Thursday 2 January 2014

Emoney වලට නවකයෙක්ද?

Emoney වලට නවකයෙක්ද?

මම පසුගිය ලිපියේ කියූ ආකාරයට දිනපතා Emoney ක්ෂේත්‍රය දෙසට යොමු වන පිරිස වැඩියි.ඒ නිසා ඒ අය වෙනුවෙන් තමා මේ ලිපිය ලියන්නේ.ඒ වගේම අනිත් අයටත් වැදගත් වේවී කියලා හිතනවා.ඒ නිසා කියවලම බලන්න.මේ ලිපියේදී එදිනෙදා ඔබ Emoney ගැන මගෙන් අහන ගැටලු කිහිපයක් ගැන තමා සාකච්චා කරන්නේ.ඒ ඔක්කොම යන්නේ Q & A ක්‍රමයට.මම හිතනවා මේ ලිපියෙන් පස්සේ ඔයාලගේ හිත්වල තියෙන ගොඩාක් ප්‍රශ්න විසදෙයි කියලා.

01.අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද?
ඔව්.ඇත්තටම අන්තර්ජාලය හරහා නීත්‍යානුකූලව නිවසේ සිට මුදල් උපයන්න පුලුවන්.නමුත් එය ඔය පත්තරවල පලවන ආකාරයට බැහැ.

02.අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කෙසේද?
සාමාන්‍ය ජීවිතයේදී අපි ඇගපත මහන්සි කරලා තමා මුදල් උපයන්නේ.අන්තර්ජාලය හරහා මුදල් උපයන්නේ මොළය වෙහෙසලා.එම නිසා අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම ලේසි දෙයක් ලෙස සලකන්න එපා.

03.අන්තර්ජාලය තුළ මුදල් ඉපයීමට භාවිතා කළ හැකි ක්‍රම මොනවාද?
  I. Forex - ජාත්‍යන්තර කොටස් වෙලද පොලේ ආයෝජනය කිරීම තුලින්.
 II. Affiliate Marketing - අන්තර්ජාලය හරහා තැරව්කරුවකු වීම.භාණ්ඩ හා සේවා හදුන්වාදිම වෙනුවෙන් යම්කිසි කොමිස් මුදලක් ඉපයීම හෝ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගෙන එය වැඩි මිලකට විකිණීම තුලින් මුදල් ඉපයීම.
උදා: - Ebay,Clickbank,Webhost Reseller......
Clickbank මගින් මුදල් උපයන ආකාරය ඉගෙනගන්න මෙතනින් යන්න.
III. PTC Sites(Bux) - මේවා පසුපස ඔබ හමා යන්න එපා.මක්නිසාදයත් ඔබ Emoney වලට නවකයෙක් නිසා ඔබ ව්‍යාජ අඩවි වලට හසුවී Emoney එපා වෙන්න පුලුවන්.(Ads Click/Mouse Click)
IV.PPC Sites - තමාගේ වෙබ් හෝ බ්ලොග් අඩවියේ වෙබ් අඩවි වලින් ලබාදෙන දැමීම තුලින් මුදල් ඉපයීම.
උදා: - Google Adsense,Adbright,Geegain......
V. Data Entry Jobs - මෙම වෙබ් අවවි වල ලියාපදිංචි වී ඔබට හැකියාව ඇති ඕනම ක්ෂේත්‍රයක Job ලබාගෙන ඒවා නිම කිරීම තුලින් මුදල් ඉපයීම.තම ආයතනයේ වැඩ කටයුතු සදහා විදේශ රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී වීසා,නවාතැන් පහසුකම්,විදේශ ‍රැකියා ආයතන සදහා වැය වන මුදල් ආදිය වැය කිරීමට සිදු වන නිසාත් තම වැඩ කටයුතු වේගයෙන් හා අඩුම මුදලක් ගෙවා ඉහළ ගුණාත්මක භාවයකින් කර ගැනීමේ අරමුණින් විදේශ රටවල බොහෝ සමාගම් මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වී තමන්ට නිමකරගත යුතු වැඩ මෙහි පල කරන අතර අපට එම වැඩ ලබාගෙන නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.මෙවැනි අඩවි වල ඔබ ලියාපදිංචි වීමේදී කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,etc..)
උදා: -Odesk,Freelancers......
Odesk මගින් මුදල් උපයන ආකාරය ඉගෙනගන්න මෙතනින් යන්න.
VI. Mini Data Entry Jobs - ඔබට මහා පරිමාණයේ වැඩ නිම කළ නොහැකි නම් කුඩා ඉතා පහසුවෙන් නිම කළ හැකි නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.(Facebook,Youtube,Gmail,etc..)
උදා: Microworkers,(සාර්ථක මුදල් ගෙවයි.)Minuteworkers,(තාවකාලිකව අඩපණ වී ඇති නිසා වැඩ කිරීමෙන් වලකින්න.)
VII. කඩ්ඩෙන් කොටා මුදල් ඉපයීම - ඔබේ ඉංග්‍රීසි දැනුම ඉහළ නම් මෙය සිදු කළ හැක.මෙම වෙබ් අඩවි මගින් ලබා දෙන මාතෘකාව ඔස්සේ රචනා/ලිපි ලිවීම තුලින් මුදල් ඉපයිය හැක.(Article Writing)
උදා: iWritter....
iWritter මගින් මුදල් උපයන ආකාරය ඉගෙනගන්න මෙතනින් යන්න.
VIII. උත්සාහයෙන් මුදල් ඉපයීම - ඔබේ හැකියාව, උත්සාහය හා උනන්දුව මත මුදල් ඉපයිය හැක.ඔබට කිසිදු මෘදුකාංගයකින් වැඩ කිරීමට නොහැකි නම් මෙම ක්‍රමය හරහා මුදල් ඉපයිය හැක.ඊට අමතරව Odesk,Freelancers හරහා ඔබට ලැබෙන් Job ප්‍රමාණය අඩුනම් මෙම වෙබ් අඩවි හරහා විශාල ලෙස මුදල් ඉපයිය හැක.(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,Facebook,Youtube,Google+,Twitter,Blogger,Wordpress,etc...)
උදා: - Fiverr,Gigbucks....
Fiverr මගින් මුදල් උපයන ආකාරය ඉගෙනගන්න මෙතනින් යන්න.

ආශ්‍රිත ලිපි : ඇඩ්සෙන්ස් බැරිනම්.....(කියවන්න මෙතනින් යන්න)

Google Adsense Q & A......

1. Google Adsense කියන්නේ ?
Google Search Engine එක ව්‍යාප්ත වීමත් සමග Google Adword කියලා වැඩසටහනක් ආරම්භ කළා.Google Adword වෙත වෙලද දන්වීම් ලබාදිය හැකි අතර ඒවා Google Search Eninge එක ඔස්සේ ප්‍රචාරණය කරන ලදි.මේ තුලින් Google සමාගම විශාල මුදල් උපයන ලදි.ඒ අනුව මේ ආදායම තව තවත් වැඩි කරගැනීමේ අරමුණින් Google සමාගම ‍තෝරාගත් ලෝකයේ හොදම වෙබ් අඩවි කිහිපයකට මෙම වෙලද දැන්වීම් ලබාදුන් අතර එම වෙලද දැන්වීම් ප්‍රචාරණය කිරීම වෙනුවෙන් එම වෙබ් අඩවි වලට මුදල් ගෙවන ලදි.ඒ Google Adsenseහි ආරම්භයයි.පසුකාලීනව ඕනම කෙනෙක්ට වෙබ් හෝ බ්ලොග් අඩවියක් සකසා ඊට Google සමාගමේ වෙලද දැන්වීම් ප්‍රචාරණය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැක.ඒ අනුව එම වෙබ් බ්ලොග් අඩවියේ ගුණාත්මක භාවය සැලකිල්ලටගෙන ගූගල් සමාගම තම හවුලට එම වෙබ් අඩවිය එකතු කරගන්නවාද නැද්ද යන්න තීරණය කරයි.

2.Impression කියන්නේ ?
වෙබ් පි‍ටුවකින් වෙබ් පි‍ටුවකට යාමේදි එම වෙබ් පි‍ටු අතර ස්ථානගත කර ඇති Ads Unit, Reload/Refresh වීමක් සිදුවේ.මෙසේ එම Ads Unit Reload වන එක වාරයක් Impression එකක් ලෙස සැලකේ.Google Adsenseහි ඇති විශේෂත්වය වන්නේ අපට ලැබෙන Impression ගණනනටත් මුදල් ගෙවීමයි.මීට අමතරව CTR යන පදයට සමාන පදයක් ලෙස යම් යම් තැන් වල භාවිතා කළත් එහි නියම අරුථ ඉහත අරුථයි.

3.CTR එක කියන්නේ ?
Impression හා Clicks අතර අනුපාතය ප්‍රතිශතයක් ලෙස ගත්තාම එයට CTR එක ලෙස හදුන්වනවා.Google Adsense සතු ඵලපුරුද්ද අනුව සාමාන්‍යයෙන් Impression 40කට එක Click එකක් Click වන බව ඔවුන් දනී.ඒ අනුව Impression 400කට Ad 10ක් Click විය හැකි බව ඔවුන් දනී.නමුත් Impression 400කට Ad 40ක් Click විය නොහැකි බව ඔවුන් දනී.ඒ අනුව CTR එක 8-10%කට වඩා වැඩි ගිණුම ව්‍යාජ ගිණුම් ලෙස සලකා ඒවා අවලංගු කරනු ලැබේ.එම නිසා සෑම විට CTR එක 5%ට වඩා අඩුවෙන් තියා ගන්න උත්සාහ කරන්න.

4.CPC එක කියන්නේ ?
ඔබගේ Impression හා Clicks අනුව Impression 1,000 කදී ඔබ උපයන මුදල CPC එක ලෙස ගණනය කර පෙන්වනු ලැබේ.මෙය $10-15 අතර තියේ නම් වඩා සුදුසුය.මොකද එවිට අපිට ඉහල ආදායමක් ලබාගත හැකි නිසාය.මෙය $10-15 අතරට ගැනීමට නම් ඔබේ එක Click එකකට ලැබෙන මුදල ඉහල අගයක් ගත යුතුය.ඇමරිකානු,යුරෝපානු,ඕස්ට්‍රේලියානු Click සදහා වැඩි මුදලක් ගෙවයි.ඔවුන් වැඩිපුර අපේ බ්ලොග් කරා ගෙන්වා ගත හැකි නම් හෝ ඔබට High Paying Key Words යටතේ ලිපි ලිවිය හැකි නම් ඔබට ඉහළ ආදායමක් ලබාගත හැක.

5.High Paying Key Words කියන්නේ ?
වැඩිම මිලකට විකිණෙන වෙලද දැන්වීම් වලට අදාල Keywords නිකුත් කරනු ලැබේ.මේවා සොයා ගැනීමට අවශ්‍ය නම් ඔබට Google Search කිරීම මගින් සොයාගත හැක.යම්කිසි කෙනෙක් වෙබ් පි‍ටුවකට පැමිණි විගස එම විසිටර්ගේ රට සහ ඔහුගේ Cookies හරහා ඔහු සොයන ලද දේවල් ගැන සහ එම වෙබ් පි‍ටුවේ අඩංගු වචන වලට ගැලපෙන ආකාරයට වෙලද දැන්වීම් දිස්වනු ඇත.එම නිසා අප කළ යුත්තේ High Paying Key Words යොදාගෙන ලිපි අපේ බ්ලොගයේ ලිවීමයි.

6.Google Terms මොනවාද?
Google Terms 18ක් තිබුණාට ඒවායින් ඔබ දැනගත යුත්තේ කිහිපයකි.ඕනම වෙලාවක ගිණුම අවලංගු කිරීමේ හැකියාව Google සමාගමට ඇති බව ආදී වැල්වටාරම් රාශියක් තිබෙනවා.නමුත් ඔබ දැන ගත යුත්තේ පහත නීති රීති පමණි.
A.ඔබට ඔබේම Ad Click කළ නොහැක.
B.මුදල් ගෙවා හෝ නොගෙවා Ad Click කරවා ගැනීම වරදකි.
C.Impression or Clicks ලබා දීමට බලකිරීම,ඉල්ලීම්/ආයාචනා කිරීම, වරදකි.එසේ සිදුකරන ලෙස ඉල්ලා Email යැවීම හෝ බ්ලොගයේ පලකිරීම වරදකි.
D.එකවර එක්කෙනෙක්ට Google Adsense ගිණුම් දෙකක් සක්‍රීයව තබාගත නොහැක.
ඔයාලට අවශ්‍යම නම් මෙතනින් යන්න.මේ බ්ලොග් එකේ කොලුවා දාලා ඇති ඇඩ්සෙන්ස් නීති රීති ටික සිංහලෙන්.

7. Google Adsense Disable වෙන්න හේතු මොණවාද?
ඉහත සදහන් කළ ඕනම නීතියක් කඩ කර ඒ බව Google Adsense විසින් හදුනාගතහොත් ඔවේ ගිණුම Disable වේ.

8.Google Adsense Disable වූ පසු නැවත ගිණුමක් සාදාගත හැකිද?
බොහෝ පිරිසක් තුල මතයක් තියෙනවා එක පාරක් Adsense Disable වුණා කියන්නේ ආයේ Adsense Disableවූ ගිණුමේ නමට,ලිපිනයට ආයේ ගිණුමක් ලබාගත නොහැකි බවයි.නමුත් එසේ නොමැත.ඔබේ ගිණුම Disable වූයේ නම් ඔබට නැවත Adsense වෙත අයදුම් කළ හැක.ඔබ කළ යුත්තේ අලුතින් Gmail ගිණුමක් සකසා හොද බ්ලොග් එකක් සකසා නැවත Adsense ඉල්ලීමයි.

9.Adsense ගන්න Toplevel/Full Domain එකක් ඕනද?
නැත.ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය හොදයි නම් ,blogspot.com/.wordpress.com ආදි වශයෙන් ඇති Subdomain වලටත් Adsense ගිණුම් හිමිවේ.

10.Adsense මගින් උපයන මුදල් ලංකාවට ගෙන්වා ගන්නේ කෙසේද?
ඔබේ ගිණුමේ $100 පිරුණු පසු ඔබේ නිවසටම චෙක් පතක් මගින් මුදල් එවනු ලැබේ.

11.Google Adsense මගින් කොපමණ මුදලක් ඉපයිය හැකිද?
Google Adsense හරහා ඔබ උපයන මුදල තීරණය වන්නේ ලැබෙන Clicks මතයි.ලැබෙන Clicks  ගණන තීරණය වන්නේ බ්ලොගයට එන Visitorsලා ගණන අනුවයි.එම නිසා ඔබේ බ්ලොගයට පැමිණෙන විසිටර්ස්ලා ගණන අනුව තමා Earnings තීරණය වන්නේ.

12.බ්ලොගයට වැඩිපුර Visitorsලා ගෙන්වා ගන්නේ කොහොමද?
ඔබේ බ්ලොගයට පැමිණෙන විසිටර්ස්ලා ගණන ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය මත රදා පවතිනවා.කිසියම විසිටර් කෙනෙක් ඔබේ බ්ලොගයට ආපු ගමන් ඔහුට සිත් ඇදගන්නා සුලු පෙනුමකින් බ්ලොගය තියෙන්න ඕන.ඒ කියන්නේ හොද Template එකක් භාවිතා කරන්න ඕන.ඒ වගේම එහි අන්තර්ගත ලිපි තමාගේම විය යුතු යැයි මගේ මතය.මොකද එම ලිපි කියෙව්වාම එහි හරයක් ඇති බවත් ඉදිරියේදී තවත් හරවත් ලිපි පල විය හැකි නිසා නැවත මම මේ බ්ලොගයට පැමිණිය යුතුය යන ආකල්පය විසිටර් තුල ඇති කිරීමට ඔබ සමත් විය යුතුය.එය කිරීමට නම් හොද ලිපි ලියන්න ඕන.ඒ වගේම බ්ලොගයක් පටන් ගත් විගස අපි Traffic Sources Build කරන්න ඕන.

13.Traffic Sources Build කරන්නේ කොහොමද?
A.සෙවුම් යන්ත්‍ර වෙත ඔබේ බ්ලොගය ඇතුලත් කිරීම.
B.සමාජ ජාලා වෙබ් අඩවි වල ඔබේ බ්ලොගය ප්‍රචාරණය.
C.ඔබේ බ්ලොගය සින්ඩිකේටර වෙත ඇතුලත් කිරීම.
මීට අමතරව ගොඩාක් ක්‍රම තියෙනවා.ඒ ගැන අපි ඉදිරියේදී කථා කරමු.

14.සිංහල බ්ලොග් වලට Adsense දෙනවාද?
සිංහල බ්ලොග් වලට Adsense ලබා දෙන්නෙ නැත.ඒ අනුව ඔබ Adsense ගිණුමක් සාදා ගැනීමට අවශ්‍ය නම් ඔබ විසින් ඉංග්‍රීසියෙන් බ්ලොගයක් ලිවිය යුතුයි.

15.Adsense ගන්න මාස 06කට වඩා පැරණි බ්ලොගයක් තිබිය යුතුද?
නැත.මේක සීඝ්‍රයෙන් පැතිර ගිය කට කථාවක් පමණි.එම නිසා ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය හොදයි නම් ඔබට ඕනම අවස්ථාවක Adsense ගිණුමක් ලබා ගත හැක.

16.ඇඩ්සෙන්ස් ලැබෙන්න නම් බ්ලොග් එකක තිබිය යුතු දෑ හා නොතිබිය යුතු දෑ මොණවාද?
මෙච්චර කල් මම එක එක කුණුහරුප කිව්වා.ඒත් තේරෙන්නේ නැහැ.පහත ලින්ක් එකෙන් ගිහින් බලන්න ඇඩ්සෙන්ස් ලැබෙන්න නම් බ්ලොග් එකේ තියෙන්න ඕන සහ නොතියෙන්න ඕන දේවල් ගැන තියෙනවා.ඉංග්‍රීසියෙන් තියෙන්නේ.තේරෙන්නේ නැති නම් කියන්න.පුලුවන් වුනොත් ඒක සිංහලෙන් දාන්නම් ඉදිරියේදී.
Want to make sure your content is not violating AdSense policies?

තව ප්‍රශ්න තියෙනවා.ඒත් මතක් වෙන්නේ නැහැ.ඒක නිසා ඔයාලාට පුලුවන් පහතින් Comment කරන්න.මම ඕන වෙලාවක සූදානම් එම ප්‍රශ්න වලට පිලිතුරු සපයන්න.

දැන් තේරෙනවා ඇතිනේ Adsense ගැන.මම දකින ආකාරයට ඔබ කිසිම කෙනෙක්ගෙන් Adsense ගිණුමක් මිලදි ගත යුතු නැහැ.ඔබ කළ යුත්තේ ඔබේම Adsense ගිණුමක් සාදා ගැනීමයි.මොකද ඔබම Adsense එක්ක ඔට්‍ටු වෙලා කිහිප වතාවක් Adsense Disable කරගෙන නැගිට නැගිට යන කෙනා තමා ජය ගන්නේ.එම නිසා කාටවත් සල්ලි ගෙවලා ගිණුම් හදා ගන්න ඕන නැහැ.සල්ලි දීලා ගිණුම් හදාගෙන Disable වුණාම Adsenseට බැනලා හරි යන්නේ නැහැ.ඔබ මේ සියල්ල කියවලා එකතු කරගන්නා දැනුම තුලින් අත්දැකීම් එකතු කරගන්න ඕන.ඒ සදහා ඔබ Adsense එක්ක ඔට්‍ටු වෙන්න ඕන.


ඉහත රූපයේ තියෙන්නේ කඩ්ඩෙන් කොටා ඩොලර් ඉපයීම යටතේ ඔබට iWriterහිදී නිම කළ හැකි ජොබ් පිලිබද Screenshot එකක්.පේනවානේ අපිට කරන්න තියෙන්නේ වචන 500-1000ක් රචනයක් ලියන්න.ඔබට පේනවා ඇති ඒ අනුව අපිට පැය 2කට $14ක් කියන්නේ රු:130X14 = රු:1820ක් උපයන්න පුලුවන්.ඒ අනුව පැයකට ඔබට අන්තර්ජාලය හරහා රු910ක් උපයන්න පුලුවන්.සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට පැය 8 බැගින් දින 20ක් වැඩ කරලා රු32,000ක් ඉපයුවොත් ඔහුගේ පැයක ආදායම රු200කි.සිතන්න මෙන්න නියම ක්‍රම අන්තර්ජාලයෙන් උපයන්න.මම දන්නවා ඔබට ඉංග්‍රීසියෙන් ලියන්න බැරි බව.නමුත් ඔහොම ඉන්න.මම ඉංග්‍රීසි ලිපි මාලාවක් ලියනවා.ඒ ලිපි සරල මට්ටමේ සිට සංකීර්ණත්වයට යන ආකාරයට ලියන්නේ.ඒ අනුව ඔබට ඉංග්‍රීසි ව්‍යාකරණ වලට අනුකූලව ඉංග්‍රීසියෙන් ලිපි,රචනා,ලියුම් ඇතුලුව සියලුම දේ ලියන හැටි කියලා දෙන්නම්.එතකොට ඒ දවසට මේ කියන දෙය ජයගන්න ඔබට හැකි වේවී.එලෙසම Fiverr වලත් මේ පැත්තෙන් හොද ගානක් හොයා ගන්න පුලුවන් වේවී.

01.ඇයි අපිට ඉංග්‍රීසියෙන් ලිවීම තුලින් මුදල් උපයන්න පුලුවන්?

ඒකට දෙන්න තියෙන සරල පිලිතුර තමා සුද්දෝ ඉංග්‍රීසි දන්නේ නැති නිසා.සුද්දෝ උන්ගේ මව් භාෂාව නිසා ඉංග්‍රීසි කථා කළාට උන් ලියන්න දන්නේ නැහැ.ඒ වගේම උන් හරි කම්මැලියි.(සියලුම සුද්දෝ නොවේ)අනික උන්ට අදහස් නැහැ.නැත්නම් ලංකාවේ ඔක්කොම එවුන් සිංහල කථා කළාට උන් පොත් ලියනවාද?ලිපි ලියනවාද?ඒ වගේ තමා සුද්දොත්.ඔය සුද්දෝ ඉංග්‍රීසි කථා කළාට අපිට පුලුවන් උන්ව කොර කරන්න.උදාහරණයකට අපි සිංහල පොතක් කියවන කොට ඒකේ තියෙන සමහර වචන වල අරුථ දන්නේ නැහැ.ඒ වගේම තමා සුද්දෝ.දන්නේ වචන සුලු ප්‍රමාණයකි.නමුත් අපේ උන් ගාව නැති ගති ගුණ සුද්දා ගාව තියෙනවා.අපි කාට හරි මෙහෙම කිව්වොත් "මම හෙට ඉස්කෝලේ යමු" කියලා කිව්වොත් ඌ බඩ අල්ලගෙන බඩ පැලෙනකල් හිනා වෙනවා.මූ මෙලෝ දෙයක් දන්නේ නැහැ කියලා අපිව පාච්චල කරනවා.නමුත් සුද්දා එහෙම නැහැ.සුද්දා අපිට කිසියම් දෙයක් වැරදුනොත් ඌ ඒක හරියට කියලා දෙනවා.කොහොම උනත් මම ලිපි 30කින් විතර සාර්ථකව ලිපියක් ලියන හැටි කියලා දෙනවා.ඒ වගේම වෙනම ලිපි 10කදී ඉංග්‍රීසියෙන් ලියවී ඇති දෙයක් සිංහලට පරිවර්ථනය කරන ආකාරයත් සිංහලෙන් ඇති දෙයක් එලෙසින්ම ඉංග්‍රීසියට පරිවර්ථනය කරන ආකාරයත් iWriterහි ලිපියක් ලියන ආකාරයත් Video මගින් පැහැදිලි කරනවා.

දැන් තේරෙනවානේ Emoney කියන එක ලේසි දෙයක් නොවන බව.අලුතින් කවුරුහරි සිමෙන්ති අනන්න ගියාම(මේසන් බාස්ගේ ගෝලයාට) ගියාම එයාට ඒක අමාරු කාර්යයක් ලෙස දැනෙනවා.ඇග පත රිදෙනවා.හරිම මහන්සියි.නමුත් එයා ඒක දිගටම වසර කිහිපයක් කරන කොට එයාට ඒකේ කිසි අමාරු කමක් තේරෙන්නේ නැහැ.එයා ඒකට අනුවර්තනය වෙලා.එයාට ඒක තරම් ලේසි කාර්යයක් නැහැ.ඒක නිසා ඔබත් දැන් අලුතින් යන මේසන් බාස්ගේ ගෝලයා වගේ.ඔබ කළ යුත්තේ අත්දැකීම් එකතු කර ගැනීමයි.එවිට ඔබට Emoney කියන එක ලේසි දෙයක් ලෙස පෙනේවී.ඒ අනුව Emoney කියන එක  එක්දින පාඨමාලාවකින් හදාරා නිම කළ නොහැකි බව පෙනෙනවා ඇතිනේ.ඒක නිසා ඔබ කළ යුත්තේ පුලුවන් තරම් අත්දැකීම් එකතු කර ගනිමින් එය කාලයත් එක්ක කර ගෙනයාම.එතනයි සාර්ථකත්වය තියෙන්නේ.ගොඩක් අය මගෙන් අහනවා ඔයා කොහොමද මෙච්චර දේවල් දැන ගත්තේ කියලා.ඒකට මට දෙන්න තියෙන පිලිතුර තමා මම කිසිම එක්දින පාඨමාලාවකට ගියේ නැහැ.මම මුලින් සීඩී දෙකක් ගත්තා.අනතුරුව මේ ඔක්කොම කරන්නේ බොනිකරStar කියලා(බොනිකරතරුව=තනිකරබොරුව) හොයා ගත්තා.අනතුරුව මා විසින්ම බොහෝ දේ අවබෝධ කර ගත්තා.ඒවා අත්දැකීම් ලෙස ජීවිතයට එකතු වුණා.අද වන විට Emoney කියන දෙය ජීවිතයෙන් කොටසක් වෙලා.මේ බ්ලොග් එක ලියන්නේ පිරිසක් එකතු වෙලා නෙමේ.තනියම ලියන්නේ.කාගාවත් වත් දනින් වැටෙන්න මම යන්නේ නැහැ.පුලුවන් දවසක් බ්ලොග් එක ලියනවා.බැරිනම් අතහරිනවා.ඒත් ඩොමේන් එක අවුරුදු 50කට හරි එකපාර Renew කරනවා.එතකොට දවසක කියන්න පුලුවන් වේවී මම මෙහෙම දෙයක් කළා කියලා.Keywordtool එක ගැනත් යමක් ලියන්න හිටියේ ඒත් තව ලිව්වොත් ඔයාලට මේ ලිපිය එපා වෙනවා.ඒක නිසා ඉදිරියේදී Keywordtool එක නිවැරදිව භාවිතය හා ඒ තුලින් මුදල් උපයන ආකාරය ගැන කථා කරමු.

2 comments:

Unknown said...

Ojooo ganath lipiyak ona

sdfddffd said...

need help..

Post a Comment

 
Copyright © sambavana.com