Friday 10 January 2014

oDesk මගින් මුදල් උපයන හැටි |1


oDesk මගින් මුදල් උපයන හැටි |1


The On Demand Global Workforce - oDesk

මෙය කොටස් දෙකකින් පල කරන්නයි සූදානම. අද සර්ව සම්පූර්නව එකවුන්ට් එකක් හදන හැටි කියලා දෙන්නම්. ජොබ් වලට ඉල්ලුම් කරන හැටි තව පොස්ට් එකකින් කියලා දෙන්නම්.

අවශ්‍ය දේවල්:
  • oDesk ගිනුමක්
  • PayPal ගිනුමක්
  • තරමක් දුරට හොද ඉංග්‍රීසි දැනුමක්
  • සතියකට පැය 15ක් වැයකිරීමේ හැකියාව
  • උනන්දුවඋත්සාහය හා කපටිකම
පියවර 1
  • oDesk ගිනුමක් http://www.odesk.com වෙත පිවිස සැදීම
  • එහිදී  Sign up as:Freelance Contractor යන්න තොරන්න
  • ඉන්පසු ඔබගේ සත්‍ය නම්ගම් හා අනෙකුත් විස්තර ඇතුලත් කරන්න
පියවර 2
  • https://www.odesk.com/account.php වෙත පිවිසෙන්නසියලු තොරතුරු නිවරදිව ඇතුලත්වී ඇත්දැයි සැකහැර දැනගන්න.
  • http://www.odesk.com/d/profile.php වෙත පිවිසෙන්න; My Account Summary යන්න පහත ලෙස පුරවන්න
Title: #1 Professional worker (ඔබට මීට වඩා හොදඅර්ථවත් හැදින්වීමක් ඇතුලත්කල හැකියි)
Portrait: Upload portrait (ඔබේ සත්‍යවැදගත් පෙනුමින් ඇති ජායාරූපයක් ඇතුලු කරන්න)
Personal Email: 123blabla@gmail.com  (ඔබේ ඊමේල් ලිපිනය ඇතුලු කරන්න)
Hourly Pay Rate: $4.50
Hourly Bill Rate: $5.00
oDesk Ready : Yes** (මෙහිදී ඔබ මේ විභාගය අනිවාර්යයෙන් සමත් විය යුතුය)
Profile completeness: (මෙය 40%ට පමන වැඩි වන තුරු ඔබේ තොරතුරු ඇතුලු කරන්න)
Job Application Quota: (සාමාන්‍යයෙන් 10ක් ඇත)

** oDesk Ready මෙහිදී ඔබ මේ විභාගය අනිවාර්යයෙන් සමත් විය යුතුය. නැතහොත් ඔබට කිසිදු ‍රැකියාවක් කිරීමට නොහැකි වනු ඇත. ඔබේ එකෙහි NO යන්න ඇත. ඔබ කල යුත්තේ එහි ඇති ලින්ක් එක භාවිතා කර විභාගය ලබාගැනීමයි. ඔබේ පහසුව පිනිස පිලිතුරු මා විසින් ලබාදෙන්නෙමි. මේ ලින්ක් එකෙන් ලැබෙන පේජයත්ඔඩෙස්ක් පෙපර් එකත් සසදමින් විභාගය පාස් වීම ඔබගේ ප්‍රධානම ක්‍රියාවයි.
Profile Access: Public
Display Name: Full Name
Primary Role: Data Entry Professional
Title: #1 Professional worker (ඔබට මීට වඩා හොදඅර්ථවත් හැදින්වීමක් ඇතුලත්කල හැකියි)
Weekly Availability: 15 of 15 hrs
oDesk Ready : Yes
Years of Experience: 3
English: 4 stars (5ක් නොදා 4ක් දමනුයේ ඔබෙ පසු කාලීන යහපත සදහායි. එහෙත් ඔබ ඉංග්‍රීසි විශයට අති දක්ශනම් පමනක් 5 යොදන්න)
Objective: {blank}
  • ඔබ කැමතිනම් http://www.odesk.com/d/profile.php හි ඇති අනෙකුත් තොරතුරුද පුරවන්න.(එහෙත් මෙය අවශ්‍යම නොවේ)
  • https://www.odesk.com/payments.php වෙත පිවිස ඔබේ PayPal ගිනුම ඇතුලත් කරන්න;

Payoneer Debit Card යන්නෙහි රෙජිස්ටර් වීම මගින් නොමිලේ oDesk හරහා Payoneer Debit කාඩ් එකක් ගෙදරටම ගෙන්වාගත හැකියි. එහෙත් එය අවශ්‍යම නොවේ. PayPal ගිනුම හොදටම ප්‍රමානවත්ය.


දැන් ඔබ සතියකට දහස් ගනනින් උපයන්න සූදානම් වන්න.

oDesk මගින් මුදල් උපයන හැටි | 2


The On Demand Global Workforce - oDesk

මුල් පොස්ට් එකේ කියලා දුන්නා සම්පුර්නව  එකවුන්ට් එකක් හදන හැටි. මේ පොස්ට් එකෙන් කියලා දෙනවා ජොබ් එකකට ඉල්ලුම් කරන ආකාරයතවත් පොස්ට් එකකින් ලෙහෙසියෙන් පහසුවෙන් කල හැකි ජොබ් සහ ලංකාවේ අපිට පහසුවෙන් ලබාගත හැකි ජොබ් ගැන දෙන්නයි බලාපොරොත්තුව.

ජොබ් එකකට ඉල්ලුම් කරන ආකාරය

අවශ්‍ය දේවල්:
තරමක් දුරට හොද ඉංග්‍රීසි දැනුමක් පමනයි

පියවර 1

http://www.odesk.com/jobs/?g=&clear_button=1 වෙත පිවිසෙන්න. ඔබේ දක්ශතා අනුව keyword එකක් ඇතුලත් කර Search කරන්න.
උදාහරන:
Word, Excel, Access, PowerPoint, HTML, Flash, Programming, Graphic Design

පියවර 2

මම Graphic Design කියලා Search කරනවාමට ආපු රිසල්ට් එකේ එක බලන්න.
oDesk හි ‍රැකියා ලබාදෙන ක්‍රම දෙකක් තියෙනවා.
  1. වැඩ කරන පැය ගණනට ගෙවීම. (ලානිල් පැහැයෙන් සලකුනු කර ඇත)
  2. සම්පූර්ණ කොන්ත්‍රාත්තුව සදහාම මුදලක් ගෙවීම. (රතු පැහැයෙන් සලකුනු කර ඇත)
කොහොමහරි කමක් නෑ අපේ අතට සල්ලි ලැබෙනවානම්.
මෙහෙම දෙයක් තියෙනවා. oDesk මගින් කරන්නේ කොන්ත්‍රාත්කරුවා සහ සේවකයා සම්බන්ද කිරීමක් පමනයි. මුදල් ගෙවීම් පිලිබද අපට කොන්ත්‍රාත්කරුවාව විස්වාස කරන්න වෙනවා. කොහොමත් කවුරුත් හොර බොරු කරන්නේ නෑ. ගානක් පොරොන්දු වුනොත් ඒක අනිවාර්යෙන් ගෙවනවා.

ඊට පස්සේ එන Search  රිසල්ට් එක හොදට කියවලා ඔබට අනිවාර්යෙන් නිම කිරීමට හැකිකොන්ත්‍රාත්කරුවා කිරීමට කියලා තියෙන දේ හොදට තේරෙන ජොබ්  එක ‍තෝරලා ඒක අයිනේ ඇති Apply බොත්තම ඔබන්න.

පියවර3
  • ඔබ තොරා ගත්තේ වැඩ කරන පැය ගණනට ගෙවීම ගෙවීම් කරන ‍රැකියාවක්නම් මෙහෙම පේජයක් ලැබේවි. එය රූපයේ පෙනෙන පරිදි පුරවන්න. 
මිලගනන් දාන්නේ මෙහෙමයි:
*Word, Excel, Access, PowerPoint, Data Entry සදහා $3.6 හෝ $4.5
*Programming, Graphic Design, Flash  දහා $10.8 හෝ $13.5
  • ඔබ තොරා ගත්තේ සම්පූර්ණ කොන්ත්‍රාත්තුව සදහාම මුදල ගෙවීම් කරන ‍රැකියාවක්නම් එයද මෙලෙසපුරවන්න
මිලගනන් දාන්නේ මෙහෙමයි:
search රිසල්ට් එකෙහි (රතු පැහැයෙන් සලකුනු කර ඇත) ඔහු අපට ගෙවන මුදල සදහන්ය. ඔබ මේ සදහන් මුදලෙන් 75% ක මුදලක් ඉල්ලුම් කරන්න. මේ ජොබ් එකේනම් සදහන් මුදලෙන් 75%ක් කියනුයේ$7.5කි.
  • Cover Letter: යන්න ඔබ අනිවාර්යෙන් පිරවිය යුතුයි. මෙන්න මෙතනින් තමා කොන්ත්‍රාත් ලබාදෙන්නාගේ හිත දිනාගන්න ඕනේ. ඔබේ ඉංග්‍රීසි දැනුම ඕනේ වෙන්නේ මෙන්න මෙතනදී තමා
උදාහරන 1

Sir/madam,
Over the last 12 years in my experience, I have developed many different types of 3D animations and digital compositions for commercial spots, institutional purposes, campaings, etc. My work is to become real the people ideas, for that reason, every single project is for me a challenge. I also have some experience in Video Edition, Graphics designs, Image arts andPhomontage. My reel at: http://www.youtube.com/watch?v=QHoeSIPGNIo
Thank You!

උදාහරන 2

Sir/madam,
I take pride in my work and I am not satisfied until my customers are satisfied. I believe communication is the key to a successful working relationship. I am an experienced front end developer with html, xhtmlcssjavascriptajaxphotoshopjquery. I have been a full time corporate employee, a contractor, and a self employed web designer. I am currently learning kohana php framework!
Thank You!

ඔබ මේවා භාවිතාකරන්න එපා. මම මේක ලබාගත්තේ සුද්දෙකුගේ එකවුන්ට් එකකින්ඔබට නොහැකිනම් ඉංග්‍රීසි හොදට දන්නා කෙනෙකුගෙන් අසා දැනගෙන හෝ සිත් ඇදගන්නා සුලු ලිපියක් එකතුකරන්න.
  • ඔබ Word, Excel, Access, PowerPoint සදහා අයදුම් කරන්නේ නම්  Attachment: යන තැනට අනිවාර්යෙන් ඔබේ දක්ශතාව මනාව පිලිබිබු වන පරිදි සාම්පල් එකක් අමුණන්න.
  • හැමදේම සිත් ඇදගන්නා සුලු විදියට කරන්න. ඊට පස්සේ Apply to this Job යන්න ඔබන්න. දැන් වැඩේ සම්පුර්ණයි. මේ විදියට ඔබට ජොබ් 10ක් දක්වා ඉල්ලුම් කරන්න පුලුවන්.
  • මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවානම් කොමෙන්ට් එකක් දාන්න.
මගේ අත්දැකීම් සහ ඔබට ජොබ් එකක් හම්බුනොත් වැඩකරන්න පටන්ගන්න හැටි ගැන හා තවත් ගොඩක් විස්තර තවත් පොස්ට් එකකින් බලාපොරොත්තුවන්න.




oDesk මගින් මුදල් උපයන හැටි | 3


banner_provider_468x60
 
පලමු පෝස්ට් 
එකෙන් අපි ගිනුමක් හැදුවා. දෙවන පෝස්ට් එකෙන් ‍රැකියා සදහා ඉල්ලුම් කලා. මෙන්න එහෙනම් තෙවන පෝස්ට් එක. ලේසි පහසු ‍රැකියා. මේක දෙවනුවට දැම්මානම් හොදයි කියා කෙනෙක් කියාවි. එහෙත් අපි ලබන අත්දැකීම් ගොඩක් වැදගත් වන හින්දයි. පුරුදු වෙන්නත් එක්ක ‍රැකියා ඉල්ලුම් කරන්න ඇරලා මේක තෙවන පෝස්ට් එකෙන්ම දැම්මේ. ඒ වගේම පලමු දෙවන පෝස්ට් වලට ප්‍රතිචාර දක්වා දිරිමත් කල සැමට ස්තූතියි!

අමතර විශේෂ හැකියාවක් අනවශ්‍ය පහසු ‍රැකියා

01. මේකේ කරන්න තියෙන ලේසිම ජොබ් එක capcha ටයිප් කරන එක.
වැඩේ කරන්නේ මෙහෙමයි. අපිව හයර් එකට ගන්න පුද්ගලයා දෙනවා User Name එකක් හා මෘදුකාංගයක්.  ඒකේ නම ttt2 ocrworkerඅපි වෙබ් අඩවියක හෝ ලේසියෙන්ම කීවොත් බක්ස් අඩවියක රෙජිස්ටෙර් වීමෙදී අපට ටයිප් කිරීමට ලබාදෙන capcha  එක මතක ඇති. ඒ වගේ අකුරු ඇදඒ වගේම වචන දෙකකින් සමන්විත වාක්‍යක් අපිට මේ මෘදුකාංගයෙන් ලබාදෙනවා. ඒක ටයිප් කරන්න ඉඩක් පහලින් තියෙනවා. අපිට තියෙන්නේ ඒ ඉඩ තියෙන තැන ඒ වචනේ ටයිප් කරන්න. ටයිප් කරලා Enter ඔබනවා. එතකොට තව වාක්‍යක් ලැබෙනවා. මෙහෙම මෙහෙම දිගටම වාක්‍ය ටයිප් කරන්න ඕනේ.
මුදල් ගෙවන්නේ මෙහෙමයි.
10k කට $60; 1k= නිවරදි ඇතුලත් කිරීම් 1000
මේ ‍රැකියාව ඕනෙනම් Capcha typing, Image to text, jpg to text, Pdf to Word කියලා search කරන්න

02. Copywriting කියන්නේ හොද ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙකුට කරන්න පුලුවන් ‍රැකියාවක්.
මේ ‍රැකියාවේ කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. අපිට ඔවුන් ප්‍රසිද්ධ වෙබ් අඩවියක නමක් ලබාදෙනවා. ඒ කියන්නේ සී-නෙට්සොෆ්ට්-පීඩියාටූ-කව් වගේ වෙබ් අඩවියක්. අපිට කරන්න තියෙන්නේ ඒ අඩවියේ පවතින ලිපි තමන්ගේ වචන වලින් නැවත ලියන්න. ඇත්තම කීවොත් මේ කියන්නේ අහුවෙන්නේ නැතිවෙන්න ලිපිය කොපි කරලා දෙන්න කියලා. හොදට ගෙවනවා. ස්ථීර මිලක් නම් සදහන් කරන්න බෑ. ඒත් වචන100කට $1 ක් විතර ගෙවනවා. හැබැයි හොදසුපිරි ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනේ. ඔරිජිනල් ලිපියේ තියෙන කිසිම වාක්‍යක් නව ලිපියේ තියෙන්න බෑ. එහෙම තිබ්බොත් අහුවෙනවාමයි. හොර කරන්නනම් බෑ. හොර කරලා කාපු චාටර් මං වෙන ලිපියකින් කියන්නම්.

03. Article Writing මෙකටත් නම් හොද ඉංග්‍රීසි දැනුමක් ඕනේ.

රැකියා ලාබාදෙන්නා දෙනවා මාතෘකාවක්. උදා: dental, bodybuilding, health, exercise මේ වගේ බොහෝවිට විද්‍යාවට නැබුරු මාතෘකාවක් තමා ලබාදෙන්නේ. ඉතින් අපි කරුනු හොයාගෙනවිකිපීඩියා වගේ විශ්වකෝශ උදව් කරගෙන ලිපි ලියන්න ඕනේ. හැබැයි කොපි-පේස්ට් කරලානම් හරියන්නේ නෑ. මෙහෙම කියන්නේ කොපි-පේස්ට් කරලා නෝන්ඩි වෙලා තියෙන නිසා. අලුතෙන්ම ලියන්න ඕනේ. සාමාන්‍යයයෙන්Copywriting වගේම මේකටත් ගෙවනවා. හැබැයි මෙහෙම වැඩක් කරන්න පුලුවන්. ඉන්ට්නෙට් එකෙන් සර්ච් කරන්නේ නැතිව,  පුස්තකාලෙන්හෝ වෙනත් මුද්‍රිත ලිපියකින් උපුටාගන්න පුලුවන්. මම මුලින් කීවේ කපටිකමත් ටිකක් ඕනේ කියලා. හැබැයි ටයිප් කරන්න කලින් ඒ විස්තර ඉන්ටනෙට් එකේ තියෙනවද හොයලා බලලා ටයිප් කරන්න. ඉන්ට්නෙට් එකේ නැත්නම් ඉතින් මල්ල කරේ. සාමාන්‍යයෙන් වචන 400 බැගින් වූ ලිපි 100ක් විතර එකවර ලියන්න ලබාදෙනවා. එතකොට ගෙවීම් මුලු එකතුව $100ක් විතර ගෙවනවා. ගොඩ නේද?

04. Customer Service & Support, Phone Support මේකට මයික් එකක්වෙබ් කැම් එකක් සහ ඉංග්‍රීසි දැනුම ඕනෙ වෙනවා.

පලමුව ‍රැකියාව ලබාදෙන්නාගේ වෙබ් අඩවිය හොදට පීරලාහොද අවබෝධයක් ඇරගෙනඔවුන්ගේ නීති රෙගුලාසි කියවලා වැඩේට බහින්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ හේඩ් ෆෝන් එක ගහගෙනවෙබ් කැම් එක ඔන් කරගෙන බලාගෙන ඉන්න. සුද්දෝ කථාකරලා ඔවුන්ට එම අඩවිය ගැන තිබෙන ගැටලු යොමුකරාමඔබ ඒවා විසදලා දෙන්න ඕනෙ. මෙම ‍රැකියාව ලබාදීමට පෙර කොන්ත්‍රාත්තුව ලබාදෙන්නාගේ පාර්ශවයෙන් තිබෙන ඉන්ටෙවීව් එක ඔබ විසින් සමත්විය යුතුයි. ගෙවන්නේ පැය ගානට. සාමාන්‍යයෙන් පැයකට $6 ක් විතර ගෙවනවා.

05. Email Response Handling මේකත් එක්තරා විදියක Customer Service & Support එකක්.

පලමුව ‍රැකියාව ලබාදෙන්නාගේ වෙබ් අඩවිය ගැන හොද අවබෝධයක් ඇරගෙන ඊ-මේල් මගින් නැගෙන ගැටලු වලට පිලිතුරු සැපයීමයි කරන්න ඕනේ. මේක ටිකක් පහසුයි. දිනකට දෙවරක් තුන්වරක් ඉන්බොක්ස් එක බලලා රිප්ලයි කලාම ඇති. ගෙවන මුදල හරියටමනම් කියන්න බෑ. හැබැයි හොද ගානක් හම්බකරන්න පුලුවන් කියලානම් විශ්වාසයි.

මමනම් කියන්නේ මොකක්හරි Programming Language එකක් ඉගෙනගන්න. එතකොටනම් ගොඩේ ගොඩ. ගොඩක් ‍රැකියා තිබෙනවා. අනිවාර්යෙන් එක ප්‍රොජෙක්ට් එකකට $100 පන්නලා ගෙවනවා. හරි හමන් වැඩකාරයෙක් නම් දිනකට $100ක් විතර හොයන්න පුලුවන්.

 වගේම හැමෝම හොයන්නේ ලේසි පහසු ‍රැකියා. ඒ කියන්නේ විශේෂ දක්ශතාවයක් නැතිව කරන්න පුලුවන් ‍රැකියා. ඒ නිසා එක ජොබ් එකකට දමන ඉල්ලුම් ප්‍රමානය වැඩියි. ඒ නිසා අපිට එය ලැබෙනවාට වඩා නොලැබෙනා සම්භාවිතාව වැඩියි. ඒකට ඉතින් කරන්න තියෙන්නේ මං අර කලින් කියපු විදියට ජොබ් ඉල්ලුම් පත්‍රය සිත්ගන්නා සුලු විදියට දාන්න.

 වගේ නෙවෙයි වගේ Java, Flash ඉගෙන ගත්තනම් ඉල්ලුම් කරපු ගමන් ලැබෙනවා. අපිට තියෙන්නේ පුලුවන් ඉක්මනට එය කරලා දීලා මුදල් වගේම oDesk හි වැඩි ලකුනු ප්‍රමානයක් ලබා කැපීපෙනෙන කොන්ත්‍රත්කරුවෙකු වීමයි. එතකොට ඉතින් e-money සිහිනයක්ම නොවේ.
මං දන්නා හැමදේම කියලා දුන්නා. මොකක් හරි ගැටලුවක් තියෙනවනම් අහන්න. ඒ වගේම හොර බොරු වංචා නැති හොද කීර්තිමත් නම්ක් දිනාගත් කොන්ත්‍රත්කරුවෙකු වන්න. මගේ අන්තිම oDesk පෝස්ට් එක "oDesk හි මගේ අත්දැකීම්” සමග නැවත හමුවෙමු.


The On Demand Global Workforce - oDesk


අපි oDesk ගිනුමක් හදලා ‍රැකියා වලට ඉල්ලුම් කරන හැටි දැන් සක් සුදක් සේ දන්නවා. පහසුවෙන් කරලා ලොකු මුදලක් උපයන්න පුලුවන් ‍රැකියා ගැනත් දන්නවා. මම මේ ලිපියෙන් මගේ අත්දැකීම් ටිකක් විස්තර කරන්නම්.

 ඇත්තම කීවොත් oDesk තාම මගේ පොකට් එක සතු‍ටු කලේ නෑ. ඒකට හේතුව මගේ තියෙන කම්මැලිකමයිමෝඩකමයි නිසා. මම මාස ගානක් ඔට්‍ටු වෙලා ලබපු අත්දැකීම් ඔබලාට අඩු නැතිව කියලා දුන්නා.
 කියපු කිසි දෙයක් වංචා සහගත ඒවා නෙවෙයි. මම ‍රැකියා ඉල්ලුම් පත්‍ර 10ක් දැම්මොත් අනිවාර්යෙන් 1ක් හරි හම්බෙනවා. ඒ ක්‍රමේ ඔබලාටත් කියලා දුන්නා. හම්බුනාට මට කරන්න හිතෙන්නේ නැති එකනේ ගැටලුව?

ඉස්සරෝම කලේ Article ලියන ‍රැකියාවක් එක මනුස්සයෙක් දාලා තිබුනා Bodybuilding ගැන Article 120 ක් ලියන්න. මම ඉල්ලුම් කලා. මට ලැබුනා. ඉස්සරෝම හින්දා මට වැඩි අවබෝදයක් තිබුනේ නෑ. ඒ වගේම මට පට්ට ඉංග්‍රීසි දැනුමකුත් නෑ. මට Bodybuilding තියාඅම්ම අප්පා ගැනවත් හරියට ඉංග්‍රීසියෙන් ලියාගන්න බෑ. ඉදපංකෝ දෙන්නම් වැඩක් කියලා Scibd හා වෙනත් ebooks අඩවි පීරලා හොයාගත්තා මරු ebooksටිකක්. ඊට පස්සේ මොකද කලේpfd එකෙන් copy කරනවා. text ෆයිල් එකකට  paste කරනවා. copy කරනවා paste කරනවා. මෙහෙමමෙහෙම හැදුවා පට්ට ලිපි 30ක්.

ඊට පස්සේ oDesk හරහා සුද්දාට මං මෙහෙම ලිපියක් යැව්වා.


Sir/madam, 

I have Finished 25% of your job. So Please Make 25% of full payment to my papal account. After You paid, I will continue for next 75%. (I Could be finish all of work within 4 days.) 
PayPal ID: **********@yahoo.com 
Thank You! 
Personal Email: ************@gmail.com


ඊට පස්සේ පහුවෙනි දවසේ බලනකොට තමයි කූල් වුනේ. සුද්දා මෙහෙම කියාපි.

Sean faqto me,


Randunu, each article I checked FAILED copyscape

Why are you giving me copied articles.   
For instance    
YOUR Article named -  Exercise Descriptions  Part 4 
has 23 other copies of this on the web. 
Why are you giving me other mens work?

I pay you, and all men for one good article, so see your work.  And you give me ALL copied articles, from other men. 

Why do you waste your and my time and give me copies?  Why you trying to get over on us?

This is too hard for you?

අප්පට සිරි. වනේ වන හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා කියලා හිතුනා. ඉස්සරෝම ‍රැකියාව හින්දා ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ. සුද්දා මට $120කට වඩා ගෙවන්න පොරොන්දු වෙලා තිබුනේ.

ඊට පස්සේ මම මෙහෙම කියලා නිකන් හිටියා.


sir/madam


I'm Very sorry! I tried to give you best. I know, I got many data from some ebooksbut all of them not from ebooks.  .You Will be right. This is too hard to me. I'm Sorry!


ඊට පස්සේ සුද්දා මෙහෙම කීවා,

Sean faqto me


This is not hard.  Just work and you looking to cheat and steal, not really work.   This is typical of men like you whom dont care what people think of other cultures, etc.   You simply dontcare for anything but yourself.   Nothing else matter, but ones self.  

god bless, I hope you grow, as I am sure you are very young.  As only immature and young people wasting gods time like this.


අනේ දෙයියනේ ඇයි මටම මෙහෙම වුනේ..... පලමු වැනි ‍රැකියාවෙන්ම මට oDesk එපා වුනා. යකෝ බනිනවා කියලා මෙහෙමත් බනිනවාද?

ඒ කරුමේ එතනින් ඉවරවුනා ඒත් මේකගේ හොද කියන්නේ, $2 ක් oDesk ගිනුමට එවලා තිබුනා.

oDesk එකෙන් Paypal වලට සල්ලි මාරු කරනකොට $1ක් කැපෙනවා. කමක් නෑ මගේ පලමු ඊ මනියනේ කියලා Paypal එකට සල්ලි දාගත්තා. Paypal ලොග් වෙලා බලනකොට සල්ලි නෑ එතකොටනම් කොම්පූටරේ පොලොවේ ගහන්න හිතුනා. පස්සේ තමයි මතක් වුනේ Paypal ගිනුම Unverified කියලා. හිගන්නාගේ පාත්තරේට හෙනහුරා කඩාන වැටෙනවායි කියනවා වගේ මගේ පලමු ඊ-මනිය බහිරවයා ගිල්ලා.

ආයේ oDesk එකෙන් ලැබුනා Capcha ටයිප් කරන ජොබ් එකක්. ඒකත් කරන්න ඇරන් මගක් කරගෙන යද්දී එපා වුනා. Capcha 500ක් විතර ටයිප් කරලා නවත්වලා දැම්මා. සතියකට විතර පස්සේ ඒ සුද්දත් බැනලා බැනලා, $1ක් දීලා යන්න ගියා. පොරොන්දු වෙලා තිබුනේ $60ක්.

ඊට පස්සේ මට මෙහෙම හිතුනා. මං දැං ගිනුමක් හදලා‍රැකියා වලට ඉල්ලු කරන හැටි දන්නවා. ‍රැකියා ලැබෙන හැටිත් දන්නවා. ඒ නිසා දන්න දේ අනිත් අයට කියලා දීලා නිකන් ඉන්නවා කියලා. මොකද මං ඉන්ටනෙට් ගත්තේ ඊ-මනී හොයන්න. ඒත් ඒ සිහිනය බොදවෙලා ගියා.




මෙහෙම ලිපියක් මම ලියන්නනම් හිතාගෙන හිටියේ නෑ. ඒත් ලියන්න වුනා. ඒකට එක හේතුවක් තමයි කොච්චර කොව්වා කීවත් oDesk අසාර්ථක අය ගොඩක් සිටීම. තව හේතුවක් තියෙනවා. ඒක අන්තිමේට කියන්නම්. මම oDesk ගැන දන්න හැමදේම කලින් ලිපිවලින් ලීවා. ඒත් මගහැරුන පොඩි පොඩි කාරණා එකතු කරලා මේ ලිපිය ලියන්නයි හදන්නේ. මේ ලිපිය Q & A විදියට ලියන්නම්. එතකොට ඔබේ ගැටලුවටත් ඉක්මන් උත්තරයක් ලැබේවී.

රස්සාවක් ඉක්මනට හොයාගන්නේ කොහොමද?

 උදාහරනෙකින් කියන්නම්. මේක බ්ලොග් ලියන අය නම් දන්නවා. අපි අලුතින් ලිපියක් ලියලා දවසක් විතර යනකන් අපේ බ්ලොග් දිහා බලාගෙන ඉන්නවා නේදඒ මුකුත් නෙවේ, page views වැඩිවෙලාද?කොමෙන්ට් දාලාදලිපිය හොදයිදකියලා නේදඒ වගේම තමයි ජොබ් එක oDesk එකට ලබාදෙන කෙනත්එයාගේ ජොබ් එක පෝස්ට් කරලා දින දෙක තුනක් යනකන් ටච් එකේ ඉන්නවා. ඒ දින දෙක ඇතුලත තමාගේ හිතට අල්ලන කොලුවෙක් හම්බුනොත් රස්සාව ඌට දීලා දානවා.
ඒ නිසා අපි හැමවෙලේම ඉල්ලුම් කරන්න ඕනේ අලුත් ජොබ් වලටජොබ් එකක් සර්ච් කරනකොට "Newest Jobs First"යන්න ‍තෝරන්න.


මං ඇරෙන්න තව කීදෙනෙක් ඉල්ලුම් කරලදැයි බලන්නේ කොහොමද?

 

අපි කැමති රස්සාව සර්ච් කරලා. ඒ ලින්ක් එකෙන් ගියාම, Job Description එකේ මේ සියලුම තොරතුරු අඩංගු වෙනවා.  නිල් පාටින් වර්ණ ගන්වා ඇති කොටස බලන්න. . මේකේ හැටියටනම් 358ක් ඉල්ලුම් කරලා. ඒ වගේම වරහන් ඇතුලේ (avg $4.98 )යන්නෙන් කියන්නේඉල්ලූ ගාස්තුවල මධ්‍යන අගය. මේ රස්සාවටනම් ඉල්ලුම් කරලා වැඩක් නෑ. 358ක් එක්ක $5කටනේ ෆයිට් එක. "Interviewing:" කියන්නේ කීදෙනෙක් ongoingඉන්නවාද කියන එක.  ඒ කියන්නේ වළ පයයිගොඩ පයයි තියාන ඉන්න ගාන. රස්සාව දෙන්න කලින් අයිතිකාරයා මේ අය හොදයිද කියලා ටෙස්ට් කරනවා.  ඒ වගේම වරහන් ඇතුලේ (avg $4.01 )යන්නෙන් කියන්නේ, applicantsලා ඉල්ලූ ගාස්තුවල මධ්‍යන අගය. මේ රස්සාවට ඉල්ලුම් කරනවානම් ඔය avg එකට ටිකක් අඩුවෙන් ගාන දාන්න. 

Job Description  කේ තියෙන අනෙකුත් තොරතුරු මොනවාද?


FeedBack Score: මේක අපි කලින් ‍රැකියා සාර්තකව කරලානිමකරලා තියෙනවානම් ‍රැකියාව ලබාදෙන්නා විසින් ලබාදෙන සහතික පත්‍රයක් වගේ. මේක වැඩිවුනොත් පට ගාලා ‍රැකියාව හම්බෙනවා.
Hourly Rate: පැයකට අපවිසින් අය කරන මුදල
Test Passed: පාස් වී ඇති විභාග ගනන
English Level: ඉන්ගිරීසි දැනුම. (අපි Profile එක පුරවනකොට 4යි කියලා දැම්මේ)
oDesk Hours: වැය කල හැකි පැය ගනන

මේ ‍රැකියාවට ඉල්ලුම් කරනවානම් මේ අවශ්‍යතා සියල්ල සපුරා තියෙන්න ඕනේ.

ඉල්ලුම් කරන හැම ‍රැකියාවම Declined වෙනවනේ?

මේක ඉතින් හැමෝටම පොදු දෙයක්. ඔහොම තමයි. වැටි වැටී නැගිටින්න ඕනේ. ‍රැකියා 10කට ඉල්ලුම් කලොත් හෝ 2ක් පමනක් තමයි ලැබෙන්නේ. සමහර වෙලාවට එකක්වත් නෑ.


දැන් කියන්න යන්නේ මං මේ ලිපිය ලියන්න දෙවන හේතුවදෙවන හේතුව කොමෙන්ට් එකක්. පට්ට කොමෙන්ට් එකක්. පට්ටම පට්ට කොමෙන්ට් එකක්. මගේ බ්ලොග් එකට මෙතෙක් කල් ලැබුන හොදම කොමෙන්ට් එක,
මේ කොමෙන්ට් එක anonymous කොමෙන්ට් එකක්. පස්සේ කීවා එයාට "තරුන මහතා" කියලා ආමන්ත්‍රනය කරන්න කියලානමනම් බොහොම කැතයි තමයි. නම කොච්චර කැත වුනත් උගේ හිත හොදයි. කියවීමේ පහසුවට මේ කොමෙන්ට් එක මං මෙතන උපුටලා දක්වන්නම්;

February 9, 2011 1:08 PM
Anonymous said...
මල්ලි ඔයගෙ මේ ලිපි ටික නම් මාරයි. ඔයා මෙ කරපු දේට පින් ඇතිවෙන්න ලැබෙන්න ඕනිදැන් අපිට මාසෙකට අමතර ගානක් හොයගන්න විදියක් කියල දුන්නට.
ඔයගෙ මෙ ලිපියට තවත් ටිකක් එකතු කරන්න හිතුනාකියවන අනිත් අයගේ දැනගැනීම පිනිස.
1.) 
මෙක පටන් ගන්නනම් හොඳ සන්නිවේදන හැකියාවක් තියෙන්න ඕනිනැත්නම් සුද්ද ව අන්දන එක ලේසි නැහැ. (TEXT Chat කරන එක ලේසි උනාට Vedio chat කරන්නත් වෙනවා).

2.) 
මුලදිම ලොකු ගනන් වල වැඩ තෝර ගන්න එපා $ 5-10 වගෙ දෙන ඒව තෝර ගන්න. ( Fixed jobs)

3.) 
ඉන්දියන්පිලිපීන් කාරයො තමයි Odesk එකෙ වැඩියෙන් ම ඉන්නෙ එයාල බොහොම අඩු ගානට වැඩ කරනව (හැබැයි Quality එක නම් එච්චර හරි නැහැ කියල Feedback Comments කියවල බැලුවහම තේරෙනවා, වගෙම උන් අඩු ගනන් දීල වැඩි වැඩ කරව ගන්නත් බලනව.)

4.) 
පුලුවන් තරම් සුද්දොන් ගෙ ජොබ් ම හොයන්න. උන්ට හිතට හරි ගියොත් හොඳට ගෙවනව.

5.) 
හොඳ Profile එකක් හදා ගන්න. Per Hour Rate එක මුලදි ලොකු ගනක් දාන්න එපා . අඩුම ගානකුත් දාන්න එපා. (AVG $ 2 - $3/hr)

6.) Odesk skill test 
කරන්න. (Ms Office, English etc )

7.) 
ජොබ් එකකට apply කරනකොට sample file එකක් අමුනල කරල දාන එක ගොඩක් හොඳයි.

a. MS Word formatting 
නම් තමන් format කරපු sample file එකක් attach කරන්න.
b. Excel Macro 
නම් තමන් කරපු Macro එකක් attach කරන්න.
c. 
එහෙම නැත්නම් එයා එවන Sample file එකෙන් 25% විතර කරල එක attach කරල යවන්න.

8.) 
තමන් බාරගත් වැඩේ හරියට කරන්න.( ලැබෙන ගාන ගැන හිතල එ වැඩේ නොසැලකිල්ලෙන් කරන්න එපා). හොඳ feedback එකක් (තරු 5) ගන්න පුලුවන් විදියට නිතරම වැඩ කරන්න. Employee -ve commentඑකක් දැම්මොත් ඉතින් sorry තමා. එයාගෙ feedback එක අපිට පේන්නෙ අපි එයාට feedback දුන්නට පස්සෙ.

9.) 
සමහර වෙලාවට එයාල අපිව එක එක විදියට ටෙස්ට් කරනව. පුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න (අපිව "Hire" නොකර MS word file formatting කරන්න කියනවා)

10.) 
ටික ටික experience අරගත්තහම වැඩේ කොහොමද කරන්නෙ කියල තේරෙනව එ වගේම demand කරන්න ඕනි කොයි වගෙ තැන්වලද කියලත් තෙරෙනව. අපි හැමතනම ජොබ් කරල experience තිබ්බත් Odeskඑකට අවහම ඒකේ කෝඩුකාරයෙක් නෙ ඒක නිසා ඒකෙත් ටික ටික experience හදාගන්න ඕනි . සල්ලි හොයන්න ඉවසිලි නැති උනොත් මේක කරන්න බැහැ. මුලදි ජොබ් එකක් හොයනව කියන්නෙ හරිම අමාරු වැඩක්.ජොබ් වලට Application දාලම එපා වෙනවා.
ඔය ටික මම ලීවෙ මම ලබපු අත්දැකීම් වලින්. ඔය ජොබ් එකක් හොයන්න වෙන අමරුව නේ ඊලග ප්‍රශ්නය අපි සල්ලි අතට ගෙන්න ගන්නෙ කොහොමද කියල.
1.) 
සල්ලි ලංකාවට ගෙන්වන ක්‍රම 2 ක් තියෙනව
a. Debit Card
b. Moneybookers - 
ලාබම ක්‍රමයඑයාල අපේ Bank එකක තියෙන Account (any type) එකෙකට දින 2 කින් විතර සල්ලි එවනව.

2.) 
මම ඔඩෙස්ක් එකෙන් හොයගත්තු සල්ලි ටික ලංකාවට ගෙන්න ගන්නකොට හීන වුනු ප්‍රමාණය පහළින් දක්වා ඇත.
a. $1 Odesk 
එක ගිල්ල ( for money transfer odesk to moneybookers)
b. $2.50 moneybookers 
ල කපාගන්නව ( for wire transfer to SL bank account)
c. 
රු 250 විතර ලංකාවෙ බැංකුවෙන් අරගන්නව

3.) 
මම මෙ ලීවෙ Commercial බැංකු වෙ තියෙන Account එකට සල්ලි එව්වොත් වෙන දේ.

4.) moneybookers 
ලට දෙන්නෙ swift code + ( Full bank account no)

5.) Swift code 
කියන්නෙ බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන unique code එකක්. එක බැංකුවෙන් ඉල්ල ගන්න පුලුවන්.
උත්සහ කරල බලන්න ODESK ජය ගන්න පුලුවන්. 


තව එක දෙයක් ලියන්න අමතක උනාමුලදිම Capcha type කරන්න නම් යන්න එපා Odesk එක එපා වෙනවඑ පොරවල් ගෙවන්නෙ 10000 ක්ම type කලොත් විතරයි නෙඅනිත් එක රැ 11.00 විතර ඉඳල උදේ 5.00විතර වෙනකම් වගෙ තමයි කරන්න පුලුවන් අනිත් වෙලාවට අම්බානෙට slow. අනිත් එක මොබිටෙල් වගෙ BB එකක් තිබ්බොත් බුදු ගානට මල තමා. 





මම කිව්වනේ පසුගිය දවස්වල මට Odesk එකේ සහ Freelancer එකේ වැඩ හම්බුණා කියලා.ඉතිං ගොඩක් අය ඇහුවා කොහොමද වැඩ ගන්නේ අපි කොච්චර Application දැම්මත් අපිට වැඩ හම්බෙන්නේ නැහැනේ කියලා කියනවානේ.ඉතිං මම කියලා දෙන්නම් කොහොමද මේ වැඩ ගන්නේ කියලා.මම හිතනවා මේ ලිපිය ලියන්න කලින් යමක් කියන්න ඕන කියලා.මම දැනට _O/L කරලා ගෙදර ඉන්නේ.ගණිත අංශයෙන් ඉදිරියට යන්න තමා ඉන්නේ.ඒ අතර මේ මාස 06ක පමණ කාලයක් අන්තර්ජාලයෙන් කීයක් හරි හොයාගන්න තමා බලාපොරොත්තුව.ඊට පස්සේ ආයේ මම වසර 02ක කාලයකට මගේ මේ වැඩ කටයුතු නවතා දමනවා.මම දැනට ගොඩක් අයට උදව් කරලා තියෙනවා.ඒ අතර මං දන්න ඔය එක එක වැඩ කෑලි කියලා දීලා තියෙනවා.පසුගිය දවස් වල මට ලැබුණු ඊමේල් පණිවිඩ කිහිපයකින් පොඩ්ඩක් හිත රිදුනා.ඒත් ඒවා ගණන් ගන්නේ නැහැ.ඒත් මම දන්නවා මට ඒ ඊමේල් එවපු කිහිපදෙනා මේ ලිපියත් කියවනවා කියලා.ඒ අතර අනිත් අයත් මේක හොදට තෙරුම් ගන්න.
කිසිවිටෙකත් ගුරු මුෂ්ටියක් නොතියාගෙන මේවා ගැන කියලා දෙන්න බැහැ.මොකද අපි කරන්නේ තරගයක්.අපි රේස් එකක් දුවන්නේ.ඒකේ පලවෙනියා වෙන්නේ එක්කෙනයි.ඒත් අපි විශාල පිරිසක් දිව්වට අපිඔක්කෝටම එකම වෙලාවට එය නිමා කරලා සම ජයක් ලබන්න බැහැ.මම විනෝදාංශයක් ලෙසත් අනෙක් අයට උදව් කිරීමේ අරමුණින් මේ බ්ලොග් එක ලියනවා.මම විශ්වාස කරන ආකාරයට මම අද යම්කිසි මුදලක් ඉතා වේගයෙන් උපයාගෙන ඇත්තේ මම කළ ඒ උපකාරවල ප්‍රතිඵල ලෙසයි.මගේන් ඔබ උදව් ලබන්නේ ඔබ ගිය ආත්මේ කළ පිනකට නොවේ.එසේම මම ඔබට උදව් කරන්නේ ගිය ආත්මේ මම කළ පවකට හෝනෙමේ.බුදු දහමට අනුව සෑම ක්‍රියාවක් පසු පසම අතීත කර්මයක් ඇතැයි සිතීම වරදක්.මම මේ කරන්නේ මේ ආත්මයේ කර්මයි.මම ඔබට උදව් කිරීම මේ ආත්මයේදී මම සිතා මතා කරන කර්මයක්.ඒකේ විපාක මට මේ භවයේ හෝ මතු භවයේ විපාක දේවී.ඒත් අද සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් උදව් උපකාර කරන්නේ හොද අහන්න.මම කැමති නැහැ කවුරුත් මට හොදයි කියනවාට.අපේ පවුල් වල පවා ඉන්නවා මේ වගේ අය.හොදම බාප්පා,හොදම මාමා,හොදම නැන්දා,හොදම ළමයා මේ වගේ අහගන්න කැමති අය.ඊට අමතරව ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන් පවා ඉන්නවා මේ ටික අහගන්න කැමති අය.අද ගොඩක් අය උදව් කරන්නේ යටි සිතේ විවිධ අරමුණු තියාගෙන.සමහරුන් පෝයදාට මුළු ගමට ම හෝ ලංකාවටම පේන්න එක එක දේවල් දන් දෙනවා.ඔවුන් තුළ තියෙන්නේ කුමක් හෝ ආයතනයක,දේශපාලන හෝ සමාජයේ ඉහළ තනතුරක් නම්බු නාම ලබා ගැනීමෙන් උදව් කිරීමක්.මේ සියල්ල නිවැරදිව තේරුම් ගත් පුද්ගලයා කවදාවත් පෝය දාට පන්සල් යන්නෙත් නැහැ.බෙරගහලා දන් දෙන්නෙත් නැහැ.ඒ අය සමාජයේ නිහඩ මෙහෙවරක නිරත වෙලා පිං ‍රැස් කරගෙන මෙලොවටත් පරලොවටත් සැප අත් කරගෙන සමුගෙන යනවා.ඒක නිසා කවුරුත් මට බටර් ගාන්න ඕන නැහැ.මගේ අනාගත බලාපොරොත්තුව මේ සමාජයේසමාජයෙන් යුතුකමක් ඉ‍ටු විය යුතු එහෙත් එසේ ඉ‍ටු නොවන පුද්ගලයන් වෙනුවෙන් යම්කිසි දෙයක් ඉ‍ටු කිරීමටයි.මම නිතර දුම්රියේ යන කෙනෙක් ලෙස මම විවිධ ජාතියේ හිගන මිනිසුන් දකිනවා.ඒත් ඒ අතර හිගා කෑමට නොහැකිව කාටවත් අත නොපා උදව්වක් බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් ඉන්නවා.එවැනි අයට මම නිතරම රු:500 කින් හෝ 1,000 කින් උපකාර කරන්න අමතක කරන්නේ නැහැ.එවැනි මිනිසුන් දැක්කම හදුනාගන්න පුලුවන්.එවැනි අය අපට පිං දීමක් පමණක් කරනවා.එහෙත් මා සිතන ආකාරයට රුපියල් ලක්ෂ ගණන් වලින් ආධාර උපකාර කරනවාට වඩා එවැනි මිනිසුන්ට උපකාර කිරීම වැදගත් ලෙස මා දකිනවා.ඒවැනි අයට මම ලබාදෙන මුදල් නිසා වෙන්නපුලුවන් මට මේ Odesk හා Freelancer වල මට Orders එන්න හේතුවන්නේ.මට කිසිවිටෙකත් උවමනාවක් නැහැ ඔබේ හිත තුල කුතුහලයක් තණ්හාවක් ඇති කරන්න.මට අවශ්‍ය ඔබව දිරි ගැන්වීම පමණි.මා විශ්වාසකරන ආකාරයට අපිට පිහිට වෙන්න ආයේ මොන ලෝකෙන්වත් දෙවියෝ එන්නේ නැහැ.එහෙත් මනුෂ්‍ය වෙසින් සිටින දෙවිවරු මේ සමාජයේ ඕන තරම් ඉන්නවා.අපේ මිනිස්සු කරන්නේ එසේ ලැබෙන උපකාර අර උදව් කරපු මිසාගේ ගිණුමට වෙනුවට පෙරේතයොන්ගේකුම්බාන්ඩයොන්ගේයක්ෂයන්ගේ,භූතයන්ගේ,දෙවියන්ගේ ගිණුම් වලට බැර කරන එක තමා.
එහෙනම් අපේ මාතෘකාවට එමු.මම විමසුම්බ්ලොග් ලෙස මගේ චරිතයක් ගොඩ නගා ගත්තා මෙන්ම මම මෙවර තවත් චරිතයක් ගොඩ නගා ගත්තා.ඒ වෙනත් නමකින්.මම ඊමනී කරන්නේ ඒ නමින් තමා.මම පලමුව දෙසැම්බර් 22 වනදා ඇඩ්සෙන්ස් ගන්න බ්ලොග් එකක් හැදුවා.එදාම Odeks සහ Freelancer වලත් Register වුණා.දෙසැම්බර් 23 Fiverr වල Register වුණා.මගේ Odesk හා Freelancer Account දෙකේම Complete වෙලා තියෙන්නේ 30%.පලමුවෙන්ව Register වුණාම Odesk එකේ දෙන Test එක ලිව්වා.ඊට පස්සේ ඒක සමත් වුණා.එකේ නම ගම පිරෙව්වා.පොඩි Description එකක් ලිව්වා.එච්චරයි කළේ.Freelancer වලත් එහෙමයි.මම කරන්නේ Email Marketing තමා.පලමු දවසේම Job එකකට Application එකක් දැම්මා.ඒකේ Budget එක වුණේ $500.කරන්න තිබ්බේ ඊමේල් ලිස්ට් දෙන එක.මම $300ක් ඉල්ලුවා ඊමේල් මිලියන 100කට.පොර කැමති වුණා.ඊට පස්සේ මට කිව්වා Mediafire වලට Upload කරන්න කියලා.ඊට පස්සේ මම මිනිහට Upload කරලා Download ලින්ක් දුන්නා.සුද්දා ඒක බාගත්තා.මිනිහා 17 දෙනෙකුගෙන් ඊමේල් ගත්තා ඒ දවසේ.එදා ඩොලර් දෙදහස් ගණනක් වියදම් කළා.ඊට පස්සෙ උගේ අතේ සතේ නැති වෙලා.ඌ කිව්වා මට ඉස්සරහට සල්ලි ගෙවන්නම් කියලා.සල්ලි ලැබුණාම $300න් Odeks එකේ උන් 10%ක් කපා ගන්නවා.එතකොට මට ලැබෙන්නේ$270ක්.ඒත් අවුලක් නැහැ.ඊට පස්සේ මට එක්සෙල් වැඩ වගයක් හම්බුණා.මගේ Account එක එච්චර හොදට තිබ්බේ නැති වුණත් මට වැඩ ලැබුණා.ඒ සුද්දොන්ගේ වැඩ කළා.ඒකෙන් $150ක් ලැබුණා.ඒවා දැන් Odeksඑකේ තියෙනවා.ඊට පස්සේ මම Freelancer එකේ සුද්දෙක්ට මම අර ඔයාලට Sharecash Video වල පෙන්නපු ඊමේල් ටික වික්කා.මිනිහා දාලා තිබ්බේ ඇමරිකාවේ ඊමේල් මිලියන 10ක් ඕන කියලා.මගේ ගාව මිලියන20ක් ම තිබ්බා.ඒ පාර මම දැම්මා Bid එකක්.ස්ක්‍රීන් ශොට් ටිකක් ඌට යැව්වා.ඩොලර් 200ක් ඉල්ලුවා.ඊට පස්සේ ඌ මගේ Skype Name එක අහලා එවලා තිබ්බා.ඊට පස්සේ ජනවාරි 02 ඌත් එක්ක Chat කළා.ඊට පස්සෙ පොර කිව්වා ඌ කලින් ඊමේල් මිලියන 40ක් $150 කට ගත්තා මගේ ගාන වැඩියි කියලා.ඊට පස්සේ මම උගෙන් $120ක් ඉල්ලුවා.ඌ කැමතියි කිව්වා.ඊට පස්සේ පොරට Mediafire වලට upload කරලා Downloadලින්ක්ස් යැව්වා.ඊට පස්සේ පොර ඒවා බාගෙන මට කිව්වා මේ මිලියන 20 Invalid,Duplicate,bad Emails තියෙනවා කියලා.කොහොම කොහොම හරි එක එක ඒවා කියලා ඌ මට $75ක් ගෙව්වා.ඒත් අවුලක් නැහැ.මම කිසි මහන්සියක් නොවී $75 ගත්තා.ඒක Freelancer හරහා නෙමේ ගෙව්වේ.කෙලින්ම මගේ Paypal එකට.පහතින් දක්වා ඇත්තේ ඒ ස්ක්‍රීන් ශොට් එක තමා.මේ ස්ක්‍රීන් ශොට් එක නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු එකක් නෙමේ.මේක දැමීමේ අරමුණ ඔබව දිරිමත් කිරීම මිස වෙන කිසි අරමුණක් නොවේ.

මම ඔබට කලින් කිව්වා අපි ජීවිතයේ දී අප උපයන්න ඕන සල්ලි නෙමේ මිනිසුන් කියලා.ඒ සුද්දා එක්ක මම දිගට හරහට Chat කළා.ඌට ඇඩ්සෙන්ස් ගිණුමක් තියෙනවාලු.ඌ ඇමරිකාවේ එකෙක්.ඌ ඒකෙන් මාසෙකට $400ක් ගන්නවාලු.මම ඌට කිව්වා මම ඒක $1000කට වැඩි කරලා දෙන්නම් මට 20%ක් ඕන කියලා.ඌ ඒකට කැමති වුණා.ඒ කියන්නේ උගේ ඇඩ්සෙන්ස් ආදායම $2000 ක් වුණොත් මට $400ක් ලැබෙනවා.ඉතිං මම කරන්නේ දැන් ඌත් එක්ක මාසයක් වැඩ කරනවා.ඌ සල්ලි ගෙව්වොත් ඊලග මාසෙත් වැඩ කරනවා.මේ විදියට දිගටම වැඩ කරන එක තමා.ඒ අතර මගේ ඇඩ්සෙන්ස් ගිණුමෙත් වැඩ කරගෙන යනවා.මම කරන්නේ ෆේස්බුක් හරහා හොද ට්‍රැ‍ෆික් එකක් ඒ සුද්දාගේ බ්ලොග් වලට දීලා ෆේස්බුක් ක්ලිකර්ස්ලාගෙ ක්ලික් අරගෙන උගේ ආදායම වැඩි කරන එක තමා.ඉතිං Odeks හා Freelancer වල වැදගත්කම මේකයි.අපිට ඒ ඉන්න සුද්දෝ එක්ක දිගටම වැඩ කරන්න පුලුවන්.

Odeks & Freelancer එකේ පහසුවෙන් Job එකක් ලබා ගැනීම.

Odeks 
එකේ හා Freelancer එකේ Job ගන්න එක ලේසි නැහැ.අපේ ගොඩක් අය හිතන් ඉන්නවා එයාලට වැඩ පුලුවන් කියලා.ඒත් වැඩක් කර ගන්න බැහැ.මම කියන්නේ ඔයාලා හිතන්න ඕන අපිට වැඩ බැහැ කියලත් නෙමේ අපිට වැඩ සුපිරියට පුලුවන් කියලත් නෙමේ.මධ්‍යස්ථව සිතන්න ඕන.ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕන.ඔබට ලංකාවේ කිසියම් තැනකට පරිගණක අංශයෙන් ජොබ් එකක් ගන්න පුලුවන් නම් එවැනි ජොබ් මේ Odeks හා Freelancer හරහා ලබා ගන්න පුලුවන්.උදාහරණයකට ඔබට ලංකාවේ Photoshop ආශ්‍රිත ජොබ් එකක් ලැබෙනවා නම් ඔබට නිසැකවම Odeks හා Freelancer හරහාද ජොබ් එකක් ගන්න පුලුවන්.නැතුව දවස පුරාවටම ෆේස්බුක් එකේ හෝ ස්කයිප් එකේ හිටියා කියලා මේ වැඩ ගන්න බැහැ.ඒ කියන්නේ හැකියාවක් තියෙන්න ඕන.මම දැනට කරන්නේ Email Marketing තමා.ඉතිං මම ඉදිරියට මේEmail Marketing ගැන ඔබට සම්පූර්ණ ලිපි මාලාවක් ලියන්නම්.ඔබ කළ යුත්තේ පලමුව හොද පාඨමාලාවක් හැදෑරීම.උදාහරණයකට මට ඔය පොඩි පොඩි වැඩ Photoshop වලින් කළාට මට බැහැ කියලා මම දන්නවා.ඒක නිසා ඒ පැත්තෙන් වැඩ කරන්න බැහැ කියලා මම දන්නවා.ඒත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා හොද Photoshop පාඨමාලාවක් හදාරලා ඊට පස්සේ මේ Odeks & Freelancer වල වැඩ කරන්න.ඔබටත් එහෙම හැකියාවක් නැතිනම් කරන්න තියෙන්නේ මේ වැඩේ තමා.නැත්නම් ඉතිං මේ ඊමනී කියන අදහස හිතෙන් ඈත් කර ගන්න එක තමා හොද.ඉතිං හොද හැකියාවක් තියෙන කෙනෙක්ට තමන් කලින් නිම කළ වැඩ වල ස්ක්‍රීන් ශොට් පෙන්නලා හොදට වැඩ අරගන්න පුලුවන් ඉතා ලේසියෙන්.
ඇයි සුද්දෝ Odeks & Freelancerහරහා අපිට වැඩ දෙන්නේ?
සුද්දෝ අපිට Odeks & Freelancer එක හරහා වැඩ දෙන්නේ කහනවාට නෙමේ.සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න කෙනෙක්ව ඇමරිකාවේ ආයතනකින් උන්ගේ කම්පැනියේ වැඩ කරන්න වැඩට ගන්නවා කියමු.එතකොට මෙහෙ ඉන්න එකා එහෙ යන්න ඕන.එතකොට ඌ පාස්පෝර්ට් හදන්න ඕන.වීසා ගන්න ඕන.ඒජන්සි ගාස්තු ගෙවන්න ඕන.ඉතිං ඌට හරි කචල්.ඒ වගේම අර කම්පැනියේ සුද්දෝ මූව ගන්න කොට උනුත් එහෙන් ඒජන්සියකට ගෙවනවා.ඒ වගේම උන් වෙනම වීසා වලට ගෙවනවා.ඊට පස්සේ මෙහෙන් යන එකාට ඉන්න කන්න බොන්න දෙන්න එපැයි.හදිසියේ වත් මෙහෙන් ගියේ කාලකණ්ණියෙක් නම් උන්ට අප්සට් යනවා.ඒක නිසා තමා මේ වගේ වෙබ් අඩවි බිහි වුණේ.සුද්දාට කර ගන්න ඕන වැඩේ ඌ මේ වැනි වෙබ් අඩවි වල දානවා.ඊට පස්සේ ඌට පුලුවන් දක්ෂම ඉතාම අඩු කාලයකින් මෙන්ම අඩු ම මුදලකට මේ වැඩ කර ගන්න.ඒකෙන් උන්ට ලේසියි.ඒ වගේම අපේ එවුන් ගෙදර එවුන්ව දාලා රට යන්න ඕනෙත් නැහැ.ආතල් එකේ ගෙදරට වෙලා වැඩ කරගෙන ඉන්න පුලුවන්.

Odeks & Freelancer එකේ Application දානකොට සැලකිලිමත් විය යුතු කරුණු.

ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි කොච්චර Application දැම්මත් වැඩ නොලැබෙන එක.ගොඩක් වෙලාවට අපේ අය තමන්ට ගැලපෙන වැඩක් දැක්කොත් ඒක පරීක්ෂා කරන්නේ ඒකට දාලා තියෙන අනෙකුත්Application ගණන අනුවයි.අම්මෝ මේකට මෙච්චරක් අච්චරක් Application දාලා මට මේක ලැබෙන එකක් නැහැ කියලා හිතනවා.ඉතිං කවදාවත් ජොබ් එකක් ලැබෙන්නේ නැහැ.මම මේ අත්දැකීමෙන්කියන්නේ,සමහර වෙලාවට සීයක් Application දැම්මත් ඒ අයගෙන් හැට හැත්තෑවක් Interview කරන අවස්ථා තියෙනවා.විශේෂෙන් Email Marketing වලදී.ඊට අමතරව අනෙකුත් පැති වලත් මෙහෙම වෙනවා.ඒක නිසාApplication කීයක් දාලා තිබ්බත් අපිට වැඩක් නැහැ.ඒක සුපිරියට කරන්න පුලුවන් නම් ඒකට Application එකක් දාන්න.
ඊළග එක තමා අපිට ලැබෙන Application ටික ‍රැක ගන්න එක.ඔයාලා ජොබ් එකකට Application එකක් දානකොට ඒ ජොබ් එක දාපු එකා ගැන පොඩ්ඩක් හොයලා බලන්න.ඌ මීට කලින් දීලා තියෙන වැඩ මොණවාද?මූ කොච්චර කාලයක ඉදන්ද ඉන්නේ?මූ කලින් කොච්චර ගෙවලා තියෙනවාදමූ මොන රටේද කියන එකත් වැදගත්.ඒ වගේම මූගේ Payment Method එක Verified ද කියන එක වැදගත්.ඇමරිකාවේ සුද්දෙක් වැඩක් දානවා ඌ කියනවා ඒකට $100ක් දෙනවා කියලා.මේක දකින පකිස්ථාන්,ඉන්දියානු,බංගලාදේශ්,ඉන්දුනීසියානු,නේපාල එවුන් ඒ ජොබ් එකම එකේම Odeks හෝ Freelancer වැනි අඩවියක දානවා.හැබැයි උන් ඒකට ගෙවන්නේ $50ක් වගේ තමා.ඊට පස්සේ ඌත් අර සුද්දාගේ ජොබ් එකට Application එකක් දානවා.ඌට ඒ ජොබ් එක ලැබුනොත් ඌ දාපු ජොබ් එකට Application දාපු එකෙක්ට කියලා ඒක කර ගන්නවා.හදිසියේවත් ඌට ඒ ජොබ් එක නොලැබුනොත් අපි දාපු Application එක අපරාදේ.එම නිසා මම නම් කවදාවත් ආසියාතික රටවල එවුන්ගේ ජොබ් වලට Application දාන්නේ නැහැ.Application දානවවිට සමහර වෙලාවට ඉහත ආකාරය වැඩ අරගෙන කරපු එවුන් ඉන්නවා.ඒ වගේ උන්ගේ Profile එකේ සල්ලි ගෙව්වා කියලා තියෙනවා.ඒ වගේම උන්ට Feedback Score උනත් තියෙනවා.ඒත් උන්ව විශ්වාස නැති නිසා මම නම් කිසි විටෙකත් ඒ වගේ උන්ගේ ජොබ් වලට Application දාන්නේ නැහැ.සෑම විට ඇමරිකාවේ හෝ යුරෝපයේ සුද්දොන්ගේ වැඩ වලට තමා Application දාන්නේ.සුද්දෝ ලෙස එක එක හොරු ඉන්නවා.ඒ වගේම හොර සුද්දොත් ඉන්නවා.ඒක නිසා වැඩකට Application දාන්න කලින් ඒ සුද්දාගේ Payment Method එක Verified ද කියලා බලන්න.ඒ ජොබ් එක දෙන එකාගේ Payment Method එක Verified නැති නම් ඌට වැටෙන Application ගණන අඩු බව ඔබ හොදින් නිරීක්ෂණය කළොත් බලා ගන්න පුලුවන්.ඒ වගේම ඒ වගේ ඒවාට Application දාලා වැඩ කරලා දිලා සල්ලි නොලැබුනොත් අපි නම් නැ‍තෝ!
අපිට දැමිය හැකි Application ගණන ‍රැක ගැනීම වැදගත්.එම නිසා ඒවා අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතුයි.Odesk වල Job Application Quota ලෙසත් Freelancer වල Bids ලෙසත් අපිට දැමිය හැකි Applicationහදුන්වනවා.Freelancer වල නම් අපිට Bid මිලදී ගන්න පුලුවන්.ඊට අමතරව අපේ Profile එක Complete කරන ප්‍රතිශතය අනුව අපට ලැබෙන Bid & Quota ගණන තීරණය වනවා.පොඩ්ඩක් Google Search කළොත්Odeks එකේ  හා Freelancer එකේ Test වල ප්‍රශ්න පත්තර හොයා ගන්න පුලුවන්.ඒවා ටිකක් ලියලා දැම්මාම තව Bids & Quota ටිකක් ගන්න පුලුවන්.ඊට අමතරව Odeks හා Freelancer වැනිම අඩවි වන Elance.com,Guru.com  වැනි අඩවි වල ද Register වී ඉහත ආකාරයට ජොබ් වලට Application දැමීමෙන් ඔබට මසකට සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් ලබා ගන්න පුලුවන් වේවී.සෑම විටම ඔබට වැඩක් හමු වුණොත් ඒ සුද්දාගේSkype,Facebook,Twitter,Email  විස්තර ඉල්ල ගන්න අමතක කරන්න එපා.ඉදිරියට ඒවා වැදගත් වේවී.එලෙසම මෙම වෙබ් අඩවි වල පුලුවන් තරම් හොද Feedback Score එකක් ලබා ගැනීමත් වැදගත්.එතකොට වැඩ ලබා ගැනීමට හැකිවේවී.





1 comments:

Unknown said...

mata suddiyekgen job ekk set una.eki mata skype id eka dunna.man add kara.man wede karala screen shot yeuwa.den ekigen praticharayak na bn.

Post a Comment

 
Copyright © sambavana.com