Thursday 2 January 2014

Freelancer.com ගැන වැඩිදුර යමක් 01 - Odesk & Freelance වලින් Order එකක් ගන්නේ මෙහෙමයි.

Freelancer.com ගැන වැඩිදුර යමක් 01 - Odesk & Freelance වලින් Order එකක් ගන්නේ මෙහෙමයි.


මම කිව්වනේ පසුගිය දවස්වල මට Odesk එකේ සහ Freelancer එකේ වැඩ හම්බුණා කියලා.ඉතිං ගොඩක් අය ඇහුවා කොහොමද වැඩ ගන්නේ අපි කොච්චර Application දැම්මත් අපිට වැඩ හම්බෙන්නේ නැහැනේ කියලා කියනවානේ.ඉතිං මම කියලා දෙන්නම් කොහොමද මේ වැඩ ගන්නේ කියලා.මම හිතනවා මේ ලිපිය ලියන්න කලින් යමක් කියන්න ඕන කියලා.මම දැනට _O/L කරලා ගෙදර ඉන්නේ.ගණිත අංශයෙන් ඉදිරියට යන්න තමා ඉන්නේ.ඒ අතර මේ මාස 06ක පමණ කාලයක් අන්තර්ජාලයෙන් කීයක් හරි හොයාගන්න තමා බලාපොරොත්තුව.ඊට පස්සේ ආයේ මම වසර 02ක කාලයකට මගේ මේ වැඩ කටයුතු නවතා දමනවා.මම දැනට ගොඩක් අයට උදව් කරලා තියෙනවා.ඒ අතර මං දන්න ඔය එක එක වැඩ කෑලි කියලා දීලා තියෙනවා.පසුගිය දවස් වල මට ලැබුණු ඊමේල් පණිවිඩ කිහිපයකින් පොඩ්ඩක් හිත රිදුනා.ඒත් ඒවා ගණන් ගන්නේ නැහැ.ඒත් මම දන්නවා මට ඒ ඊමේල් එවපු කිහිපදෙනා මේ ලිපියත් කියවනවා කියලා.ඒ අතර අනිත් අයත් මේක හොදට තෙරුම් ගන්න.

කිසිවිටෙකත් ගුරු මුෂ්ටියක් නොතියාගෙන මේවා ගැන කියලා දෙන්න බැහැ.මොකද අපි කරන්නේ තරගයක්.අපි රේස් එකක් දුවන්නේ.ඒකේ පලවෙනියා වෙන්නේ එක්කෙනයි.ඒත් අපි විශාල පිරිසක් දිව්වට අපි ඔක්කෝටම එකම වෙලාවට එය නිමා කරලා සම ජයක් ලබන්න බැහැ.මම විනෝදාංශයක් ලෙසත් අනෙක් අයට උදව් කිරීමේ අරමුණින් මේ බ්ලොග් එක ලියනවා.මම විශ්වාස කරන ආකාරයට මම අද යම්කිසි මුදලක් ඉතා වේගයෙන් උපයාගෙන ඇත්තේ මම කළ ඒ උපකාරවල ප්‍රතිඵල ලෙසයි.මගේන් ඔබ උදව් ලබන්නේ ඔබ ගිය ආත්මේ කළ පිනකට නොවේ.එසේම මම ඔබට උදව් කරන්නේ ගිය ආත්මේ මම කළ පවකට හෝ නෙමේ.බුදු දහමට අනුව සෑම ක්‍රියාවක් පසු පසම අතීත කර්මයක් ඇතැයි සිතීම වරදක්.මම මේ කරන්නේ මේ ආත්මයේ කර්මයි.මම ඔබට උදව් කිරීම මේ ආත්මයේදී මම සිතා මතා කරන කර්මයක්.ඒකේ විපාක මට මේ භවයේ හෝ මතු භවයේ විපාක දේවී.ඒත් අද සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් උදව් උපකාර කරන්නේ හොද අහන්න.මම කැමති නැහැ කවුරුත් මට හොදයි කියනවාට.අපේ පවුල් වල පවා ඉන්නවා මේ වගේ අය.හොදම බාප්පා,හොදම මාමා,හොදම නැන්දා,හොදම ළමයා මේ වගේ අහගන්න කැමති අය.ඊට අමතරව ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන් පවා ඉන්නවා මේ ටික අහගන්න කැමති අය.අද ගොඩක් අය උදව් කරන්නේ යටි සිතේ විවිධ අරමුණු තියාගෙන.සමහරුන් පෝයදාට මුළු ගමට ම හෝ ලංකාවටම පේන්න එක එක දේවල් දන් දෙනවා.ඔවුන් තුළ තියෙන්නේ කුමක් හෝ ආයතනයක,දේශපාලන හෝ සමාජයේ ඉහළ තනතුරක් නම්බු නාම ලබා ගැනීමෙන් උදව් කිරීමක්.මේ සියල්ල නිවැරදිව තේරුම් ගත් පුද්ගලයා කවදාවත් පෝය දාට පන්සල් යන්නෙත් නැහැ.බෙරගහලා දන් දෙන්නෙත් නැහැ.ඒ අය සමාජයේ නිහඩ මෙහෙවරක නිරත වෙලා පිං ‍රැස් කරගෙන මෙලොවටත් පරලොවටත් සැප අත් කරගෙන සමුගෙන යනවා.ඒක නිසා කවුරුත් මට බටර් ගාන්න ඕන නැහැ.මගේ අනාගත බලාපොරොත්තුව මේ සමාජයේ, සමාජයෙන් යුතුකමක් ඉ‍ටු විය යුතු එහෙත් එසේ ඉ‍ටු නොවන පුද්ගලයන් වෙනුවෙන් යම්කිසි දෙයක් ඉ‍ටු කිරීමටයි.මම නිතර දුම්රියේ යන කෙනෙක් ලෙස මම විවිධ ජාතියේ හිගන මිනිසුන් දකිනවා.ඒත් ඒ අතර හිගා කෑමට නොහැකිව කාටවත් අත නොපා උදව්වක් බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් ඉන්නවා.එවැනි අයට මම නිතරම රු:500 කින් හෝ 1,000 කින් උපකාර කරන්න අමතක කරන්නේ නැහැ.එවැනි මිනිසුන් දැක්කම හදුනාගන්න පුලුවන්.එවැනි අය අපට පිං දීමක් පමණක් කරනවා.එහෙත් මා සිතන ආකාරයට රුපියල් ලක්ෂ ගණන් වලින් ආධාර උපකාර කරනවාට වඩා එවැනි මිනිසුන්ට උපකාර කිරීම වැදගත් ලෙස මා දකිනවා.ඒවැනි අයට මම ලබාදෙන මුදල් නිසා වෙන්න පුලුවන් මට මේ Odesk හා Freelancer වල මට Orders එන්න හේතුවන්නේ.මට කිසිවිටෙකත් උවමනාවක් නැහැ ඔබේ හිත තුල කුතුහලයක් තණ්හාවක් ඇති කරන්න.මට අවශ්‍ය ඔබව දිරි ගැන්වීම පමණි.මා විශ්වාස කරන ආකාරයට අපිට පිහිට වෙන්න ආයේ මොන ලෝකෙන්වත් දෙවියෝ එන්නේ නැහැ.එහෙත් මනුෂ්‍ය වෙසින් සිටින දෙවිවරු මේ සමාජයේ ඕන තරම් ඉන්නවා.අපේ මිනිස්සු කරන්නේ එසේ ලැබෙන උපකාර අර උදව් කරපු මිසාගේ ගිණුමට වෙනුවට පෙරේතයොන්ගේ, කුම්බාන්ඩයොන්ගේ, යක්ෂයන්ගේ,භූතයන්ගේ,දෙවියන්ගේ ගිණුම් වලට බැර කරන එක තමා.

එහෙනම් අපේ මාතෘකාවට එමු.මම විමසුම්බ්ලොග් ලෙස මගේ චරිතයක් ගොඩ නගා ගත්තා මෙන්ම මම මෙවර තවත් චරිතයක් ගොඩ නගා ගත්තා.ඒ වෙනත් නමකින්.මම ඊමනී කරන්නේ ඒ නමින් තමා.මම පලමුව දෙසැම්බර් 22 වනදා ඇඩ්සෙන්ස් ගන්න බ්ලොග් එකක් හැදුවා.එදාම Odeks සහ Freelancer වලත් Register වුණා.දෙසැම්බර් 23 Fiverr වල Register වුණා.මගේ Odesk හා Freelancer Account දෙකේම Complete වෙලා තියෙන්නේ 30%.පලමුවෙන්ව Register වුණාම Odesk එකේ දෙන Test එක ලිව්වා.ඊට පස්සේ ඒක සමත් වුණා.එකේ නම ගම පිරෙව්වා.පොඩි Description එකක් ලිව්වා.එච්චරයි කළේ.Freelancer වලත් එහෙමයි.මම කරන්නේ Email Marketing තමා.පලමු දවසේම Job එකකට Application එකක් දැම්මා.ඒකේ Budget එක වුණේ $500.කරන්න තිබ්බේ ඊමේල් ලිස්ට් දෙන එක.මම $300ක් ඉල්ලුවා ඊමේල් මිලියන 100කට.පොර කැමති වුණා.ඊට පස්සේ මට කිව්වා Mediafire වලට Upload කරන්න කියලා.ඊට පස්සේ මම මිනිහට Upload කරලා Download ලින්ක් දුන්නා.සුද්දා ඒක බාගත්තා.මිනිහා 17 දෙනෙකුගෙන් ඊමේල් ගත්තා ඒ දවසේ.එදා ඩොලර් දෙදහස් ගණනක් වියදම් කළා.ඊට පස්සෙ උගේ අතේ සතේ නැති වෙලා.ඌ කිව්වා මට ඉස්සරහට සල්ලි ගෙවන්නම් කියලා.සල්ලි ලැබුණාම $300න් Odeks එකේ උන් 10%ක් කපා ගන්නවා.එතකොට මට ලැබෙන්නේ $270ක්.ඒත් අවුලක් නැහැ.ඊට පස්සේ මට එක්සෙල් වැඩ වගයක් හම්බුණා.මගේ Account එක එච්චර හොදට තිබ්බේ නැති වුණත් මට වැඩ ලැබුණා.ඒ සුද්දොන්ගේ වැඩ කළා.ඒකෙන් $150ක් ලැබුණා.ඒවා දැන් Odeks එකේ තියෙනවා.ඊට පස්සේ මම Freelancer එකේ සුද්දෙක්ට මම අර ඔයාලට Sharecash Video වල පෙන්නපු ඊමේල් ටික වික්කා.මිනිහා දාලා තිබ්බේ ඇමරිකාවේ ඊමේල් මිලියන 10ක් ඕන කියලා.මගේ ගාව මිලියන 20ක් ම තිබ්බා.ඒ පාර මම දැම්මා Bid එකක්.ස්ක්‍රීන් ශොට් ටිකක් ඌට යැව්වා.ඩොලර් 200ක් ඉල්ලුවා.ඊට පස්සේ ඌ මගේ Skype Name එක අහලා එවලා තිබ්බා.ඊට පස්සේ ජනවාරි 02 ඌත් එක්ක Chat කළා.ඊට පස්සෙ පොර කිව්වා ඌ කලින් ඊමේල් මිලියන 40ක් $150 කට ගත්තා මගේ ගාන වැඩියි කියලා.ඊට පස්සේ මම උගෙන් $120ක් ඉල්ලුවා.ඌ කැමතියි කිව්වා.ඊට පස්සේ පොරට Mediafire වලට upload කරලා Download ලින්ක්ස් යැව්වා.ඊට පස්සේ පොර ඒවා බාගෙන මට කිව්වා මේ මිලියන 20 Invalid,Duplicate,bad Emails තියෙනවා කියලා.කොහොම කොහොම හරි එක එක ඒවා කියලා ඌ මට $75ක් ගෙව්වා.ඒත් අවුලක් නැහැ.මම කිසි මහන්සියක් නොවී $75 ගත්තා.ඒක Freelancer හරහා නෙමේ ගෙව්වේ.කෙලින්ම මගේ Paypal එකට.පහතින් දක්වා ඇත්තේ ඒ ස්ක්‍රීන් ශොට් එක තමා.මේ ස්ක්‍රීන් ශොට් එක නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු එකක් නෙමේ.මේක දැමීමේ අරමුණ ඔබව දිරිමත් කිරීම මිස වෙන කිසි අරමුණක් නොවේ.

මම ඔබට කලින් කිව්වා අපි ජීවිතයේ දී අප උපයන්න ඕන සල්ලි නෙමේ මිනිසුන් කියලා.ඒ සුද්දා එක්ක මම දිගට හරහට Chat කළා.ඌට ඇඩ්සෙන්ස් ගිණුමක් තියෙනවාලු.ඌ ඇමරිකාවේ එකෙක්.ඌ ඒකෙන් මාසෙකට $400ක් ගන්නවාලු.මම ඌට කිව්වා මම ඒක $1000කට වැඩි කරලා දෙන්නම් මට 20%ක් ඕන කියලා.ඌ ඒකට කැමති වුණා.ඒ කියන්නේ උගේ ඇඩ්සෙන්ස් ආදායම $2000 ක් වුණොත් මට $400ක් ලැබෙනවා.ඉතිං මම කරන්නේ දැන් ඌත් එක්ක මාසයක් වැඩ කරනවා.ඌ සල්ලි ගෙව්වොත් ඊලග මාසෙත් වැඩ කරනවා.මේ විදියට දිගටම වැඩ කරන එක තමා.ඒ අතර මගේ ඇඩ්සෙන්ස් ගිණුමෙත් වැඩ කරගෙන යනවා.මම කරන්නේ ෆේස්බුක් හරහා හොද ට්‍රැ‍ෆික් එකක් ඒ සුද්දාගේ බ්ලොග් වලට දීලා ෆේස්බුක් ක්ලිකර්ස්ලාගෙ ක්ලික් අරගෙන උගේ ආදායම වැඩි කරන එක තමා.ඉතිං Odeks හා Freelancer වල වැදගත්කම මේකයි.අපිට ඒ ඉන්න සුද්දෝ එක්ක දිගටම වැඩ කරන්න පුලුවන්.

Odeks & Freelancer එකේ පහසුවෙන් Job එකක් ලබා ගැනීම.

Odeks එකේ හා Freelancer එකේ Job ගන්න එක ලේසි නැහැ.අපේ ගොඩක් අය හිතන් ඉන්නවා එයාලට වැඩ පුලුවන් කියලා.ඒත් වැඩක් කර ගන්න බැහැ.මම කියන්නේ ඔයාලා හිතන්න ඕන අපිට වැඩ බැහැ කියලත් නෙමේ අපිට වැඩ සුපිරියට පුලුවන් කියලත් නෙමේ.මධ්‍යස්ථව සිතන්න ඕන.ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕන.ඔබට ලංකාවේ කිසියම් තැනකට පරිගණක අංශයෙන් ජොබ් එකක් ගන්න පුලුවන් නම් එවැනි ජොබ් මේ Odeks හා Freelancer හරහා ලබා ගන්න පුලුවන්.උදාහරණයකට ඔබට ලංකාවේ Photoshop ආශ්‍රිත ජොබ් එකක් ලැබෙනවා නම් ඔබට නිසැකවම Odeks හා Freelancer හරහාද ජොබ් එකක් ගන්න පුලුවන්.නැතුව දවස පුරාවටම ෆේස්බුක් එකේ හෝ ස්කයිප් එකේ හිටියා කියලා මේ වැඩ ගන්න බැහැ.ඒ කියන්නේ හැකියාවක් තියෙන්න ඕන.මම දැනට කරන්නේ Email Marketing තමා.ඉතිං මම ඉදිරියට මේ Email Marketing ගැන ඔබට සම්පූර්ණ ලිපි මාලාවක් ලියන්නම්.ඔබ කළ යුත්තේ පලමුව හොද පාඨමාලාවක් හැදෑරීම.උදාහරණයකට මට ඔය පොඩි පොඩි වැඩ Photoshop වලින් කළාට මට බැහැ කියලා මම දන්නවා.ඒක නිසා ඒ පැත්තෙන් වැඩ කරන්න බැහැ කියලා මම දන්නවා.ඒත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා හොද Photoshop පාඨමාලාවක් හදාරලා ඊට පස්සේ මේ Odeks & Freelancer වල වැඩ කරන්න.ඔබටත් එහෙම හැකියාවක් නැතිනම් කරන්න තියෙන්නේ මේ වැඩේ තමා.නැත්නම් ඉතිං මේ ඊමනී කියන අදහස හිතෙන් ඈත් කර ගන්න එක තමා හොද.ඉතිං හොද හැකියාවක් තියෙන කෙනෙක්ට තමන් කලින් නිම කළ වැඩ වල ස්ක්‍රීන් ශොට් පෙන්නලා හොදට වැඩ අරගන්න පුලුවන් ඉතා ලේසියෙන්.

ඇයි සුද්දෝ Odeks & Freelancerහරහා අපිට වැඩ දෙන්නේ?

සුද්දෝ අපිට Odeks & Freelancer එක හරහා වැඩ දෙන්නේ කහනවාට නෙමේ.සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න කෙනෙක්ව ඇමරිකාවේ ආයතනකින් උන්ගේ කම්පැනියේ වැඩ කරන්න වැඩට ගන්නවා කියමු.එතකොට මෙහෙ ඉන්න එකා එහෙ යන්න ඕන.එතකොට ඌ පාස්පෝර්ට් හදන්න ඕන.වීසා ගන්න ඕන.ඒජන්සි ගාස්තු ගෙවන්න ඕන.ඉතිං ඌට හරි කචල්.ඒ වගේම අර කම්පැනියේ සුද්දෝ මූව ගන්න කොට උනුත් එහෙන් ඒජන්සියකට ගෙවනවා.ඒ වගේම උන් වෙනම වීසා වලට ගෙවනවා.ඊට පස්සේ මෙහෙන් යන එකාට ඉන්න කන්න බොන්න දෙන්න එපැයි.හදිසියේ වත් මෙහෙන් ගියේ කාලකණ්ණියෙක් නම් උන්ට අප්සට් යනවා.ඒක නිසා තමා මේ වගේ වෙබ් අඩවි බිහි වුණේ.සුද්දාට කර ගන්න ඕන වැඩේ ඌ මේ වැනි වෙබ් අඩවි වල දානවා.ඊට පස්සේ ඌට පුලුවන් දක්ෂම ඉතාම අඩු කාලයකින් මෙන්ම අඩු ම මුදලකට මේ වැඩ කර ගන්න.ඒකෙන් උන්ට ලේසියි.ඒ වගේම අපේ එවුන් ගෙදර එවුන්ව දාලා රට යන්න ඕනෙත් නැහැ.ආතල් එකේ ගෙදරට වෙලා වැඩ කරගෙන ඉන්න පුලුවන්.

Odeks & Freelancer එකේ Application දානකොට සැලකිලිමත් විය යුතු කරුණු.


ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි කොච්චර Application දැම්මත් වැඩ නොලැබෙන එක.ගොඩක් වෙලාවට අපේ අය තමන්ට ගැලපෙන වැඩක් දැක්කොත් ඒක පරීක්ෂා කරන්නේ ඒකට දාලා තියෙන අනෙකුත් Application ගණන අනුවයි.අම්මෝ මේකට මෙච්චරක් අච්චරක් Application දාලා මට මේක ලැබෙන එකක් නැහැ කියලා හිතනවා.ඉතිං කවදාවත් ජොබ් එකක් ලැබෙන්නේ නැහැ.මම මේ අත්දැකීමෙන් කියන්නේ,සමහර වෙලාවට සීයක් Application දැම්මත් ඒ අයගෙන් හැට හැත්තෑවක් Interview කරන අවස්ථා තියෙනවා.විශේෂෙන් Email Marketing වලදී.ඊට අමතරව අනෙකුත් පැති වලත් මෙහෙම වෙනවා.ඒක නිසා Application කීයක් දාලා තිබ්බත් අපිට වැඩක් නැහැ.ඒක සුපිරියට කරන්න පුලුවන් නම් ඒකට Application එකක් දාන්න.

ඊළග එක තමා අපිට ලැබෙන Application ටික ‍රැක ගන්න එක.ඔයාලා ජොබ් එකකට Application එකක් දානකොට ඒ ජොබ් එක දාපු එකා ගැන පොඩ්ඩක් හොයලා බලන්න.ඌ මීට කලින් දීලා තියෙන වැඩ මොණවාද?මූ කොච්චර කාලයක ඉදන්ද ඉන්නේ?මූ කලින් කොච්චර ගෙවලා තියෙනවාද? මූ මොන රටේද කියන එකත් වැදගත්.ඒ වගේම මූගේ Payment Method එක Verified ද කියන එක වැදගත්.ඇමරිකාවේ සුද්දෙක් වැඩක් දානවා ඌ කියනවා ඒකට $100ක් දෙනවා කියලා.මේක දකින පකිස්ථාන්,ඉන්දියානු,බංගලාදේශ්,ඉන්දුනීසියානු,නේපාල එවුන් ඒ ජොබ් එකම එකේම Odeks හෝ Freelancer වැනි අඩවියක දානවා.හැබැයි උන් ඒකට ගෙවන්නේ $50ක් වගේ තමා.ඊට පස්සේ ඌත් අර සුද්දාගේ ජොබ් එකට Application එකක් දානවා.ඌට ඒ ජොබ් එක ලැබුනොත් ඌ දාපු ජොබ් එකට Application දාපු එකෙක්ට කියලා ඒක කර ගන්නවා.හදිසියේවත් ඌට ඒ ජොබ් එක නොලැබුනොත් අපි දාපු Application එක අපරාදේ.එම නිසා මම නම් කවදාවත් ආසියාතික රටවල එවුන්ගේ ජොබ් වලට Application දාන්නේ නැහැ.Application දානවවිට සමහර වෙලාවට ඉහත ආකාරය වැඩ අරගෙන කරපු එවුන් ඉන්නවා.ඒ වගේ උන්ගේ Profile එකේ සල්ලි ගෙව්වා කියලා තියෙනවා.ඒ වගේම උන්ට Feedback Score උනත් තියෙනවා.ඒත් උන්ව විශ්වාස නැති නිසා මම නම් කිසි විටෙකත් ඒ වගේ උන්ගේ ජොබ් වලට Application දාන්නේ නැහැ.සෑම විට ඇමරිකාවේ හෝ යුරෝපයේ සුද්දොන්ගේ වැඩ වලට තමා Application දාන්නේ.සුද්දෝ ලෙස එක එක හොරු ඉන්නවා.ඒ වගේම හොර සුද්දොත් ඉන්නවා.ඒක නිසා වැඩකට Application දාන්න කලින් ඒ සුද්දාගේ Payment Method එක Verified ද කියලා බලන්න.ඒ ජොබ් එක දෙන එකාගේ Payment Method එක Verified නැති නම් ඌට වැටෙන Application ගණන අඩු බව ඔබ හොදින් නිරීක්ෂණය කළොත් බලා ගන්න පුලුවන්.ඒ වගේම ඒ වගේ ඒවාට Application දාලා වැඩ කරලා දිලා සල්ලි නොලැබුනොත් අපි නම් නැ‍තෝ!

අපිට දැමිය හැකි Application ගණන ‍රැක ගැනීම වැදගත්.එම නිසා ඒවා අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතුයි.Odesk වල Job Application Quota ලෙසත් Freelancer වල Bids ලෙසත් අපිට දැමිය හැකි Application හදුන්වනවා.Freelancer වල නම් අපිට Bid මිලදී ගන්න පුලුවන්.ඊට අමතරව අපේ Profile එක Complete කරන ප්‍රතිශතය අනුව අපට ලැබෙන Bid & Quota ගණන තීරණය වනවා.පොඩ්ඩක් Google Search කළොත් Odeks එකේ  හා Freelancer එකේ Test වල ප්‍රශ්න පත්තර හොයා ගන්න පුලුවන්.ඒවා ටිකක් ලියලා දැම්මාම තව Bids & Quota ටිකක් ගන්න පුලුවන්.ඊට අමතරව Odeks හා Freelancer වැනිම අඩවි වන Elance.com ,Guru.com  වැනි අඩවි වල ද Register වී ඉහත ආකාරයට ජොබ් වලට Application දැමීමෙන් ඔබට මසකට සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් ලබා ගන්න පුලුවන් වේවී.සෑම විටම ඔබට වැඩක් හමු වුණොත් ඒ සුද්දාගේ Skype,Facebook,Twitter,Email  විස්තර ඉල්ල ගන්න අමතක කරන්න එපා.ඉදිරියට ඒවා වැදගත් වේවී.එලෙසම මෙම වෙබ් අඩවි වල පුලුවන් තරම් හොද Feedback Score එකක් ලබා ගැනීමත් වැදගත්.එතකොට වැඩ ලබා ගැනීමට හැකිවේවී.


මම හිතනවා මේ ලිපිය වැදගත් වේවී කියලා.ඒ වගේම ඕන කෙනෙක්ට මම ආරාධන කරනවා විශේෂයෙන් මාව අතහැරලා ගිය අයටත්.මොකද මං දන්නවා එයාලත් තාම මේ බ්ලොග් එක කියවනවා කියලා.එවැනි අයට උනත් මම විවෘත ආරාධනයක් කරනවා.මෙච්චර කාලයක් මම මගේ බ්ලොග් එක ලියලා තේරුම් ගත්තේ එක දෙයයි.මගේ උඹලට ගන්න දෙයක් තියෙනවා නම් අරගනින්.මාව සූරගෙන හරි කාපන්.මම ආයේ මුකුත් කියන්නේ නැහැ.ඊට පස්සේ මං ඉන්න පැත්ත වත් නොබලා උඹ දියුණු වෙලා පලයන්.ආයේ මම මුකුත් කියන්නේ නැහැ.

1 comments:

Unknown said...

නියමයි

Post a Comment

 
Copyright © sambavana.com