Thursday 2 January 2014

Google Adsense මගින් මුදල් ඉපයීම 15 - ඇඩ්සෙන්ස් බැරිනම්...........

Google Adsense මගින් මුදල් ඉපයීම 15 - ඇඩ්සෙන්ස් බැරිනම්...........

Adsense කරන්න හැමෝටම බැහැ කියලා මම කියනවා.ඒකට සාධාරණ හේතුත් කියන්නම්.ඇඩ්සෙන්ස් කියන දෙය කුමක්ද කියා මුලින්ම දැන ගත යුතුයි.ඉන්පසු හෝ ඊට පෙර හොද වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් සාදා ගැනීමට සහ පවත්වාගෙන යාමට ඉගෙනගත යුතුයි.ඒක Design,Edit කරන්න Banners,Images,Videos යොදන්න වගේම සාමාන්‍ය HTML දැනුමකුත් අවශ්‍ය වෙනවා.අපේ ගොඩක් අයට මේ දැනුම නැහැ.තවද දැනුම තිබුනත් ඒකෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්නේ නැහැ.

E money ගුරෝ නිසා Adsense වලට ඇති අවදානම.......

වර්තමානය වන විට E moneyගුරුවරු සියදහස් ගණනක් බිහිව තියෙනවා.මේකට ප්‍රධාන වශයෙන් බලපාන හේතුව මම කියන්නම්.ඔය රු 5000, රු1000, රු500 ගානේ Course කරලා E money කියන්නේ බොරුවක් හෝ මේක අමාරු දෙයක් ලෙස සලකනවා.ඉතිං මේ අය තමා වැය කළ මුදල ආපසු ඉපයීමට ‍තෝරාගන්නේ එකම එක ක්‍රමයයි.තමා කළ Course එකේදී ලැබුනු CD හෝ DVD වල අඩංගු එක එක Video,Presentation,Images කෑලි ඔක්කොම එකතු කරලා හදනවා CD හෝ DVD එකක්.ඉතිං ඊට පස්සේ පත්තරේක ඇඩ් එකක් දානවා.ඒ DVD එක විකිණුනාම තේරුම් ගන්නවා හරි මේක මුදල් හොයන්න තියෙන හොදම ක්‍රමයක් කියලා.මේ විදියට දිනපතා E money ගුරුවරු බිහි වෙනවා.ඉතිං මේ ගන්න අයගෙන් බොහෝ පිරිසක් ඔය Bux සයිට් වල වැඩ කරනවා.එතනදී ඔය E money ගුරුවරු තමාගේ වෙබ් හෝ බ්ලොග් අඩවියේ Member Area කියලා එකක් හදලා ඒකට Password එකක් දානවා.ඊට පස්සේ කරන්නේ අපේ DVD එක ගන්න අයට සාමාජිකත්වය නොමිලේ කියලත් අර පත්තරේ දානවා.ගොඩක් වෙලාවට ඔය Member Area එකේ ඇති මගුලක් නැහැ.ගොඩක් වෙලාවට තියෙන්නේ ඔය E money ගුරොත් කරන Bux ආදී අඩවි වල බැනර් කෑලි තමා.ඉතිං මේ ගුරෝ කරන්නේ තමන්ගේ Direct Referral ලා ගණන වැඩි කරගන්න එක තමා.ඉතිං මෙසේ Bux අඩවි වල වැඩ කරලා සතයක් වත් හොයාගන්න බැරිව කාලය ගත කරලා මොවුන් පිවිසෙන්නේ ඇඩ්සෙන්ස් කරන්න.ඉතිං ඊටපස්සේ කරන්නේ කොහොම හරි ඇඩ්සෙන්ස් ගිණුමක් හදා ගන්න එක.බොහෝ විට ඔය E money ගුරෝ සල්ලි අරන් ඇඩ්සෙන්ස් ගිණුමකුත් හදලා දෙනවා.ඉතිං අපේ අය ඇඩ්සෙන්ස් කරන්න ගිහින් මේකේ තියෙන වටිනාකම එසේම මේකේ නීති රීති ආදිය ගැන කිසිදු දැනීමක් නොමැතිව කරන්න ගිහින් ඇඩ්සෙන්ස් ඩිසේබල් කර ගන්නවා.ඉතිං මෙහෙම ගියොත් අපට ඉදිරි අනාගතයේදී ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙනවා.ඒක තමා ලංකාවටම ඇඩ්සෙන්ස් ඩිසේබල් කරන එක.ඔබට මතක ඇති පුරාණයේ අපේ මුතුන් මිත්තන්ගේ වැඩ කිඩ නිසා ලංකාවටම කාලයක් ඇඩ්සෙන්ස් දෙන්නේ නැතිව තිබ්බා.ඉතිං මේ වර්තමාන E money ගුරෝ නිසත් මේ වගේ සීන් එකක් වෙන්න ඉඩ කඩ තියෙනවා.හරියට පකිස්ථානයට වගේ.වර්තමානය වන විට පකිස්ථානයට ඇඩ්සෙන්ස් ඩිසේබල් කරලා තියෙන්නේ.ඉතිං ලංකාවෙත් ඇඩ්සෙන්ස් ඩිසේබල් වීමේ අනුපාතය ඉහල යාම, හොර වැඩ කරන පිරිස වැඩි වීම මේ වගේ සීන් නිසා අපේ ලංකාවටත් ඒ තත්ත්වය උදා වෙන්නේ පුලුවන්.

Adsense හැරුණම.......

Adsense කරන්න බැරිනම් ඊට අමතරව තියෙන සාර්ථකම ක්‍රම පහත දක්වා තියෙනවා.
1.අපේ අයට Bux කරන්නේ නැතුවම බැහැනේ.එහෙම අවශ්‍යතාවයක් තියෙන අයට තියෙන හොදම අඩවිය තමා කියන්නේ.2007 වසරේ සිට මේ වන තෙක් අඛණ්ඩව මුදල්ගෙවාගෙන එන විශ්වාසවන්තම අඩවියක් තමා ClickSense.ඉතිං මේකේ වැඩ කරන හැටි ඉගෙන ගන්න පහත වෙබ් අඩවි අනුගමනය කරන්න.ඔන්න මම කියන්නේ ClickSense කියන අඩවිය විතරයි.වෙන ඒව ගැන මට Sure නැහැ.
Clicksense පිලිබද Shyamin සටහන 
Clicksense පිලිබද Vishara සටහන 01
Clicksense පිලිබද Vishara සටහන 02 
2.ඊට අමතරව Mini job අඩවි.මේ ගැන ඉගෙන ගන්න පහත ලිපි අනුගමනය කරන්න.
Mini Job පිලිබද Vimasumblog සටහන
Mini Job පිලිබද Shyamin සටහන 01
Mini Job පිලිබද Shyamin සටහන 02
3.ප්‍රධානම ක්‍රමය තමා Fiver කියන්නේ.මේක ගැන ඉගෙන ගන්න තියෙන්නේ අපේ iPlusblog එක තමා.ඉතිං Fiver ගැන ඉගෙන ගන්න මෙතනින් යන්න.
4.එතකොට තව හොදම ක්‍රමයක් තමා Odesk කියන්නේ.ඒක ගැන ඉගෙනගන්න මෙතනින් යන්න.
5.Forex ගැන ඉගෙනගන්න මෙතනින් යන්න.
6.එතකොට Click Bank ගැන ඉගෙන ගන්න මෙතනින් යන්න.
7.එතකොට Ebay Marketing ඉගෙනගන්න පහත ලිපි කියවන්න.
Ebay Marketing පිලිබද Vishara සටහන 01 
Ebay Marketing පිලිබද Vishara සටහන 02
Ebay Marketing පිලිබද Shyamin සටහන

Adsense වෙනුවට.........

ඇඩ්සෙන්ස් වෙනුවට අපේ ගොඩක් අය භාවිතා කරන්නේ Adbright.වර්තමානය වන විටGeegain සේවය අපේ අය භාවිතා කරනවා.ඉතිං මට නම් කියන්න තියෙන්නේ ඇඩ්සෙන්ස් කරන එක තමා හොද.මොකද ඇඩ්සෙන්ස් වල ගෙවීම් හොදයි.ඒ වගේම ඇඩ්සෙන්ස් වලදී වෙබ් අඩවිය ස්ලෝ වීමක් හෝ විසිටර්ස්ලාට හිංසාකාරී ලෙස ඇඩ් දිස්වීමක් වෙන්නේ නැහැ.

Adsense හා Vishara.blogspot.com ............................

Vishara.blogspot.com වෙතින් Adsense Accounts 2,000ක් නොමිලේ දෙන්න තීරණය කරලා තියෙනවා.ඉතිං ඒ ගැන මම සොයා බැලුවා මොකක්ද මේ ජගිරිබිරිස් එක කියලා.එකේ Admin මට Call එකක් දුන්නා.ඉතිං වැඩිදුර තොරතුරු දැන ගන්න ලැබුණා.එයාලගේ අරමුණ ඇඩ්සෙන්ස් ගිණුම් 2,000ක් අපේ අයට නොමිලේ දීම තුලින් ලංකාවේ ඇඩ්සෙන්ස් ප්‍රචාරණය කිරීම තුලින් ලංකාවේ අයගේ ආදායම වැඩි කිරීම සහ ලංකාවට විදේශ විනිමය උපයා දීම.ඉතිං මේ කටයුත්ත සදහා ඔවුන් විශාල මුදලක් වැය කරන්න තීරණය කරලා තියෙනවා.ඒ මුදල නම් $20 X 2,000 ඒ කියන්නේ $40,000.තවද මේ ඇඩ්සෙන්ස් ගිණුම් වල ආදායම් වැඩි කරන්න මෙයලා වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න තීරණය කරලා තියෙනවා.ඇඩ්සෙන්ස් කරන බ්ලොග් එකේ URL එක ඒ වෙබ් අඩවියේ රිජිස්ටර් වෙලා ලබා දෙන්න ඕන.ඊට පස්සේ එයා දවසකට වෙබ් එම වෙබ් අඩවියට ලොග් උනාම දෙන ඇඩ් 10 ක්ලික් කරන්න ඕන.ඒ වෙනුවෙන් එයාගේ බ්ලොග් එකේ ඇඩ් ක්ලික් වීමක් වෙනවා.ඉතිං මේක තමා මෙයලගේ අරමුණ.

ඉතිං මේක ගැන මගේ අදහස නම් මේකේ ක්‍රියාකාරිත්වය හරියට Bux Site එකක් වගේ.එකේ අරමුණ හොදයි.නමුත් මම මේක අනුමත කරන්නේ නැහැ.මේකට මේ ලිපිය කියවන ඔබ එක පයින් කැමති වෙන්න පුලුවන්.නමුත් මම මේකට අකමැති වෙන්න සාධාරණ හේතු කියන්නම්.ඔයාලා දන්නවානේ හිට්ලර් ගැන.හිට්ලර් හට අරමුණක් තිබුණා පලමු ලෝක යුද්ධයෙන් පසු සෑම අතින්ම බිද වැ‍ටුණු ජර්මනිය යලි එක්සේසත් කර ජර්මනිය යලි නගා සි‍ටුවන්න.එසේම ජර්මනිය බිස්මාර්ගේ කාලයේ මෙන් ආර්ථික අතින් යුධමය අතින් ලෝකයේ ප්‍රබලතම ස්ථානයකට ගෙන එන්න.හිට්ලර් තම අරමුණ ඉ‍ටු කරගැනීමේ පලමු පියවර් ලෙස ජර්මනියේ පාලකයා වෙන්න දෙපාරක් ඡන්දය ඉල්ලා පරාජය වූ නිසා බලෙන්ම තම රජයක් පිහි‍ටුවා නාසි වාදයට අනුව ජර්මනියේ පාලනය ගෙන ගොස් ජර්මනිය යලි නගා සි‍ටුවීමට කටයුතු කළා.නමුත් හිට්ලර් ජර්මනිය ලෝක බලවතා බවට පත් කරන්න වූ අවශ්‍යතාවය නිසා අවසානයේ ඔහුට සිදු වූ දෙය ඔබ දන්නවානේ.ඉතිං හිට්ලර්ගේ අරමුණ හොදයි.නමුත් මේ අරමුණ නිසා අවසානයේ වූ විපතක තරම.වර්තමාන ලංකාවත් එහෙමයි.ජනාධිපතිට අරමුණක් තිබුණා ලංකාව කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගෙන එක්සේසත් කරන්න.අරමුණ හොදයි.අරමුණ ඉ‍ටු වුණා.නමුත් මේ මිනිස් සිත් පාලන කරන්න බැරි නිසා අද විනාශ මුඛයට ඇදෙන ආකාරය පෙනෙනවා ඇතිනේ.අවසානයේ බල තණ්හාව කියන තැනට එනවා.එතනට ආවම ඉවරයි.ඉතිං Vishara.blogspot.com අඩවියේ අරමුණත් හොදයි.නමුත් මේ නිසා ඇඩ්සෙන්ස් ලංකාවටම අහිමි වීමේ අවධානමක් තියෙනවා.ඉතිං ඔවුන් මේ කටයුත්ත කෙතරම් සුපරික්ෂාකාරීව කරන්න හැදුවත් මාට්‍ටු වෙනවා.ඉතිං මම කියන්නේ මේක නිසා ඔබත් පලමුව හොදින් සිතා බලන්න.

Self Adsense Service.....................

ඉතිං මම කියන්න යන්නේ සිහින/කා‍ටුන්/හින්දි චිත්‍රපටයක කොටසක් කියලා හිතන්න එපා.මම කලින් ලිපියකදී කිව්වානේ Vimasumblog ලියන්න පටන් ගත්තේ කොහොමද කියලා.ඒ ලිපිය කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් කියවන්න.මම එකේ ලියන්න ගියේ දේශපාලන සිදුවීම්.ඉතිං මගේ බලාපොරොත්තුව වූයේ 2012 දෙසැම්බර් වන විට ඒ කියන්නේ මම O/L ලියලා ඉවර වන දවස දක්වා Alexa වර්ගීකරණය අනුව ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවි වල පලමු 250 තුල සිටින්න.දවසකට විසිටර්ස්ලා 300ක් විතර එන බ්ලොග් එකක් විදියට පවත්වාගෙන යන්න.එතකොට මම බලාපොරොත්තු වුණා බ්ලොග් එකේ මසකට රු1,500 ගානේ වගේ අය කරලා ඇඩ් දාන්න.ඉන්පසු 2013 පෙබර්වාරී පමණ වන විට Alexa වර්ගීකරණය අනුව ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවි 50 තුල සිටින්නත් එවිට එක දැන්වීමකට මසකට රු5,000ක් පමණ අය කරන්නත්.ඉතිං ඔබටත් පුලුවන් මෙවැනි දෙයක් කරන්න.ආයේ ඇඩ්සෙන්ස් ගැනම සිතන්න ඕන නැහැ.ඉතිං ඔබේ බ්ලොග් එකට දිනකට එන විසිටර්ස්ලා ගණන අනුව තමා එක දැන්වීමකට අය කරන මුදල තීරණය වන්නේ.එසේම වෙබ් අඩවියට එන ව්සිටර්ලා ගණන තීරණය වන්නේ බ්ලොග් එකේ ජනප්‍රියතාව අනුවයි.මෙතනදී බ්ලොග් එකේ ජනප්‍රියතාව කෙරෙයි බලපාන්නේ ඔබේ විචාරාත්මක හැකියාවයි.ඉතිං මම මෙතනදී දේශපාලන සිදුවීම් බ්ලොගයේ ලියන්න බලාපොරොත්තු වුණේ දිනපතා උණුසුම් වේදිකාවක් තියෙන නිසාත් වැඩි දෙනෙක්ගේ අවදානය යොමුවන නිසාත් ලියන්න ඕන තරම් දේවල් තියෙන නිසාත්ය.ඉතිං ඔබත් සිතා  බලන්න.ඔබට වෙනත් අංශයකින් හෝ මේ වැඩේ කරන්න පුලුවන්.මෙතනදී ක්‍රීඩා,රසාස්වාද,කා‍ටුන්,විචාරාත්මක ලිපි ආදිය ඔබට යොදා ගන්න පුලුවන්.ඔබට පිරිස් බ්ලොග් එකට ගෙන්වා ගැනීමට Facebook හා Elakiri යොදා ගන්න පුලුවන්.

ඉතිං තරුණ පරපුරේ ගොඩක් පිරිස් මේ E money පැත්ත දෙස හැරී තියෙනවා.ඇත්තටම ඔවුන් දිරිමත් කළ යුතුයි.ඔවුන්ට හරි මාර්ගය පෙන්වා දීමට කටයුතු කළ යුතුයි.ඇත්තටම කිව්වොත් රජය විසින් මැදිහත් විය යුතු පැත්තක් තමයි මේක.මොකද රටට විදේශ විනිමය උපයා ගන්න පුලුවන් ක්‍රමයක් තමයි මේක.එසේම රටේ ජනතාවගේ ආර්ථික මට්ටම සංවර්ධනයට ගත යුතු ක්‍රියාමාර්ගයක් ලෙස මේක දකින්න පුලුවන්.ඉතිං මෙතනදී හොර E money ගුරෝ නැති කිරීමටත් ලංකාවේ අපිට පහසුවෙන් PayPal සේවය ලබා ගැනීමටත් රජය විසින් උපකාර කළ යුතුයි.කුඩු ගහන,ගැට කපන,හොරකම් කරන පිරිස් වෙත මෙවැනි දෙයක් හදුන්වා දෙන්න හැකි නම් ඒක රටට ඉතා ශක්තියක් වනු නිසැකය.ඔය කිසිදු ඉංග්‍රීසි දැනුමක් නැති කොල්ලෝ Mobile Phone හසුරවන ආකාරය ඔබ දැක ඇතිනේ.ඉතිං ඔවුන්ට මේ වගේ දෙයක් ඉගෙන ගන්න එක කජ්ජක් නොවේ.නමුත් රජය මේවාට මැදිහත් නොවීම ගැන මම සතු‍ටු වනවා.ඊට හේතුව එක්තරා දෘෂ්ටිකෝණයකින් බලන විට රජය මේවට මැදිහත් වුවහොත් අපි හොයන සොච්චමට ආදායම් බදු,අර බදු,මේ බදු,ආච්චිගේ බදු,සීයාගේ බදු ආදී වශයෙන් ටොරින්ටන් ආණ්ඩුකාරවරයාට එයා ගිය බදු තොගයක් පටවන ආණ්ඩුවක් තමා වර්ථමානය වන විට තියෙන්නේ.සමහර ගොන් ඇමතිලා කියනවා අපට Google එපා කියලා.ඉතිං කොහෙද?

මම දන්නවා අපේ අයට E money කරද්දී තියෙන ලොකුම ප්‍රශ්නය තමා කඩ්ඩ බැරිකම.ඔයාලා ඔහොම ඉවසන්න.මම ඔබට කඩ්ඩ උගන්වනවා.ලිපි 40 කින් විතර.ඒත් ලියන්න වෙලා නැහැ,2013 ජනවාරි වල බලමු.මේකට හිනා වෙන්න එපා.මම ඔබට ඉංග්‍රීසියෙන් සුද්දෙක්ට වඩා හොදට ලියන්න උගන්වනවා.මට ඉංග්‍රීසි කථා කරන්න බැහැ.ඒකට හේතුව තමා ලැජ්ජාව කියන එක.සුපිරියට English කථා නොකළාට සුපිරියට English ලියනවා.නමුත් මම ඕනකෙනෙක්ට වඩා හොදින් ලියනවා.ඉතිං ඔබට මම ඉංග්‍රීසි ලියන හැටි සිංහලෙන් උගන්වන්නම්.
මෙම ලිපි මාලාව ලිවීම තුලින් මා බලාපොරොත්තු වන්නේ ඔබගේ English දැනුම ඉහළ නැංවීමයි.E-money කරන්න මෙන්ම සාමාන්‍යයෙන් අන්තර්ජාලයේ සැරිසරන්න එලෙසම එදිනෙදා ජීවිතයේ දී පවා English අපට උපකාරී වනව.සමහරුන්ට තාම Gig එකකට Description එකක්වත් හරියට ලියා ගන්න බැහැ.තවද ඇඩ්සෙන්ස් කරන අය කරන්නේ හොහෙන්හරි ඉංග්‍රීසි බ්ලොගයකින් ලිපියක් Copy-Paste කරලා දානවා.ඒ තනියම ලිපියක් ලියන්න ඉංග්‍රීසි දැනුමක් නැති නිසා.එහෙම උස්සලා දාන ලිපියට සුද්දෙක් Comment එකක් දැම්මාම ඒකට පිලිතුරු සපයා ගන්නවත් සමහරුන්ට බැහැ.එම නිසා මගේ බලාපොරොත්තුව ඔබට ඉංග්‍රීසි කථාකරවීම නොවේ.මම ඔබට ඉංග්‍රීසි ව්‍යාකරණ නීති රීති අනුව නිවැරදිව ලිපියක්,විචාරයක් ඇතුලු සාමාන්‍ය ලිවීම් ඉතා උසස් ලෙස ලිවීමට ඉගැන්වීම.

මම ඇඩ්සෙන්ස් කරන අයට කියන්නේ කාලීන දේවල් අපේ බ්ලොග් එකේ ලියන්න කියලා.නමුත් ගොඩක් අය කියන්නේ අපිට ලියන්න ඉංගිරිසි දැනුමක් නැහැ කියලා.මම දන්නවා ඔයාලගේ හිත් වල ලියන්න ගොඩාක් දේවල් තියෙනවා.ඒවා ඉංග්‍රීසියෙන් ලියා ගන්න බැරිව ඉන්නේ.මම ඔයාලට අනිවාර්යයෙන් කියලා දෙනවා ඉංග්‍රීසියෙන් සුපිරියට ලියන්න.එතකොට ඇඩ්සෙන්ස් කරන්න Auto Blog ඕන වෙන එකක් නැහැ.ආයේ කාගෙවත් ලිපි උස්සන්න ඕන වෙන එකක් නැහැ. 

මෙම ලිපි මාලාව ලිවීමේ අරමුණු....

1.ඔබට English ව්‍යාකරණ සරල සිංහලෙන් ඉගැන්වීම.
2.ඒ තුලින් ඔබගේ ඉංග්‍රීසි ලිවීමේ හැකියාව වර්ධනය කරවීම.
3.ඒ තුලින් ඔබට Odesk,Fiverr ආදී වෙබ් අඩවි වල මුදල් ඉපයීමේ කටයුතු පහසු කරවීම.
4.ඔබට ඉංග්‍රීසි බසින් රචනා,විචාර,ලිපි ලිවීම තුලින් මුදල් ඉපයීමට මග පෑදවීම.

5.Adsense මගින් මුදල් ඉපයීම පහසු කරවීම.
6.කඩ්ඩෙන් කොටා ඩොලර් සෙවීම පහසු කරවීම.

මගේ English Writing ලිපි මාලාවේ සාරංශයක්......

ගොඩක් අයට ඉංග්‍රීසි භාෂාව පිලිබද මූලික දැනුමක් නැහැ.ඒක නිසා වාක්‍යයක් ලියන කොට was/were,am/is/are,will/shall ඔක්කෝම දාලා කොත්තු රොටියක් වගේ වාක්‍ය ලියනවා.මම ලියන්න යන ලිපි මාලාවේ ලිපි පෙළ ගැස්වීම සහ ඉංග්‍රීසි භාෂාව පිලිබද සටහනක් පහත රූපයේ දැක්වෙනවා.එම රූපයෙන් ඔබට ඉංග්‍රීසි භාෂාව පිලිබද මූලික දැනුමක් ගන්න පුලුවන්.

ඉතිං මේ වගේ රූප සටහන් සහිතව ඔබට උගන්වන්නම්.භාෂාවක් ඉගෙන ගන්නවා නම් ඒ කියන්නේ ඒ භාෂාවේ වචන ඉගෙන ගත යුතුයි.ඔබ පොඩ්ඩක් සිතා බලන්න ඔබ ඉංග්‍රීසි භාෂාවේ වචන කීයක් තේරුමත් එක්ක දන්නවාද කියලා.ඒක 750 -1,000 කට සීමා වනු නිසැකය.නැතහොත් ඊට වඩා අඩුයි.ඉතිං ඔබ දිනකට වචන 10 ගානේ පාඩම් කරන්න.එවිට තව දින 150කදී ඔබ නොදත් වචන 1,500ක් දැන ගනු ඇති.ඉතිං එවිට මට ඔබට ඉංග්‍රීසි ඉගැන්වීම පහසු වේවී.එසේම ඔබේ ඉංග්‍රීසි කථනයටත් ඒක ඉවහල් වේවී.මේ සදහා මදුර ඩික්ෂනරිය වැදගත් වේවී.ඒක බාගන්න මෙතනින් යන්න.

ඇත්තටම කිව්වොත් මේක ලියන්න පටන් ගත්තේ මීට මාස කිහිපයකට පෙර.ගොඩක් ලිපි ලියලා ඩ්‍රාෆ්ට් කරලා තියෙනවා.ගොඩක් ඒවා අසම්පූර්ණයි.මේක ලියාගෙන ගිහින් අතර මග නවතන්න බැහැ.මම දන්නවා මේ ලිපි මාලාව ගොඩක් අයට වැදගත් වෙනවා කියලා.ඒක නිසා මට ඔය ලිපි වල ලැබෙන Comment වැදගත් වෙන්නේ නැහැ.මම දවස් 02කට එක ලිපිය ගානේ දාගෙන යනවා.එතකොට දවස් 80ක් වගේ යනකොට ලිපි 40 ඉවර වෙනවා.යමෙක් මට හිනා වෙන්න පුලුවන්.මාව පිස්සෙක් ලෙස දකින්න පුලුවන්.ඔබ කියයි "මම දැනට ඉංග්‍රීසි ගුරුවරු 50 දෙනෙකුට වඩා වැඩි ගාණකට ගිහින් තියෙනවා.ඒත් ඉගෙන ගන්න බැරි වුණ එකේ මේ පොඩි එකා කොහොමද උගන්වන්නේ කියලා."ඔබ ඔහොම බලාගෙන ඉන්න.මම වැඩේ කරලා පෙන්නන්නම්. 

1 comments:

Post a Comment

 
Copyright © sambavana.com