ඒකට Server එක සපයන කෙනාට කියලා DNS හදා ගන්න ඕන.පලමුව ඩොමේන් එකක් ගන්න.ඊට පස්සේ SMTP Install කරලා දෙන කෙනෙක් හොයාගන්න.ඊට පස්සේ ඩොමේන් එක Server එකේ IP එකට සකසා ගන්න ඕන.ඒකට එකක් සකසා ගන්න ඕන,ඒකට Server Providerට තමයි කරන්න පුලුවන්.ඊට පස්සේ DNS Hosting එකක් භාවිතා කරලා SPF හා DKIM හදන්න ඕන.ඉතිං මේ කිව්වේ සරල දෙයක්.ඊට පස්සේ Outlook Express වලට වුණත් සෙට් කරගෙන Email යවන්න පුලුවන්.නැත්නම් එම Server එකටම Email Send කරන Software එකක් ඉන්ස්ටෝල් කර ගන්න ඕන.එතකොට හරි.මේ කිව්ව දේ කියවලා මොලේට දාගන්න.වැඩි වැඩ කරන්න යන්න එපා.මුදල් ගෙවන්න යන්න එපා.Server ගන්න යන්න එපා.මම ඉස්සරහට මේ සියලු කටයුතු කරලා දෙන්නම්.මෝඩයෙක් වෙන්න එපා.පොල් බූරුවෙක් වෙන්න එපා.ජොලි මෝලෙක් වෙන්න එපා.

ඉතිං මේ ලිපිය වැදගත් වේවී යැයි සිතනවා.විශේෂයෙන් යමක් කියන්න තියෙනවා.ඒක තමා මේ ලිපිය තමා අවසාන ලිපිය.ආයේ 2015 අගෝස්තු හමු වෙමු.ඒක අහලා Server ( VPS or DPS ) ගන්න යන්න එපා.ඒ ගැන එක ලිපියක් තව මාස 02කින් විතර දාන්නම්.එච්චරයි කියන්න තියෙන්නේ.මගේ හිතේ අදහසක් තිබ්බා බ්ලොග් එකේ Guest Post ලියන්න අවස්ථාව දෙන්න.එහෙත් ඒකට ඉල්ලන හැමෝගෙම හිතේ තියෙන්නේ එක එක කුහක අදහස්.ඒක නිසා කාට වත් මේකේ ලියන්න බැහැ.එසේම මෙතෙක් කල විමසුම්බ්ලොග් ලෙස මා ගොඩනගා ගත් ඒ නාමය චාටර් කර ගන්න මට ඕන නැහැ.එසේම හැමදාම ඔබ වෙනුවෙන් යමක් මම දුන්නා.ගොඩක් අය හිතයි මම මෙහෙම කිව්වාට ආයේ ලියයි කියලා.එහෙත් මම ආයේ ලියන්නේ නැහැ.ගොඩක් අය මගෙන් ඇහුවා මම O/L කාලෙත් ලියන්නේ නැහැ කියලා ආයේ ලිව්වා.එසේම මම දවසට පැය 6 -8 Online හිටියා.එහෙත් මම සතයක්වත් හෙව්වේ නැහැ.එහෙනම් මම මොනාද කළේ කියලා.මම ඒ දවස් වල කළේ අත්තාධිපත්‍යයට යටත් වීමයි.මම මටම වාරන දාගෙන යටත් වෙලා හිටියා.මම ඉතා ආස කරපු අඩවියක් තමා ගොස්පි9 කියන්නේ.මම නිතරම එහි ලිපි ලිව්වා.එහෙත් අද එම අඩවිය නැති වෙලා.හිතට දුකයි ඇයි එහෙම කළේ කියලා.ගොසිප්9 ගැන කවුරුත් කථා කළේ නැහැ.ගොසිප්9 යනු විමසුම්බ්ලොග් වගේ දෙතුන් සීයක් බලන අඩවියක් නොවේ.එය වට මිලියන ගණනක් ජනතාව සිටියා.එහෙත් ඒය බේරා ගන්න බැරි වුණා.එහෙනම් විමසුම්බ්ලොග් ගැන මොන කථාද?කොව්වර අපි ඉන්නවා කිව්වත් ඔය කවුරුත් කෙල වුණාම එන්නේ නැහැ.ඒක නිසා මගේ වැඩ මමම කර ගන්න ඕන.එහෙනම් මම යනවා.

0 comments:

Post a Comment

 
Copyright © sambavana.com