Friday 10 January 2014

E-money කරද්දී Hyip මුලාවට හසුවෙන්න එපා!

E-money කරද්දී Hyip මුලාවට හසුවෙන්න එපා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZushVh5XxOaFu3rNWuf8CMDm9PKIclwm-Uzu8XK7we73k7JmNW57PdPxw11j3jcUviVZvjahzEkFC5FPsTr_MZ8V5C5-VV3qp_srmx0R8pCtrSYC3rU1QtgnKz2kgEPtuoBRqOFqVip-_/s200/hyip+vimasumblog.info.jpg
Hyip කියන්නේ මොකක්ද කියලා තාම දන්නේ නැති අයත් ඇති.ඒ අයට තමා වැඩියෙන්න මේ ලිපිය ලියන්නේ.එසේම Hyip කරන්න බලාපොරොත්තුවෙන් හා කරමින් සිටින අයත් ඇති.කොහොම උනත් මේ සියලු දෙනාගේ දැනගැනීමට තමා මේ ලිපිය ලියන්නේ.Bux අඩවි වගේම Hyip අඩවිත් ඕනතරම් තියෙනවා.Hyip කියන්නේ අපේ මුදල් වලට විශාල ලෙස පොලී ගෙවන වෙබ් අඩවි වල අපි අපේ මුදල් ආයෝජනය කර ලාභ ඉපයීමයි.මේවායේ පොලී අනුපාත වෙබ් අඩවියෙන් වෙබ් අඩවියට වෙනස්.ඒ බව පහත රූපවලින් පෙනේ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWrPvQHHTcRuwUy38zr-_SsETXhcmZFhT791dNS9ZSyoYjCLrUAnXPZaBW9dCGD5rJ6Fb8KJS-8E_b6V6FhMdo0QKaqYhuBoVfW6UE2WosF-LB0REfTsbb78ateyyY7YVKCdiUU6FogGtx/s640/vimasumblog+hyip.JPG


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiFLqfUZgxlO6Vsg27fVNm4d7pJsiMubfKcR08VruqS2bVVHmRvZGl-OHjkFhSe5WTNpjAm7u2rt0yVAU3zPKX87b0zcoWEwZwMNcS2rI-dW7rLWixnAZpczJTjrRG-LR_6l6u06tZQMEDI/s640/vimasumblog+hyip.+01JPG.JPG
මේ අඩවි වලින් කරන්නේ මේකයි.එයාලා අපෙන් එකතු කරගන්නා මුදල් Forex වල ආයෝජනය කරනවා.නැත්නම් ගොඩක් අය කරන්නේ  Casino ගහන එකතමා.නැත්නම් වෙනත් සූදුවක් කෙලිනවා හෝ ව්‍යාපාරයකට ආයෝජනය කරනවා.මේකෙන් මුන් පාඩු ලැබුවාම අපිට පොල්ල තියනවා.ඉතිං දුකම තමා!!
පලමුව ඔබ $10ක් ආයෝජනය කළාම කලට වේලාවට මුදල් ගෙවනවා.එමගින් අපේ හිතදිනා ගන්නවා.ඉන්පසු ඔබ $40ක් ආයෝජනය කළා යැයි සිතමු.ඒකත් ගෙවනවා.එමගින් අපේ හිත තුල ඔවුන් කෙරෙහි ඉමහත් විශ්වාසයක් ගොඩනගනවා.ඉන්පසු ඔබ $100ක් ආයෝජනය කළා කියමු.එතකොට ඔයාට පොල්ල තියනවා.අයියෝ මම බොහොම අමාරුවෙන් හොයාගත්ත සොච්චම මේ ටීක්ගේටී......................................................................ක් මගේ සල්ලි ඉස්සුවා කියලා බනින එක විතයි ඉතුරු වෙන්නේ.මෙතනදී ඔබ $10ක් යොදවා $2ක් ඉපයුවා කියා සිතන්න.දෙවනුව ඔබ $40ක් යොදා $8ක් ඉපයුවා කියලා සිතන්න.එතකොට ඔබ $10ක් උපයලා තියෙනවා.තෙවනවර ඔබ $100ක් යෙදෙව්වාම ඔබට පොල්ල තියනවා.එතකොට ඔබ $90ක් පාඩු විදිනවා.අයියෝ!ඒක නිසා කවුරු කොහොම මොනාකීවත්මේකට ඔබයොමු වෙන්න එපා.මෙයාලා කරන්නේ එකිනෙකා අතර මුදල් හුවමාරු කිරීමක්.අපේ හිත දිනාගෙන අපි ලොකු මුදලක් ආයෝජනය කරන තුරු බලන් ඉන්නවා.ඉන්පසු අපි ලොකු මුදලක් ආයෝජනය කළාම මාටියා ගහනවා.මේ අය සමරවිට අපේ හිත දිනාගන්න එක එක බොරු Payment Proof පෙන්වනවා.ඒවා දැක්කාම අපේ අය හිතනවා ආ! මේක ස්කෑම් නැහැ.එහෙම හිතලා අමාරුවෙන් උපයාගත් සොච්චම මේ හොරුන්ට දෙනවා.

මේක කියවලා ඔයාත් හිතන්න එපා මමත් Hyip වෙබ් අඩවියක් පටන්ගත්තා නම් හොද ගානක් හොයාගන්න පුලුවන් කියලා.එහෙම හිතලා මේ වගේ අහිංසකයන්ගේ මුදල් ගසාකන්න එපා!පාරේ යනකොට වැහි නැතිව හෙනවදී.! නැත්නම් පොල්ගස් ලයිට්කණු වගේ දේවල් කඩන් වැටිලා මැරෙයි.!
එක්කෙනෙක් මගෙන් කෝල් කරලා ඇහුවා ඇඩ්සෙන්ස් කරනකොට ලොකු ට්‍රැ‍ෆික් එකක් ගන්නත් අපේ වෙබ් අඩවිය ලංකාව පුරා ප්‍රචාරණය කරන්නත් භාවිතා කළ හැකි ක්‍රමයක් ගැන.නමුත් මම මේ ක්‍රමය අනුමත කරන්නේ නැහැ.එයා මට කියනවා කොළඹ තාප්ප වල අපේ වෙබ් අඩවියේ නම ලිවීම,එතකොට කොළඹ කො‍ටුවට ඇවිත් එක දවසක් වෙහෙසිලා සියලුම දුම්රිය වල අපේ වෙබ් අඩවියේ නම ලිවීම තුලින් හොද ට්‍රැ‍ෆික් එකක් ගන්න පුලුවන් කියලා.හැබැයි කථාව ඇත්ත.නමුත් මේ වගේ  මූසල වැඩ කරන්න එපා!දැන් ඔබ හිතන්න 500 දෙනෙක් මෙහෙම කළා කියලා.අපේ දුම්රිය පද්ධතියට මොනවා වෙයිද?ඒක නිසා මේ වගේ මූසල වැඩ කරන්න එපා!එහෙම කළොත් මම ඉහත කී ලෙස හෙනවදී.පුලුවන්නම් මේවගේ වැඩක් කරන්න.හැබැයි මේකට ඔබට මුදල් වැය වීමක් සිදුවනවා.ඒක නිසා ඔබ ඇඩ්සෙන්ස් හරහා යම්කිසි මුදලක් උපයාගත් පසු මේ ක්‍රමය අනුගමනය කළාට කමක් නැහැ.බස් රථ වල පූජ්‍ය පක්ෂය/ගැබිනි මව්වරු/ආබාධිතයන් සදහා වෙන්කර ඇත ආදී වශයෙන් ඉස්ටිකර් නිර්මාණය කර එහි ඔබේ වෙබ් අඩවියේ නම සදහන් කිරීම තුලින් ඔබ ඔබේ වෙබ් ඩඩවිය ප්‍රචාරනය කළාට කමක් නැහැ.මීට අමතරව පත්තරවල දැන්වීම දැමීම තුලින් වුනත් ඔබට ඔබගේ අඩවිය ප්‍රචාරනය කරන්න පුලුවන්.





eMoney

ඉස්සරෝම ලෑස්ති වෙන්නේ විවේචනයක් කරන්න. ඒ වගේම ඒ හරහා ලොකු දැනුමක් දෙන්න. ලංකාවේ  eමනී ගුරෝ ගැන තමයි කියන්න හදන්නේ. මට මේ ගැන මුලින්ම හිතුනේ Sunday Observer පත්තරේ පි‍ටුවක් පුරා තිබුනු දැන්වීමක් දැකලා. ඉතින් මෙන්න මේකයි දැකපු දැන්වීම,

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqc1zJ2HMnDOr-dhPYTo1SKjhsw4JsH_hH2LsC967EeMRFKuobABsFhWy7IeUtPzzsSEVRXCm8wPQFSKN_wQSQdzIhyYh8fCFy8peI2X1JawhUObS8h0XB4kKWFEfURpZdlnGSlZNpso43/s1600/amazonlk_cover.jpg

දැන් මේ විහිලුකාර මුදලාලිලාගේ විහිලුව විස්තර කරන්නම්.

Ads Click කර මසකට 20,000 ක්?

මොකක්ද යකෝ මේ විහිලුව. Elite list  එක හා  Scam List එක සන්සන්දනය කර බලන්නකොච්චරනම් PTC හොරු ඉදලා තියෙනවාද කියලාමේ PTC අඩවියක යාන්ත්රනය මෙහෙමයි,

1. Private Domain එකකින් PTC අඩවියක් අරබනවා. Script හොස්ටින් වගේම ඩොමේන් එකටත් අවුරුද්දකට වියදම් වන්නේ $100ක් වැනි සුලු මුදලක්.

2. මුලින් ආයෝජකයන්ට සල්ලි ගෙවනවාගෙවලා ප්රීමියම් එකවුන්ට් දහස් ගානක් විකුනනවා වගේම ඩොලර් දහස් ගානක් ආයෝජනයට ඉඩ දෙනවාරෙෆරල්ලත් ඇති තරම් දෙනවාමේ අතරේ Ad එකකට රු1ක් හෝ සත 10ක් ගෙවනවා. උබලත් ඒකට පෙරේතකමේ හැමදාම උදේට නැගිටලා ඇඩ් ගානේ ක්ලික් කර දවසට රු4ක් හොයනවා

3. අන්තිමේට ආයෝජනයේ උපරිමයට ආපුවාම එකතුවුනු ඩොලර් දස දහස් ගනන් අරගෙන අයිතිකාරයා පනිනවාබොහෝවිට උගේ පෙපැල් එකත් හොරතාවකාලික එකක්අන්තිමේට සුද්දෝ පෝස්ත් වෙනවා. අහින්සක උබලා නහයෙන් අඩනවා.

ඔන්න මේ බූරුවන්ගේ රු20,000හේ කථාන්දරයට තිත. මේ කොච්චර කීවත් සමහරු ඉන්නවා මෙහෙම කියනමචං උබ ඔහොම කීවටඩිරෙක්ට් රෙෆරල්ලා ගොඩක් අරගෙන ප්රීමියම් එකවුන්ට් එකකුත් අරගෙනතව රෙෆරල්ලා රෙන්ට් කරලා බ්ලා.... බ්ලා.......බ්ලා කරපුවාම Rs. 20,000ක් හොයන්න බැරිවෙන එකකුත් නෑ. <-- මගුලක් කතා කරනවා.

Form Fill කර රු10,000 ක්?
Form Fill කරන්නේ කොහේද?

1. Microworkers Jobs
2. oDesk Jobs & other Freelancer Sites

මීට අමතරව,
beruby.com
cashcrate.com
වගේ වෙබ් අඩවි තිබුනත් ඒවා එච්චර සාර්ථක නෑ.
මේක ලංකාවඅපි ලොකුයි කියලා හිතාගෙන හිටියාට වෙන රටවල් අපිව පඩේකටවත් ගනන්ගන්නේ නෑඒනිසා මේ සුලු දේවල් වලින් $100ක් මසකට හොයනවා කියන එක බොරු වැඩක්$20- 25ක් නම් ගේමක්නැතිව හොයන්න පුලුවනි. ඒකට Microworkers (MW) එකේ වැඩ කරන ඕනෙම කෙනෙක් සාක්ෂි දරාවි.
ඔන්න මේ බූරුවන්ගේ රු10,000හේ කථාන්දරයට තිත.
Data Entry Job කර රු. 80,000ක්
මොනවද මේ Data Entry ?
MS Word, MS PowerPoint, MS Excel, MS Access සම්බන්ධ ‍රැකියා තමයි මූලික වෙන්නේ  හැරුනාම.
PDF Editing (Software: nitro pdf)
Image to text
Article Spin/Rewrite (Software: The Best Spinner)
Social & Other Account Creation (Software: Xrumer/ SenukeX)
Auto-blog handling (Software: Auto Blog Samurai)
WordPress Posts by Copy-Paste
Captcha typing
වගේ දේවලුත් Data Entry ඝනයට වැටෙනවාතවත් ඊමේල් හා ඉන්ටර්නෙට් සම්බන්ද ඕනේම දෙයක් Data Entry කියලා සලකන්න පුලුවනිPhotoshop, illustrator කියන්නේ Data Entry වැඩ නෙවෙයි හොදේ.

Data Entry කරන්නේ කොහේද?
මේවා කරන්නේ freelancer වෙබ් අඩවිවලලංකාවේ අපිට හරියනම වෙබ් අඩවි දෙක තමයි,
oDesk සහ Elance . oDesk  ගැන සම්පූර්නයෙන් ලියලා තියෙනවාමේ වෙබ් අඩවි සම්පූර්ණයෙන් නොමිලේ සේවා සපයනවාතැරැව් කාරයෝ ඕනේම නෑතියෙන්නේ රෙජිස්ටර් වෙලා තමගේ හැකියාව අනුවජොබ් වලට ඉල්ලුම් කරන්නමාසයක්ම මහන්සිවුනත් මේ සුලු සුලු වැඩ කරලා දීලා හොයන්න පුලුවන් $100-200ත් අතර ගානක්ටැස් කොරලා බලලයි කියන්නේ හොදේ
ඔන්න මේ බූරුවන්ගේ රු80,000හේ කථාන්දරයට තිත.

අන්තර්ජාලයෙන් අඩුමිලට භාන්ඩ
අඩුවට භාන්ඩ ගන්න ගොඩක් තැන් නෑතියෙන්නේ දෙකයිඑකක් buyincoins.com , අනික dealextreme.com
මේ භාන්ඩ අඩුවට ගැනීම ගැන සම්පූර්ණ විස්තර මේ ලිපිවල තියෙනවා

ඔන්න AmazonLanka පලමු ඡේදයටම තිත.

මීට අමතරව තව මාර කථාටිකකුත් කියලා තියෙනවා නොවැහරි වටිනා බඩු ටිකක් තමයි නොමිලේ දෙන්න යන්නේමේ නොමිලේ දෙන බඩු ටිකත් මංම දීලා දාන්න හිතුවා.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBgDuOJw7Fpej2UQ7oQoFTLb4WcrLfC47pOzsU0fUyybv8IfNnDm4iG6L0dFQwFs1BvbBZLFdmYi-L5q2E4IGJT5Wt99M9xyJJcylGrcxu2Z2oBa9XwYfgRoZlQ22l8PHP9xChBBDiOPmf/s1600/free.jpg

නොමිලේ සැටලයිට් ටී.වී
ඉන්ටර්නෙට් එකෙන් ටී.වී බලනවානම් හොදම වෙබ් අඩවිය තමයි hulu.com
ඒත්  වෙබ් අඩවිය භාවිතාකිරීමට ලංකාවේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකනම් බොහොම මදි. මෙයාලාගේ අඩවියේ තියෙන්නේ පුළුල්තිර දර්ශන නිසා බෆර් වෙවී තියෙනවා.
මීට අමතරව මෘදුකාංගයක් ලෙස තියෙන හොදම ටී.වී මෘදුකාංගය තමයි Satellite Direct කියන්නේමේ වෙබ් අඩවියෙන් මේ මෘදුකාංගය මිලදීගන්න පුලුවන්. http://www.satellitedirect.com/
මිලදිගන්න අකමැතිනම් නොමිලේ බාගන්න
Super Internet Tv.V8.1 Premium Edition

Satellite Direct


Internet TV Radio Player

Sopcast P2P

මෙන්න එයාලා නොමිලේ දෙන තවත් ජෝක්ස්
Free Call   Free SMS

Virus Guard

මෘදුකාංග එකතු - Free Downloads

මීට අමතරව සිංහල කොල්ලෝ ඕනතරම් මෘදුකාංග ගැන ලිපි ලියනවා ලිපිවම්පැත්තේ සිංඩිකේටරයෙනුත්දකුනු පැත්තේ කුඩා බැනර් වලින් සංකේතවත් කර ඇති අනෙකුත් සිංඩිකේටර වලිනුත් ලබාගන්නපුලුවන්.
ඕනේම මෘදුකාංගයක් නොමිලේ හොයාගන්නේ කොහොමද?
මේකට තියෙනවා වෙබ් අඩවි කීපයක්හොදම එක තමයි


මේ වෙබ් අඩවියකට ගිහින් ඕන මෘදුකාංගයේ නම ගහලා සර්ච් කරපුවාම ඕනේම මෘදුකාංගයක් හොයාගන්න පුලුවන්.

 හරි ඔන්න පත්තර පිටුවක් පුරා දාලා තිබුනු පතපච හෑල්ල ඔක්කෝම පැහැදිලි කරා. මේ පාර ගැහුවේ Amazon Lanka කියන ආයතනයට විතරක් නෙවේඔය පාත් ඇකඩමි. ඇතුලු අහුමුලු ගානේ ඊමනී උගන්නනලංකාවේ දත්දොස්තරලා ඔක්කෝටමත් එක්කම තමයි.
මේ මිනිස්සු ඉස්සරහාට දාගන්නවා නමක්ඒකතමයි "විදේශ විනිමය රටට ගෙන ඒමේ ඒකායන අරමුනුනින්" කියන වාක්‍ය. එහෙම කියලා ඉගෙනගන්න එන එකෙකුගෙන් රු. 5000 ගානේ ගලවනවා. යකෝ ලංකාව ගැන ඒ හැටි කැක්කුමක් තියෙනවානම්ඇත්තටම මේ හැත්ත ලක්ෂය ගානේ හොයනවානම් දන්නේ නැති එවුන්ට නිකන් උගන්වපල්ලාකෝ. නෑ මුන්ට තියෙන්නේ මෙහෙම දෙයක්. උන් ගාව විකුනන්න කිසිම දක්ශකමක් නෑ ඒ වගේම විශේෂ දක්ෂතාවයක් පිහිටන්නෙත් නෑ. ඇඩ් එකක් දාලා හොයාගන්නවා ඒ වගේම කිසිම දෙයක් බැරි අබ්බගාත ගෝලයෝ ටිකක්. තව දානවා නමක් ඩේටා එන්ට්‍රි කියලා.  ඊටපස්සේඅහින්සක මිනිස්සුන්ගෙන් සල්ලි ගරනවා. මං කියන්න දන්නේ එක දෙයයිඔය හොයන සල්ලි පිහිටන්නේ නෑ. ඵල ප්‍රයෝජනයක් ගන්නත් බෑ. ඒවාගේන් යාන වාහනයක් ගත්තොත් ඒකත් පවතින්නේ නෑ. සල්විතිට මොකද වුනේ?







0 comments:

Post a Comment

 
Copyright © sambavana.com