Friday 10 January 2014

Design Crowd ඒකෙන් සල්ලි හොයමු

Design Crowd ඒකෙන් සල්ලි හොයමු

Freelance Design Jobs

මම මේ කියන්නේ Design Crowd එක ගැන. සමහරවිට ඔයගොල්ලෝ මේ ගැන අහලත් ඇති. මම මේක කලින් ලියන්න හිටියත් හැමෝම අහන ප්‍රශ්නයක් තමයි ඔය මේකෙන් සල්ලි ගත්තදඇත්තටම සල්ලි හම්බවෙනවදවගේ ඒවා.ඒ නිසා මම වැඩේ හරියනකන් ඉදල තමා මම මේ ලියන්නේ.
මම අදත් මේකෙන් 100$ හොයාගත්තා. මේ තියෙන්නේ මට අද එවපු මේල් එක.

ඇත්තටම $100 ක් නෙමේ $85යි.  designcrowd ඒකෙන් 15 ක් අරගෙන. එහෙමනේ එගොලොනේ ඔක්කොම කරන්නේ. 
ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ කොහොමද Design Crowd ඒකෙන් කොහොමද සල්ලි හොයාගන්නේ කියල


ඉස්සල්ලම ඔයගොල්ලොත් Design Crowd එකේ ලියාපදිංචි වෙන්න I am a Designer කියලා. 
ඊලගට Browse projects කැමති එකක් තෝරන්න. මෙතන Graphic design, Logo design, Brochure design, Business card design, web site design, Word press design වගේ ගොඩක් ඒවා තියනවා. ඕගොල්ලන්ගේ දක්ෂතාවය හා හැකියාව තියන එකක් ඔය තෝරන්න. ඊටපස්සේ එන ලිස්ට් ඒකෙන් එක එක project එකට ගිහින් project owner දීල තියන විස්තරය කියවන්න. ඔයාට කරන්න පුළුවන් වගේ නම වැඩේ පටන්ගන්න. 
මෙතැනදී මම යමක කියන්න ඕනේ මොකද මෙතන active වගේම නැති ඒවත් තියනවා. එකේ දල තියන කමෙන්ට් වලින් සහ අප්ඩේට් වලින් එක ඇක්ටිව් හා නැති ඒවා හොයාගන්න පුළුවන්. ඒ කිව්වේ සමහර අය ජොබ් එක දලා විවිද හේතු මත ඒවා නොසලකාහැර තියෙන නිසා. පුළුවන්තරම් payment prepaid - Guaranteed කියන ජොබ් කරන්න. 
මේ වැඩ වලට ඔයාට illustrator, Correldrawphotoshopwordpress වගේ දැනුම ඕන වෙනවා. එවගේම ඉංග්‍රීසි දැනුමත් ඕනේ කියවන්න වගේම customer සමග පණිවිඩ හුවමාරු කරගන්න. 
ඔයා කරන design එකේ png හරි jpg එකක් ඉස්සල්ලම සබ්මිට් කරන්න. හැමතිස්සෙන්ම ඒගොල්ලෝ දීල තියන requirements හරියටම කියවල ඒ විදියටම කරන්න. ඔයාට කිහිපයක් හරි කරන්න පුළුවන්. ඊටපස්සේ ඔය දාපු වඩා ගැන touch එකේ ඉන්න. customer කැමති නම් ඒ ගොල්ලෝ ඔයාට feedback එවයි. ඒවා බලන්න ඔයා My profile වල Notifications කියන එකට යන්න. ..

එතන කහ පාට කොඩි වලින් feedback ද නිල් පාට කොඩිවලින් massage ද රතු පාට කොඩි වලින් Project alerts ද කොළ පාට කොඩි වලින් Payments ද දැකගන්න පුළුවන්. customer එවන feedback, massage, Project alerts වලට පුළුවන් ඉක්මනට ප්‍රතිචාර දක්වන්න. ඒගොල්ලෝ ඉල්ලන වෙනස්කම් කරලා දෙන්න. 
පොඩි දෙයක් කියන්න ඕනේ හැමදෙයක්ම තීරණය වෙන්නේ ඔයාගේ නිර්මාණ හැකියාව මත. ඉස්සලම කරන වැඩේ හරියන්නේ නැති වෙයිඒත් අධෛර්යය වෙන්න එපා. කලින් ඉවර වෙච්ච project වල දිනපුdesign බලන්න එතකොට ඔයාට අදහසක් ගන්න පුළුවන් කොහොමද කරන්න ඕනේ කියල. මගේ හරි ගියේ හතරවෙනියට දාපු එක. එක මම එච්චර උනන්දුවෙන් දාපු එකක් නෙමේ. නමුත් පලවෙනි feedback එක ලැබුණු ගමන බැහැල වැඩකරා. 6-7 පාරක් ග්‍රැපික් එක වෙනස් කරා ඒගොල්ලන්ට ඕනේ විදියට.

General comments: 
This design: is the best so far. Please submit some new designs.

Wow, great design! I think this is the one. I am conducting a poll so I will see how it ends up but I really like this a lot. Can you confirm what vector formats you can provide this to me in (I prefer Adobe Illustrator). Also, the requirements stated that I will also need a status bar icon in vector format. Will you be able to provide this as well? 

Feel free to submit more ideas if you have any. I really like your work. 

Thank you for all your submissions. If I choose your design, can I get all your submissions in vector format? 

Regards, 
Jason 

මේ තියෙන්නේ සැහීමකට පත් වෙලා එවපු massage එක. ඒ ගොල්ලෝ අපේ එක තෝරගත්තට පස්සේ අපි ඒගොල්ලෝ ඉල්ලන format, size වලින් ග්‍රැපික් එක දෙන්න ඕනේ. source files එහෙම. මතක ඇතුව නිතරම notifications බලන්න. decision pending තිබිල ඔයාගේ එක approve කලට පස්සේ Design Crowd ඒකෙන් ඔයාට payment කරනවා. (කරයි). ඔයාට paypal හරි moneybookers වලට හරි ගෙවීම් ලබාගන්න පුළුවන්. මේකට ඔය my profile වල payment options වලට ගහින් ඔයාගේ අදාල විස්තර දීල තියන්න.



ඔයගොල්ලොත් අදම Design Crowd එක්ක වැඩ පටන් ගන්න. මම හැමෝටම සුබ පතනවා ඉක්මනට ප්‍රතිපල ලැබෙන්න කියල. යාලුවන්ටත් මේ ගැන කියන්න. ලොකු ගානක් හොයන්න පුළුවන් වෙන ක්‍රම වලට වඩා. වෙබ් ඩිසයින් එකකට $1000 ක් විතර ගෙවනවා. ලෝගෝ එකකට $300-$500 ක් වගේ. මහන්සි උනොත් අපතේ යන්නේ නෑ. geek එකේ ඉන්න ඔක්කොම ග්‍රැපික් ඩිසයිනර්ස්ල එකතු වෙලා වැඩ කරමු. 
මෙතනින් ලියාපදිංචි වෙන්න





 moneybooker account 
එකට සල්ලි ලැබුණු බවට සහතිකයක්...

කව්රුත් වැඩ කරන්න බය වෙන්න එපා. මම අත්දැකීමෙන් කියන්නේ.
graphic designing 
දන්නා අයට ලක්ෂපතියන් වෙන්න පුළුවන්,ඉංග්‍රීසි දැනුම ටිකක් ඕනේපණිවිඩයක් කියවා ත්රුම් ගෙන උත්තරයක්‌ යවන්න.








මේ පිලිබඳ පලවෙනි පොස්ට් එකෙන් ,පොඩියට හැමදේම කියල ,තියනවනේ, , එකෙන් කියවල වැඩ  කරන්න පටන් ගත්තු අයට වගේම පටන් ගන්න ඉන්න යටත්,  ඒ විස්තරයම ටිකක් පැහැදිලිව මේ පොස්ට් වැඩිපුර  කියලදිල තියනවා...

මේකට අවශ්‍යවෙන්නේ ග්‍රැෆික් ඩිසයින් ගැන දැනුම(කොරල් ඩෝඉලස්ට්‍රේටර්පොටෝ ෂොප්වර්ඩ් ප්‍රෙස් වගේ)ඉංග්‍රීසි දැනුම(අවශ්‍යතාවය තේරුම් ගැනීමටහා පාරිභෝගිකයා සමග සක්කචා කිරීමට)අන්තර් ජාල පහසුකම හා වැඩ කිරීමට කාලය පමණයි.

ඉස්සල්ලම Designcrowd එකට ගිහින් ලියාපදිංචි වෙන්න

Register කියන තැන ක්ලික් කරන්න.
I'm a Designer: I want to submit designs to customers කියන ඔප්ෂන් එක තෝරන්න.

ඊට පස්සේ ඔයාගේ විස්තර පුරවලා submit කරන්න. මෙතන දෙන ඊමේල් හා මුරපදය මතක තබා ගන්න විස්තර පසුව වුවද වෙනස් කල හැකියි.
ඔයා නිතරම designcrowd එකට ලොග් වෙන්නේ නැත්නම් ඔයා නිතර බලන ඊමේල් එක දෙන්න. ඔයාට එන ෆීඩ් බැක්එලර්ට්ඉන්විටේෂන් ඔක්කොම එන්නේ මේ මේල් එකට නිසා.
(රට ලංකාව තෝරන්නඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න, Payments Via කියන එක Moneybookers කියන එක තියන්න, Payment Username/Email කියන එකට ඔයා Moneybookers ගිණුම හදාගන්න බලාපොරොත්තු වෙන ඊමේල් එක දෙන්න.)

දැන් ඔයා සාදාගත් ගිණුමට ලොග් වෙන්න.

දැන් Browse projetcs වල තියන 


Graphic design projects
Logo design projects
Web design projects
Banner ad design projects
Brochure design projects
Business card projects
Flyer design projects
Icon design projects
Packaging design projects
Poster design projects
Print design projects
Stationery projects
T-Shirt design projects
Wordpress design projects


ආදී එකකින් තමා කැමති එකක් තෝරා ගන්න. මම හිතන්නේ වැඩ කරන්න පටන් ගන්න කලින් අනිත් අය කරපු වැඩ. දිනපු අය කරන ලද ඩිසයින් එක හා කස්ටමර් ඉල්ලා තිබුණු විස්තර වගේ දේවල්අධ්‍යනය කරන්න.


 මුලින්ම කියන්න ඕනේ මේක නිකන් ක්ලික් කරලා සල්ලි හොයන වැඩක්වත්ඇඩ් දාල නිකන් සල්ලි ගෙදරට එන විදියේ වැඩක් වත්සයිට් කිහිපයක් විසිට් කලාම ගිණුමට සල්ලි එන වැඩක් වත් නෙමේ කියල. 


Designcrowd කියන්නේ ග්‍රැෆික් නිර්මාණ අවශ්‍ය අයවත් ඩිසයින් කරන්න පුළුවන් අයවත් සම්භනධ කරන තැනක්. මේ සඳහා Designcrowd එක 15% ක් අය කරනවා ඔය උපයන මුදල් වලින්.

මම හිතන්නේ නිකන් මොනවා හරි ජිල්මාට් එකක් දාල සල්ලි හොයන්න බලාපොරොත්තු වෙන අයට මේක හරියන්නේ නැති වෙයි. 

Designcrowd එකේ සාමාන්‍යයෙන් $100 - $800 වගේ පරාසයක වැඩ තියනවා ඕනෙම කෙනෙකුට තමා කැමති ඕනෑම වැඩ ප්‍රමාණයකට ඕනෙම ඩිසයින් සංඛ්‍යාවක් කල හැකියි. මේ එක වැඩක වටිනාකම රුපියල්10000 සිට 50000 පමණ දක්වා විහිදෙනවා. ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ වටිනාකමට ඔයා වැඩ කලයුතු බව. නමුත් සතුටට කාරණය එච්චර අමාරු නැති වැඩ ඕනෑතරම තියනවා. 

අපි ඩිසයින් කරලා දාපු ගමන් සල්ලි ගෙවන්නේ නැහැ. පොඩි ක්‍රමවේදයකට තමා එක සිද්ධ වෙන්නේ. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු.



දවසෙන් සල්ලි ලැබෙන්නේ නැති වුනත් හැමෝටම ප්‍රශ්නේ වෙන්නේ තමාට සල්ලි හම්බ උනොත් කොහොමද අතට ගන්නේ කියන එක. ඒ හින්ද මුලින්ම ඒ ගැන කතා කරමු.

මම මුලින්ම කිව්වා ,
Payments Via කියන එක Moneybookers කියන එක තියන්න, Payment Username/Email කියන එකට ඔයා Moneybookers ගිණුම හදාගන්න බලාපොරොත්තු වෙන ඊමේල් එක දෙන්න.
කියල.

එහෙම නැති උනත් ඒවා වෙනස් කරගන්න පුළුවන්. මෙහෙමයි කරන්නේ. මුලින්ම Designcrowd එකට ලොග් වෙන්න.

මුලින්ම My Profile එකට යන්න. ඊට පස්සේ Payment Options කියන tab එක ක්ලික් කරන්න. එතන Payment Method එක Moneybookers ලෙස සෙට් කරන්න. ඊ මේල් එකට Moneybookers ගිණුම සාදාගැනීමට බලාපොරොත්තු වන ඊ මේල් ලිපිනය දෙන්න. ඊට පස්සේ සේව් කරන්න. දැන් හරි මේකෙන් සල්ලි ලැබුනොත් ඔයාට Moneybookers එකට සල්ලි ලැබෙනවා. Moneybookers ගිණුමක් ඔයාට තිබ්බත් නැතත්.

Moneybookers 
ගිණුම හදාගන්න හැටි මෙතන තියනව 

වැඩ පටන් ගන්නේ මෙහෙමයි.

අපි හිතමු ලෝගෝ ඩිසයින් කරන ප්‍රොජෙක්ට් එකක් කරන්න යනවා කියල . ඒ සඳහා Browse projects වල Logo design projects කියන එක ක්ලික් කරන්න.

දැන් ඔයාට තියන ප්‍රොජෙක්ට් ලිස්ට් එක පෙන්නනවා. ඔයාට ප්‍රොජෙක්ට් වලට සබ්මිට් කිරීමට ඉතිරිව ඇති කාලයඒ සඳහා ගෙවන මුදලමේ වෙනකොට කොපමණ සබ්මිට් කර තිබේද යන දේවල් බලාගත හැකියි. එක එක ප්‍රොජෙක්ට් කියවා බලා කල හැකි එකක් තෝරා ගන්න. මෙහිදී
වගේ ප්‍රොජෙක්ට් තොර ගැනීම නුවනට හුරුයි. කල යුතු දේ නිවැරදිව පවසා නැති හෝ තමා ගැන විශ් වාසයක් නැති නම් තමාට පුළුවන් තෝරා එකක් ගන්න .

කියල තියන විදියට ඔයා දන්නා වැඩ දාල ලෝගෝ එක ඩිසයින් කරන්න. මේ සඳහා corel, illustrator වගේ සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරන්න පුළුවන්. ලෝගෝ එකේ PNG හෝ jpg එකක් එක්ස්පෝර්ට් කරගන්න 
ඒ ඉමේජ් එක Submit your design කියන තැනින් අප්ලෝඩ් කරන්න. corel, illustrator ෆයිල් හෝ eps ෆයිල් අප්ලෝඩ් කරන්න මුලින් ඕනේ නැහැ.
තමා සබ්මිට් කල ප්‍රොජෙක්ට් Watchlist එකට සේව් වෙනවා. එතනින් පස්සේ බලන්න පුළුවන්
අප්ලෝඩ් කරලා ( එකක් හෝ කීපයක්) බලාගෙන ඉන්න. සමහරව්ට ප්‍රොජෙක්ට් එක දාපු කෙනා ඔබේ ඩිසයින් එකට කමෙන්ට් කරයි. වෙනසක් කරල ඉල්ලුවොත් දෙන්න. ඔයාගේ එක තේරුනොත් සතියක් දෙනවාඔයාට source files අප්ලෝඩ් කරන්න. ඒ සඳහා Submissions වලට ගිහින් ඔයාගේ අදාළ ප්රෝජ්ක්ට් එක තොරන්නඑතනින් Add Sources Files ක්ලික් කරලා source files අප්ලෝඩ් කරන්න පුළුවන්. එතනින් ම ඔයාගේ ඩිසයින් එක තරඟයෙන් ඉවත් කරගන්නත් ඔයාට පුළුවන්. වෙනස් කරපු ඩිසයින් එකක් දන්නෙත් මෙතනින්මයි.

මේක හිතන තරම් අමාරු නැහැ උදාහරණයක් විදියට මේ ප්රෝජ්ක්ට් එක බලන්න 
මේකේ ඉල්ලලා තියෙන්නේ Gc2 කියන එකට ලෝගෝ එකක්


තේරිලා තියන ලෝගෝ එක බොහොම සරල එකක්. නමුත් ගෙවීම $350 ක්රුපියල් 45000 ක්. කොහොමද වැඩේ

සරලව හිතල තේරුම් අරගෙන කරනවානම් ලේසි ඒවා තියනවා.
ජය වේවා

ලෝගෝඅයිකන්වෙබ් ඩිසයින් වගේ ගොඩක් ඒවා තියනවා කරනවානම්




Freelance Design Jobs




ඔයා designcrowd එකේ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවනම් ඔයාට ග්‍රැපික් ගැන දැනුමක් තියෙන්න ඔනෙ.
මුලින්ම අපි බලන්න ඕනේ අපිට මොනවද කරන්න පුළුවන් කියල. ලෝගෝ වගේ ඒවා හදනවනම් කොරල්ඉලස්ට්‍රේටර්ඉන් ඩිසයින් වගේ ඒවා හොදයි. බැනර් ඉමේජ් වගේ ඒවා හදන්න පොටෝ ෂොප් වගේ එකකින් පුළුවන්. තව කට්ටි ය දන්නා ඒවා මෙන්තන දාන්න. වැඩේ තියෙන්නේ ඔක්කොම් වචන වලින් ලියන්න අමාරු වීම. හැම තිස්සෙම් කියල තියන විදියට වැඩ කරන්න. හොද කොලිටි එකක් දෙන්න.
සාමාන්‍යයෙන් වෙක්ටර් ෆෝමැට් වලින් ඩිසයින් කරනකොට සයිස් එක වැදගත් වෙන්නේ නැහැඋදා: කොරල්ඉලස්ට්‍රේටර්ඉන් ඩිසයින් වගේ
හැබැයි ෆොටෝ එඩිට් කරනකොට එහෙම නෙමේ එතකොට සයිස් එක රෙසලුෂන් එක වැදගත් වෙනවා.
මෙතනදී ග්‍රැෆික් කරන අය දැනගන්න ඕනේ සරල සාමාන්‍ය දැනීම හා ඩිසයින් ක්‍රවුඩ් එකේ මිනිමම් අවශ්‍යතාවයන් හා කස්ටමර්ගේ අවශ්‍යතාවයන් වැදගත් වෙනවා.
සරල සාමාන්‍ය දැනීම කිව්වේ ,අපි වෙබ් පේජ් එකකට දාන බැනර් එකක් හදනවනම් එකේ resolution එක 72 dpi වෙන්න ඕනේ. කලර් RGB වෙන්න ඕනේ. බැනර් එක නියම පික්සෙල් ගානට තියන විදියට කැන්වස් එක තෝරාගන්න ඕනේ.
අපි ප්‍රින්ට් කරනබ්රෝචර් එකක් බිස්නස් කාඩ් එකක් වගේ හදනවනම් අපේ ඩිසයින් එක ප්‍රින්ට් රෙදි වෙන්න ඕනේ. ඒ කියන්නේ නියම දිග පළල අඟල් හෝ මි.මි. වලින් තියෙන්න ඕනේ. රෙසලුෂන් එක 300වෙන්න ඕනේකලර් මෝඩ් එක CMYK වෙන්න ඕනේ.
ඔන්න ඔය වගේ මූලික දැනුම අපට අවශ්‍ය වෙනවා.
අපිට අපේ ඩිසයින් එකේ ප්‍රිවිව් එකක් නෙ මුලින් අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ සඳහා දීල තියෙන්නේ png හරි jpg හරි ෆෝමැට් දෙක. කස්ටමර් සැටිස්ෆයි වෙන තරම් හොද කොලිටි ඉමේජ් එකක් එකස්පොට් කරලා අප්ලෝඩ් කරන්න ඕනේසෝස් ෆයිල් සිලෙක්ට් උනොත් දාන්න.
http://www.youtube.com/watch?v=9Qx6fbt1ycA&feature=player_embedded



සමහර  project වල මෙහෙම කියනව නේද? "The logo will be used on stationary, business cards, website, and signage outside premises" එතකොට අපි logo එකක් වාගේ නම් අපි භාවිතා කරන්න ඔනෙ RGB color Mode එකද? CMYK color Mode එකදහැබැයි මෙ Color Mode දෙකෙන්ම design කරොත් color වල ලොකු වෙනසක් වෙනව නේද?

RGB හැදුවොත් ප්‍රින්ට් කරන්න බැහැ(ඔෆ්සෙට් වගේ/ ඩිජිටල් ප්‍රින්ටින් නම් පුළුවන්). cmyk කරන්න වෙනවා. RGB තමා ලස්සන. කලර් ෆුල්.,,,


 Web site වලට, Print වලට කියල දෙකෙන්ම design ඉල්ලපුවාම අපි design කරන්න ඔනෙ කොහොමද? RGB එකෙන්ද? 
නැත්තම් CMYK වලින්දඑහෙමත් නැත්තම් RGB එකෙන් design කරල CMYK වලටconvert කරානම් හරිද?


CMYK වලින් කලාම ප්‍රින්ට් හා වෙබ් කියන දෙකටම යොදා ගන්න පුළුවන්.

CMYK තියෙන්නේ RGB කලර් රේන්ජ් එක ඇතුලෙනේ.
 දෙවනි පින්තූරේ බලන්න.
අපේ මොනිටරේ අපිට කලර් පෙන්නන්නේ RGB විදියට.


1 comments:

Unknown said...

me site eke photoshop walin logo hadala danna puluwanda

Post a Comment

 
Copyright © sambavana.com