Thursday 2 January 2014

Paypal සල්ලි ලංකාවට +Fiverr & Adsense ආදායම වැඩි කර ගන්න.

Paypal සල්ලි ලංකාවට +Fiverr & Adsense ආදායම වැඩි කර ගන්න.

මේ ලිපියෙන් ලියන්නේ ගොඩාක් වැදගත් දෙයක්.ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමා මේ Paypal සල්ලි ලංකාවට ගෙන්වා ගන්න එක.ඒ වගේම තමා Fiverr & Adsense ආදායම වැඩි කරගන්න ඕන කියලා මට නිතරම කියනවා.මේ ලිපියේ මම කියන දේවල් එකක් වත් මම කරලා නැහැ.ඒත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මේවා මගේ හිතට ආපු අදහස් පමණි.ඒත් ඒවායින් ඔබට වැදගත් යමක් ඇත්නම් පමණක් උකහා ගන්න.

Fiverr ආදායම වැඩි කර ගන්නේ කොහොමද?.....

ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමා Oders නැති එක.Oders වැඩි කර ගන්නේ හැටි මම ඉදිරි ලිපියකදි කියන්නම්.මේ ලිපියෙන් කියන්නේ වෙනම කථාවක්.මේක කරන්න පුලුවන් වැඩක්.ලංකාවේ බොහෝ පිරිස් ඉන්නවා හොදට හැකියාව තියෙන.උදාහරණයකට අපේ හංදියේ ටයිප් සෙටිංග්ස් ඇතුලු තව වැඩ කිඩ ගොඩාක් කරලා දෙන තැනක් තියෙනවා.එතන අක්කලා දෙන්නෙක් වැඩ කරනවා.මම එයාලගෙන් ඇහුවා ඔයාලට මාසෙකට කීයක් පඩි ගෙවනවාද කියලා.එයාලා කිව්වා එක්කෙනෙක්ට රු20,000ක්ම ගෙවනවාලු.අම්මෝ මාර ලොකු ගානක්නේ ගෙවන්නේ.මේ දෙන්නාට Photoshop,MS Office,Corel Draw,Indesign,After Effects හැකියාව හොදට තියෙනවා.ඒ වගේම හොද Talent එකක් තියෙනවා.ඒ වගේ අයට මේ වගේ තැනක වැඩ කරනවාට වඩා ගෙදර ඉදන් වල වැඩ කළා නම් මාසෙකට රු50,000ක් වීතර ගන්න පුලුවන්.ඊටත් වඩා පුලුවන් කාලය ගත වන විට.මම කියන්න හදන්නේ මේකයි.ඔයාලට පුලුවන් අලුති Fiverr වල Profile එකක් හදන්න.ඊට පස්සේ ඔය වගේ හැකියාව තියෙන දෙතුන් දෙනෙක් සෙට් කර ගන්න ඕන.කම්මැලියෝ බැහැ.හොදට වැඩ කරන හැකියාව තියෙන උවමනාව තියෙන අය.අපිට හැකියාව නැති හැම මගුලක්ම කරලා දෙනවා කියලා අපි දානවා.එතනදී ඔය ඉහත කියපු අය කරපු වැඩ ඕන තරම් තියෙනවා.ඒවා අඩංගු කරලා බ්ලොග් එකක් හදලා අපිට හැකියාව ඇති බව ඒත්තු ගන්වන්න පුලුවන්.ඊට පස්සේ කරන්න තියෙන්නේ මේකයි.අපි සෙට් කර ගත්තු අයට කියනවා ඔයා කරන එක වැඩකට රු300-350ක් ගෙවනවා කියලා.ඒ කියන්නේ Oder එකක් Complete කළාම අපිට $5ක් ලැබුනට අපිට දෙන්නේ $4ක් නේ.අපිට ලැබෙන්නේ 4X125=රු500ක්.ඒ කියන්නේ අපිට නිකන් ඉදලා රු100-150ක ලාභයක් ගන්න පුලුවන්.මේ වගේ හැකියාව තියෙන පිරිසක් එකතු කරගෙන එයාලට Oders දීලා Complete කර ගැනීම තුලින් ඔබට ලොකු මුදලක් උපයන්න පුලුවන්.මෙතනදී එයාලා සමහර විට වැඩට යන්න පුලුවන්.උදාහරණයකට එයාලා Ceylinco වැනි ආයතනයක් හෝ සාමාන්‍ය ටයිප් සෙටිං ආදිය ඉ‍ටු කරදෙන තැනක් ඉන්න පුලුවන්.අපිට Oder එක ආවාම ඒකේ කරන්න ඕන දේවල් Copy කර ගෙන ඊමේල් හරහා එයාලට Send කරනවා.එයාලට කියනවා Complete කරලා ඊමේල් හරහා ආයේ එවන්න කියලා.ඊට පස්සේ අපිට පුලුවන් Oder එක Finish කරලා අපිට මුදල් ලබා ගන්න.මෙතනදී විශ්වාසය ගොඩ නගා ගන්න ඔබට හැකියාව තියෙන්න ඕන.ඔයාලට කියන්න පුලුවන් හැම මාසයකම 1 සහ 15 හෝ සෑම සති අන්තයකම මුදල් ගෙවනවා කියලා.ඒක අකුරටම ඉ‍ටු කරන්න ඕන.මෙතනදී ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ලංකාවේ මෙන්ම විදේශ රට වල හැකියාව තියෙන පිරිස් ෆේස්බුක් හරහා හොයා ගන්න පුලුවන්.අනතුරුව ඒ අයටත් වැඩ දෙන්න පුලුවන්.මෙතනදී ලංකාවේ දුර පළාත් වල පිරිස් ඔබට සෙට් වෙන්න පුලුවන්.එවැනි අයට Dialog Easy-Cash වගේ සේවයක් හරහා මුදල් ගෙවන්න පුලුවන්.ඉතිං ඔයාලට මේක කරන්න පුලුවන්.විශේෂයෙන් Logo,Banner,Web Designing Programming වගේ හැම දෙයක්ම දාන්න පුලුවන්.Description එකේ දාන්න පුලුවන් අපේ Team එකක් ඉන්නවා ඒක නිසා කාර්යක්ෂමව ඕනම වැඩක් නිම කරන්න අපිට පුලුවන් කියලා.ඒ කියන්නේ එකම Profile එකකින් Logo,Banner,Web Designing Programming වගේ දේවල් දැම්මාට අවුලක් නැහැ.ඔබට එම වැඩ නිම කරන්න පුලුවන් පිරිසක් එකතු කර ගන්න පුලුවන්නම්.මේ වැඩේ පටන් ගන්නේ මෙහෙමයි.මුලින් ඔයාලගේ පැත්තේ ඔය ටයිප් සෙටිංග්ස් වැඩ කරලා දෙන තැනකට ගිහින් ඒ වගේ තැනක ඉන්න දෙතුන් දෙනෙක් සෙට් කර ගන්න.ඊට පස්සේ වැඩේ නැගලා යනකොට පත්තරේ දැන්වීමක් දාලා මේ වැඩේ සුපිරියට කර ගන්න පුලුවන්.එතනදී දක්ෂම පිරිසක් එකතු කර ගන්න ඔබට පුලුවන්.මෙතනදී ඔබට ඇති ප්‍රධානතම වාසියකි.එය නම් ඔබට පුලුවන් Odesk,Freelancers වැනි අඩවි වල ඔය $50-100 ආදී ගණන් වලට වැඩ තියෙනවානේ.ඒවා ලබාගෙන ඒවත් මේ වගේ අය හරහ නිම කර ගන්න පුලුවන්.එතනදී එයාලට රු350ක් දෙන්න එපා.හෘද සාක්ෂියට එකගව එම වැඩේ වෙනුවෙන් ඔබට ලැබුණු මුදලෙන් සාධාරණ මුදලක් ගෙවන්න ඔබ තීරණය කරන්න.දැන් එක ගැටලුවක් මතු වෙන්න ඇති.ඒක තමා Paypal වල සල්ලි ලංකාවට ගෙන්වා ගන්නේ කොහොමද කියලා.ඒකට උත්තරයක් දෙන්න තමා දැන් යන්නේ.

Paypal වල සල්ලි ලංකාවට ගෙන්වා ගන්නේ කොහොමද?.....


Paypal වල සල්ලි ලංකාවට ගෙන්වා ගන්න අපි එක එක ජගිරිබිරිස් ක්‍රම භාවිතා කරනවා.සමහරු Odesk Profile දෙකක් හදලා මාරු කරනවා.සමහරු Forex Flatform වලට Upload කරලා මාරු කර ගන්නවා.තව ගොඩක් අය HNB or HSBC වැනි Card එකකට ගන්නවා.මේක ගැන එක එක අය අහනවා.ඒ ගැන පොඩ්ඩක් කියන්නම්කෝ.Paypal වල කිසිම තැනක සදහන් වෙලා නැහැ අපිට වෙන රටක විදියට ගිණුමක් හදන්න බැහැ කියලා.ඒක නිසා අපේ අය කරන්නේ මැලේසියන් විදියට Paypal එකක් හදලා ඒක HNB හෝ HSBC Card එකක් හරහා Verify කරලා ඒකට Withdrawal කරන එක.මේක තාම කරන්න පුලුවන්.ඒත් බැංකුවෙන් ඇහුවොත් කොහොමද මේ සල්ලි Card එකට ආවේ කියලා එතකොට තමා කෙල වෙන්නේ.මොකද බැංකුව දන්නවා ලංකාවේ අයට Paypal වල සල්ලි එන්නේ නැති බව.එතකොට හොර විදියට හැදුවා කියන්නද?ඒ වගේම මේ විදියට තව වැඩි කලක් ගෙන්වන්න වෙන්නේ නැති පාටක් තමයි මට පේන්නේ.මොකද කවුරු හරි කෙනෙක් HNB Card Center එකට කථා කරලා ඔය මැලේසියන් විදියට හදන සීන් එක ගැන උන්ගෙන් අහලා.එතකොට තමයි උන් මේක ගැන දැනගෙන තියෙන්නේ.ඉදිරියේදී මේ පිලිබද ක්‍රියාමාර්ගයක් ගනීද දන්නේ නැහැ.
HNB ඩෙබිට් කාඩ් එක පේපෑල් සමග භාවිතා කරන හැටි.


අපේ කිසිදු මහන්සියකින් තොරව ඔහේ ලියවෙන බ්ලොගයක් සාදා මුදල් උපයන්නේ කොහොමද?.......

මේකත් මම කරලා නැහැ.ඒත් කරන්න පුලුවන් දෙයක්.අපිට තියෙන ප්‍රශ්නේ තමා අපේම ලිපි දාන එක.මේක හරි කරදරයක්නේ.ඒ වගේම සමහරු කියනවා Famous වෙලා නැහැලු.ඒ වගේම ලිපි නැගලා යන්නේ නැහැලු.ඒ විතරක් නෙමේ ට්‍රැ‍ෆික් නැහැලු.ඉතිං මේ ඔක්කෝටම පිලියමක් තමා දෙන්න යන්නේ.අපි කොහොම හරි ඇඩ්සෙන්ස් ගිණුමක් සාදා ගන්නවා.ඒකට කිහිප වරක් ඇඩ්සෙන්ස් ඉල්ලලා  දුන්නේ නැති නම් අලුතින් බ්ලොග් එකක් හදලා ආයේ ඉල්ලා මේ විදියට කිහිප වරක් ඔබ මහන්සි වුණොත් ඔබට ඇඩ්සෙන්ස් ගිණුමක් සාදා ගන්න පුලුවන් වේවී.කොහොම හරි ඇඩ්සෙන්ස් ගිණුමක් හදා ගත්තාට පස්සේ කරන්නේ අපි එදිනෙදා අන්තර්ජාලයේ සැරිසරන කොට ඕන තරම් සුපිරි බ්ලොග් හම්බවෙනවා.ඒ කියන්නේ දවසට විසිටර්ස්ලා හාරපන්දාහා එන ඒවා නෙමේ.ලිපි දැම්මත් නැතත් විසිටර්ස්ලා සීයක් දෙසීයක් එන සුපිරි ලිපි ලියවිලා තියෙන බ්ලොග් ඕන තරම් හම්බෙනවා.ඉතිං ඒවගේ අඩවි කිහිපයක ඇඩ්මින්ලාට අපි මෙහෙම කියනවා.මෙයාලා ලංකාවේ හෝ ලෝකේ වටේ උනත් වෙන්න පුලුවන්.ඒක ගැටලුවක් නැහැ.
1.ඔයාලා මගේ බ්ලොග් එකේ ලියන ලිපියක 1000ක් බැලුවාම ඔයාට $1ක් ගෙවනවා.ඒ කියන්නේ එම ලිපිය 10,000ක් බලන කොට ඔයාට $10ක් එනවා.මෙලෙස මේක අඛණ්ඩව යනවා.
2.ඔයාගේ ලිපියකට ෆේස්බුක් ලයික් 500ක් හම්බුනොත් ඔයාට $2ක් ගෙවනවා.
3.ඔයාගේ ලිපියකට එක දිනකදී Views 1000ක් ලැබුනොත් ඔයාට $3ක් ගෙවනවා.
4.ඔයාගේ ලිපියකට ෆේස්බුක් ශෙයාර්ස් 500ක් හම්බුනොත් $4ක් ගෙවනවා.

මේ ආකාරයට මුදල් ගෙවා මෙතන සදහන් නොවූ වැඩ කටයුතු රාශියක් කර ගන්න ඔබට පුලුවන්.ඕන තරම් නොමිලේ ලියන පොරවල් ඉන්නවා.ඒ වගේ අයව මේ වගේ මුදල් මගින් දිරිමත් කළාම ඔබේ මැදිහත් වීමකින් තොරව ඔබට ඇඩ්සෙන්ස් හරහා මුදල් උපයන්න පුලුවන්.අනතුරුව මාසිකව ඔබට පුලුවන් එයාලට සල්ලි ගෙවන්න.ඔබේ ඇඩ්සෙන්ස් චෙක් එක ගත්තාම ඒකේ සල්ලි වලින් කොටසක් Paypal වලට දාගෙන පිටරට අයට ගෙවන්න පුලුවන්.මෙතනදී ඔබ සාධාරණ මුදල් ගෙවීමක් කරන්න ඕන.ඉතිං ඔයාලට හිතෙයි කොහොමද මේ බ්ලොග් වල ඇඩ්මින්ලාව කනෙක්ට් කර ගන්නේ කියලා.ඒකට භාවිතා කරන්නේ පහත ක්‍රමය.ඔබට හොද බ්ලොග් එකක් දැක්කාම ඒකේ ඇඩ්ම්න්ගේ ඊමේල් එක ලබා ගන්න පුලුවන් නම් හරිනේ.ඒකට මම භාවිතා කරනවා පොඩි මෘදුකාංගයක්.මේකේ නම Maxfrog Email Extractor.මුලින් බ්ලොග් එකේ Home Page එකට ගිහින් Maxfrog Email Extractor මෘදුකාංගය Open කර ඒකට Home Page URL Drag කරන්න එවිට Save කරන්න නමක් හා තැනක් දෙන්න එවිට ඔබට Email එකතු කර ගන්න පුලුවන්.

පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
දන් කරන්න තියෙන්නේ ඊමේල් එකක් යවන්න තියෙන්නේ ඔයාලගේ නීති රීති එක්ක.මෙතනදී ලිපි Copy Paste කර දැමීම තහනම් බවත් ඒ වගේම බොරු විසිටර්ලා ගෙන්වීම තහනම් බවත් ආදී වැදගත් දේවල් ඔබ විසින් සටහන් කරන්න අමතක කරන්න එපා.ඒ වගේම මේ සියලු ආදායම් රදා පවතින්නේ ඔබේ ඇඩ්සෙන්ස් ගිණුම මත බවත් එය ඩිසේබල් වුවහොත් ඔයාලට මුදල් ගෙවීම නවතින බවත් එම නිසා ඇඩ්සෙන්ස් ඩිසේබල් වන ආකාරයේ ව්‍යාජ්‍ය දේවල් නොකරන ලෙසත් දැනුම් දෙන්න.ඉතිං මේ ආකාරයට 15-20ක් එකතු කර ගත්තාම ඔබේ මැදිහත් වීමකින් තොරව හොද ආදායමක් ගන්න පුලුවන්.

එහෙනම් මේකත් කරලා බලන්න.මම හිතනවා ඔබේ වුවමනාව තියෙනවා නම් හොද තැනකට එන්න හොදම ක්‍රමයක් කියලා.උදාහරණයකට ඔබේ බ්ලොග් එකේ ක්‍රිඩා ගැන,චිත්‍රපට ගැන,විහිලු තහලු,මෘදුකාංග ගැන,දේශපාලන ගැන ආදී විවිධ දේවල් ගැන ලිපි ලියන පිරිසක් එකතු කර ගත්තොත් ඔයාලට පුලුවන් බ්ලොග් ඩිරෙක්ටරි වල ඉහළ ස්ථානයකට එන්න.එමගින් කෙටි කලකදී දිනකට විසිටර්ස්ලා 20,000-30,000ක් දක්වා ගෙන්වා ගන්න එමගින් ඇඩ්සෙන්ස් හරහා මසකට ..........උපයන්න පුලුවන් වේවී.


මේ ලිපියෙන් ලිව්වේ මගේ හිතට ආපු දේවල් පමණි.එකක්වත් කරලා බැලුවේ නැහැ.ඒත් ඒවායේ සාර්ථකත්වය මැවිලා පේනවා.මේවා කිසිම බ්ලොග් එකක ලියවිලා නැහැ.ඒ වගේම ගොඩක් අය මට කියනවා ඇඩ්සෙන්ස් ගැන ලිව්වා ඇති Fiverr ගැන ලියන්න කියලා.ඒත් කියන්න තියෙන්නේ මට Fiverr ගැන ලියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.ඉදිරියේදී Fiverr වල Gig Promoting ගැන ලියන්නම්.ඒ වගේම Fiverr වල ඔබට නිම කළ හැකි Gig කිහිපයක් හදුන්වා දෙන්නම්.මට කියන්න තියෙන්නේ මේකයි.බස් රථයේ කොන්දොස්තර කෙටි කලක් යනවිට ඒකේ ඩ්‍රයිවර් වෙනවා.ඒ වගේම තමා ලොකු ලොරි වල ගෝලයා ඩ්‍රයිවර් වෙනවා.ඒ වගේම බදාම අනපු ගෝලයා මේසන් බාස් වෙනවා.ඒත් වෑන් පස්සේ දුවන බල්ලෝ හැම දාමත් දිව්වාට උන් ඒකේ ඩ්‍රයිවර් වෙන්නේ නැහැ.ඒක නිසා ඔබත් බල්ලෙක් නොවී හොද ගෝලයෙක් වන්න.

3 comments:

Unknown said...

Super ! Oya nam dewalayak!!

Unknown said...

patta bn.

Unknown said...

Paypal වල ඇති මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට
www.ngadgetsonline.com

Post a Comment

 
Copyright © sambavana.com