Thursday 2 January 2014

Sharecash මගින් මුදල් ඉපයීම 01 - $hareCash,FileIce Downloads + Adsense + Minuteworkers එකෙන් පැයකට $5ක් හොයමු

Sharecash මගින් මුදල් ඉපයීම 01 - $hareCash,FileIce Downloads + Adsense + Minuteworkers එකෙන් පැයකට $5ක් හොයමු


විමසුම් බ්ලොග් හා ‍රැදී සිටින ඔබට අද මම අලුත්ම දෙයක් ගැන කියලා දෙන්න යන්නේ.ඉතිං මේ ලිපිය කියවලා ඉවර වෙනකොට ඔබ පැයකට $2-5ක් උපයන කෙනෙක් බවට පත්වෙනවා.අද ඉතිං මේ ගැන උගවන්නේ අලුත්ම ක්‍රමයකට.මම කලින් කිව්වා O/L ඉවරවෙනකල් ආයේ බ්ලොග් එකේ මුකුත් ලියන්නේ නැහැ කියලා.ඒත් මම ලිපි කිහිපයක් දැම්මේ ඒවා සම්පූර්ණයෙන්ම ලියලා Draft කරලා තිබුණ නිසා.තවද මේ ලිපිය මේ වසරේ අවසාන ලිපිය ලෙස ලියන්න හිතුණා.මොකද මට ලොකු උවමනාවක් තිබුණා මේ ගැන ඔයාලට කියලා දෙන්න.මොකද මම ආයේ මාස 04කින් මේ බ්ලොග් එක පැත්තේ එනකොට ඔයාලට මේක හරහා මසකට අවම වශයෙන් රු.10,000ක් උපයාගන්න පුලුවන් නිසා මේකත් ලියලම කෙටිකාලීන සමුගැනීමක් කරන්න ඕන කියලා හිතුණා.එතකොට මම ආයේ මාස 04කින් එනකොට ඔයාට Full Domain Hosting සහිතව ඉන්න පුලුවන්.එතකොට  ඔයාට  උදව් කරන්න මට තවතවත් ලේසි වේවී.අද ඔක්කොම උගවන්වන්නේ Video මගින්.ඉතිං මේ Video වල අවුල් තියෙන්න පුලුවන්.ගෙදර අය අහනවා තනියම කාත් එක්කද කියවන්නේ කියලා.ඒ වගේම මට පිස්සුද කියලත් අහනවා.ඉතිං මේක පටිගත කළේ ශබ්දාගාරයක නෙමේ.ඒක නිසා ගෙදර කස්ටිය කෑ ගහන ඒවා,බල්ලා බුරන සද්දය ඒ වගේම මගේ අතින් ලොකු වරදක් වුණා.ඒක තමා fan එක දාගෙන හිටියා.ඒක නිසා පොඩි සද්දයකුත් ඇති.ඒවා ගණන් ගන්න එපා.ඉතිං කොහොම උනත් වැඩේ සුපිරියට ඉගෙන ගන්න පුලුවන්.

Minuteworkers එකෙන් දිනකට $5ක්................

Minuteworkers යනු ලෝකයේ තියෙන Mini Job අඩවි වලින් හොදම අඩවියකි.අපේ ගොඩක් අය Microworkers එකේ වැඩ කළාට Minuteworkers එකේ වැඩ කරන්නේ නැහැ.ඒකට බලපාන ප්‍රධානතම හේතුව තමා Minuteworkers ඒකේ තියෙන ගොඩක් Job Complete කරන්න පුලුවන් USA/UK/CAN/AUS අයට.විශේෂයෙන් ඔය $harecash & Fileice Download Survey Complete කරන්න අපේ අයට බැහැ.ඉතිං අද මම කියලා දෙන්න යන්නේ $harecash & Fileice Download Survey ඇතුලු Download Job Complete කර පැයකට $2-5ක් උපයන්න.අද මම Screenshot වලින් නෙමේ කියලා දෙන්නේ.පහත Video එක බලන්න.ඔක්කොම මුල ඉදලම තියෙනවා.ඉතිං බාගෙන බලාගෙන වැඩේ කරගෙන යන්න තියෙන්නේ.අලුතින් Minuteworkers වලට Sign Up වෙන අය එහෙම ඉන්නවානම් පහත ලින්ක් එකෙන් ගිහින් ගිහින් සහය පල කිරීමක් ලෙස Sign Up වෙන්න.ඔයාලා එක්කෙනෙක් Sign Up වෙනකොට $0.05 කුත් එසේ Sign Up වුනු කෙනෙක් පලමු Survey එක Complete කළාම $0.10කුත් ලැබෙනවා.ඉතිං කැමති නම් විතරක් පහත ලින්ක් එකෙන් ගිහින් Sign Up වෙන්න.Minuteworkers එකේ වෙන්න යනකොට "NOTE: One account per computer, our system detects the IP of users and if more than one account is created you will be banned and unable to join this site again".කියලා එකක් ඇති ඒක ගනන් ගන්න එපා.ඔයාගේ IP එකෙන් ගියාම This IP already Registered කියලා Message එකක් ආවොත් අර HotSpot Shield Software එකෙන් IP  එක Change කරලා Sign Up වෙන්න.
minute workers  
මේ Video Youtube එකට Upload කළේ නැහැ.ඒකට හේතුව තමා උපරිම Quality එකක් යටතේ අවම File Size එකක් යටතේ Video File එක ඔබ අතට දෙන්න තමා මම සිතුවේ.ඒක නිසා බාගෙනම බලන්න.
මෙතනින් Video එක බාගන්න.(112MB)


Video එක හොදද?ඕකේ Video File කිහිපයක් එකතු කරලා තමා ඔය තනි Video එක සකසලා තියෙන්නේ.පොඩි පොඩි අවුල් තියෙන්න පුලුවන් ඔය Video එකේ.Quality එක එහෙම අඩු ඇති.ඒත් කරන්න දෙයක් නැහැ.නැති නම් ඔය පැය 02කට ආසන්න දිගකින් යුතු Video එකට හොද Quality එකක් දුන්නොත් ආයේ Upload කරන්න වෙන්නේ නැති තරම්.

මෙතනින් HotSpot Shield බාගන්න.(5.73MB)
Hotspot Shield එකට අදාල Add-ons Install කර ගන්න මෙතනින් යන්න.
Firefox Portable මෙතනින් බාගන්න

දැන් ඔබට Minuteworkers හරහා පැයකට $2-5ක් උපයන්න පුලුවන්.ඒ කියන්නේ දවසකට $10 ක් දක්වා වුවත් උපයන්න පුලුවන්.ඉතිං ඔබ E-Money වලට නවකයෙක් නම්,Bux කරලා එපා වෙලා නම්,මෙච්චර කාලයක් දගලලා තාම සතයක් වත් හොයාගත්තේ නැතිනම් මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්.ඔබ දිනකට $10ක් කෙසේවෙතත් $5ක් හෙව්වා කියමු.එතකොට මසකට $150ක් හොයන්න පුලුවන්.ඒ කියන්නේ මසකට 150 X 125 = 18,750ක් උපයන්න පුලුවන්.ඉතිං මේ විදියට තව මාස 04ක් යමු.2012 දෙසැම්බර් වලට පස්සේ ඔබේ ආදායම තව තවත් වැඩි කරලා දෙන්නම්.

Survey Complete කළාට File එක Download වෙන්නේ නැද්ද?........

ඔයාලා මේ විදියට Download කරන කොට Survey එක Complete කළාට File එක Download නොවෙන අවස්ථා තියෙන්න පුලුවන්.ඒකට හේතුව තමයි අපි හොර කළා කියලා ඒ Site එක දැන ගැනීම.ඒකට බලපාන හේතු පහත දැක්වෙනා.
1.ඔයාලගෙ Cookies හරහා
2.IP එක Change කිරීම -  මුලින් Down link එකට ගිහින් Survey එක හරි නැහැ කියලා වෙන IP එකක් ලබාගෙන ආයේ Down link එක Reload කරනවා.එතකොට මුලින් California වලත් දෙවනුව New York වලත් සීටීම හොර වැඩක් ලෙස හදුනා ගැනීම.
3.එකම Survey එක Complete වීම සැක කිරීම.
4.මෙම වෙබ් අඩවි සතු මනා පලපුරුද්ද.
ඉතිං මේකට පිලියම් ලෙස කරන්න ඕන දේ ඉහත Video එකේ මැද හරියෙදී මම කියලා දෙනවා.(01.05.00)ඉතිං එක බාගෙනම බලන්න.
ගොඩක් අය Cookies Delete කරන්න අකමැති නිසා ඒකට පිලියමක් ලෙස Firefox Portable භාවිතා කරන්න.
මෙතනින් Firefox Portable බාගන්න.

$harecash,Fileice Downloader Use කරන්න බැරිද?.........

$harecash,Fileice Survey Complete නොකර එම File Download කරන්න එක එක අය හදපු Downloading Software තියෙනවා.ඉතිං මේ Downloaders භාවිතා කර Survey Complete කළා නම් පට පට ගාලා වැඩේ කරන්න පුලුවන් කියලා හිතෙන්න පුලුවන්.නමුත් එහෙම කරන්න බැහැ.ඒකට හේතුව තමා අපි Survey එකක් Complete කරලා Download කළොත් විතරයි එම File එක Upload කරපු කෙනාට මුදල් ලැබෙන්නේ.නැත්නම් Downloading Software එක හරහා හෝ Premium Dpwnload කිරීමක් කළොත් එයාලට මුදල් ලැබෙන්නේ නැහැ.ඉතිං ඒක නිසා එයාලා අපි නියම ක්‍රමයට File එක Download කළාද කියලා දැන ගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා.
1.Proof Submit කරන කොට IP & Country එක ඇසීම - එයාලා බ්ලොග් එකක් හදලා ඒකේ Down link එක දානවා.අපිට කියනවා මේ බ්ලොග් එකට ගිහින් ඒකේ කියනDownload Button එක Click කරන්න.ඊට පස්සේ Survey එක Complete කරලා File එක Download කරන්න.ඉන්පසු අපේ IP & Country එක අහන්නේ අපි අර File එක Download කරන්න නම් මුලින් Down link එක දැන ගන්න ඕන.Down link එක දැන ගන්න නම් එයාගෙ බ්ලොග් එකට යන්න ඕන.එයාගේ බ්ලොග් එකේ බ්ලොග් එකට එන විසිටර්ස්ලගේ IP & Country එක හදුනාගන්න මොකක් හරි Counter එකක් Place කරලා තියෙනවා.ඉතිං ඒ හරහා එයා දැන ගන්නවා අපි File එක Download කළාද නැද්ද කියලා.
2.එතකොට එයාලගේ $harecash,Fileice Account වල Download කිරීම වලට අදාලව තොරතුරු ප්‍රස්තාර මගින් පෙන්වනවා.සමහරුගේ දිනකට Download වන්නේ එක File එකක් පමණි.එතකොට ඔබ Downloading Software හරහා හෝ Premium Download හරහා මේක Download කරලා Password එක Submit කළාම එයා බලනවා Proof Submit කරපු දවස සහ වේලාව.මෙයා Password එක දැන ගත්තත් මෙයා Proof Submit කරපු වෙලාවට අදාලව Download කිරීමක් මගේ ගිණුමේ නැහැ.මේක Premium Download කිරීමක් හෝ හොර ක්‍රමයක් ලෙස සලකා අපිට මුදල් ගෙවන්නේ නැහැ.ඒක නිසා අපේ Success Rate එක පහතට වැටෙනවා.එතකොට අපිට Survey Complete කරන්න බැරිව යනවා.ඉතිං තව එකක් කියන්නම්.ඉහත ලිපිය කියෙව්වාම අපේ එකෙනෙක්ට හරි මේ වගේ අදහසක් එන්න ඇති.අපි Facebook වල Group එකක් හදලා එක්කෙනෙක් Complete කරන Job එකට අදාල Minuteworkers Link එක හා Proof එක Group Wall එකේ දානවා.අනිත් අයත් ඒක හරහා Proof Submit කරන්න.එතකොට වැඩේ ලේසිනේ.නමුත් එහෙම කළොත් වෙන්නෙත් මම ඉහත කියපු දේ තමා.

$harecash මගින් දිනකට $10ක්..........

$harecash කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට තියෙන හොදම ක්‍රමයක්.Fileserve,Hotfile,Filesonic වැනි වෙබ් අඩවි වල Download කිරීම් 1,000 ක උපරිම වශයෙන් ගෙවන්නේ $20ක් විතර.නමුත් $harecash හරහා එක Downlaod කිරීමකට $0.40 සිට $1 දක්වා ද සමහර විට $1.2ක් ද ගෙවනවා.ඒ කියන්නේ Sharecash හරහා Download කිරීම් 1,000කට $0.40 X 1,000 = $400 ක් අවම වශයෙන්ද උපරිම වශයෙන් $1 X 1,000 = $1,000ක් ද උපයන්න පුලුවන්.ඉතිං මම ඉහතදී ඔබට $harecash හා Fileice හරහා Download කරන්නේ කොහොමද කියලා ඉගැන්නුවා.නමුත් ඒ විදියට Download කරලා මේකෙන් සල්ලි හොයන්න බැහැ.ඒකට හේතුව අපි එහෙම කරන කොට ගොඩක් වෙලාවට මේ හොර විදියට Download කරන්නේ කියලා එයාලා හදුනාගන්නවා.ඊට පස්සේ අපේ Disable කරනවා.ඉතිං අපි හොර විදියට Download කරන්නේ කියලා හදුනාගන්නේ කොහොමද?
1.ඔයාලගෙ Cookies හරහා
2.IP එක Change කිරීම -  මුලින් Down link එකට ගිහින් Survey එක හරි නැහැ කියලා වෙන IP එකක් ලබාගෙන ආයේ Down link එක Reload කරනවා.එතකොට මුලින් California වලත් දෙවනුව New York වලත් සීටීම හොර වැඩක් ලෙස හදුනා ගැනීම.
3.එකම Survey එක Complete වීම සැක කිරීම.
4.මෙම වෙබ් අඩවි සතු මනා පලපුරුද්ද.

ඉතිං මේ හේතු නිසා අපිව මාට්‍ටු වෙනවා.එතකොට අපේ ගිණුම Disable කරනවා.ඉතිං මේවායෙන් වැලකී නියම ක්‍රමයට වැඩේ කරන හැටි පහත Video එකේ තියෙනවා.ඉතිං බාගෙනම බලා ගන්න.

මෙතනින් Video එක බාගන්න.(45.4MB)
මාතෘකාවේ මම Sharecash මගින් දිනකට $10ක් කියලා දැම්මාට ඔබ උපයන මුදල තීරණය වන්නේ ඔබේ හැකියාව හා උනන්දුව මතයි.

Adsense Custom Search Engine.....


මම ඇඩ්සෙන්ස් 14 වන ලිපියේ කිව්වා Custom Search Engine එක ගැන.ඇත්තටම ගොඩක් අයට මේක ලොකු හිසරදයක් වෙලා වගේ.මම මේක හදලා දෙන්නම් 2012 දෙසැම්බර්වලින් පස්සේ.එතකන් ඔහොම ඉන්න.මම දැක්කා සංහිද අඩවියේ ලහිරු යසිත් හොද උත්සාහයක් අරන් තියෙනවා.එයා හදපු Custom Search Engine එක බාගන්නමෙතනින් යන්න.

ඒ වගේම තවත් කෙනෙක් මේක සුපිරියට හදලා තියෙනවා.චමල් චමිකර කියලා කෙනෙක් මේක සුපිරියට හදලා තියෙනවා.මම HTML File ටික දෙන්නම්.එයා මුලින් http://hitsearch.us/ කියලා Search Engine එකක් කළා.ඒත් ඒක සති දෙකක් පමණ කාලක් තමයි කරන්න වුණේ මොකද Godaddy වලින් එයාගේ Domain එක Refund කළා.ඊට පස්සේ එයා අලුත් වැඩක් පටන් ගත්තා ඒක තමා http://www.searchbox.me/ කියන්නේ.ඉතිං මේ Search Engine එකේ වැඩ නම් තම ඉවර කරලා නැහැ.නමුත් මෙතනින් ගිහින් බලන්න.ඔයාලට චමල් චාමිකරගේ Custom Search Engine File ටික මම ඉදිරියේදී දෙන්නම්.


ඇඩ්සෙන්ස් තාම ලැබුණේ නැද්ද?...........

ගොඩක් අය මට Email එවනවා ඇඩ්සෙන්ස් ඉල්ලුවා ඒත් ලැබුණේ නැහැ කියලා.තවද මගෙන් අහන්න එපා මේ බ්ලොග් එකට ඇඩ්සෙන්ස් ලැබේවිද කියලා.මොකද ඇඩ්සෙන්ස් Approve කරන්නේ මම නෙමේ නිසා මට ඒක 100% ක් කියන්න බැහැ,නමුත් සාමාන්‍යයෙන් පුලුවන්.ඒත් අහන්න එපා.එහෙනම් කොහොමද ඔයා ඇඩ්සෙන්ස් ගන්නේ?ඒක ගැනත් මම කියන්නම්.අපේ ගොඩක් අය Auto Blog use කරනවා කියලා මම දන්නවා.ඒක නිසා මට ඔයාලා ලියන හැම බ්ලොග් එකකම තියෙන ලිපි දැකලා පුරුදුයි.මොකද හැමෝම එකම බණේ තමා බ්ලොග් එකේ ලියන්නේ.මේ පහත තියෙන ලින්ක් වල ගිහින් බලන්න.මේවායෙන් තමා හැමෝම උස්සන්නේ.

http://feeds.feedburner.com/cnet/UTyZ
http://feeds.feedburner.com/cnet/mHpI
http://feeds.feedburner.com/cnet/xWjr
http://feeds.feedburner.com/cnet/JZkn
http://feeds.feedburner.com/cnet/kVSP
http://feeds.feedburner.com/cnet/sDKW
http://feeds.feedburner.com/cnet/FYsT
http://feeds.feedburner.com/cnet/nxye
http://feeds.feedburner.com/cnet/wmdc
http://feeds.feedburner.com/cnet/qzeB
http://feeds.feedburner.com/cnet/cgQn
http://feeds.feedburner.com/cnet/ymgM

ඉතිං මේ ප්‍රධාන ටික.ඉතිං ඇඩ්සෙන්ස් නොලැබෙන්න හේතුව ඕක තමා.හැමෝම එක එක අඩවි වලින් උස්සලා දාන්නේ මේ ටිකම තමා.ඒ උස්සපු අඩවියේ ඇඩ්මින් උස්සලා තියෙන්නෙත් මේකෙන්ම තමා.එහෙනම් කොහොමද ඇඩ්සෙන්ස් ලැබෙන්න බ්ලොග් එකක් ලියන්නේ.ඒකට සරල පිලිතුරක් දෙන්න තියෙන්නේ.ඔයාල මුලින් Google Keyword Tool එකට යන්න.ඊට පස්සේ හොද Keyword එකක් හොයා ගන්න.Keyword එක Law Competition විය යුතුය.ඒ වගේම CPC එක ඉහල අගයක් තියෙන්න ඕන.ඊට පස්සේ Blog Post කිහිපයක් බ්ලොග් එකේ දාන්න.ඔයාට ලේසියෙන්ම ඇඩ්සෙන්ස් ලැබේවී.ඒ වගේම Traffic ගන්නත් ලේසි වේවී.

Google Keyword Tool සදහා මෙතනින් යන්න,

මට Google Keyword Tool ගැන මෙතනදී කියන්න බැහැ.ඒක නිසා ඔහොම තව මාස 04ක් ඉන්න.මම Google Keyword Tool එක use කරලා ඉතා පහසුවෙන් ඇඩ්සෙන්ස් ගන්න හැටිත් ඒ වගේම Google Keyword Tool use කරලා ඔයාගේ බ්ලොග් එකට Traffic ගන්න හැටිත් ඉහත ආකාරයට තේරෙන් සිංහලෙන් කියලා දෙන Video කෑල්ලක් මගින් කියලා දෙන්නම්.



7GB Email List ...............

ඉතිං Minuteworkers Job Complete කරන Video එක බැලුවා නම් කුමක් ගැනද මේ කියන්න යන්නේ කියලා තේරෙනවානේ. වර්තමානය වන විට මා සතුව ඇති සියලු Email සහ ඉහත වීඩියෝ වලට අදාල Quality Video File සමග මෘදුකාංග කිහිපයකුත් දෙන්න බලාපොරොත්තු වෙනවා.ඉතිං මේ ටික Minuteworkers එකේ වැඩ කරන අයට විතරක් නෙමේ Adsense,Fiverr,Odesk,Clickbank,Ebay Marketing කරන ඕනම කෙනෙක්ට වැදගත් වේවී.මා සතුව ඇති Email පිලිබදව දැන ගැනීමට පහත Video එක බලන්න.

මෙතනින් Video එක බාගන්න.(13MB)

ඉතිං මේ ඔක්කොම Email Upload කරන්න බැහැ.තවද මම කලින් Email list දෙන්න පටන් ගත්තා.ඒත් ඒක නවතන්න වුණේ මගේ Hard Disk එක ගිය නිසා.නැතිනම් තවත් Categories විශාල සංබ්‍යාවකට අදාල Email තොග 5GB ක් විතර තිබුණා.ඒවා මම DVD එකකට Write කරලා තිනුනේ නැහැ.ඒක නිස Hard Disk එක ගිය වෙලේ ඒව අන්තරස්දහන් වුණා.ඉතිං මේ සියලු Email තොග සහ මෘදුකාංග සමග ඉහත සදහන් සියලු වලට අදාල Quality Video සමග DVD එකක් ඔබට දෙන්න තීරණය කළා.මේක ව්‍යාපාරයක් ලෙස කරන්න නෙම බලාපොරොත්තුව.ඒක නිසා මම අය කරන්නේ රු.150ක් පමණයි.ඒකේ ගණන් හිලව් කියන්නම්.Empty DVD එකට රු.40ක් ද තැපැල් ගාස්තු රු.70ක් ද ඇසුරුම් ගාස්තු රු.30ක් ද(මොකද අර තඩි යකඩ කුලුගෙඩියකින්නේ සීල් එක ගහන්නේ එතකොට DVD එක කැඩෙන්න පුලුවන්.)ඉතිං මේ DVD එක ගන්න ඕන අය කරන්න ඕන මගේ දුරකථන අංකය වන 075-6822485 කියන අංකය Call එකක් ගන්න එක තමා.තැපෑලෙන් එවන්නම්.

 මේ ටිකත් කියවලා යන්න. මේ ලිපිය ලිව්වේ ෆට්ට ගේමක් දීලා.පැය 8ක් විතර ගියා ඔක්කොම වැඩ ටික ‍ෆින්ෂ් කරන්න.බට් පස්සේ තමා දන්නේ මට කෙල වුණා කියලා.ඒ මොකද දන්නවාද Minuteworkers Scam කියලා මට තේරුණා.හෆොයි.ඒ පාර බ්ලොග් පෝස්ට් එක ඩිලිට් කරන්න හිතුණා.ඒත් පස්සේ බොහොම අමාරුවෙන් ලිව්ව නිසා ඩ්‍රාෆ්ට් කරන්න හිතුණා.මම නිකමට වගේ Alexa වල Minuteworkers Traffic Rank එක Search කළා.ඒ පාර ඒක 29,000 ට ඇවිල්ලා කියලා මම දැක්කා.ඒ වෙලේ මට මතක් වුණා මේ මගුල ඒ දවස්වල 2,000  තිබ්බේ කියලා.මගේ හිත කිව්වා Minuteworkers Scam වෙලා කියලා.මම Google Search කරලා බැලුවා.2012 අප්‍රේල් වලින් පස්සේ සතයක්වත් ගෙවලා නැහැ.ඒක නිසා මම දැන ගත්තා Minuteworkers Scam කියලා.ඒත් මොනවා කරන්නද මේ Post එක දාන්න මම තීරණය කළා.Minuteworkers කියන්නේ වසර 11ක් යස අගේට දුවපු එකක්.ඉතිං මේක ආයේ පණ අරගෙන නැගිටලා ඒවී.ඒ දවසට මේ පෝස්ට් එක ඔයාලට වැදගත් වේවී.ඒත් හිත තුළ ලොකු කලකිරීමක් ඇතිවුණා මට මේ මගුල ජනවාරි වල විතර දාන්න බැරි වුණානේ කියලා.මොකද ජනවාරිවල දැම්මා නම් අපේ කොල්ලෝ ටික ගොඩ ගිහින්.නමුත් ඒක ගැන දුක්වෙන්න ඕන නැහැ.ඔයාලට Sharecash කියන එක භාවිතා කරන්න පුලුවන්.ඉතිං ඒක තාම Scam නැහැ.Sharecash ගැන ලිපි මාලාවක් ලියන්න ඉන්නේ.මොකද පසුගිය මාසේ මම අපේ ගෙවල් ළග කොල්ලෙක්ට මේක කියලා දුන්නා.මිනිහාට මම පලවෙනි මාසේ $179ක් උපයලා දුන්නා.දෙවෙනි මාසේ මාව අදුරන්නේ නැහැ මිනිහා.ඉතිං කරන්න දෙයක් නැහැ.මම රුපියලක්වත් ඉල්ලුවේ නැහැ.ඒ වුණාට ඔයාලට මේක යස අගේට කරන්න පුලුවන්.ඉතිං Sharecash ගැන තව තවත් ඉදිරියට කථා කරමු.එතකොට ඉදිරියේදී Adsense හරහා මාසෙකට $15,000ක් උපයන හැටිත් කියලා දෙන්නම්.

1 comments:

sdfddffd said...

link weda nene bro.. video tika ganne khmda

Post a Comment

 
Copyright © sambavana.com