Friday 10 January 2014

Gigbucks මගින් මුදල් උපයන හැටි

Gigbucks මගින් මුදල් උපයන හැටි
මූලිකව මේ ලිපියෙන් මේ කරුනු ගැන කියලා දෙනවා.

{1} Gigbucks කියන්නේ මොන වගේ අඩවියක්ද?
{2} Gigbucks හි යාන්ත්‍රනය
{3} Gigbucks අඩවියේ මූලික කොටස් හැදින්වීම
{4} Gigbucks ලියාපදිංචි වීම හා මූලික පියවර
{5} Gig එකක් හදන්නේ කොහොමද?
 
{1} Gigbucks කියන්නේ මොන වගේ අඩවියක්ද?

 මේක එක්තරාවිදියකට බැලුවොත් Freelance අඩවියක් කියන්නත් පුලුවනිඑහෙම නැත්නම් තමන්ගේ හැකියාවන් විකුනන කඩයක් කියන්නත් පුලුවනිඑහෙම නැත්නම් තමාගේ ඕනෑ එපාකම් මුදලට සපුරාගන්නාවූ තැනක් කියන්නත් පුලුවනි.

{2} Gigbucks හි යාන්ත්‍රනය  

අපි අපේ හැකියාවන් විස්තර කරලා ලිපියක් ලියනවා. ඒකට කියන්නේ Gig එකක් හදනවා කියලා. $5 සිට $100 දක්වා Gigs අපට ඇතුලත් කරන්න පුලුවන්. මේ අඩවියට පැමිනෙන ගැනුම්කරුවන් ඒවා මිලදී ගත්තාම අපට මුදල් හම්බෙනවා. Alertpay, PayPal ඕනෙම එකක් හරහා අපට ගනුදෙනු කරන්න පුලුවන්. Gigbucks.com අපි උපයන මුදලින් 20%ක් කපාගන්නවා. අපේ ගිනුමකට සම්පූර්න මුදල් ලබාගැනීමට දින 30 කාලයක් ගතවෙනවා.

{3} Gigbucks අඩවියේ මූලික කොටස් හැදින්වීම

 
A - ප්‍රවර්ග (Categories)
B - නව හැකියාවන් ඉල්ලීම් (Suggest gigs)
C - පෙර ඉල්ලූ හැකියාවන් ඉල්ලීම් / උවමනායි (Suggested gigs)
D - හැකියාවන් ප්‍රකාශකිරීම්  (Posted Gigs)
E - පහසුව සදහා පෙරීම (Filter)

{4} Gigbucks ලියාපදිංචි වීම හා මූලික පියවර

http://gigbucks.com/  වෙබ් අවවියට facebook/ twitter මගින් ලොග්in වන්න.


මූලිකව අපේ විස්තර පිරවීම අනිවාර්යයි. නැතිනම් අපේ gigs වල වටිනාකම බොහෝ අඩු වේවි.
Profile --> Settings



මෙහි ඔබේ විස්තර නිවරදිව පුරවන්න.  සාමාන්‍යයෙන් ඇත්ත ෆොටෝ එකක් දාන්නේ නෑ. නිර්මානාත්මක ෆොටෝ එකකුත් දාන්න. About me කියන තැන අර්ථවත් හැදින්වීමක් කරන්න. ඉන්නේ අසිරිලංකාවේ කියලානම් දාන්න එපා.


{5} Gig එකක් හදන්නේ කොහොමද?

$5-100  තර හදන්න Gigs පුලුවන් වුනාට අපි බොහෝ විට හදන්නේ $5 Gigs විතරයි. සුද්දෝ කම්මැලියි. ඒ නිසා හැමදේම මුදලට කරගන්නයි හදන්නේඒත් ලොකු මුදලක් ගෙවන්න කැමතිත් නෑලාබෙට කරගන්නයි බලන්නේ.

"My Gigs" බොත්තම ඔබන්න.

 

 ඉන්පසු අලුතින් එන පේජයේ "Add New" බොත්තම ඔබන්න

 


ඔන්න මම Gig එකක් හදනවා. මට පුලුවනි වීඩියෝ එඩිට් කරන්න. ඒ නිසා මම මගේ ඒ හැකියාව කියලා Gig එකක් හදනවා. ගොඩක් ලොකු දේවල් කරන්න ඕනේ නෑ. තත්පර 30 , 60 වගේ වීඩියෝවක් අපට $5කට විකුනාගන්න පුලුවන්. අලුතින් ආපු වෙබ් ෆෝමය මම පුරවනවා මගේ හැකියාව කියලා මෙන්න මේ විදියට;


No Of Days: කියන තැනට උපරිම දින 7කට වඩා කාලයක් දාන්න එපා.
Tags: කියන තැනට පුලුවන් තරම් කීවර්ඩ්ස් ගහන්න.

ඔන්න Gig  එක ඉවර කරන්නයි යන්නේ ඒ වගේම සාම්පල් එකක ලින්ක් එකකුත් Description එකේ දාන්න. මේ Gig එකේ හැටියටනම් ඔබ හදපු වීඩියෝ එකක් Youtube එකට අප්ලෝඩ් කරලා ලින්ක් එක දාන්න පුලුවන්. මම මේ  එකේනම් දාලා නෑආදර්ශනයට විතරක් හදන Gig එකක් හින්දා.

ෆොටෝ එකකුත් දාන්න. ලස්සන එකක්. 

අන්තිමට "ADD" බොත්තම ඔබන්න.
ඊට පස්සේ මේ වගේ පේජයක් ඒවි, Continue බොත්තම ඔබන්න.

 

ඒත් තාම අපේ Gig එක ඇක්ටිව් නෑ. ඇක්ටිව් කරන්නේ මෙහෙමයි. 1,2,3 පියවර අනුගමනය කරන්න.


දැන් හැමදේම ඉවරයි. අන්තිම ප්‍රතිඵලය අපිට මේ විදියට බලාගන්න පුලුවන්.


දැන් හැමෝම වීඩියෝ Gigs හදන්න එපා. මං මේ කලේ උදාහරනයක් විතරයි. ඔබට Flash/ PowerPoint/ Office/ Photoshop පුලුවනිනම් ඒ දක්ශතාවය අනුව Gigs හදන්න.

 දිනකට එක සැරයක් වගේ ඔබේ ගිනුමට ලොග් වෙලා බලන්න. Inbox එකට ගැනුම් කරුවන් අහලා තියන ගැටලු වලට පිලිතුරු ලියන්න. ඕඩර් තියෙනවානම් අපි ගිනුමට ලොග් වෙනකොටම අපිට දන්වනවා. එහෙමත් නැත්නම් අපිට මේ විදියට ඒවා බලාගන්න පුලුවන්.

 

ඔයාලත් කරලා බලන්න. මාසයකට ගැනුම් කරුවන් 50000ත් 1000000ත් අතර පිරිසක් මේ අඩවියට අමුත්තන් ලෙස පැමිනෙනවා. ඒ නිසා අපේ Gigs වලට හොද ඉල්ලුමක් තියෙනවා. මම Gigs කරලා $24 ක් හොයලා තියෙනවා. 

1 comments:

Unknown said...

photos penne nahane

Post a Comment

 
Copyright © sambavana.com