Thursday 2 January 2014

Freelancer.com ගැන වැඩිදුර යමක් 04



Freelancer.com ගැන වැඩිදුර යමක් 04

 පසුගිය ලිපියේ පල වු කොමන්‍ටුවකට පිලිතුරු සැපයීමටයි මේ ලිපිය ලියන්නේ.එයට පිලිතුරු කොමන්‍ටුවකින් සැපයීමට වඩා ලිපියකින් සැපයීමට සිතුණා.එම කොමන්‍ටුවේ ප්‍රශ්න අසා නොතිබුණත් ඒ පිලිබද මගේ අදහස ඉදිරිපත් කිරීමයි මේ ලිපියේ අරමුණ. ඇත්තටම මේ කොමන්‍ටුව ලියූ ( Merlin )මර්ලින්ට මම ස්තූතිවන්ත වෙනවා.කාලයකින් පසු ලැබුණු හොදම කොමන්‍ටුව.ඒ කොමන්‍ටුව මම පහලින් සදහන් කර තියෙනවා.

"ලිපිය ගොඩක් හොද වගේම අඩු පාඩුත් තියෙනවා

My Freelancer status.මාස 02ක් වෙනවා පටන් අරන්...

Rank Level Score
4590 Level 15 6,169

Total withdraw =1200$+

කරන වැඩ= php/mysql/codeigniter/CMS/html/ajax

Freelancer වල exam නම් පාලම පල් බොරුවක්...මන් ඔය ගානක් ගත්තේ කිසිම exam එකක් නැතුව... සේරම ඉවර වෙලා ජොලියට කරා (June 28) freelancer orientation ටෙස්ට් එක...100% answer හරි (Google කරලා answer හොයලා,මාත් හොයලා බලලා කරා...ඕන කෙනෙක්ට answer ටික දෙන්නම් එන..)

දැන් කියන්නම්කො ලිපිය තියෙන අඩු පාඩු

1) Freelancer වල ඔබට Account 3-5ක් වුවත් භාවිතා කරන්න පුලුවන්.

ඔව් පුළුවන් තමා මෙහෙම කරන්න..එත් වැඩි වැඩියෙන් සල්ලි ගන්නකොට freelancer එකෙන් verified process එකක් යනවා...එකට අපේ drving licnce,NIC, Photo එකක් යවන්න වෙනවා...අන්න ඒ වෙලවාදී බලනවා අපේ account history එක සහ හොර ගිණුම් තියේද කියලා....මුන් බලන්නෙම සල්ලි නොගෙවා ඉන්න...ඒ නිසා කොහොම හරි බලනවා අඩු පාඩුවක්...අහු උනොතින් banned කරලා දානවා...මන් දැක්කා 1500$+ එකවුන්ට් banned කරලා තියෙනවා ..ඒ නිසා පරිස්සමින්...මන් නම් කියන්නේ හොර වැඩ එපා කියලා තාම...
මොකද දැන් ඔකේ ඉන්න 99% දන්නවා ඉන්දියා උන් ලෝක හොරු කියලා,ඒ තත්වෙට අපේ ලංකාව දාන්න එපා..මොකද අපේ අය හොර වැඩ කරන්න ගිහින් නා ගන්නවා.....

2) Incomplete Report එකක් දැම්මොත් පොර ආයේ අපිට වැඩ දෙන්නේ නැහැනේ.ඒක නිසා අපි වෙන Account භාවිතා කරලා Bid කරනවා පොරගේ අලුත් Job වලට.
මේ දේත් තේරුමක් නැති දෙයක්...එක පාරක් negative review දාපු එකත් එක්ක අයිත වැඩ කරන එක මෝඩ වැඩක්...මොකද උ එක පාරක් කරන දේමයි අයිමත් කරන්නේ..හැම වෙලේම
Completion Rate,On Budget,On Time 100% තියා ගන්න බලන්න....


3) එසේම එක Account එකකින් Bid කරලා Chat කරලා Employee ගේ අදහස් දැනගෙන් පොරගේ සිත ඇදී යන ලෙස අනෙක් Account එකෙන් Chat කරන්න පුලුවන්.
අපි හිතමු එකවුන්ට් 2කම ලංකාවේ කියලා,එහෙම උනොත් අහු වීමේ සම්බවිතව වැඩි නේද...එකම රටේ දෙන්නෙක්නේ..ඕක තේරුනොත් report කරනවා..දැන් අපි හිතමු රටවල් 02ක කියලා...එහෙම නම් අවුලක් වෙන්නේ නැහැ...එත් මන් අර කිව්ව verified process එකේදී log උන IP එක්ක රට බලනවා..බැරි වෙලාවක් fake රටක් තිබ්බොත් banned තමා...


දැන් මගෙන් පොඩි උදව්වක් Freelancer කරන අයට....


1) කිසිම වෙලාවක තමන්ට බැරි දෙකට BID කරන්න එපා..දන්නේ නැති job එකකට Bid කරන්නේ වෙන කෙනෙක්ට කියලා කරන්න නම් හොදට වැඩේ දැන ගෙන කරන්න...

2) Project එක accept කරන්න එපා කිසිම අවස්ථාවකදී කරන්න යන දේ Employer එක්ක එකගතාවයකට එන්නේ නැතුව...පැහැදිලිව කියන්න මෙන්න මේ දේවල් තමා කරන්නේ කියලා...ගොඩක් අය ඉන්නවා accept කරාම තමා දෙන්නේ හරි ජොබ් details එක..එකේ තියෙන ඒවා කරන්න ටිකක් අමාරුයි....ඒ වගේ වේලාවකදී අපි project එක cancel කලොත්
මෙන්න මේ වගේ පාඩු අපිට වෙනවා...Completion Rate එක අඩු වෙනවා...Employer පුළුවන් negative review දාන්න...

3) දැන් තමා හොදම කාරනේ වගේම freelancer වල elance/ odesk වලට වඩා තියෙන ලොකුම දුර්වලතාවය සහ හොරම වැඩේ.....අපි project එකක් accept කරද්දීම මුන් project fee කපනවා (membership එක අනුව වෙනස් වෙනවා..එත් අපි ගොඩක් අය ඉන්නේ basic එකේ නිසා 10% කපනවා) ..ඒ කියන්නේ අපි project එක පටන් ගන්නකොටම ගාන කපන ඉවරයි...දැන් අපි හිතමු Employer project award කරාට පස්සේ communication එක නවත්වනවා...ඒ කියන්නේ project එක ඉවරයි නේද...ඔන්න ඔය වගේ වෙලාක අපිට දෙයියන්ගේම පිහිටයි... project fee කපා ගත්ත ගාන දෙන්නේ නම් නැහැ freelancer එකෙන්...ගොඩක් වේලට සමහර උන් test කරන්න ලොකු ගණන් වල project දාලා award කරලා මාරු වෙනවා...උන් එහෙම කරන්නේ ඉගෙන ගණන් එත් අපිට කෙලවෙනවා ...තව සමහරු නම් කියනවා ඕක freelancer වලින්ම කරන වැඩක් කියලා project fees කපා ගන්න...ඒ නිසා හොදට review තියෙන ය එක්ක වැඩ කරන්න...(මන් දන්න විදියට මේ බලු වැඩේ වන්නේ Writing අයට..)

4) reviews තියෙන අය කිව්වට හොදට බලන්න profile page එකට ගිහින්..ගොඩක් වෙලාට India උන් අදුරන උන්ට කියලා project දාගෙන උන්ම review දා ගන්නවා...උන් ඔහොම තාම freelancer/ Employer 02 review හදා ගන්නේ...

5) කිසිම වේලාවකදී India,Pak, Bangladesh, china අය එක්ක වැඩ කරන්න එපා..ලෝක හොරු ඉන්නේ....

6) project එක මග නවත්වලා මාරු වෙන්න හැදුවොත් සල්ලි නොගෙව අපිට පුළුවන් Disputes එකක් open කරන්න...එමගින් Employer ලග සල්ලි තිබ්බොත් ගන්න පුළුවන්... මතක තියා ගන්න කොයි වෙලේවත් Milestone නැතුව Freelancer වල වැඩ කරන්න එපා.


මෙයින් නොකිය කියන්නේ ඒ දේ තමා... Milestone හදන්න නම් සල්ලි තියෙන්න ඕන...freelancer වල කිසිම වෙලාක Employer බැහැ හදපු Milestone එකක් cancel කරන්න...පුළුවන් freelancer ගැන Disputes එකක් දාලා සල්ලි ගණන් ඉල්ලීමක් කරන්න හදපු Milestone එකක සල්ලි ගන්න ඕන නම්...

ඒ වගේම තමා Milestone එකක් ගෙව්වට පස්සේ කොරන්න දේකුත් නැහැ Employerට ...මේ හේතුව නිසා තමයි project එකකට බිඩ් කරද්දී initial Milestone ගාන අපෙන් අහන්නේ...(20-100% ) දෙන්න පුළුවන්..සමහර අන්දපාල (බොහේ විට India අය ) කරන්නේ 100% initial Milestone දාලා project එක award කර ගමන් ඔය ගාන request කරනවා...බැරි වෙලාවත් Employer ඕක ගෙව්වොත් සොරිම තමා....."


මම දැනට Freelancer.com හරහා  මාස 05කදී $3000කට වඩා උපයා තියෙනවා.මේක කිව්වේ මර්ලින් උපයා තියෙන මුදලට වඩා මම උපයා  තියෙනවා ඒක නිසා මම වැඩ්ඩා කියන අරුතෙන් නෙමේ.එසේම Freelancer.com නිසා මම මගේ Paypal එකට Direct $1000 කට වඩා අරන් තියෙනවා.මම දන්නවා Merlin ඉතා දක්ෂ බව.එයා කරන්නේ PHP/MYSQL/HTML මම කරන්නේ Email Marketing,Bulk Marketing,Internet Marketing,Leads,Google Adsense,Advertising.ආයේ විශේෂයෙන් ඉගෙන ගත්තු දේවල් නැහැ.මොලේ යොදවලා එක එක ගේම් දීලා Job Complete කරනවා.මර්ලින්ගේ කොමන්‍ටුවේ ඉතාම වැදගත් දේවල් තිබුණා.ඇත්තටම ඒවා මගේ අතින් ලියවෙන්න ඕන දේවල්.එහෙත් මම පසුගිය ලිපි සියල්ලම ලිව්වේ ඔල්මාදයෙන්.අනික තමා වැඩියෙන් කථා කළේ Email Marketing ගැන.ඒක නිසා ඒ වැදගත් කරුණු මග හැරුණා.ඉතිං මම සිතුවා මර්ලින්ගේ අදහස් උදහස් කැටි කරලා මගේ අදහස් එකතු කරලා ලිපියක් ලියන්න.ලිපියක් ලියනකොට මතක් වෙන ටික තමා ලියන්නේ.ඉතිං එක එක අය ප්‍රශ්න අහනකොට තමා නොලියවුණු දේවල් මතක් වෙන්නේ.එසේ මතක් කර දීම පාඨකයන්ගේ යුතුකමක්.

Freelancer.com Exams ගැන මගේ අදහස....


Freelancer.com වල හැම Exam එකම චාටර් නැහැ.ඕකෙන් Employer Orientation ,Freelancer Orientation                 හා US English - Level 1 වැනි Exam වල උත්තර Blog වල තියෙනවා.ඊට අමතරව තව සුලු Exam ප්‍රමාණයක උත්තර තියෙනවා.මෙහි Exam වල විශාල වටිනාකමක් තියෙනවා.අපි Bid කළාම අපේ Bid එක එන්නේ කීවෙනි ස්ථානයටද කියන එක කෙරෙහි මේ Exams බලපානවා.අපි Bid කළාම අපේ Bid එකට ලැබෙන ස්ථානය තීරණය වන්නේ අපේ Rating එක අනුව.මෙම Rating එක කෙරෙහි බලපාන සාධක කිහිපයකි.
1.අපේ Reviews ගණන - මෙයින් අදහස් වන්නේ අප Bid කරන Job එකේ සදහන් වන Skills වලට අනුව අපිට ඇති Reviews ගණනයි.උදාහරණයකට Email Marketing වල Reviews 100ක් තිබිලා Graphic වලින් Reviews නැතිනම් එයා Graphic Project එකක Bid කළාම එයත් අලුත් Freelancer කෙනෙක් හා සමානයි.මොකද එයාටත් Graphic වල Reviews නැහැ.ඉතිං මේ අපිට පවතින 5 Star Reviews අපේ Rating එකට බලපානවා.
2.අපේ Completion Rate එක - අපිට Incomplete Reports වැ‍ටුණාම අපේ Completion Rate එක අඩුවෙනවා.Job එකේ සදහන් Skills යටතේ අපිට ඇති Incomplete Report ගණන අපේ Rating එක පහල බැස්වීමට සමත්වෙනවා.
3.අපි සමත් Exams - Freelancer වෙතින් සෑම Skill එකකටම වාගේ අදාලව Exam තියෙනවා.ඉතිං එම Job එකේ සදහන් Skills වලට අදාලව අපි Exams සමත්වී ඇත්නම් ඒවා අපේ Rating එක වැඩි කිරීමට සමත් වෙනවා.

මෙම Rating සදහා කිසිවිටෙකත් අපේ Membership එක බලපාන්නේ නැහැ.එහෙත් අපි Bid කරන විට Bid Price එක කෙරෙහි Membership එක බලපානවා.කෙසේ නමුත් අපිට සාමාන්‍යයෙන් Premium or Standard Membership අවශ්‍ය වන්නේ නැහැ කියලයි මට සිතෙන්නේ.මසකට $600 කට වඩා ගන්නවා නම් Premium  Membership එක ගත්තට අවුලක් නැහැ.

ඉතිං මේ Freelancer Exam වල උත්තර එලියට පැනලා ඒවායේ ගුණාත්මක බව අඩු වුණාට ඒවායේ විශාල වටිනාකමක් තියෙනවා.Exams Rating වලට වැදගත් වෙනවා කියලා හැම Exam එකම ලියන්න යන්න එපා.ඔක්කොම ලිව්වම පල්හොරෙක් කියලා මාට්‍ටු වෙනවා.Freelancer වලට $5 ගෙවන්න ඕන නැහැ.Credit Shop එකෙන් Exam කර ගන්න පුලුවන්.පලමුව Credit Shop එකෙන් Exam මිලදී ගන්න.ඉන්පසු Page එක Reload කරන්න.ඊට පස්සේ Rewards වලට ගිහින් ඒක Active කර ගෙන Exam Page එකට යන්න.නැත්නම් සමහරු Credit Shop එකෙන් Exam අරගෙන ගිහින් $5 ගෙවලා Exam ලියනවා.Freelancer.com බලන් ඉන්නේ අපෙන් කඩා ගන්න.ක්ලික් කරපු ගමන් සල්ලි කපා ගන්නවා ආයේ Cancel කරන්න වෙලාවක් නැහැ.

Freelancer Account කිහිපයක් භාවිතා කිරීම ගැන මගේ අදහස...


ඇත්තටම මර්ලින් කියන එකේ ඇත්තක් තියෙනවා.අපේ අය කොතන ගියත් නාන එකනේ කරන්නේ.ඒක නිසා ඒ ගැන කථා නොකරමු.කොහොම උනත් මේක මොලේ ඇතුව සුපිරියට කරන පුලුවන්.එක ගිණුමකින් Paypal වලටත් අනෙකෙන් Moneybookers වලටත් අනෙකෙන් Debit Card එකටත් ආදී වශයෙන්.කොහොම උනත් මේ ඇති.නැත්තන් අපේ අය නානවා.

Incomplete Report ගැන මගේ අදහස....


Incomplete Report අපිට වැටෙන්නේ සමහර විට අපේ නොසැලකිලිමත්කම,කම්මැලිකම සහ මෝඩකම  නිසයි.මම කලින් ලිපියෙන් කිව්වේ එවැනි දේවල් නිසා අපිට නැවත එම Employee Job ලබා නොදෙන නිසා වෙන ගිණුමක් භාවිතා කිරීමයි.නැතුව ලෝක කපටි Employee කෙනෙක් සමග නැවත් වැඩ කිරීම නොවේ.

ගොඩක් වෙලාවට Incomplete Report වැටෙන්නේ පහත ආකාරයට.කවුරු හරි සුද්දෙක්ගෙන් $500ක විතර Job එකක් ගන්නවා.ඊට පස්සේ ඒකේ පොඩි පොඩි කොටස් අපිට කියලා කර ගන්නවා.අපිට ගෙවන්නේ $50ක් විතර.$50 වුණත් වටින නිසා අපි Bid කරනවා.ඉතිං මේ යකා වැඩේ ගස්සගෙන සුද්දා සල්ලි Dispute කරලා Incomplete Report එකක් දැම්මාම අපේ සල්ලි අරූ Dispute කරනවා.ඊට පස්සේ අපිට Incomplete Report එකක් දානවා ඒ මලට.මේකයි වෙන්නේ.සරල උදාහරණයක් දෙන්නම්.ඊමේල් Send කරන්න Job එකක් දෙනවා ඉන්දියන් කාරයෙක්ට.ඌ ගාව Emails නැති නිසා Job එකක් දානවා.ඒකට Bid කරලා $50කට විතර අපේ ලිස්ට් එක ඌට දෙනවා.හැබැයි පොර Milestone Release කරන්නේ නැහැ.පොරට Incomplete Report එකක් වැ‍ටුනොත් අපිටත් සොරිම තමා.

Freelancer.com  වල Bid කිරීම ගැන මගේ අදහස...


Freelancer.com වල 80%ක් විතර ඉන්දියන්කාරයොත් 10%ක් විතර බංගලාදේශ කාරයොත් 8%ක් විතර පකිස්තාන්කාරයොත් Bid කරනවා.මේ සියලු රටවල් දකුණු ආසියාතික රටවල්.75%කට වඩා Job දාන්නේ ඇමරිකාවේ සුද්දෝ.උන්ගෙයි අපේ කාල වෙනස පැය 12 - 13ක් වෙනවා.ඒ කියන්නේ අපි නිදාගන්නකොට උන් නැගිටිනවා.උන්නිදාගන්නකොට අපි නැගිටිනවා.ඉතිං Communication එක හරිම දුර්වලයි.එක්කෝ පැය 12න් 12ට Message යවන්න තමා වෙන්නේ.මේ සුද්දෝ කැමතියි එක පාර විනාඩි 15ක් විතර Chat කරන්න.ඉතිං ඒකට විසදුම් දෙකයි තියෙන්නේ.එක්කෝ අපි නැගිටලා ඉන්න ඕන රෑ එලිවෙනකන්.නැත්නම් සුද්දා රෑ එලිවෙකන් නැගිටලා ඉන්න ඕන.ඕකෙන් වෙන්නේ අපි රෑ එලිවෙනකන් නැගිටලා ඉදීමයි.මම අත්දැකීමෙන් කියන්නෙ.මම රෑට නිදාගන්නේ නැතුව එලිවෙනකන් ඉන්නවා.උදේ 1 සිට 5 විතර වෙනකන් වැටෙන Job වලට Bid කරනවා.දාපු ගමන් Bid කරනවා Chat කරනවා.( මම කරන්නේ Email Marketing )මේ වෙලාවට ඉන්දියාවමත් පකිස්ථානයමත් බංගලාදේශයමත් නිදි.ඉතිං Bid කරන්නේ උපරිම ලෙස දෙදෙනෙක් හෝ තුන්දෙනෙක්.දවල්ට නම් 25-30ක් Bid කරනවා.සුද්දා එක්ක Chat කළා පොර Award කළා ඉතිං පැයක් ඇතුලත වැඩේ කළා Milestone Release කර ගත්තා Project එක Complete කළා Reviews දා ගත්තා.නිදාගත්ත එවුන් නැගිටලා උදේ ආයේ එනකොට එහෙම දෙයක් වුණා කියලා දන්නේ නැහැ.ගිහිල්ලා බලපුවාම Award නොකරන Job ටික පමණක් ඉතුරු වෙලා.ඔවුන්ට පෙනෙන්නේ අලුතින් Job 2-3ක් වැටිලා කියලා.ඒත් රෑ Job 10ක් විතර වැටිලා ඒවා Complete වෙලත් ඉවර බව උන් දන්නේ නැහැ.

මේක ලේසි වැඩක් නෙමේ.කෝපි බෝතලයක් හදාගෙන එලිවෙනකන් Movies බල බල Bid කරන එක තමා කරන්නේ.සමහර දවස් වලට එලි වෙනකොට $100ක් $200ක් හොයලා ඉවරයි.ඒක් කියන්නේ ලංකාවේ සාමාන්‍ය කෙනෙක්ගේ මාසික වැ‍ටුප එක ‍රැයින් හොයනවා.ඒත් අපි හොරු නෙමේ.අහිංසක Freelancerලා.ඒත් හැමදාම අවුරුදු නැහැ.ඒක නිසා හැම රෑම සරු නැහැ.නමුත් දවස් 10ක් හිටියොත් දවස් 5-7ක් විතර වැඩ ලැබෙනවා.ඒක ලොකු ප්‍රතිශතයක්.

Bid කිරීමේදී Employee's Payment Method එක Verified ද කියලා බලන්න කියලා මම කලින් කිව්වා.ඒත් Payment Method එක Verified නැති අයගේ Job වලටත් Bid කරන්න.බොහෝ විට උන් අපිට Paypal හරහා ගෙවන්න ඉන්නේ.නැතිනම් අපිත් එක්ක දිගටම වැඩ කරන්න ඉන්නේ.උන් එක්ක Chat කරලා බලන්න.හදිසියේවත් Project එක Award කළොත් Accept කරන්න එපා.Milestone හදනකන් ඉන්න.Milestone හදන්න නම් Freelancer Account එකට සල්ලි Load කරන්න ඕන.එතනදී එයාගේ Payment Method එක Verify වෙනවා.කොහොම වුණත් Milestone දෙන්නේ නැති නම් Accept කරන්න එපා.සිතන්න Budget එක $300ක් කියලා.Accept කරපු ගමන් Freelancer.com ඔබේ ගිණුමෙන් $30ක් හෝ ඔබේ Membership එක අනුව ඒ මුදල කපා ගන්නවා.ඊට පස්සේ අරූ පැනලා ගියොත් අපිට ලොස්ම තමා.අපිට Award කළාම Freelancer වලින් තව පැය මෙච්චරයි කිය කියා Email එවනවා.ඒවා ගනන් ගන්න එපා.Milestone  හදනකන් ඉන්න.මොකද කාලය ඉවර වුණොත් එයාට පුලුවන් ආයේ Award කරන්න.ඒක නිසා Milestone හැදුවොත් පමණක් Accept කරන්න.

ඕනම Project එකකට Bid කරනකොට අපිට Milestone ඉල්ලා සිටින්න ඕන.ඒක 20% - 100% අතර ඉල්ලා සිටිය හැක.අනිවාර්ය්‍යයෙන්ම 100%ක් ඉල්ලන්න.මොකද අපි 50%ක Milestone එකක් ඉල්ලලා ඒක හැදුවොත් අපි Dispute එකක් දැම්මොත් අපිට ලැබෙන්නේ 50%ක් විතරයි.ඒක් කියන්නේ $200ක Job එකකට අපිට ලැබෙන්නේ $100.කිසිවිටෙකත් ඉතිරි 50% අපිට ලැබෙන්නේ නැහැ.මොකද අපිට Dispute එකක් දාන්න පුලුවන් අපිට හදපු Milestone එකකට පමණයි.එහෙත් 100%ක Milestone එකක් හැදුවොත් අපි Dispute එකක් දැම්මොත් අපිට මුලු මුදලම ලැබෙනවා.ඒ වගේම අපේ Employee ටත් පුලුවන් Dispute එකක් දාන්න.එයා Dispute එකක් දැම්මොත් අවුලක් නැහැ.Freelancer.com සෑම විට Employeeගේ පැත්තට වැඩි බරක් තියෙනවා.මොකද Employee ලා තමයි Freelancer අඩවියට සල්ලි ගේන්නේ.Employee කෙනෙක් සමුගන්න එක එයාලට පාඩුයි.ඒහෙත් Freelancerලා මිලියන 8ක් ඉන්නවා.ඒ වගේ Freelancer කෙනෙක් යනෙන නැහැ කියලා දන්නවා.ඉතිං එකේදී අපි සහ Employee අතර ඇති වූ සියලු Message Read  කරලා අපි කරලා තියෙන වැඩ කොටස අධීක්ෂණය කරලා සාධාරණ තීරණයක් දෙනවා.එක්කෝ අපිට මුලු මුදලම හෝ Employeeට මුලු මුදලත් හෝ දෙදෙනාටම ප්‍රතිශත වශයෙන් ලැබෙනවා.ඔය හොර සුද්දෝ ඉන්නවා.උන් බලන්නේ වැඩේ කරගෙන Dispute එකක් දාලා අපේ සල්ලි ආපහු ගන්න.ඒතනදී පොර 100% Milestone හදලා තිබීම අපිට වාසිදායකයි.ඒක නිසා සෑම විටම 100%ක් Milestone ඉල්ලන්න.එහෙත් විශාල මුදලක Job එකක් නම් කොටස් වශයෙන් ලබා ගත්තට අවුලක් නැහැ.

Freelancer වල අපිට වැදගත් වන්නේ Reviews.සමහර අවස්ථා වලදී අපිව දිගට හරහට Repeat Hire කරනවා.එවැනි අවස්ථා වල අපි ඉන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන.එතනදී අපිට මුලින් ලබා දුන් Job එකේ තිබුණේ Email Marketing හා Leads යන Skills දෙක පමණක් නම් අපිව Hire කරන විට Employeeට කියලා Email Marketing,Internet Marketing,Bulk Marketing,Leads,Advertising ලෙස මට වැදගත් Skills දාගන්නවා.එමගින් විවිධ Skills යටතේ මගේ Rating එක ඉහළ යනවා.ඉතිං එමගින් අපිට විශාල වාසියක් ලබා ගන්න පුලුවන්.

කිසිම විටෙකත් Job එකක් Complete කළාම Employee අපිට Review එකක් දානකන් Employeeට  Review එකක් දාන්න එපා.Employee Review දාන පාටක් පේන්නේ නැති නම් Good Review එකක් දාන්න කියලා කියන්න.Employee කෙනෙක්ට Job එකක් නිම වී මාස 03ක් යනකන් ඒකට Review එකක් දාන්න පුලුවන්.ඒක නිසා කිසිවිටෙකත් Employeeට Review එකක් දාන්න එපා එයා අපිට Review එකක් දානකන්.අපිව අඩුවෙන් Rate කළොත් අපිත් එයාව අඩුවෙන් Rate කරන්න ඕන.

සමහර Employeeලා ඉන්නවා Freelancer.com ගැන හරියට දන්නේ නැහැ.ගොඩක් වෙලාවට ඒ අය Freelancer.com වලට අලුත්.ඒක නිසා ඒ අය අපෙන් වැඩේ කරගෙන Milestone Release නොකර යන අවස්ථා තියෙනවා.සති දෙක තුනක් ඉදලා එම Employee තව Job දාන්නේ නැතිනම් කෙලින්ම Dispute එකක් දාන්න.එතනදී මම වැඩේ කළා මේ Employee Freelancer වලට අලුත් කෙනෙක් ඒක නිසා මෙයා මෙයින් ඉවත් වෙලා කියලා සිතනවා කියලා සදහන් කරලා යවන්න.

Freelancer.com වල අතුරු වාසි......


1.Freelancer.com යනු Google Yahoo ඇතුලු සියලු Search Engine වල Top Ranked Site එකක්නේ.මේකේ වැටෙන Job එක දවසින් Search Engine වෙත එකතු වෙනවා.ඉතිං සිතන්න මම Job එකක් Complete කරනවා Sri lanka Western Province Rugby Players Email Data Base කියලා.දැන් කවුරු හරි Google Search කරනවා Sri lanka Western Province Rugby Players Email Data Base කියලා.එතන Search Result වල මම Complete කරපු Project එක 1st Page එකේ අහුවෙනවා.ඉතිං ඊට පස්සේ Mediafire හා Torrents සොයලා ඒවා නැහැ කියලා සොයා ගත්තාම එකම විසදුම මගෙන් මිලදී ගැනීම.ඉතිං කරන්නේ Freelancer වල Account එකක් හදලා මාව Hire කරනවා.බොහෝ විට Paypal හරහා ගෙවනවා.මොකද මාව 5 Star විදියට Rate කරලා තියෙනවා.Job Description එක කියෙව්වාම තව දුරටත් පැහැදීමක් ඇතිවෙනවා.ඉතිං මේ කිව්ව දෙයට මට උදාහරණ දෙන්න පුලුවන්.ඒත් එමගින් මගේ Freelancer Account එක අහුවෙන නිසා මම උදාහරණ දෙන්නේ නැහැ.මගෙන් මේ විදියට 17 දෙනෙක් Email list ලබා ගත්තා.මේ ක්‍රමයට මම $1000කට වඩා මගේ Paypal එකට ලබාගෙන තියෙනවා.මං සිතන විදියට මේ ක්‍රමයට Job ලැබෙන්නේ Email Marketing කරන අයට විතරයි.

2.Freelancer වල තවත් වාසියක් තමා අපිට විවිධ Companies හදුනාගත හැකි වීම.Freelancer වල Bid කරනකොට සමහරු Skype ID එක දීලා Chat කරන්න එන්න කියනවා.එයාලා එක්ක අපිට දිගටම වැඩ කරන්න පුලුවන්.මම මේ කියන්නේ මට ලැබුණු Job එකක් ගැන.ගිය මාසේ මම Freelancer වල Bid කරලා Skype හරහා Chat කරලා USA Texas වල Company එකක් සමග වැඩ කරන්න හම්බුණා.මට කරන්න තියෙන්නේ එයාලගේ Email Campaign පාලනය හා Email list සැපයීමයි.මට පැයකට $10 -15ක් ගෙවනවා.සතියට පැය 30ක් සහ මසකට පැය 120-150ක් වැඩ කීරීම අනිවාර්ය්‍යයි.නීති ගොඩක් තියෙනවා.වැඩට ගියේ Interview එකකින්.ඊට පස්සේ CV එකක් එවන්න කිව්වා.ඊට උන් මට කෝල් කලා.මදැයි උන්ගේ Pronunciations මට තේරෙන්නේ නැහැ.මම කිව්වා ඒ පාර Skype වලින්ම Chat කරමු කියලා.ඊට පස්සේ මාව Test කරන්න Campaign එකක් දුන්නා.ඊට පස්සේ මගේ වැඩ කිඩ ඔක්කෝම පෙන්නුවා.ඊට පස්සේ වැඩට වරෙන් කිව්වා.මම සති 2ක් වැඩ කළා.සති 2ට පැය 15ක් වැඩ කළා.මට $180ක් ගෙවලා මාව දොට්ට දැම්මා.කොහෙද සතියකට පැය 30ක් වැඩ කරන්න වෙලාව ? මාසෙට පැය 120-150ක් අෆොයි! වෙලාවකට හිතෙනවා A/L නොකර උන් එක්ක වැඩ කරන්න.මාසෙකට $1500 - $2000ක් ගන්න පුලුවන්.ඒත් අවුල මේ Job Sure නැහැනේ.ඉතිං ඔයාලටත් අවස්ථාවක් එයි ඔවුන්ගේ Company වල Networking Manage,Advertising Manager,Designer,Writer,Marketing Manager,Broker වෙන්න.ඉතිං මෙතනදී කඩ්ඩ ගොඩක් වටිනවා.උන්ගේ Pronunciations තේරෙන්නත් ඕන.

Freelancer වල වැඩ කරන්න අලුත්ම Email එකක් හදලා ඒකෙන් Skype වලටත් Facebook වලටත් Sign UP වෙන්න.එතනදී සෑම විටම ඉතා පහසු Username එකක් හදා ගන්න.උදාහරණයකට Vimasumblog වගේ.Username එකට Extra අකුරු හෝ ඉලක්කම් එකතු කරන්න එපා.ඒ වගේම Yahoo,Hotmail,AOL,Gmail, ඇතුලු හැම Email Service එකක්ම use කරන්න ඒ නමින්ම.ගොඩක් ඇමරිකානුවෝ හා යුරෝපයේ අය භාවිතා කරන්නේ AOL හා Hotmail නිසයි.සමහරු Hotmail Chat එකකට එන්න කියනවා.ගොඩක් අය එයාලගේ Facebook ගිණුම් වල විස්තර දෙන්නේ නැහැ.එවැනි ගොඩක් Employeeලා අපිට Paypal හරහා ගෙවන්න සූදානම්.ඒ කියන්නේ Freelancer වල නැති අය.එවැනි අය Guess කරලා අපිට Email එවනවා.ඉතිං අපි Vimasumblog2000@gmail.com වගේ භාවිතා කළොත් එයාලට ඒක Guess කරන්න අමාරුයි.මොකද මට එහෙම Email 5-6ක් ඇවිත් තියෙනවා.ඊට පස්සේ කෙලින්ම Paypal හරහා අපිව Pay කරනවා.ඉතිං අපේ ඒ නමින්ම බ්ලොග් එකක් හදලා අපේ විස්තර දානවා නම් ගොඩක් හොදයි.ඒ වගේම Bid කරන කොට අපි ඇතුලුව තවත් විශාල පිරිසක් Bid කරනවා.ඒක නිසා ඒ සියලු පිරිස අතරින් අපිව විශේෂයෙන් මතක් වෙන්න යමක් කරන්න ඕන.ඒක නිසා මනස්කාන්ත සහ කවුරුත් භාවිතා නොකරන Picture එකක් ඔබේ Profile Picture එක ලෙස භාවිතා කරන්න.එසේම User Name එකට වෙන කවුරුත් භාවිතා නොකරන User Name එකක් භාවිතා කරන්න.පලමුව User Name එක සිතා බලා දෙවනුව Email එක හදන්න.ඔබේ User Name එක Vimasumblog නම් Email ලෙස Vimasumblog@gmail.com හදාගන්න.Bidකරන විට යම්කිසි විශේෂ දෙයක් සදහන් කරන්න ඔබව මතක සිටින සේ.මේ කියන එකට උදාහරණ දෙන්න පුලුවන්.ඒත් මම උදාහරණයක් දුන්නොත් ඒක 100ක් විතර භාවිතා කළාම ඒකේ වටිනාකමක් නැතිව යනවා.

ඉතිං මේ ටික තමා කියන්න ඕන වුණේ.Freelancer නිසා මම දැනට මේ මාස 5 ඇතුලත $4000කට වඩා උපයා තියෙනවා.එහෙත් $1000කට වඩා මට වියදම් වුණා එක එක දේවල් වලට.එසේම $500ක් විතර ණය ගෙව්වා පොලිත් එක්ක.ඉතිං සතු‍ටුයි $2500ක ලාභයක් තියෙනවා.$2000ක් ගෙන්න ගත්තා ලංකාවට.මම දන්නෙත් නැතුව අපේ ගෙදර කස්ටිය මගේ කොම්පීතරේ ගලවලානේ.අෆොයි! ඉතිං පෝං එකෙන් ගිහින් ඉන්බොක්ස් එක බල බලා ඉන්නවා.මොකද මාසෙකට කොහොමත් දැන් ජොබ් 2-3ක් විතර සෙට් වෙනවා.එකක් පරණ Employee කෙනෙක් Hire කීරීමකින් හා අනෙක අර මම කිව්ව විදියට Google කරලා සෙට් වෙන Job එකක්.තව $250ක් Paypal එකේ තියෙනවා. ඒවා මම ආයේ වැඩ කරන්න පටන් ගනන්කොට ප්‍රාග්ධනයක් ලෙස වැදගත් වේවී.මම දැන් කාටවත් ණය නැහැ.ඒ වගේම ලොකු ලාභයකුත් ගත්තා.කාටහරි සිතෙන්න පුලුවන් මම $1000ක් වියදම් කරපු එක අපරාදේ කියලා.එහෙත් ඒක දිහා හැරිලා බලන කොට ඒකේ පාඩුවක් පෙනෙන්නේ නැහැ.මට ලොකු අත්දැකීම් සම්භාරයක් දැනුමක් මට හම්බුණා.එම මුදල මට මුදල් උපයන්න පාර පෙන්නුවා.කිසිම කණගා‍ටුවක් නැහැ.විශේෂ ප්‍රණාමය මර්ලින්ට..

2 comments:

Unknown said...

නියමයි යාළුවා

Unknown said...

අළුතින් freelancer වල වැඩ කරන්න හිතන අයට ගොඩක් වැදගත් වෙන කරුණු මේ ලිපියෙ සදහන් කරල තියෙනවා. ඔයාගෙ අත්දැකීම් ඉදිරියටත් මේ විදියට අනෙක් අය එක්ක බෙදා ගන්න. ගොඩක් ස්තූතියී.

Post a Comment

 
Copyright © sambavana.com