Thursday 2 January 2014

Fiverr වල මේ වැ‍රැද්ද කරන්න එපා! + Bux වලින් දවසට $20ක්

Fiverr වල මේ වැ‍රැද්ද කරන්න එපා! + Bux වලින් දවසට $20ක්.

ගොඩක් අය මට කියන්නේ Fiverr ගැන පෝස්ට් දාන්න කියලානේ.ඉතිං ඔන්න මම දන්න පොඩි දෙයක් කියලා දෙන්න යන්නේ.ගොඩ්ක් අය මට කියන දෙයක් තමා ඔන්න මම Fiverr වලට Sign Up වුණා.මුල්ම දවස් දෙක තුනේ Orders ආවා.ඊට පස්සේ කිසිම Order එකක් නැහැ කියලා.මේකට උත්තරක් දෙන්න තමා මේ ලිපිය ලියන්නේ.සමහරු හිතන් ඉන්නවා මේවා ඉන්දියන්කාරයෝ හෝ සුද්දෝ ලියන බ්ලොග් වල තියෙනවා කියලා.ඒත් හැමදේම නැහැ.අපේ සමහරුන්ට මේවායේ අගයක් නැති වුණාට අගයක් තියෙන අය ඕන තරම් ඉන්නවා.ඒක නිසා ඔය කොන්ද පණ නැති එක එක එවුන් ඇනෝ යටතේ දාන කොමන්ට් වලට මම සැලෙන්නේ නැහැ.මට උන්ට අභියෝග කරනවා මේ බ්ලොග් එකේ තියෙන ඇඩ්සෙන්ස් ගැන සහ තවත් සමහර ලිපි මේ මුළු අන්තර්ජාලයෙන්ම හොයලා පුලුවන් නම් පෙන්නන්න කියලා.මොකද සමහර දේවල් ගැන මේ ලෝකේ එකෙක්වත් ලියලා නැහැ.මම ම විතරයි ලියලා තියෙන්නේ.එවැනි දෙයක් ඉංග්‍රීසි බ්ලොග් එකකින් හමු වුණොත් එම බ්ලොග් එක එක්කෝ මගේ.නැතිනම් ඒක මගේ බ්ලොග් එක බලලා එම ලිපි ඉංග්‍රීසියට හරවලා ලියපු එකක්.ඒක නිසා ඔය එක එක කස්ටිය කියන ඒවා අහලා මම සැලෙන්නේ නැහැ.එහෙනම් අපේ මාතෘකාවට එමු.

අපි Fiverr වලට Register වෙලා කුමණ ආකාරයක Gig එකක් දැම්මත් ඒකට පලමු දවස් දෙක තුනේ Order දෙක තුනක් එනවාම තමා.ඒක කවුරුත් දන්න දෙයක්.නමුත් ප්‍රශ්නය ගොඩක් අයට ඊට පස්සේ Order එන්නේ නැති එක තමා.මේකට හේතුව මම කියලා දෙන්නම්.මම මේක අත්දැකීමෙන් දන්න දෙයක්.අපිට Fiverr වල නීති රීති වලට අනුව අපේ Buyerව බාහිර සන්නිවේදන ක්‍රමයකින් සම්බන්ධ කර ගන්න බැහැ.ඒ කියන්නේ Skype,Facebook,email etc.. හරහා Contact කර ගන්න බැහැ.අපි පලමු දවස් වලම මේ Term ටික කඩ කළාම බඩු බනිස් තමා.මම අත්දැකීමෙන් කියන්නේ අපි පලමුව Fiverr වලට Sign Up වුණාම අපිට මුලින්ම ලැබෙන Order ලබා දෙන්නේ Fiverr එකේ කාර්ය මණ්ඩලයේ එවුන්ම තමා.ඒ වගේම ඊට අමතරව උන් එක එක Message එවනවා.ඒවායින් උන් බලන්නේ අපි මොන වගේ පොරක්ද කියලා හොයලා බලන එක.ඊට පස්සේ අපි ඒ දවස් වලම උන්ට අපේ Skype id,Facebook profile url,email contact.... ලබා දුන්නාම අපිට කෙල වෙනවා.උන් අපේ Gig , Search Result එකෙන් අයින් කරනවා හෝ යටටම දානවා.අපි ගැන නිතරම හොයනවා.ඊට පස්සේ වෙන්නේ අපිට Gig එන්නේ නැති වෙන එක තමා.මේක හරියට Fiverr වලින් සමු ගැනීමක් වගේ තමා.ඒක නිසා කවදාවත් මේ වැ‍රැද්ද කරන්න එපා.මේ ටික ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපි Fiverr වල Register වුණු මුල් දවස් වල විතරයි.ඒක නිසා අපි Fiverr වල Register වුණු මුල් දවස් වල buyer කෙනෙක් අපේ Email or Skype ID ඉල්ලුවොත් ඌට Message එකක් දාන්න, Fiverr වලින් හැර වෙනත් මාධ්‍ය වලින් Contact කිරීම වරදක් කියලා ඌට තේරෙන සහ ඔයාලට තේරෙන විදියකට කියලා Fiverr වලට Butter පාරකුත් ගාලා Message එකක් දාන්න.

Pending Review වලින් ඔබේ GIG එක බේරා ගැනීම.

ගොඩක් අයට තියෙන තවත් ගැටලුවක් තමා බොහෝම අමාරුවෙන් දාන Gig එක Pending Review වලට වැටීම.සාමාන්‍යයෙන් Pending Review වලට වැ‍ටුණා කියන්නේ ඒ Gig එක ගැන තියෙන අදහස අත්හැර ගත්තා නම් හොදයි කියන අදහස වගේ තමා.මොකද Pending Review වලට වැටෙන Gig වලින් Active වෙන්නේ 10%ක් විතර තමා.මේ Pending Review වැටෙන්න ඔබේ Gig එකේ Description එකේ වැරදි වචන භාවිතා වුණාම තමා.මෙසේ වැරදි වචන මේවා යැයි නිශ්විතවම කියන්න බැහැ.එහෙත් මම දන්න දෙයක් තමා තමා ඔය "Email" කියන වචනය යෙදුව ගමන් ඕක වෙනවා.ඒක නිසා ඔය Email list විකුණන්න යනකොට කෙල වෙන්නේ ඒක නිසයි.විශේෂයෙන් ඔය Online Marketing Gig දාන්න ගියාම තමා Pending Review එන්නේ.ඒක නිසා සෑම විටම Gig එකක් දාලා ඒක වැරදිලාවත් Decline වුණොත් කරන්න ඕන Fiverr එකේ Search කරනවා ඒ ජාතියේම Gig එකක්.ඊට පස්සේ Gig ඒකේ තියෙන Description එක සහ Tags බලලා ඊට සමාන දේවල් දැම්මාම හරි.ඉතිං මේ විදියට තමා Pending Review වලින් Gig බේරෙන්නේ.

Orders වැඩිකර ගන්නේ කොහොමද?

මේකට භාවිතා කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා.ප්‍රධානම ක්‍රමය තමා YouTube වලට Video එකක් upload කරන එක.ඔබ කරන වැඩේට අදාල තොරතුරු සහ ඔබ වැඩේ කරන ආකාරය ගැන සදහන් කරලා එය පැහැදිලි වන ආකාරයට Video එකක් සකස් කරලා ඒක YouTube වලට Upload කරන එක තමා හොදම ක්‍රමය.ඊට පස්සේ ඔබේ Video වල Gig එකට අදාල _ _ එක එම _ එකේ _ එක ලෙස දාන්න පුලුවන්.ඊලගට ඔබ මේ Video එකට පට්ට Tittle එකක් දාන්න ඕන.උදාහරණයකට ඔබ Facebook likes 500ක් දෙනවා කියමු.එතකොට මේකට ඔබ Video එකක් සකස් කළා කියමු.එම Video එක නම් ගම් කිහිපයකින් Upload කරන්න.ඒ කියන්නේ එකම Video එකට Tittle කිහිපයක් යොදන්න.
Eg:
  1. How to get 500 Facebook Likes in 24 Hours ?
  2. Facebook Auto Like Software.
  3. Facebook like generator.
  4. I will give you 500 Facebook likes in 24 Hours for $5
  5. How to get more Facebook likes ?
එතකොට Google හරහා ලොකු Views ගානක් ලබා ගන්නත් ඒ හරහා Orders ලබා ගන්නත් පුලුවන්.මම හිතන්නේ නැහැ Facebook වලින් එච්චර ලොකු Order ප්‍රමාණයක් ලබා ගන්න පුලුවන් වේවී කියලා.මොකද අපේ Profile වල ඉන්නේ ලංකාවේ උන්.මුන්ට කිසිම වුවමනාවක් නැහැනේ මේ Gig මිලදී ගන්න.ඒක නිසා සුද්දෝ Facebook වල add කර ගෙන ගේම් දෙන්න අපේ අය යන එකක් නැහැ.ඒක නිසා මම දකින ආකාරයට YouTube පට්ට ආකාරයට යොදා ගන්න පුලුවන් Fiverr වල Orders ගන්න.

ඔයාලට Fiverr Account එකකින් Gig 20ක් දාන්න පුලුවන්නේ.ඒක නිසා මෙන්න මේ ක්‍රමයත් අනුගමනය කරලා බලන්න.එකම Gig එක දෙපාරක් හෝ තුන් පාරක් දානවා ඔබේ Fiverr Account එකෙන්ම.මේකත් Orders වැඩි කර ගන්න කරන්න පුලුවන් වැඩක්.උදාහරණයකට ඔබම තරගයක් ඇති කරලා ඔබම ජයග්‍රහණය කිරීමක් තමා කරන්නේ.ඒ වගේම සමහරුන්ගේ Gig වල Express කෑල්ල අයින් උනාම ඉතිං ආයේ හිත හිත ඉන්න දෙයක් නැහැ.ඒ Gig එක තියෙද්දිම ඒ Gig එක නැවත වරක් අලුතින් දාන්න.එතකොට වැඩේ හරිනේ.මේක දැන් ගොඩක් අය භාවිතා කරනවා.මමත් මේක භාවිතා කළා.වැඩේ සාර්ථකයි.

ඊලගට ඔබ වැඩිපුර  වැඩ කරලා දෙන්න යන්න එපා.උදාහරණයකට Facebook likes 500ක් දෙනවා කිව්වාම ඒක කරන්න පුලුවන් වැඩක් කියලා සුද්දෝ දන්නවා.ඒක නිසා ඒකට උන් Orders දෙනවා.එහෙත් Facebook Likes 5000ක් දෙනවා කිව්වම ඒක ටිකක් කරන්න අමාරු වැඩක් නිසාත් ඒකේ හොරයක් ඇතැයි සිතන නිසාත් උන් Order දෙන්නේ නැහැ.ඒක නිසා වැඩිපුර සෙල්ලම් දාන්න යන්න එපා.


එතකොට කිසිම විටෙකත් ඔබේ පරිගණකයෙන් හැර වෙනත් පරිගණකයකින් ඔබේ Fiverr Account එකට Log වෙන්න එපා.දැන් Fiverr වල Terms වලට අනුව අපිට Fiverr Accounts 02ක් භාවිතා කරන්න බැහැ.ගොඩක් අය Internet Cafe වලින් එහෙම Log වෙන්න ගිහින් Fiverr වලින් Account එක Block කරන අවස්ථා තියෙනවා.ඒ වගේම සමහරු Office එකේ කොම්පීතරෙන් Log වෙන්න ගිහින් කෙල කර ගත්ත අවස්ථා තියෙනවා.ඒක නිසා ඔබේ Fiverr Account එකට Log වෙන කොට ඒ ගැන වැඩි අවදානයක් යොමු කරන්න.


Facebook Likes,Twitter Followers ගන්න මෙන්න පහසු ක්‍රමයක්.

ගොඩක් අය Facebook Likes,Twitter Followers එහෙම ගන්න ආසයිනේ.ඒ වගේම වුවමනාව තියෙන අය ඉන්නවානේ.අද මම ඔයාලාට Facebook Likes,Twitter Followers Exchange කරන වෙබ් අඩවි වල List එකක් දෙනවා.මේ ඔක්කොම වෙබ් අඩවි Alexa වර්ගීකරණය අනුව ලෝකයේ පලමු 5000 ඇතුලත ඉන්නවා.ඒක නිසා විශ්වාසවන්තයි.ඔයාලට කරන්න තියෙන්නේ මේවායේ Register වෙලා Log වෙන්න.ඊට පස්සේ මේවායේ අර Bux Sites වල වගේ System එකක් තමා ක්‍රියාත්මක වන්නේ.ඒ කියන්නේ අපි Facebook Likes,Twitter Followers දුන්නාම අපිට Coins or Points ලැබෙනවා.හැබැයි මේ Coins Vice City,Need For Speed වල Coins වගේ තමා.අපිට අතට ගන්න බැහැ.එහෙත් ඒවා වියදම් කරලා අපිට Facebook Likes,Twitter Followers ගන්න පුලුවන්.ඉතිං මේ වෙබ් අඩවි List එක වැදගත් වේවී කියලා හිතනවා.


  1. http://addmefast.com/
  2. http://www.uselikes.com/
  3. http://freefans.co.uk/
  4. http://www.growsocials.com/
  5. http://www.fastfans.org
  6. http://www.wantfans.com/
  7. http://www.youlikehits.com/
  8. http://www.socialclerks.com/
  9. http://www.likeub.me
  10. http://www.fanslave.com/
  11. http://likeplus.fr/
Bux වලින් සල්ලි හොයන්න පුලුවන්ද?


මගෙන් සමහරු Bux ආශ්‍රිත ලිපි බලාපොරොත්තු වෙනවා.ඒ වගේ අයට තමා මේ කෑල්ල ලියන්නේ.මම මාතෘකාව නිකන් ඔහේ දැම්මේ.ඒත් ඇත්තටම කියන්න යන්නේ Bux වලින් $20ක් උපයන ආකාරය ගැන නෙමේ.ඔයාලා දැකලා ඇති ඔය ඉංග්‍රීසි බ්ලොග් ලියන අය එහෙම ඉන්නවා හොදට Bux කරන.ගොඩක් උන් ඉන්දියන් කාරයෝ.උන් ඉංග්‍රීසියෙන් කියලා දෙන ඒවා වටිනවානේ අපේ අයට.ඒක නිසා මම ඒවා ගැන කියලා දෙන්නේ නැහැ.මට ඕන නම් පුලුවන් මොකක් හරි Bux Site එකක් දාලා මේ Bux Site එක හොදට ගෙවනවා මේකේ Ads Click කරපන් කියලා කියන්න.ඒත් මම එහෙම කරන්නේ නැහැ.මම එහෙම පෝස්ට් එකක් දැම්මොත් මේ බ්ලොග් එක කියවන 800 - 1200ක පිරිසෙන් Direct Referralලා 200-300ක් මට ගන්න පුලුවන් වේවී.එතන්කොට මගේ දෛනික ආදායම $20ක් වේවී.එහෙත් ඔබේ ආදායම සොච්චමක් වේවී.මේක තමා ඔය ඉන්දියන් කාරයෝ ඉංග්‍රීසියෙන් ලියලා කරන දේ.ඒක නිසා මම කාගෙන්වත් ගසාගෙන කන්න පුරුදු වෙලා නැහැ.ඒක නිසා මිනිස්සුන්ව ගොනාට අන්දලා හෝ ඔවුන්ගෙන් අයුතු ලෙස ප්‍රයෝජන ගන්න මම උත්සාහ කරන්නේ නැහැ.ඒක නිසා තමයි මම කියන්නේ කිසි විටෙකත් ඔය Bux පස්සේ දුවන්න එපා කියලා.

මේ දවස් වල අර Local Ad Click කියන එකට කෙල වෙලා ගියානේ.ඊට පස්සේ ඔය ඒ දවස් වල ලොකු ටෝක් දාපු අයත් කට වහගෙන හිටියනේ.ඉතිං මේ Local Ad Click කියන්නේ ඔය ඉන්දියන් කාරයෝ එහෙම හොදට ම මුදල් උපයන්න පුලුවන් ක්‍රමයක් ලෙස හදුන්වලා දුන්නු එකක්.ඒක නිසා ඉදිරියටත් මේ Local Ad Click වගේ අඩවි අලුත් අලුත් නම් වලින් අලුත් Interface වලින් අලුත් ආරකින් එන්න පුලුවන්.එතකොට ඔය ඉන්දියන්කාරයෝ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොග් කියවන අය එහෙම ඇණ ගන්න හදන්න එපා.අපි මේවා සිංහලෙන් ලිව්වම ඒවා පඩේකට ගණන් ගන්නේ නැහැනේ.!

5 comments:

Nishan Harshana said...

godak watina post ekak godaaak pin godak thnx hemadema kiyala denawata

Ashan Menuka said...

Uba elakiri kollek machan. ube hitha hoda nisa ubata hariyanawa. ballo biruwata uba ganan ganna epa. uba ape hithwala innawa. ela

Unknown said...

Supiri kollek mcn oya... jaya wewa.

Unknown said...

Supiri kollek mcn oya... jaya wewa.

Blogger said...

Ever wanted to get free Instagram Likes?
Did you know that you can get them ON AUTOPILOT AND TOTALLY FREE by getting an account on Like 4 Like?

Post a Comment

 
Copyright © sambavana.com