Thursday 2 January 2014

Email Marketing සදහා VPS එකක් Setup කිරීම + Freelancer.com ගැන වැඩිදුර යමක් 03

Email Marketing සදහා VPS එකක් Setup කිරීම + Freelancer.com ගැන වැඩිදුර යමක් 03


මේ ලිපිය ලිවීමේ අරමුණ නැවත විමසුම්බ්ලොග් ආරම්භ කිරීම නොව අවසාන ලිපියේදී VPS එකක් Setup කරන ආකාරය කියලා දෙනවා කිව්වනේ.එසේ ලිපියක් පලකරනවා කියලා සිතාගෙන සිටියත් එම අවසාන ලිපිය අවසානයේ එම ලිපිය පලනොකිරීමට සිතුණා.කෙසේ නමුත් මේ ලිපිය නොලියා ඉන්නට බැරිවුණා.ඒ හේතුව පස්සේ කියන්නම්.

VPS එකක් Email Send කිරීම සදහා මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු ගණනාවකි.
1.බොහෝ Web Hosting සේවා සපයන අඩවි VPS ද සපයයි.එහෙත් ඔවුන් බොහෝ පිරිස් Email Send කිරීමට ඔවුන්ගේ VPS ලබා නොදෙයි.ඔවුන්ගේ Terms වල Spam කිරීමට ඔවුන්ගේ VPS නොසපයන බව සදහන් වේ.එම නිසා VPS එකක් මිලදී ගැනීමට පෙර Customer Support  එක සමග සම්බන්ධ වී මේ VPS එක මිලදී ගැනීමේ අරමුණ Email Send කිරීම බව පවසා ඒ සදහා ඔබ ආයතනය අවසර ලබා දෙනවාද යන්න අසා දැන ගන්න.නැතහොත් VPS එක මිලදී ගත් පසු අප Email Send කරන විට අපේ VPS එක ඔවුන් ලබාගෙන මුදල් ආපසු ලබා නොදෙන්න පුලුවන්.

2.VPS එක මිලදී ගැනීමේදී එහි IP එක Blacklisted දැයි සොයා බලන්න.සමහර VPS Providersලා සපයන VPS වල, එම VPS එක ඔවුන් සපයන විටම IP blacklisted වී පවතී.බොහෝ VPS Providersලා දින 1-2ක් ඇතුලත මුදල් Refund කිරීමට බැදී සිටින නමුත් ඇතැම් අය එසේ නොවන නිසා මේ පිලිබදවද Customer Support එකෙන් අසා දැන ගත යුතුය.එම නිසා පලමුව VPS එක මිලදී ගැනීමට පෙර VPS එකේ IP එක Blacklisted වුවහොත් ඒ සදහා අලුත් IP එකක් නොමිලේ ලබා දෙන්නේද? VPS එක අපට නොගැලපුනහොත් මුදල් Refund කරන්නේද යන්න අසා දැන ගන්න.VPS එකේ IP එක Blacklisted දැයි දැන ගැනීමට පහත ලින්ක් එකෙන් ගොස් එහි VPS IP එක සටහන් කර සර්ච් කරන්න.
http://www.mxtoolbox.com/blacklists.aspx

3.VPS එකේ IP එකට PTR Record එකක් සැකසීමට අවශ්‍ය වේ.එහෙත් සමහර VPS Providersලා මේ සදහා අවසර ලබා නොදේ.උදාහරහණයකට Godaddy.com ගත හැකිය.එම නිසා මේ බවද Customer Support එකෙන් අසා දැන ගත යුතුය.

ඉහත සදහන් කළ කරුණු බොහෝ විට ඔවුන්ගේ Terms Page එකේ හෝ VPS එක සමග විස්තර ලෙස සටහන් කර පවතී.එසේ සටහන් කර නොමැතිනම් ඉහත කරුණු තුන අසා දැනගන්න.ඇතැම් VPS ඉතා අඩුවට ලබා දෙනවා.එසේ ලබා දීමට හේතු වන්නේ ඒවායේ දෝෂ පැවතීම හෝ ඒවා සම්බන්ධ කර ඇති අන්තර්ජාල සබදතාවයේ වේගය අඩු වීමයි.එම නිසා අඩුවට VPS සොයා අතරමං නොවන්න.

ඔබ දැන් ඩොමේන් එකක් මිලදී ගත යුතුය.මේ සදහා Godaddy.com භාවිතා කළ හැක.ඩොමේන් එක අනිවාර්යයෙන් .com full domain එකක් විය යුතුය.අනතුරුව ඔබේ VPS Providerට ඔබේ ඩොමේනය VPS එකේ IP එකට Redirect වන ලෙස PTR Record එකක් (rDNS ) සකසන ලෙස උපදෙස් දෙන්න.ඒ සදහා පහත ආකාරයෙන් සටහන් කර යවන්න.
"Please kindly setup PTR record for my VPS IP ( xxx.xxx.xxx.xxx) to point to smtp.yourdomain.com"

ඔබේ rDNS එක වැඩ කරන්නේ දැයි පහත අඩවියෙන් දැන ගත හැක.පහත ලින්ක් එකෙන් ගොස් VPS එකේ IP එක Type කර සර්ච් කර බලන්න.
http://www.debouncer.com/reverse-dns-check

දැන් VPS එකේ SMTP ස්ථාපනය කළ යුතුය.ඒ සදහා ප්‍රමාණවත් දැනුමක් මා හට නොමැත.මේ සදහා ඔබට මුදල් ගෙවා එය සිදු කරගැනීමට සිදුවේ.SMTP ස්ථාපනය කිරීමට පමණක් $49ක් ද SMTP ස්ථාපනය කර Switch Mailer ස්ථාපනය කිරීමට $110ක් ද අය කරයි.මෙම සේවාව සපයන්නේ www.bulkmailer.cc වෙතිනි.මම කලින් ලිපියකදී කිව්වා VPS එකක් Setup කිරීමට $400 - $600ක් යන බව.ඒ සදහා මැලේසියන්කාරයෙක් භාවිතා කළා කියලා කිව්වනේ.ඒක ඇත්ත.Bulkmailer.cc වෙතින් SMTP හා Switch Mailer ස්ථාපනය කිරීමට යන්නේ $110කි.මෙය වාසිදායක වේ.එහෙත් මෙහි අවාසිදායක පැතිද වේ.

ඔබ Bulkmailer.cc වෙතින් SMTP ස්ථාපනය කර ගැනීමට යන්නේ නම් VPS එකේ Operating System එක Centos 5/6 bit 32 වීම වඩා උවිතය.එහෙත් ඔබේ VPS Provider Centos 5/6 Bit 32 නොසයපන්නේ නම් Centos 5/6 Bit 64 ද ගැලපේ.අනතුරුව ඔබේ VPS Provider ඔබට ඔබේ SSH Details සපයාවී.එහි බොහෝ විට Username සදහා root හා Password එකක් ඇති.පලමුවservice@bulkmailer.cc ඔස්සේ ඔවුන්ව Contact කර ගන්න.මෙය රුසියානු සමාගමක් නිසා දවල් 12න් පස්සේ එක දිගට ඊමේල් හරහා කථා බහ කර ගන්න පුලුවන්.ඉන් අනතුරුව මුදල් ගෙවා SSH Details සපයන්න.දින 2ක් ඇතුලත් ඔබට SMTP ස්ථාපනය කර Switch Mailer ස්ථාපනය කර දේවී.

ඔබ $49ක් SMTP පමණක් ස්ථාපනය  කර ගතහොත් ඔබට Email Send කිරීමට Outlook Express Atomic Email Sender Maxfrog email sender වැනි මෘදුකාංගයක් භාවිතා කිරීමට සිදුවේ.එහිදී මුහුණ දීමට සිදුවන ගැටලු කිහිපයකි.සාමාන්‍යයෙන් Email Send වීම ඉතා සිමින් සිදුවන දෙයකි.මේ නිසා විශාල Email ප්‍රමාණයක් Send කිරීමේදී ඔබේ පරිගණකය පැය 24 ක්‍රියා කිරීම අනිවාර්ය වේ.මේ නිසා විශාල විදුලි බිලක් දැරීමට ඔබට සිදු වේවී.මේ නිසා හොදම දෙය තමා $110ක් ගෙවා SMTP හා Switch Mailer ස්ථාපනය කර ගැනීම.VPS එක පැය 24ම වැඩ නිසා කිසි ගැටලුවක් නැහැ.Email Send වීම Schedule කරන්න විතරයි තියෙන්නේ.එහෙත් ඔබ SMTP පමණක් ස්ථාපනය කරගෙන ඔබේ පරිගණකයෙන් Email Sendකරන්නේ නම් විදුලි බිද වැටීමකදී මෙන්ම අන්තර්ජාල සබදතා ගැටලු සහ වර්ෂාව ආදි කරුණු නිසා දුෂ්කරතා ‍රැසකට මුහුණ දීමට සිදු වේ.

Switch Mailer ස්ථාපනය කළ විට ඔබේ VPS එකේ Email Sending Software එකත් ඇති නිසා ඔබේ පරිගණකය ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය නොවේ.Bulkmailer.cc විසින් ඔබට සපයන Username හා Password භාවිතා කර Switch mailer වෙත log වෙලා Schedule කිරීම පමණක් සිදු කර ඔබට ඔබේ පරිගණකය නිවා දැමීම සිදු කළ හැක.Switch Mailer වෙතින් Email Verify කිරීමටත් Campaign වල Report බැලීමටත් හැකිය.එම නිසා මෙය වඩා වාසිදායක වේවී.

මම කලින් ලිපියේදී කිව්ව විදියට $400 - $600 යන වැඩේ $150කට අඩුවෙන් කර ගන්න පුලුවන් කියලා දැන් හිතෙනවා ඇති.එහෙත් ඒක වැරදී.Switch Mailer යනු මෙහිදී අප ස්ථාපනය කළ මෘදුකාංගයයි.එය සාමාන්‍ය මට්ටමේ මෘදුකාංගයකි.එමගින් ලබාදෙන Report වල දත්ත විශාල ලෙස වැරදිය.එම නිසා ලොව ප්‍රබල මෘදුකාංග වන Power MTA හා Interspire ස්ථාපනය කිරීම වඩා යෝග්‍ය වේ.එහෙත් ඒ සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවේ.එම නිසා අපට Switch Mailer හොදින් ගැලපේ.බොහෝ විට VPS සදහා Power MTA හා Interspire ස්ථාපනය නොකෙරේ.මේවා දවසට Email මිලියන ගණනක් Send කිරීමට භාවිතා කරන DPS වල  ස්ථාපනය කෙරේ.DPS මිලෙන් අධිකයි.එම නිසා ඒ පිලිබදව නොසිතන්න.

Email Send කිරීමේදී මුහුණ දීමට සිදුවන ගැටලු ගණනාවකි.
1.ප්‍රධාන Free Email Services  වන Yahoo,Gmail,Hotmail,MSN,Live,AOL වෙත  Email Deliver කිරීම ඉතා අසීරු කටයුත්තකි.Email Send කිරීම නොවේ වැදගත්.ඒවා Inbox වෙත Deliver කිරීමයි.අවම වශයෙන් Spam Folder එකට වත් Deliver කිරීමයි.මේ Free Email Services විසින් Spam Filters භාවිතා කරනවා.එහිදී Blacklisted IP වලින් Email Send වෙන්නේ නම්, එම  නම් බොහෝ විට ඒවා Spam Folder එකටවත් බාර ගන්නේ නැහැ.Blacklisted නොවන IP වලින් ආවත් ඒවායෙන් Inbox වෙත ගන්නේ එකක් දෙකක් පමණි.මේ නිසා තමයි IP එකට ඩොමේන් එකක් Redirect වන ලෙස rDNS එකක් සැකසුවේ.එමෙන්ම SPF හා DKIM Records නොමැතිනම් විශේෂයෙන් AOL and Hotmail Email බාර නොගනී.ඉතිං මේවා සියල්ල Bulkmailer.cc වෙතින් ස්ථාපනය කර දෙන නිසා ගැටලුවක් නැත.

2.ඔබ Yahoo,Gmail,Hotmail,MSN,Live,AOL වෙත Email Send කරන්නේ නම් පැයකට Email 500කට වඩා නොයවන්න.ඒ අනුව දිනකට Email 10,000 වඩා නොයනවන්න.මොකද විශාල Email ප්‍රමාණයක් Send කළොත් එම Email ප්‍රතික්ෂේප කරීමට කටයුතු කරනවා.එසේම ඔබේ IP එක වේගයෙන් Blacklisted වීමට පුලුවනි.මේ ගැටලුවට හේතුව වන්නේ VPS එකට ඇත්තේ එක IP එකක් නිසයි.DPS වලට IP 2/4/8/16/32/64 ආදී වශයෙන් තියෙනවා.ඒ නිසා IP මාරුවෙන් මාරුව Email Send කරන්නේ.එම නිසා මේ ගැටලුව අවම වෙනවා.එසේම Server කිහිපයක් යා කර තැනූ තනි DPS තියෙනවා.මේවායේ IP රටවල් කිහිපයක පිහිටනවා.ඒ කියන්නේ ඇමරිකාව,එංගලන්තය,ජර්මනිය,ඕස්ට්‍රේලියාව,කැනඩාව ආදී වශයෙන්.මේ නිසා ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් Email පැමිණීම නිසා DPS එකකට Inbox එකට එකවර වැඩි Email ප්‍රමාණයක් Deliver කිරීමේ වැඩි හැකියාවක් තියෙනවා.

3.ඔබ Email Send කරන්නේ සාමාන්‍ය Email List එකකට නම්, ඔබේ VPS එකේ උපරිම වේගය භාවිතා කළාට කමක් නැත.උදාහරණයකට ඔබේ Email List එකේ අඩංගු වන්නේ ප්‍රධාන Free Email Services ලාගේ  නොවන එක එක ඩොමේන් වලින් අවසන් වන Emails නම්, ඔබේ VPS එකේ උපරිම වේගය භාවිතා කර Send කරන්න.මොකද මේ එක ඩොමේන් එකකින් බොහෝ විට ඇත්තේ උපරිම ලෙස Email 2-3කි.එසේම ඒවායේ Spam Filters ලා ඉතා අඩුය.එම නිසා පහසුවෙන් Deliver කළ හැක.

4.ඔබට Email 100,000 Send කිරීමට ලබා දුන්නේ යැයි සිතන්න.පලමුව එහි ඇති Yahoo,Gmail,Hotmail,MSN,Live,AOL emails File 6කට ලබා ගන්න.ඉන් අනතුරුව ඉතිරි වූ Email List එකේ වැඩිපුර තියෙන ඩොමේන් එකක් ඇත්දැයි බලන්න.උදාහරණයකට alice.it කියන ඩොමේන් එකෙන් Email 4,000ක් තිබුණා යැයි සිතන්න.Yahoo,Gmail,Hotmail,MSN,Live,AOL වලින් Email 10,000 බැගින් Email 60,000ක් තිබ්බා යැයි සිතන්න.එවිට ඉතිරිව ඇති Email ගණන 36,000කි.එම Email 36,000 හැකි උපරිම වේගය භාවිතා කර Send කරන්න.අනතුරුව  Yahoo Email 300ක් Gmail 300ක් AOL 300ක් Hotmail 300ක් Live Emails 300ක් MSN Emails 300ක් හා Alice.it email 200ක් ඇතුලත් කරමින් Email 2,000ක් සහිත File එකක් සකසා ගන්න.එය පැයක් තුල Send වීමට සලස්වන්න.ඒ ආකාරයට Email 64,000 ම File 32කට කඩා පැය 32කදී Send වීමට සකසන්න.සාමාන්‍යයෙන් Email මිලියනයක් Send කිරීමට $80 - $100ක් අය කරනවා.ඒ අනුව ඔබට හිමිවිය යුත්තේ $8-10ක් වුවද ඔබ ප්‍රධාන Free Email Servicesලාට Email Send කළ නිසා ඔබට $20 - $30 ක් අය කළ හැක.ඔබට මාසිකව ඇත්තේ $30 - $40ක VPS ගාස්තුවක් පමණි.පලමුව $110ක් සහ ඩොමේන් එක සදහා $8-10ක් පමණ වියදම් කිරීමට සිදුවේවී.ඉන් අනතුරුව $1-2ක් ගෙවා IP එක Blacklisted වූ අවස්ථාවක අලුත් එකක් ලබා ගැනීමට සිදුවේවී.

ඉතහ කරුණු සියල්ල සටහන් කළෙමි.මේ සදහා ආයෝජනය කරනවාද නැද්ද යන්න ඔබේ තීරණයකි.මේ සදහා ආයෝජනය කර ඔබ අසාර්ථක වුවහොත් ඒ සදහා මට දොස් නොපවරන්න.එසේම ඔබ සාර්ථක වුවහොත් මට ස්තූති නොකරන්න.

Freelancer.com ගැන වැඩි දුර යමක්.

පසුගිය ලිපියේදී එච්චර දෙයක් Freelancer ගැන කිව්වේ නැහැනේ.එහෙත් මේ ලිපියේදී ඊට වඩා යමක් පවසන්නම්.Freelancer වල Email Marketing හා Leads පැත්තෙන් Email lists ඉල්ලා සිටිනවා.ඔබ සතුව Email lists ඇත්නම් ඒවා විකිණීමට ඔබට අවස්ථාව හිමිවනවා.නමුත් Photoshop/Graphic/Logo පැත්තෙන් ගත්තොත් ඔබ Bid කළාට Award කිරීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි.ඒකට හේතුව ඔබට Reviews නොමැති වීමත්  50-100ත් අතර ප්‍රමාණයක් Bid කිරීමත් නිසාය.එම නිසා ඇතැම් විට ඔබේ Bid එක නොකියවන අවස්ථා එමටය.බොහෝ විට Review සහිත කෙනෙක්ට award කිරීම සිදුවේ.කෙසේ නමුත් ඇතැම් විට Project Description එකේ ඔහුට අවශ්‍ය දෙය විස්තර කර ඇති.එම කරුණු උපයෝගී කරගෙන ඔබ Design එකක් සිදු කරන්න.අනතුරුව එය Attach කර යවන්න.එහි සිදුවිය යුතු වෙනස්කම් විමසා සිටින්න.බොහෝ අය වචන වලින් Project එක award කරන ලෙස ඉල්ලා සිටින අතර තුර ඔබ Design/Sample එකක් මගින් ඔහුගෙන් award කරන ලෙස ඉල්ලා සිටීම නිසා බොහෝ විට ඔබට award කිරීමේ සම්භාවිතාවක් ඇත.කෙසේ නමුත් Reviews දෙක තුනක් දාගන්නකන් පොඩ්ඩක් කට්ට කන්න වෙනවා.මොකද Bid කළාට ඔබේ Bid එක යටින්ම වැටෙන්නේ.ගොඩක් අය Fiverr වල $5ට කරන එක මෙතනදී $50 - $100 - $200 කට හෝ ඊටත් වඩා වැඩි ගණනකට සිදු කරන්න පුලුවන්.ඒකයි මෙහි වටිනාකම.එසේම Writing පැත්තෙන් Bid කරන අය සාමාන්‍ය විදියට Message එකක් යවන්න එපා. Ideoms,Phrasal Verbs භාවිතා කර ඔබේ හැකියාව පෙනෙන ආකාරයට Message එකක් යවන්න.Word/Exel අයටත් එසේමයි.Project Description එකේ ඇති දෙය සිදු කර Attach කර යවලා බලන්න.

Freelancer වල ඔබට Account 3-5ක් වුවත් භාවිතා කරන්න පුලුවන්.මම දැනට Account 3ක් භාවිතා කරනවා.හැම එකේම Reviews 20කට වඩා තියෙනවා.සමහර අවස්ථා වල එකවර Firefox හා Chrome හරහා Account දෙකකට වුණත් ලොග් වෙනවා.තාම Block කරලා නම් නැහැ.ඒක නිසා ඔබත් උත්සාහ කරලා බලන්න.Account දෙක තුනක් හදා ගන්න.හැම Account එකෙන්ම  Free Basic Membership Upgrade එක ලබා ගන්න.අනතුරුව Bid කරන්න.Credit Shop එකෙන් Extra Bid Packets ලබා ගන්න.අනතුරුව ඒවා Activate කරගෙන Bid කරන්න.Review කිහිපයක දාගන්න බලන්න.මෙහි ඇති වාසිය තමා සමහර වෙලාවට එක Employee කෙනෙක් අපිට Incomplete Report එකක් දැම්මොත් පොර ආයේ අපිට වැඩ දෙන්නේ නැහැනේ.ඒක නිසා අපි වෙන Account භාවිතා කරලා Bid කරනවා පොරගේ අලුත් Job වලට.එසේම එක Account එකකින් Bid කරලා Chat කරලා Employee ගේ අදහස් දැනගෙන් පොරගේ සිත ඇදී යන ලෙස අනෙක් Account එකෙන් Chat කරන්න පුලුවන්.එසේම අපිම තරගයක් ඇති කරලා අපිට award කර ගැනීමට භාවිතා කරන්න පුලුවන්.Review 50කට වඩා දාගත්තොත් ඔබට ඉතා ලේසියෙන් Project ලබා ගන්න පුලුවන්.එතකොට Freelancer වල Employeeගේ උපදෙස් ටික අරගෙන Fiverr වල හොද Gig එකක් බලලා ගන්නවා.ඊට පස්සේ අපේ Employeeගේ උපදෙස් ටික එයාට දීලා Design එක කර ගන්නවා.ඊට පස්සේ අපේ Employeeට Design එක Attach කරලා යවනවා.අනතුරුව Employee ඒකේ වෙනස්විය යුතු තැන් කිව්වම ඒ ටික Copy-Paste  කරලා Fiverr වල එකාට යවනවා.ඉතිං මේ විදියට අපිට  $5ක් වියදම් කරලා $150ක් විතර හොයා ගන්න පුලුවන්.ඉතිං ඔබත් උත්සාහ කරලා බලන්න.

Freelancer වල SEO/Blacklinks වලත් වෙන්නේ ඉහත දෙයමයි.ඕවා කරන්නේ ඉන්දියන්කාරයෝ.මුන් කරන SEO එකක් නැහැ.Freelancer වලින් වැඩේ අරගෙන ඔය සල්ලි වල SEO කරන වෙබ් අඩවි වලට ගෙවලා වැඩේ කර ගන්නවා.ඊට පස්සේ ලාභයක් ගන්න එක තමා කරන්නේ.මේච්චර Freelancer ගැන කියන්නේ ඔබටත් දවසක Freelancer වල රස දෙනේවී.දැන් ගොඩක් අයට Fiverr වල රස දැනිලා ඉවරයිනේ.ඒකයි කියන්නේ Freelancer වලත් උත්සාහ කරලා බලන්න කියලා.Freelancer වල වසරක් විතර එක දිගට වැඩ කළොත් ඔබට Review 50 - 100ක් දා ගන්න පුලුවන්වේවී.ඉන් අනතුරුව ඉදිරි වසරේදී ඉතා පහසුවෙන් වැඩ ලබා ගන්න පුලුවන් වේවී.ඒක නිසා ප්‍රමාද නොවී අදම Freelancer වෙත පිය නගන්න.මතක තියා ගන්න කොයි වෙලේවත් Milestone නැතුව Freelancer වල වැඩ කරන්න එපා.හෙට Milestone හදන්නම් කිව්වොත් හෙට වෙනකන් ඉන්න.සමහරු Freelancer වල වැඩ කරන්න ගිහින් අතින් කයිට් කර ගනී නැත්නම්.

ඉතිං මේ ටික තමා කියන්න තියෙන්නේ.මේ ලිපිය ලිව්වේ නොලියා ඉන්න බැරිකමට.බ්ලොග් එක නවත්තලා මාස 3ක් වුණා.මේ මාස තුනට අපේ ගෙදරට ලියුම් 15ක් විතර ආවා.මට කියලා පෞද්ගලික ජීවිතයක් තියෙනවා.ඒක නිසා ඒකට බාධාවන ලෙස කටයුතු කරන්න එපා.මේ ලිපිය දැම්ම නිසා ආයේ ලියුම් එන එකක් නැහැ කියලා හිතනවා.ඕනම කෙනෙක්ට ප්‍රශ්න තියෙනවා.ඒත් ඒවාට පිලිතුරු මා ළග නැහැ.මිනිසුන් වුණාම ආර්ථික ප්‍රශ්න අනිවාර්යයෙන්ම තියෙනවානේ.ඒත් ඉතිං මට කියලා කරන්න දෙයක් නැහැ.ඒවා මට කිව්වා කියලා ඇති පලක් නැහැ.ඒක නිසා හැකිනම් අන්තර්ජාලයෙන් යමක් උපයා ගනන් උත්සාහ කරන්න.ඉදිරියේදී ලංකාවට Paypal Support කරාවී.සමහරුන්ට මාව වීරයෙක් ලෙස පේනවා.සමහරුන්ට මාව නිකම්ම නිකම් එකෙක් විතරයි.ඒකට හේතුවත් කියන්නම් කාලෙන් කාලයට අපේ වීරයෝ වෙනස් වෙනවා.පොඩිකාලේ  ශිෂ්‍යත්ව සර් තමා මගේ වීරයා.ඊට පස්සේ O/L ගුරුවරු.දැන් A/L කරන්න ආවම O/L ගුරුවරු P ඩයල් කියලා හිතෙනවා.දැන් අපේ වීරයෝ A/L ගුරුවරු.ඒ වගේ තමා මේ පිලිබදව නොදන්න කෙනෙක්ට මාව විරයෙක් වගේ පේනවා ඇති.ඒත් මේවා දන්න අයට මේවා සාමාන්‍ය දේවල්.ඒක නිසා ඒ අයට මාව P ඩයල් වගේ පේනවා.ඒක ඇත්ත.මාව වීරයෙක් ලෙස දකින අයටත් මේ වදන.ඕනම තැනක හිටිය වීරයෙක් යනකොට ඒ අඩුව පුරවන්න වෙන කෙනෙක් ආවා.ඒක අතීතයේ ඉදන් සිදු වුණා.අර්ජුණ අයින් වුණා කියලා කිසි අඩුවක් වුණේ නැහැ සනත් නායකත්වය දුන්නා.සනත් අයින් වුණා කියලා ගැටලුවක් වුණේ නැහැ මහේල සංගා එතනට ආවා.වාස් අයින් වුණා කියලා ගැටලුවක් ආවේ නැහැ මාලිංග එතනට ආවා.ඒ වගේ තමා හැම තැනම හැම ක්ෂේත්‍රයකම කවුරු හරි ඉවත් වන විට එතනට කෙනෙක් එනවා.ඒ නිසා විමසුම්බ්ලොග් අයින් වුණා කියලා ගැටලුවක් නැහැ එතනට කවුරු හරි ඒවී.Geek එකේ ඕන තරම් අය ඉන්නවා ඒ සදහා සුදුසු.එසේම  විශ්වවිද්‍යාලවල අය ඕන තරම් ඉන්නවා එතනට සුදුසු.කවුරු හරි ඉදිරිපත් වෙනවානම් මම උදව් කරන්න කැමතියි.ලිපි ලිව්වට ඒවා කියවන්නේ නැති නම් බ්ලොග් එක එපා වෙනවා.ඒක නිසා කවුරු හරි ඉන්නවා නම් කියන්න මම උදව් කරන්න නම්.විමසුම්බ්ලොග් වෙත එන අයව ඔබේ බ්ලොග්යට එවන්නම්.විමසුම්බ්ලොග් කියවූ 3,000කට අධික සංඛ්‍යාවකගේ ඊමේල් ලබා දෙන්නම්.

0 comments:

Post a Comment

 
Copyright © sambavana.com